ටික කාලයකට කලින් සබ් කරල දෙන්නම් කියලා භාර ගත්තා උනත් හිතාගෙන හිටපු තරම් ඉක්මනින් වැඩේ ඉවර කරගන්න බැරි උනා. හසන්ත අයියා මේල් එකක් දාලා දුක සැප ඇහුවට පස්සේ තමයි වැඩේ පරක්කුයි නේද කියලා මීටර් උනේ. තවත් මේ වගේ ප්‍රමාදයක් නොවෙන්න වග බලාගන්න අතරේ වැඩි කතාවක් නැතුවම චිත්‍රපටිය දිහාට හැරෙමු. Naked Among W…

ටික කාලයකට කලින් සබ් කරල දෙන්නම් කියලා භාර ගත්තා උනත් හිතාගෙන හිටපු තරම් ඉක්මනින් වැඩේ ඉවර කරගන්න බැරි උනා. හසන්ත අයියා මේල් එකක් දාලා දුක සැප ඇහුවට පස්සේ තමයි වැඩේ පරක්කුයි නේද කියලා මීටර් උනේ. තවත් මේ වගේ ප්‍රමාදයක් නොවෙන්න වග බලාගන්න අතරේ වැඩි කතාවක් නැතුවම චිත්‍රපටිය දිහාට හැරෙමු.
Naked Among Wolves එහෙම නැත්නම් වෘකයින් අතර නග්නව කියන මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ Bruno Apitz නම් රචකයා 1958 මේ නමින්ම රචනා කරපු පොතක්. මේ කතාවේ තියෙන්නේ දෙවනි ලෝක යුද්දේ අවසාන කාලයේදි, පෝලන්ත ජාතික සිරකරුවෙක් විසින් සූට්කේසයක හංගගෙන නාසි සිරකඳවුරකට අරගෙන එන කුඩා යුදෙව් ජාතික පිරිමි ළමයෙක්ව, එම කඳවුරේ අනෙකුත් සිරකරුවන් විසින් ආරක්ෂා කර ගන්නා ආකාරය. මේ පොතම පාදක කරගෙන මීට කලිනුත්, ඒ කියන්නේ 1963 දීත් චිත්‍රපටියක් නිකුත් වෙලා තියෙනවා. ඒ චිත්‍රපටියේ සිංහල සබ් එකත් සයිට් එකේ තියෙනවා. ඇත්තටම මේ කතාව ගැන මගේ ලිපියට වඩා වැඩි තොරතුරු ප්‍රමානයක්, 1963 චිත්‍රපටියට සබ් එක කරපු සහෝදරයා ඔහුගේ ලිපියේ පළ කරලා තියෙනවා.
මේ චිත්‍රපටිය නිකුත් උනේ 2015 අවුරුද්දේ අප්‍රේල් පළමු වැනිදා, ඒත් චිත්‍රපටියේ හොඳ කොපියක් ආවේ මේ අවුරුද්දේ. චිත්‍රපටිය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Philipp Kadelbach. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Florian Stetter ,Peter Schneider ,Sylvester Groth ,Sabin Tambrea, Rafael Stachowiak ,Robert Gallinowski ඇතුළු නළු නිළියන් පිරිසක්. චිත්‍රපටියට 7.2 IMDb අගයකුත් ලැබිලා තියෙනවා.
හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා
P.S;
අගතා ක්‍රිස්ටිගේ හර්කියුල් පෝරෝ චරිතය පාදක කරගෙන නිර්මාණය වෙන චිත්‍රපටි මාලාවේ දෙවනි චිත්‍රපටිය ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න හිතුවා. අපි කවුරුත් පලවෙනි චිත්‍රපටිය, Murder On The Orient Express ගැන දන්නවා නේ. ඒ චිත්‍රපටියට ලැබුනු හොඳ ප්‍රතිචාර නිසා, චිත්‍රපටි මාලාවක් විදියට ඉදිරියට ගෙනියන්න නිෂ්පාදකවරු තීරණය කරා කියලත් දන්නවනේ. දෙවනි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ අගතා ක්‍රිස්ටිගේ තවත් ප්‍රසිද්ධ අභිරහස් පොතක් වන Death on the Nile කියන පොතෙන්. මේ චිත්‍රපටියත් හර්කියුල් පෝරො චරිතයට පණ දුන්න Kenneth Branagh විසින්ම තමයි අධ්‍යක්ශණය වෙන්නෙත්. ඒ වගේම තමයි චිත්‍රපටියේ, Linnet Ridgeway Doyle කියලා චරිතයට Gal Gadot අරගෙන කියලත් ආරංචියි. චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න ඉන්නේ 2019 දෙසැම්බර් 29 වෙනිදා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,829 downloadsDownload Naked-Among-Wolves-Aka-Nackt-unter-Wölfen-2015.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
31 comments
kavinuweerakkody
Pasindu997
good
Niketha rashmi
පොත කියවලා ඉවර වුනා විතරයි....thanx සහෝ සබට
harshahjk
1963 ආපු චිත්‍රපටය මම බැලුවා ඒ වාගේම කතා පොතත් කියවලා තියන්වා. එනිසා මේ කතාව කොතරම් අගේද කියලා මම දන්නවා. අනිවා 2015 එකත් බලනවා. සබ අරගත්තා. කල්හාර ඔබට බොහෝම ස්තූතියි. ජයවේවා
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!ලහිරු විනෝජ්
thanks sahoo...jaya wewa
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට ස්තුතියි කල්හාර සහෝ.
ජයෙන් ජය.Amanda Sandu
thank you
gihan perera
ස්තුතියි සහෝ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි..ජය වෙිවා....
Tharaka
THANKS............
Suranjan
Thanks machan......jayawewa.......!
Hemantha De Silva
ස්තුතියි කල්හාර....
බොබී
මාත් පොත බලලා තියෙනවා. නාසි කතාවක් නිසා ටිකක් රළු කතාවක් නම් තමයි. ස්තූතියි සබ් එකට. දිගටම සබ් කරමු සහෝ.
Kulanjana Maduranga
subata thanks....
AsithaDilruwan
Ela saho thanks
madhusankha
thanks broo
Dewadithya
Thanks for Sub!
sampath n perera
thanks for sub
ricadodamien
Thank u Kalhara brother & baiscope team for the sub, all the best to baiscope team.........
anu1998
elaaaaaaaaa
Nirosha Nirosha
thanks
Navodlakdilu
THANKS saho
TRD
බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසියට...ජය...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!hdcreation
මම මෙකේ පොක තියවලා තියනවා සිරිල්. සි පෙරේරාගේ. පරන show එකත් බැලුවා baiscope එකට පිං සිද්ධ වේන්න. හතිට වැදුන කතාවක්
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
නිමල් දිසානායක
හිතට දැනෙන- බොක්කටම වදින
මෙහෙමත් දේවල් වෙලා තියෙනවනේ කියලා හිත කීරි ගැස්සෙන
තැති ගැන්වෙන ෆිල්ම් එකක්.
ස්තුතියි කිව්වත් මදි වගෙයි කල්හාර!srgtd321
Thanks Machan...
Akalanka
උපසිරැසියට සතූතියි.............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මාත් හසන්ත අයියටයි සිසිල අයියටයි දෙතුන් වතාවක්ම වද දුන්නා පුලුවන්නම් මටම මේක දෙන්න කියලා!! බලද්දී සහෝ ඉල්ලලා කලින්ම :) නියම ෆිල්ම් එකක්.. බලපු පලවෙනි පාරම පිස්සුවෙන් වගේ ආස වුණ හින්දාමයි මාත් සබ ඉල්ලුවේ!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා!!