Watch Trailer

True Legend AKA Su Qi-er (2010) with Sinhala Subtitles | වූෂූ පුරාවෘතය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං,මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ තුන්වැනි උපසිරසි ගැන්වීම. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න මේක. මේකට කලින් ධම්මික ප්‍රදීප් සොහොයුරා විසින් ලිපියක් දමා තිබුණත් එහි සිංහල උපසිරසියක් සපයා…

True Legend AKA Su Qi-er (2010)කොහොමද ඉතිං,මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ තුන්වැනි උපසිරසි ගැන්වීම. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න මේක. මේකට කලින් ධම්මික ප්‍රදීප් සොහොයුරා විසින් ලිපියක් දමා තිබුණත් එහි සිංහල උපසිරසියක් සපයා නැති එක ලොකු අඩුවක් කියල හිතුන නිසා තමයි මන් මේක කරල දාන්න හිතුවෙ.   කතාව පැත්තට හැරුණොත්, මේකෙ ඉන්නව ‘ සූ ‘ කියල ජෙනරාල් කෙනෙක්.මෙයා හමුදාවෙන් ඉවත්වෙලා තමන්ගෙ පවුල එක්ක සතුටින් ඉන්න කියල යනව. මෙයා හිතන් ඉන්නෙ කුංග්ෆූ පාසලක් පටන්ගන්න. ඒත් මෙයාලගෙ තාත්තා දරු කමට හදා ගත්තු සහෝදරයා, මෙයාලගෙ සතුටට ලොකු බාධාවක් වෙනව. මේ නපුරු සහෝදරයාගේ එක කුස උපන් නැගණියව තමයි සූ විවාහ කර ගන්නෙත්. ඒත් මේ නපුරු සහෝදරයා තමන්ගෙ මස්සිනාවයි හදා ගත්තු තාත්තවයි මරන්න එනව. සූගෙ බිරිඳ සහ පුතාවත් පැහැර ගන්නව. ඒ අස්සෙ තව ඉන්නව ‘ මා ‘ කියල නම තියන සූගෙ හොඳ යාලුවෙක්. මෙයා දරුණු විදේශීය සටන් කරුවන් පිරිසකට අභියෝග කරනව තමන් ඔවුන් සමඟ සටනෙන් දිනුවොත් විදේශීය සටන් කරුවන්ට රටින් පිටව යන ලෙසට. මෙයටත් අනිතිමට සූට සම්මාදන් වෙන්න සිදුවෙනව.   ඉතිං ඔයාලම බලන්නකො, සූට නපුරු සහෝදරයගෙන් බේරෙන්න පුළුවන් වේවිද? පුතාවයි බිරිඳවයි බේරගන්න පුළුවන් වේවිද ? විදේශීය සටන් කරුවන්ව පරද්දන්න පුළුවන් වේවිද ? කියල.   මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලාගෙන යන්න පුළුවන්, ජීවිතයට හොඳ ආදර්ශ ටිකකුත් ගන්න පුළුවන්, පට්ටම පට්ට සටන් තියන ෆිල්ම් එකක් කියල මට නම් සහතික වෙන්න පුළුවන්. එහෙනන් මේක පුළුවන් අය බාගෙන බලන ගමන් අදහස් එහෙමත් දාගෙන යමුකො.

 සුබ දවසක්!

2011 මාර්තු 29 ධම්මික ප්‍රදීප් සොහොයුරා විසින් පල කළ ලිපිය.

කට්ටියටම ආයුබෝවන්………..!

මේක මගේ පලවෙනි ඉදිරිපත් කිරීම. එනිසා වැරදි ඇතොත් සමාවෙන්න කියලා ඉස්සෙල්ලාම කියනවා. මම ඔයාලට අරගෙන ආවේ නියමම kung fu film එකක්. 2010 පෙබරවාරි මාසයේදි තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය අපේ martial arts චිත්‍රපට ප්‍රියකරන යාලුවන්ටම පමණයි. ඔයගොල්ලන්ට නම් කොහොම වෙවිද කියල මම දන්නෑ. ඒත් මටනම් ඉතින් පට්ටම පට්ට චිත්‍රපටියක් තමයි. බයිස්කෝප් සිංහලෙන් එකේ කට්ටිය මෙ චිත්‍රපටිය දාවි කියලා මෙච්චර දවසක් බලාගෙන ඉඳලා බැරිම තැන තමයි අපේ යාළුවන්ට මේ ගැන කියන්න මම තීරණය කලේ. මේකෙ රඟපාන්නේ Man Cheuk Chiu, අපට එතරම් හුරු පුරුදු නළුවෙක්නම් නෙමෙයි.

චිත්‍රපටිය ගැන කියනවානම්, Su Can (Man Cheuk Chiu) කියන්නෙ හමුදාවෙ ඉන්න ජෙනරාල් කෙනෙක්. Su Can හමුදාවෙන් විශ්‍රාම යන්නේ ඔහුගේ සිහිනය වන Martial arts පාසලක් ආරම්භ කිරීම සහ ඔහුගේ පවුල් ජීවීතය ගැන සිතමින්. Su’ ගේ සාමකාමී ජීවිතය විනාස වෙන්නේ ඔවුන් අරන් හදාගන්න සහෝදරයා (Yuan Lie) පළිගන්න පැමිණීම නිසායි. Yuan Lie විසින් Su’ ගේ පුතාව පැහැරගෙන යන්නේ, Su ට මරණාසන්න තුවාල සිදුකරමින්. කෙසේ වෙතත් Su’ ගේ බිරිඳ ඔහුව මරණයෙන් ගලවා ගන්නවා.

ඉතින් Su’ ට හැකිවෙයිද නැවත යථාතත්වයට පත්වෙන්න? ඔහුගේ එකම පුතු බේරගන්න? එතනින් එහාට මම මොනවත් කියන්න යන්නේ නැහැ. මිනිත්තු 115 පුරාවට දිවෙන මේ චිත්‍රපටිය ඔයගොල්ලොම බලලා රසවිඳින්න. හැමෝටම ගොඩාක් ස්තුතියි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,532 downloadsDownload True-Legend-2010.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PrabuddhaKulathunga-e1486773746934.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017/02/11

Subtitles by

ප්‍රබුද්ධ කුලතුංග

Subtitles

1,532 downloadsDownload Subtitles31 KB

34 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    1. Prabuddha Kulatunga

      අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි ඔබටත්..!

  2. Helili Hemamali

    Thank you so much.. keep it up!

    1. Prabuddha Kulatunga

      Thank you...! :D

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thanx u bro....

    1. Prabuddha Kulatunga

      ela :D

  4. දමිත්

    ස්තුතියි සහෝ..
    ජයෙන් ජය

    1. Prabuddha Kulatunga

      එල සහෝ..

  5. Dinesh Priyadarshana

    සබට බොහොම ස්තුති සහෝ.
    ඔන්න මමත් බා ගත්තා එහෙනම්.....

    1. Prabuddha Kulatunga

      එල.. :D

  6. R.S. Samantha

    aniwa banawa...
    thank you macho
    ela elaaa.....

    1. Prabuddha Kulatunga

      ela :D :D

  7. Global

    බොහොම හොඳයි සහෝ..ඔබට ජයෙන් ජය...

    1. Prabuddha Kulatunga

      ස්තූතියි සහෝ...

  8. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට.
    සහෝ මේ දෙකටත් සබ් දෙන්න බලන්න.සුපිරි ජපන් ඇක්ෂන් මුවි දෙකක්
    Crows Zero (2007),Crows Explode (2014) මේකේ 2009 ආපු මුවි එකට නම්
    සබ් තියනවා.පුලුවන්නම් මේ දෙකටත් සබ් දෙන්න.ජය වේවා!

    1. Prabuddha Kulatunga

      2009 එකට සබ් කරපු සහෝ අනික් එකත් බාරගෙන තියන්නෙ මට හිතෙන විදියට.බලමු.හොයල බලල පුළුවන් වුනොත් දෙන්න බලන්නම්.වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා.

    2. Anymouse

      ඇයි බං උඹ අපිට ටොරන්ට් හොයා ගන්න බැරි ඒවයෙම සබ් දෙන්නේ.. .

    3. ඉෂාන් මදුෂ

      එළ

    4. Prabuddha Kulatunga

      FILMAPIK-IN-True Legend (2010) BluRay 720p kiyala Google eke search karapu gamanma direct link hoya ganna puluwan filmapik kiyana site eken. nattan Ganool kiyana site eket True Legend (2010) kiyala search karot direct link tiyanawa. :p

    5. Prabuddha Kulatunga

      ela :D

  9. RL

    thanks supiri (Y)
    torrent link hoyanna thamai affa epa wenne

    1. Prabuddha Kulatunga

      FILMAPIK-IN-True Legend (2010) BluRay 720p kiyala Google eke search karapu gamanma direct link hoya ganna puluwan filmapik kiyana site eken. nattan Ganool kiyana site eket True Legend (2010) kiyala search karot direct link tiyanawa. :D

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Prabuddha Kulatunga

      ela saho.. :D

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Prabuddha Kulatunga

      :D

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Prabuddha Kulatunga

      :D :D

  13. sanjaya

    thank you very much

    1. Prabuddha Kulatunga

      :D :D

  14. malith

    Thanks machan

    1. Prabuddha Kulatunga

      welcome machan :D

  15. nisalpasidu

    moko ban ape right click eka block kale

  16. සාරංග

    හොඳ චිත්‍රපටියක සබ් ලබා දීම ගැන මුලින්ම ස්තූතිවන්ත වෙනවා !

    මේ ෆිල්ම් එකේ නම (True legend ) , biscopedownloads සයිට් එකේ සර්ච් කලාට, ඩිස්ප්ලේ එකට එන්නේ වෙන ෆිල්ම්ස් විතරයි (DC Legend .. ect) .

    Search කරන ආකාරයේ වැරැද්දක් ද දන්නෙ නෑ.

    කවුරු හරි මේකට උපදෙසක් ලබා දෙනවා ද?