Watch Trailer

I-Boy (2017) with Sinhala Subtitles | අයි-බෝයි : ඩිජිටල් මනසක වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

මාසයකට වැඩි කාලයක නිහැඬියාවකින් පස්සේ ඔන්න මං ආපහු පිටියට බැස්සා. 2017 පෙබරවාරි කියන්නේ මගේ බයිස්කෝප් ජීවිතයේ විශේෂ මාසයක්. ඒ මේ මාසෙට මං බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙලා හරියටම අවුරුද්දක් ගත වෙන නිසා. ඒ කියන්නේ මගේ පළවෙනි බයිස්කෝප් Anniversary එක සමරන්නේ මේ මාසයේ. අවුරුද්දක් පුරාවට මට නිර්මාණ ගොඩක් කර…

I-Boy (2017)මාසයකට වැඩි කාලයක නිහැඬියාවකින් පස්සේ ඔන්න මං ආපහු පිටියට බැස්සා. 2017 පෙබරවාරි කියන්නේ මගේ බයිස්කෝප් ජීවිතයේ විශේෂ මාසයක්. ඒ මේ මාසෙට මං බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙලා හරියටම අවුරුද්දක් ගත වෙන නිසා. ඒ කියන්නේ මගේ පළවෙනි බයිස්කෝප් Anniversary එක සමරන්නේ මේ මාසයේ.

අවුරුද්දක් පුරාවට මට නිර්මාණ ගොඩක් කරන්න නම් බැරි උනා. ඒත් කරපු නිර්මාණ ලැයිස්තුව මේ ලිපිය එක්ක දාන්න හිතුවා මතකය අලුත් කරන්න. ඇඩ්මින් අයටත් ස්තූති කරන්න ඕන. 

  1. Intruders (2016)
  2. Steve Jobs (2015)
  3. The Roommate (2011)
  4. Miracles from Heaven (2016)
  5. Marauders (2016)
  6. Urge (2016)
  7. Ratchet & Clank (2016)
  8. Alice through the Looking Glass (2016)
  9. Kickboxer: Vengeance (2016)
  10. The Neon Demon (2016)
  11. The Last King (2016)
  12. Miss Peregrine’s Home for Peculiar Children (2016)
  13. Morgan (2016)
  14. Raaz Reboot (2016)
  15. Max Steel (2016)

හරි එහෙනම් පළවෙනි අවුරුද්ද සමරන්න දහසය වන නිර්මාණය විදිහට මං ඔයාලට ගේන්නේ තවම මාසයක් වත් පරණ නැති අලුත්ම අලුත් Crime, Science fiction ගණයට වැටෙන IMDb අගය 6ක් වන ලස්සනම ලස්සන කතාවක්. කතාවේ නම තමයි I-Boy.

මේ කතාව ගෙතෙන්නෙ ඉස්කෝලේ යන ටොම් (Bill Milner) කියන පිරිමි ළමයා වටායි. ටොම් ජීවත් වෙන්නේ එයාගෙ අත්තම්මා (Miranda Richardson) එක්ක. ටොම් පංතියේ එතරම්ම දක්ෂ ළමයෙක් නෙමෙයි. ඒත් එයා ආදරේ කරන ලුසී කියන ගෑණු ළමයා (Maisie Williams) ඉස්කෝලේ යන්න, පාඩම් වැඩ කරන්න එයාට වඩා කැමතියි.

දවසක් ටොම් ලුසීව බලන්න එයාගෙ ගෙදර යනවා. ඒ යනකොට ලුසීගෙ සහෝදරයයි ලුසීයි ලොකු කරදරයක වැටිලා ඉන්නේ. එයාලට කරදර කරන්න එන්නේ එයාලගෙම පංතියේ පිරිමි ළමයින් ටිකක්.

මේ ගැන්සිය ටොම්ව දැක්කම ටොම් පස්සෙන් එලවන් ගිහින් ටොම්ට වෙඩි තියනවා. වෙඩි වදින්න කලින් හදිසි කෝල් එකක් ගන්න උත්සහ කරපු ටොම්ට වෙඩි වැදීමත් එක්කම  එයාගෙ ෆෝන් එකේ චිප්ස් කෑලි වගයක් කණ ඇතුළින් එයාගෙ මොළයට යනවා. ටොම් සනීප වෙන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට නෙමෙයි. අසාමාන්‍ය හැකියාවන් තියන කෙනෙක් විදිහට.

මේ හැකියාවන් පාවිච්චි කරලා ටොම් එයාටයි ලුසීටයි කරදර කරපු අය සහ එයාලගේ ලොක්කන් ගැන තොරතුරු හොයනවා. ඒ තොරතුරු හොයන්නේ තමන්ගේ මොළයෙන් වැරදි කාරයන්ගේ ෆෝන්, කම්පියුටර් හැක් කරලා. ඒ වගේම ටොම් හතුරන්ගේ බැංකු ගිණුම් හැක් කරලා ලොකු සුද්දයකුත් දෙනවා. මේ ඔක්කොම ටොම් කරන්නේ I-Boy කියන අන්වර්ථ නාමය පාවිච්චි කරලයි.

එක දිගට වෙන කරදර වලින් මිදෙන්න ටොම් ගෙ ලොකුම හතුරා වෙන එල්මන් (Rory Kinnear) නොගන්න උත්සහයක් නෑ. එල්මන් ටොම්ව අල්ලාගෙන එයාගෙ හොර වැඩ වලට පාවිච්චි කරන්න හදනවා. ඒක හරියයි ද? ටොම්ටයි ලුසීටයි කරදර කරපු පංතියේ යාළුවන්ට මොකද උනේ? නගරයේ මිනිස්සු  I-Boy කියන චරිතයට කැමති ද? කතාව බැලුවම ඔයාලට මේ දේවල් ගැන දැනගන්න පුළුවන්.

මේ චිත්‍රපටය Netflix කියන ඇමරිකානු සමාගමේ නිපැයුමක්. කතාව අධ්‍යක්‍ෂණය කලේ Adam Randall කියලා කෙනෙක්.

හරි එහෙනම් මේ අවුරුද්දෙත් ඔයාල වෙනුවෙන් වෙලාව තියන හැටියට ලස්සන චිත්‍රපට වලට උපසිරැසි අරං එන්න පොරොන්දු වෙන ගමන් අදට නවතින්නම්.

හැමෝටම ජය.!!!

 

iBoy (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

iBoy.2017.720p.NF.WEBRip.x264

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,110 downloadsDownload iBoy-2017.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

5,110 downloadsDownload Subtitles34 KB

53 comments

  1. සචිත් ලක්ෂාන්(සචී)

    බොහොම ස්තුතියි චාමිකර අයියා උපසිරසියට

    1. Chamikara Vidanage

      බොහොම ස්තූතියි පළවෙනි කමෙන්ටුවට

  2. Mangala

    සුබ පැතුම් ඇනිවෙසරියට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 100 ගහන්න පුලුවන් වේවා කියල පාර්තනා කරනව ජය වේවා1....

  3. මාලින්ද

    amuthu kathawak neh? down karagannawa. thanks.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sisila Prasad

    පට්ටයි මචෝ.
    උපසිරසියට බොහොම ස්තුතියි.
    ජයවේවා!!!

  6. ranga

    මේකේ සබ් දෙන්නේ නැද්ද දැන්
    THE FLASH SEASON 3 EPISODE 13 HDTV – TORRENT [S03E13] [720P]

    1. Chalana Rukshan

      okata dunna ban dan sathiyak athi dila..
      thnx bro sub ekata...

  7. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    1. Chamikara Vidanage

      බොහොම ස්තූතියි අගය කිරීමට..

  8. Ravindu Rukshan

    thx saho sabata

  9. දමිත්

    ස්තුතියි සහෝ..
    ජයෙන ජය

  10. thisal

    ස්තුතියි සහෝ..

  11. viraj

    Thanks saho sub eka ! Niyamai

  12. Dulanga

    Thanks

  13. Hashan

    machan movie downloads nedda dan

  14. praneeth madu

    ah me tiyenne ..eth mn beluwa kawda karanne kiya..jaya wewa sahoo..arya stark innwa kiyanne ithin nobala bene..

  15. සචිර

    ස්තූතියි සහෝ සබ් එකට.. තව දවස් 2කට කලින් දැම්මා නම් හොදයි. ඒත් ඔබේ මේ උපකාරයට ගොඩාක් ස්තූතියි.

  16. Web-බුවා

    මං මේක එනකං පිස්සෙක් වගේ මඟ බලං උන්නේ. අම්මපා! :D මං හිතුවේ මේක කරන්නේ සිසිල සහෝ කියලා. බැලින්නම් මේ බුවානේ. සහෝ මොකෑ සිසිල සහෝ මොකෑ. දෙන්නම පට්ටෙටම සබ් කරන ඩබලක් නොවැ.
    පට්ට ස්තූතියි සහෝ සබට.

    ජය! :)

    1. Chamikara Vidanage

      ස්තූතියි ලොක්කා.. ඔයාගෙන් කමෙන්ට් එකක් එනකල් තමයි හිටියේ :)
      බලන්න ආසයි නම්, බලලා නැත්නම් Shut In 2016 Blue Ray එක මං මේ සතියේ දෙනවා. ඒ කතාවත් හරිම ලස්සනයි.. හරිම වෙනස්..

      මේ අවුරුද්ද අග හොලිවුඩ් පැත්තට යන්න පොඩි අදහසක් තියනවා.. බලමුකෝ ;)

    2. Web-බුවා

      මේ මොනාද අහන්නේ සහෝ! දැනටම බාගෙන ඉන්නේ. දෙන්න දෙන්න සහෝ! අපි ඉන්නවා ඔබතුමන්ලා එක්ක. නයෝමි අක්කිට මං කොහොමත් කැමතියි. මොකද ඇය විතරමද මංදා ඉන්නේ ඉන්නේ සිංහල නමක් තියෙන hollywood නිළියකට. lol අර පොඩි හාදයා ඒ කොල්ලටත් මං හෙන ආසයි!
      එළ එළ ලොක්කා එහෙනම් පස්සේ හම්බෙමු!

      ජය! :)

    3. Web-බුවා

      සිරාවට hollywood පැත්තේ ගියොත් වින් ඩීසල් bro ට කියන්න මං පොර'ගේ තට්ටෙට හෙන කැමතියි කියලා. lol. :D :D

      ජය! :)

    4. Web-බුවා

      ආ..! තව දෙයක් 1st Anniversary එකට බොක්කෙන්ම සුභ පතනවා සහෝ! ඒක තමයි මං මුලින්ම කියන්න හිටියෙත්. ඒත් ඒක කොහොම අමතක වුණාද කියලා හිතාගන්නත් බෑ. ඒ ගැන සමාව සහෝ! :cry: :cry:

      ජය! :)

    5. Chamikara Vidanage

      බොහොම ස්තූතියි ලොක්කා.. මේ සති අන්තය Shut In එකට වෙන් කරගන්න.

      එල එල මං එහෙ ගියොත් කට්ටියටම කියන්නම්කෝ. තව දෙබස් නැතුව කෙඳිරි ගාන නිලියෝ ටිකකුත් ඉන්නවා. එයාලව දකින්නත් ආසයි.. ලොල් ;)

      ජය වේවා ඔයාට.!!!

    6. Web-බුවා

      අනිවා ඉතිං. :D ඔබතුමා'ගේ සබ් එකක් නොබලා ඉන්නේ නෑ කොහොමත්. මොකද ඔබතුමා මෙතුවක් කාලෙකට උපසිරැසි යොදපු බහුතරය අලුත් ඒවා පමණක් නෙමේ. ඒවායේ අමුතු ගැම්මක් තිබ්බා. අනික තව දෙයක් ඔබතුමා උපසිරැසි යොදන style එකට මං පට්ට කැමතියි. ඉතිං මට sure ඔබතුමා කලින් කිව්වා වගේම shut in කියන්නේ වෙනස් ආරක් ගත්තු සිනමා සිත්තමක්. ඉතිං ඒ film එකට ඔබතුමා'ගේ අමුතු ආරේ සබත් set වෙච්චාම අනිවා ඉතිං දොඹෙන් යන්න තියෙයි. :P
      එහෙනම් පස්සේ හම්බෙමු ලොක්කා. ඔබට,

      ජය! :)

    7. Chamikara Vidanage

      අම්මෝ ෆීලින් සෝ හැපි.. බොහොම ස්තූතියි සහෝ.. ජය.!!! :)

    8. Web-බුවා

      අනිවා ඉතිං අපි කොහොමත් ඔයාලා එක්ක ඉන්නවා. ඒක ගැන ආයේ සැකයක් තියාගන්න එපා. මං දන්න දෙයක් තමයි මනුස්සයෙකුට ඉදිරියට යන්න නම් එයාලට දිරි ගැන්වීමක් තියෙන්න ඕන. විශේෂයෙන්ම මේ වගේ වෙහෙසකාරී job එකක දී. මං ඒ ගැන දන්නවා subtile එකක line 500ක් විතර කොටපු එකෙක් හැටියට. ඉතිං මට හිතාගන්න පුළුවන් ඔයාලා line 2000ක් විතර කොටලා ඒ sub එක free දීලා වචනයකින්වත් ස්තූතියක් නොඅහා හොර පාරෙන්ම සබ් එක අරං යද්දී ඒක ඔයලාට කොච්චර නම් තදින් දැනෙනවද කියලා.මං නම් හිතන්නේ එහෙව් එකේ අපිට පුළුවන් නම් නිකන්ම ස්තූතියි කියනවට වඩා ටිකක් වෙනස් විදිහට ඒක කියන්න පුළුවන් නම් මං හිතනවා ඒක නිර්මාණ කරුවාට ෆීලිං වෙන විදිහ වෙනස්. ඒක නිසාම තමයි මං පුළුවන් හැමවෙලාවෙම ටිකක් වටේ පීරලා පොයින්ට් කරලා අදහසක් කියන්න බලන්නේ. තව දෙයක් මං අනිවා දන්නවා සහෝ! ඔයා අනිවා හිත හොඳ පොරක්. ඒක මට ඔයා කතා කරන විදිහෙන් තේරෙනවා. ඒ වගේම site එකේ උපසිරැසි ටීම් එකේ ඉන්න හරිම cool කොල්ලෙක් කීවොත් හරි! ඒත් ඔයාලා මහන්සි වෙලා කරන සබ් එකට comment එකක් දෙන්න ගොඩක් අය අමතක කරනවා. ඒක හෙන කැත වැඩක්. දැන් බලන්න මේ වෙද් දී මේ සබ් එක 2385+ වඩා බාගත කරගෙන. ඒත් තාමත් comment 50ක් වත් නෑ. පට්ට කනගාටුයි bro. මේක තමයි මං site එකේ උපසිරැසි නිර්මාණකරුවෙක් එක්ක පවත්වපු දිගම සාකච්ඡාව. මටත් නිහතමානී සතුටුක් තියෙනවා නිර්මාණකරුවෝ වන ඔයලා එක්ක මෙහෙම direct comment කරන්න ලැබීම ගැන. මමත් හෙන කැමතියි කාට හරි උදව් කරලා සතුටක් ලබන්න. ඒකයි මමත් මේ site එකට එන මං වගේම අනිත් කාට වුනත් මොකක් හරි අවුලක් තියේ නම් ඒ ගැන බලලා පොඩි help එකක් දෙන්නේ මට පුළුවන් විදිහට.
      ඔයා කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕන සහෝ! ඔයාලා වගේ හිත හොඳ පොරවල්වලට හරියන්නේ නැත්නම් කාටද හරියන්න ඕන.

      ජය! :)

    9. Chamikara Vidanage

      බොහොම ස්තූතියි අවංකව කරන අගය කිරීම් වලට.. හිත හොඳින් කරන කියන හැමදේම හරි යනවා. මගේ ජීවිතේ නම් ගොඩක් දුරට රට ගියාම වෙනස් වෙයි. රට ගියත් උපසිරැසි පුළුවන් විදිහට හදලා දෙනවා..
      ඔයාටත් ජයම වෙන්න ඕන :)

  17. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  18. anujaya

    hd rip ekath awith 28 days wenawa..eth web rip sub dila thiyenne

    1. Web-බුවා

      ඉතිං පට්ටනේ බං. ඒක තමා වෙන්න ඕන. :D මොකද hdrip එකට වඩා webrip එක කොහොමත් ගුණාත්මක භාවයෙන් වැඩී. :P ඔබට සතුටුයිද දැන්? ඒ බව දැනගෙනම තමා අපේ චාමිකර සහෝ දෙන්න පුළුවන් හොඳම පිටපතට උපසිරැසි දීලා තියෙන්නේ. තව දෙයක් netflix movies බහුතරයක් webrip එකට විතරයි එන්නේ. දන්නෝ දනිති ඒ ගැන. web-dl වත් brrip වත් බලාපොරොත්තූ වෙන්න එපා netflix ලගෙන්. ඒක තමා දුක්කිත ඇත්ත. webrip එක ගන්න. hd rip එක බෑවානම් ඒක කුණු කූඩෙට දාලා ප්‍රතිචක්‍රීකරණය කරන්න දෙන්න lol. ;) ;)

      ජය! :)

    2. Chamikara Vidanage

      මං ඉතිං එයාට මුකුත් කියන්න ගියේ නෑ.. ;)

    3. Web-බුවා

      ඔහොම තමා සහෝ! සමහරු වැඩිය හොයන්නේ බලන්නේ නෑ. අමුවෙන්ම දීලා අදිනවා. hdrip තියෙනේ webrip එකට සබ් දුන්නේ මොකද? අනේ මංදා bro. මට හිතාගන්න පුළුවන් ඔයවගේ කතා ඇහෙනකොට උපසිරැසි නිර්මාණකරුවෝ වන ඔයාලගේ හිතට ඒක දැනෙන විදිහ. එතනින් එහාට මොකුත් කියන්නේ නෑ.

      ජය! :)

    4. Chamikara Vidanage

      ඔයාල වගේ අපේ වැඩ අගය කරන අය ඉන්න එක ලොකු දෙයක්.. ඒ අය වෙනුවෙන් තමා නොමිලේ, මහන්සි වෙලා මේවා කරන්නේ..

      අපි ජීවිතේ හැමදේටම ලෑස්ති වෙන්න ඕන.. :)

    5. Web-බුවා

      :P :P :P

  19. Pubudu

    Sthuthui,

  20. එල්.සී. දමැල්

    Thanks Chaami
    Happy Anniversary :)

  21. කිං මැක්ස්

    Thanks for the sub…Good Luck….!!!

  22. Ara

    Thanks Ban.....

  23. Hemal

    thank you mcn

  24. damith

    sub ekata thankz mcn

  25. kumalk

    Thanks For the Sub

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. සුභාෂ්

    ජය වේවා... අපි වගේ පිලුම් පිස්සන්ට තව තවත් සිංහල සබ දෙන්න ලැබේවා...

  30. manjula rathnayaka

    thanks kolla jayawewa

  31. Chanaka

    Film aka download karana hati kiyanavada

  32. Reyon

    Thanks Machan.. Api athal eke Film Balanne Ubala Hinda...

    Jayen Jaya...

  33. Prasad

    thnx machn sub ekta..

  34. nimal dissanayake

    චාමි,
    ෆිල්ම් එක දාලා අවුරුද්දකට පස්සෙයි
    බාගෙන බලන්න ඉඩ ලැබුණේ.
    ඒත් රහ අඩු වෙන්නේ නැහැනේ.
    ලස්සනයි, හොඳයි- හොඳයි-හොඳටම හොඳයි!
    ගොඩක් ස්තුතියි!

  35. Hiran Eranda

    elama saho thanx

  36. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!