Manichitrathazhu (1993) Sinhala Subtitles ලංකාවෙ සිනමා රසිකයින් අතර මලයාලි සිනමාවට තියෙන තැන එන්න එන්නම ඉහල යන කාලයක් මේ. දේශීයව භාවිතා වෙන භාශා ත්‍රිත්වය ඇරුණාම දැනට වැඩිම රසික පිරිසක් සිටින සිනමාව බවට මලයාලි පත් වෙන බව පෙනී යනවා. ඇත්තෙන්ම කේරළය කියන්නෙ ලංකාවම කියල හිතෙන තරම් පුදුම සමානත්වයක් තියෙ…
Manichitrathazhu (1993) Sinhala Subtitles
ලංකාවෙ සිනමා රසිකයින් අතර මලයාලි සිනමාවට තියෙන තැන එන්න එන්නම ඉහල යන කාලයක් මේ. දේශීයව භාවිතා වෙන භාශා ත්‍රිත්වය ඇරුණාම දැනට වැඩිම රසික පිරිසක් සිටින සිනමාව බවට මලයාලි පත් වෙන බව පෙනී යනවා. ඇත්තෙන්ම කේරළය කියන්නෙ ලංකාවම කියල හිතෙන තරම් පුදුම සමානත්වයක් තියෙන ප්‍රදේශයක් බව මලයාලි රසිකයො දන්නවා.පරිසරය, වටපිටාව, මිනිස්සු, භාෂාව, දිවි පැවැත්ම මෙකී නොකී හැම දෙයක්ම වාගේම මලයාලින්ගෙ සාක්ෂරතාව අතින්උනත් ඔවුන් වඩා සමාන වෙන්නෙ ලංකාවට.කේරළය හා සමාන අන් රටක් ඇත්නම් ඒ ලංකාව කියල පොඩිකාලෙ ඉගෙන ගත්තා කියල කේරළයෙ මගෙ මිත්‍රයෙක් කිව්වෙ ඇයි කියල දැන් තේරෙනවා. ඇත්තටම මලයාලි චිත්‍රපටයක් බලද්දි ඒක අපට හිතෙන්නෙම අපේ දෙයක් විදිහට.අපේ චිත්‍රපට කර් මාන්තය වැටිල තියෙන මොහොතක මේක අපිට විශාල අස්වැසිල්ලක්.
Manichitrathazhu (1993) Sinhala Subtitlesමලයාලම් සිනමාව නැත්තම් මොලිවුඩය දැන් දිගින් දිගටම ඉන්දියානු සිනමාව හොල්ලන කාලයක් මේක. මේ ටිකේ තිර ගත උන එහෙත් OTT release නොවුන ඒත් හිට් උන චිත්‍ර පට රැසක්ම එනතෙක් රසිකයො නොඉවසිල්ලෙන් බලා ඉද්දි බයිස්කෝප් අපි පහළොස්වන සංවත්සරය වෙනුවෙන් අළුත් වැඩකට අත ගැහුවා. ඒ මලයාලි සිනමාවේ මෙන්ම ඉන්දියානු සිනමාවේද සංධිස්ථාන බවට පත් වූ විශිෂ්ඨ චිත්‍රපට කිහිපයක උපසිරැසි රැගෙන එන්න. හොඳ සහ සුලභ පිටපත් සොයා ගැනීම තරමක් දුෂ්කර කාර්‍යයක් උනත් එහි මුල් උපසිරැසිය ලෙස අද දින මා ගෙන එන එන්නේ මනෝ විද්‍යාත්මක ත්‍රාසජනක (psychological horror) චිත්‍රපටයක් වන MANICHITRATHAZHU නැමැති IMDB 8.8 ක දෑවැන්ත ප්‍රසාදයක් දිනාගත් මලයාලි චිත්‍රපටයයි.
Manichitrathazhu (1993) Sinhala Subtitlesපරණ කාලෙ නිසා මුලින්ම අපි මදක් මලයාලි ඉතිහාසය දිහා බලමු. පළමු මලයාලම් චිත්‍රපටය J. C. Daniel විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද නිහඬ චිත්‍රපටයක් වන Vigathakumaran . නිෂ්පාදනය 1928 දී ආරම්භ කර 1930 ඔක්තෝබර් 23 වන දින තිරුවානන්තපුරම්හි කැපිටල් රඟහලේදී තිර ගත කලා.මලයාලම් භාෂාවේ පළමු හඬ චිත්‍රපටය වන්නේ S. Nottani විසින් අධ්‍යක්ෂණය කරන ලද Balan1938. මලයාලම් චිත්‍රපට කර්මාන්තය මුලින් තිරුවානන්තපුරම් වල ආරම්භ උනත් පසුව සෙසු දකුණු ඉන්දීය ප්‍රාන්ත මෙන්ම මෙම කර්මාන්තය දකුණු ඉන්දීය සිනමාවේ අගනුවර වූ චෙන්නායි (මදුරාසි) වෙත මාරු උනා.
Manichitrathazhu (1993) Sinhala SubtitlesP. Bhaskaran, K. S. Sethumadhavan, Adoor Gopalakrishnan වැනි විශිෂ්ට සිනමාකරුවන් බිහි වූ 1960 සහ 1970 දශක මලයාලම් සිනමාවට ස්වර්ණමය යුගයක් උනා.1980 සහ 1990 ගණන් වලදී මලයාලම් සිනමාව සිනමාකරණයට නැවුම් සහ නව්‍ය ප්‍රවේශයක් ගෙන ආ නව සිනමාකරුවන් රැල්ලක් බිහි කලා පද්මරාජන්, භාරතන්, අයි.වී.සසි වැනි අධ්‍යක්ෂවරු තාත්වික, සමාජයට අදාළ සහ සෞන්දර්යාත්මක චිත්‍රපට නිර්මාණය කලා. Mammootty සහ Mohanlal වගේ තරු බිහි උනේ මේ කාලෙදි. කවදත් දකුණු ඉන්දියානු අනෙක් ප්‍රාන්තවල සිනමා ශෛලීන්ගෙන් විතැන් වෙලා තමන්ගේම මගක ගිය මලයාලි සිනමා කර්මාන්තය අසූ ගණන් වල අග භාගයේදී නැවතත් කොචි හා තිරුවානන්දපුරම් වල ස්ථාපිත උනා. ඒ අනුව ඊළඟ දශකය සිනමාවට විශිෂ්ඨ චිත්‍රපට රැසක් එක් කලා.
Manichitrathazhu (1993) Sinhala Subtitlesතවත් විස්තර ඉදිරියේදී රැගෙන එන්නම්. ඉතින් මේ චිත්‍රපටය එකල ඉන්දියානු සිනමාවේ සුලභ නොවූ අසාමාන්‍ය තේමාවක් ගෙන ආවා. මේක බොහෝ සිනමාහල්වල දින 300ක් සම්පූර්ණ කල අතර එකල වැඩිම ආදායම් උපැයූ චිත්‍රපටයද උනා. පසු කාලීනව මේක භාෂා හතරකින් ප්‍රතිනිර් මාණය කලා.- Apthamitra 2004 (කන්නඩ) Chandramukhi 2005 (දෙමළ) Rajmohol 2005(බෙංගාලි) සහ හින්දියෙන් Bhool Bhulaiya 2007 ලෙස ප්‍රතිනිර් මාණය උනා. සියල්ල වාණිජමය වශයෙන් සාර්ථක උනා.මෙය කොපමණ ජනප්‍රිය උනා දැයි කියනවානම් මෙහි ප්‍රධාන නිළිය ශෝබනා අධින ලද සාරි වර්ගයක් ‘නාගවල්ලි’ සාරි නමින් විශාල ජනප්‍රියත්වයට ලක් උනා. එය මේ 2023 දෙසැම්බරයේදීත් සිනමා හල් වලට මුදා හැරුනා කියන්නෙ මෙහි ජනාප්‍රිය තාව තේරුම් ගන්න පුළුවන්. එය ඉන්දියාවේ මෙතෙක් නිපදවූ හොඳම මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටය ලෙස සලකනවා.
Manichitrathazhu (1993) Sinhala Subtitlesකතාව ගැන කියනවා නම් තම පාරම්පරික මන්දිරයක පදිංචියට යන අළුත බැඳපු ජෝඩුවක් මුහූණ දෙන සිදුවීම් මාලාවක් ගැන තමයි කියවෙන්නේ.නිවස තුල සිදුවන අසාමාන්‍ය සිදුවීම් සම්බන්ධයෙන් වැඩිහිටියන් පාරම්පරික විසඳුම් සොයද්දී නව පරපුර නවීන විද්‍යානුකූල විසඳුම් සොයා යනවා. අවසානයේදී මේ දෙක අපූරු ලෙස සම්මිශ්‍රණය වෙනවා.
Manichitrathazhu (1993) Sinhala Subtitlesඔබ කවුරුත් ආදරය කරණ මෙගා තරු ඩබලක් වන මෝහන් ලාල් සුරේශ් ගෝපි සමග ශෝබනා සහ මෑතක මියගිය ඉනසන්ට් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. අදටත් තරුණ මොහාන් ලාල්, ගෝපි වැන්නන්ගෙ භද්‍ර යෞවන කාලය මේ චිත්‍රපටයෙන් දැක ගන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ෆසිල්. ඒ වෙන කවුරුවත් නෙමෙයි ෆසිල් කිව්වම ඔබට මතක් වෙන සුපිරි මලයාලි නළු ෆහාද් ෆසිල්ගෙ පියා.ඉතින් මෙය නරඹන්න ආරාධනා කරනවා. මෙය ඔබට ය්ළත් නැවුම් චිත්‍රපටයක් සේම දැනේවි.
Manichitrathazhu (1993) Sinhala Subtitlesඔබේ ප්‍රත්චාර සහ අදහස් යෝජනා අවශ්‍යයි. මේ වගේම තවත් නව උප සිරසියකින් හමු වෙමු. ජය වේවා!
Manichitrathazhu (1993) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය DVDRIP පිටපත සඳහා වලංගු වේ.
1,443 downloadsDownload Manichitrathazhu-1993-Sinhala-Subtitles.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Manichitrathazhu (1993) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Innocent
- #Manichitrathazhu
- #Manichitrathazhu (1993)
- #Manichitrathazhu (1993) Sinhala Sub
- #Manichitrathazhu (1993) Sinhala Subtitles
- #Mohanlal
- #Must Watch
- #Nedumudi Venu
- #Offbeat
- #Shobana
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Suresh Gopi
- #අඩි
- #අඩි සිංහල සබ්
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Naveen Mbr
Isuru
Supiri puluwannam jeethu Joseph ge first film eka detective (2007) malayalam film ekatath sub denna
Kasun
බොහොම ස්තූතියි සහෝ. මේකෙ රීමේක් ගොඩක් බලල තිබ්බට කවදාවත් ඔරිජිනල් එක බලන්න හම්බුනෙ නෑ. උපසිරැසියට ස්තූතියි.
ishan
me wage thawath hoda film walata sub denna bro welldone
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Dishan
නියමයි. පුලුවන්නම් Nadodikkattu (1987) ෆිල්ම් එකට සබ් දෙන්න. තව මෝහන්ලාල්ගෙ සහ ප්‍රියදර්ශන්ගෙ පරණ මලයාලම් ෆිල්ම්වලට සබ් දෙන්න පුලුවන්නම්. විශේෂයෙන්ම comedy කැටගරි එකෙන්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


වටිනා විස්තර වලටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝදරයා!