Watch Trailer

Trench 11 (2017) Sinhala Subtitles | රහසිගත ජර්මානු උමගක සිදු කළ බිහිසුණු මෙහෙයුමක්..!! [සිංහල උපසිරසි සමඟ]

මිනිස් ඉතිහාසයේ විශාලම හා කුරිරුම ජන සංහාරයක් සිදු වූ කාල වකවානුවක් විදිහට ලෝක සංග්‍රාම පැවති කාල වකවානු අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. 1914 ජූලි මස 28වැනිදා සිට 1918 නොවැම්බර් 11 වැනිදා දක්වා පුරා වසර හතරකුත් මාස තුනක් හා සති දෙකක කාලයක් යුරෝපය, මැද පෙරදිග, පැසිෆික් දූපත්, චීනය, ඉන්දියන් සාගරය හා උ…

මිනිස් ඉතිහාසයේ විශාලම හා කුරිරුම ජන සංහාරයක් සිදු වූ කාල වකවානුවක් විදිහට ලෝක සංග්‍රාම පැවති කාල වකවානු අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. 1914 ජූලි මස 28වැනිදා සිට 1918 නොවැම්බර් 11 වැනිදා දක්වා පුරා වසර හතරකුත් මාස තුනක් හා සති දෙකක කාලයක් යුරෝපය, මැද පෙරදිග, පැසිෆික් දූපත්, චීනය, ඉන්දියන් සාගරය හා උතුරු සහ දකුණු ඇමෙරිකානු ප්‍රදේශ වල පැවති යුද්ධයක් හේතුවෙන් යුධ වැදි සෙබළුන්ගේ හා සිවිල් වැසියන්ගේ ජීවිත රැසක් විනාශ වුණා. තවත් බොහෝ පිරිසක් ආබාධිතයින් හා තුවාලකරුවන් බවට පත්වුණා. මේ විනාශකාරී ප්‍රතිඵල වලට හේතුවුණේ පළමු ලෝක සංග්‍රාමයයි. කෙසේ හෝ මිත්‍ර පාර්ශික හමුදාවන්ගේ ජයග්‍රහණයත් සමඟින් ඒ කුරිරු යුද්ධය අවසන් වුණත් ඒ හා බැඳ කටුක හා දුක් මුසු මතකයන් නම් කිසිදා මැකී නොයනු ඇති.

පළමු ලෝක යුද්ධයේ අවසාන වකවානුව ඒ කියන්නෙ 1918 වර්ශයේ මැද භාගයේ දිනක ප්‍රංශ බටහිර යුධ පෙරමුණ බාරව සේවය කරන කර්නල්වරයා හමුවන්න ප්‍රංශ හමුදා බුද්ධි අංශයේ සේවය කරන මේජර්වරයෙක් සහ වෛද්‍යවරයෙක් පැමිණෙනවා. මේ නිළදාරීන් දෙන්නා කර්නල්වරයා හමුවෙන්නෙ එන්නෙ බොහොම වැදගත් කාරණාවක් සම්බන්ධව දැනුවත් කිරීමට සහ කර්නල්වරයාගේ සහය ලබාගන්නයි. ප්‍රංශ බුද්ධි අංශ තොරතුරු වලින් 1917 වර්ශයේදි ජර්මානුවන් ඔවුන්ගේ සටන් සීමාවෙන් හැතැප්ම 11 පමණ පසුපසට වෙන්න ආගෝන් නම් වූ වනාන්තරයක් ඇතුළෙ ඉදිකරන්න පටන්ගත්තු භූගත උමගක් ගැන බුද්ධි අංශයේ මේජර්වරයා කර්නල්වරයාට පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගෙම මේජර්වරයා කියන විදිහට ජර්මානුවන් මේ වෙද්දි අඩි 100 විතර යටට උමග හාරලා අවසන්. ඒ වගෙම මේජර්වරයා වැදගත්ම කාරණේ විදිහට දක්වන්නෙ ජර්මානු දරුණු රසායනික අවිගත කිරීම් රැසකට මූලිකවෙලා කටයුතු කරපු රයිනර් නම් ජර්මානු නිළදාරියා මේ උමගෙ හිටපු බවට වාර්තාවෙලා තිබීමයි. ඉතින් මිත්‍ර පාර්ශික හමුදාවන්ගෙ ප්‍රහාර හමුවේ මේ වෙද්දි ජර්මානුවන් ඒ රහසිගත උමග අතෑරල දාල ගිහින් තිබුණත් බුද්ධි අංශ විසින් මේ උමග ඇතුළෙ රයිනර් ප්‍රමුඛ ජර්මානුවන් කිසියම් හෝ විනාශකාරී දේකට සූදානම් වුණු බවට සැක පහළ කරනවා.

මේ උමග ඇතුළෙ ඇත්තටම සිද්දවුණේ මොකක්ද කියල හොයාගන්න මේජර්වරයා තමන්ට සෙබළුන් පිරිසක් ලබාදෙන්න කියල කර්නල්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. මේජර්වරයාගේ ඉල්ලීමට අනුව කර්නල්වරයා විසින් මේ මෙහෙයුමට ඇමෙරිකානු සෙබළුන් පිරිසක් ලබාදෙන්න එකඟවෙනවා. ඉතින් ප්‍රංශ හමුදා නිළදාරීන් වන මේජර්වරයා සහ වෛද්‍යවරයා සමඟ ඇමෙරිකානු සෙබළුන් පිරිසක් හා කැනේඩියානු උමං කණින්නෙකුත් මේ මෙහෙයුමට සම්බන්ධ වෙනවා. මේ පිරිස එක්ක ජර්මානු උමග පිහිටි තැනට ගියාම හැමෝටම වගේ අසාමාන්‍ය දෙයක් සිද්දවෙලා තියෙන බව තේරෙනවා. නමුත් මූලිකම දේ වෙන්නෙ මෙහෙයුම සාර්ථකව අවසන් කරන එක නිසා මේජර්වරයාගේ නියෝග යටතේ සෙබළ පිරිස මේ කියන ඇතෑරල දාපු ජර්මානු උමගට ඇතුළුවෙනවා. එහෙනම් ජර්මානු උමගට ඇතුළුවෙන මේ පිරිසට මුහුණදෙන්න වෙන්නෙ මොන වගේ දේකටද කියල කුතුහලය පිරි මේ සිනමාපටය නරඹන ඔබට බලාගන්න පුළුවන්…

Horror | Thriller | War යන කාණ්ඩ යටතේ 2018 අප්‍රේල් මස 21 වැනි දා මුල්ම වරට එංගලන්තයේ දී තිරගත කළ මෙම සලරුව Leo Scherman විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. තිර පිටපත නිමවා ඇත්තේ Matt Booi සහ Leo Scherman දෙදෙනා විසිනුයි. සිනමාපටයේ රංගනය වෙනුවෙන් Rossif Sutherland, Robert Stadlober, Charlie Carrick, Shaun Benson සහ Ted Atherton යන රංගන ශිල්පීන් තම රංගනයෙන් දායක වී තිබෙනවා. Toronto After Dark Film Festival(2017) සම්මාන උළෙලේ දී මෙම සලරුව සම්මාන හතරක් ලබාගෙන ඇති අතර Canadian Society of Cinematographers Awards(2018) සම්මාන උළෙලේ දී එක් සම්මානයක් සඳහා නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම IMDb දර්ශකයේ 5.3/10 ක අගයක් හා Rotten Tomatoes දර්ශකයේ 90%ක ප්‍රේක්ෂක මනාප ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

“So, What The Devil Are They Doing There?”

~~DESTINY IS ALL~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

5,428 downloadsDownload Trench-11-2017.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

5,428 downloadsDownload Subtitles37 KB

34 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට උපසිරැසියට
    ජය

  2. යුරාන් ධනුක

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  3. දමිත් රත්නායක

    බොහොම වටිනා කියන විස්තරයක් සහෝ.
    සිංහල උපසිරැසියට ස්තුතියි.
    ජයෙන් ජය.

  4. kavinuweerakkody

    thnkq saho!! ai parkku ky ky bln hitye filum baalath.. jaya wewa!!

  5. gihan perera

    පට්ට....ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. GayaJ

    පලවන දෙවන ලෝක යුද්ධ හා බැදි කතා පුවත් හරි ලස්සනයි....ඒ මාතෘකාවන් වල සළරූ බලන්නේ ගොඩක් ආසාවෙන්...ලියල තියෙන ලිපිය හැටියට මේකත් ඒවගේම රසවත් ඇති කියල හිතනව...බොහෝමත්ම ඉස්තුතියි වැයද වෙහෙසද නොතකා කරන කටයුත්තට...ඔබ සැමට සදා ජය....!

  7. Irindu_udith

    THanks for the subtitle brdhr❤️

  8. Amalka Himeshan

    Thanks machan sub ekata

  9. Tharaka

    THANKS.............

  10. Suranjan

    Thanks machan.......jayawewa......!

  11. ChamathRulz

    බොහෝම ස්තූතියි උපසිරැසියට . ජය වේවා!

  12. akalankagayan

    Thnx......

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Kulanjana Maduranga

    subata thanks saho....

  15. AsithaDilruwan

    Ela saho thanks

  16. madhusankha

    Thanks bro..

  17. wnrodrigo

    Good Work friend Thanks

  18. හෂාන්

    බොහොම ස්තූතියි උපසිරැසියට...!!!!

  19. sandharu

    Thanks sahooo

  20. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  21. chinthaka_priyadrshana

    Thank u very much saho..... fatta film eka.......

  22. Nirosha Nirosha

    thanks

  23. nalin.kumara0510

    Thanks bro good luck.

  24. shashi071

    thanks saho

  25. Gayanm66109

    Thanks

  26. suriyabattanayake

    Thanks

  27. Rajitha231

    Niyamai..

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. nihalpujitha

    thanks sub

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  31. MAALnath

    Thanks ......................good luck .....................

  32. Supun_no

    Thanks

  33. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  34. senanjana

    thankzz