ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත…

ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත් නිවැරදිව කියන්නේ නම් මේ දිගහැරෙන්නේ ඇය වැනි අසරණියන්ගේ පොදු ඉරණමේ හංස ගීතයද විය හැක.
මිනිසාගේ පරම ඥාතියා විශ්වාසයයි. එහෙත් ඒ ඥාතිත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා සල්ලාලයකුගේ ග්‍රහණයට නතු වන මල් කැකුලක් අකලට නටුවෙන් ගිලිහී වැටීම වාස්තවිකය කරගත් මේ සිනමා සිත්තම මඟින් ජීවිතය, ආදරය, ලිංගිකත්වය, විශ්වාසය, සමාජ සම්බන්ධතා හා මිනිස් මනස සම්බන්ධයෙන් නව මානයක් අපට පෙන්වාදෙයි. හුදු ප්‍රබන්ධ ප්‍රලාපයකට වඩා අපේ එදිනෙදා ජීවිතයට බද්ධ වූ යතාර්ථයක් මේ සිනමා පටය පුරාම විද්‍යමාන වෙයි.
විශේෂයෙන් ම යෞවනයට පියනගන නව යෞවනියන්ට සිතන්නට යමක් ඉතිරි කරන මේ සුවිශේෂී සිනමා පටය තරුණයන්ට සහ දෙමව්පියන්ටත් එමෙන්ම සමස්ථ සමාජයටත් වටිනා ආදර්ශයක් ඉතිරි කරන බව නම් ඉඳුරාම කිව යුතුය. එක් අතකින් මෙවන් නිර්මාණයක් හොලිවුඩයෙන් බිහිවීමත් කිසියම් විශේෂ සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. අවසන් වශයෙන් ඔබ මේ නිර්මාණයේ යටි පෙළ අවබෝධ කර ගත්තේ නම් එය මගේ උත්සාහයේ කූටප්‍රාප්තිය බව සටහන් කර තබමි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ටී.බී හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-12-05
බයිස්කෝප් කණ්ඩායමෙන්…
මෙහි ලබාදි ඇති උපසිරැසි ෆයිල් එක කිහිපදෙනෙකුගේ ඉල්ලීම මත වෙනස් කිරිමකට ලක්කර ඇත. නමුත් අපගේ අදහසද සිනමා පටයට හානියක් වෙනවනම් එම දෙබස් එලෙසම තිබීම හොඳ බවයි. මේ වෙනස් කිරීම නිසා ටී.බී හේරත් සොයුරාට සිදු වූ අපහසුතාවයට බයිස්කෝප් කණ්ඩායම සමාව ඇයද සිටිමු…
Subtitles by
ටී.බී හේරත්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
97 comments
dilan
chamila
thanks...
mymate
2nd... udema apu eka hondai... machan umbe sinhala liyala thiyena style eka amuthui... mee wageeda sub demmeth? however,, thanks,,, wena weda 1000 k thiyagena hudu laba proyojana nothaka, anunge sathuta wenuwen thamage watina kalaya widangu kara mese nirmanayan kirimana mulu mahath lankika baiskop preshaka janathawagema hardayangama gaurawaya oba ethulu anekuth seema sub nirmana karu wekutama himi wanawa..
jaya weewa..
හසිතා මහේෂි
මේ ෆිල්ම් එක බලන්නමයි හිටියේ.සිංහල උපසිරැසි දෙනකම් හිටියේ.බලමු.ස්තුතියි
ලිට්ල් ජෝන්
ස්තුතියි ටී.බී.වෙනස් නිර්මානයක් ගෙන ආවාට ජයවේවා!!
Dina
Oyage sinhala style 1ka tikak wenas wage... mata nam eka intersting ..... Elakiri machan !!ape sathuta wenuwen obe kalaya yedauwata obata pin.. Oba karana adyapana katayuthu athulu siyalu katayuthu sarthaka wewa...
M.D.A Pradeep (අමිල මනනදේව)
ස්තුතියි සහෝ මමත් බාන්නයි යන්නේ.
ජය වේවා!!dananjaya
මේකේ අස්බ්ය දර්සන එහෙම තියෙනවද පොඩි කොමෙන්ට් පාරක් දාන්න පුලුවන්ද
shani
thanx
akila
මම ඔන ඔට්ටුවක් දානවා මෙකෙ සබ් කල සහොදරයා මෙ ෆිල්ම් එක බලලා නෑ එකයි කාතාව නොකියා බොරු බේගල් ඈද බාලා තියෙන්නෙ
රත්නේ
ස්තුති !!!!!!
AL1717
Thanks Wewa saho..
Onna mamath Me Movie Eka DL Kara gannawaThanks Wewaa
Sinhala Sub EKatahJaya Wewaa
විකියා
පට්ට මචො..බොහොමත්ම ඉස්තූතියි
ජයෙන් ජය!~
Dulitha
this is a nice one machanla..i hv watched this b4..patta movie 1
cc
ube oya discription 1 kiyewwama film 1 nobala kohomada bng!!!!
$uvin
maath download wenna damma onna ehenam.. thanx sahooo...
Alaya
oonna mamat dwnld kala ehenam..jaya
new one
ස්තූතියි සහෝදරයා. එවගේම මේ උපසිරැසි බ්ලෝග් එකේ ගොඩක් උපසිරැසි ෆයිල් වල ලින්ක් මැකිලා. කවුරු හරි පුළුවන් කෙනෙක් එවා නිවැරදි කරනවා නම් ගොඩක් වටිනවා.
කේ. යූ. ජී. උදාර
වෙනස් තාලෙක ෆිල්ම් එකක් වගෙයි...
සිංහල සබ් දුන්නට තෑන්ක්ස් සහෝ.Sumedha
එල එල මචන්!!!
keep it up
මමනම් මේක බාන්නේ නෑ. උඹගෙන් ඉල්ලගන්න පුලුවන්නෙ. :)shiwantha
thanx machan
Amila
macho ela, modayek uda comment ekak dala uba balala natiwa film ekata sub dala tiyenne kiyala.ganan ganna epa mcho,ela wadak kare,
thnx sub ekata.mama film eka balala tiyanawa.niyama film ekak.
Javind
සබ් එකට ස්තුතියි
Anonymous
elakiri machooo...
blackcorde
maxxa ...balama balamu...thawa danda...........thnxxxx
MarK
මේ පොස්ට් එක ලියල තියෙන ව්දිහට sub හොදට දාල ඇති කියල හිතෙනවා.....හොද සිංහලෙන් ලියල තියෙනවා ...ස්තුතියි
h
adult contents thiyenawada?
අබා
ස්තුතියි ටී.බී සහෝදරයා...බලලා අදහස් කියන්නම්.
අබා
මාර්ක් සහෝ ගෙ කතාව හරි.
ස්තුතියි ටී.බී සහෝදරයා...බලලා අදහස් කියන්නම්.පොලා
ඕ......යේ... ඔජායේ...!
theekshanax
නියමයි සහෝ . ඔන්න එහෙනම් මමත් බාන්න යන්නෙ.tnx සින්හල සබ් වලටයි ෆිල්ම් එකටයි
sanju
thanx
හේමාල්
THANK YOU BROTHER :D NICE FILM !!!
chathurabuddi
thankx saho... Film eka nobala sub danna puluwan kiyala hithana modayoth innawane... Sub ekak hadanna wena mahansiya danne neti harak
පිස්සු පුසා
thanks bro..
bagi
Thanks a lot....
Nishantha
thanx for film.
thanx very much for sinhala SUBJavind
අනේ මන්දා මේකේ ඇඩ්මින්ලා සබ් එකක් හම්බුනාම ටිකක් චෙක් කරලා බලන්නේ එහෙම නැත්ද?මේක මම දැක්කා දවස් ගානක් ලිස්ට් එකේ තියනවා සබ් දිලා..
මේ සබ් එකේ F**K එකේ තේරුම සුද්ද සිංහලෙන්ම දාලා වගේ?මිට කලින් මම එක ෆිල්ම් එකකවත් ඔය වගේ කැලි වලට අමු තිත්ත කුණු හරප දාලා තියන සබ් ලයින් දැක්කේ නෑ.මොකක්ද මේ බයිස්කොප් එකට වෙන්නේ?දැන් කියන්න පුලුවන් නම් ඔක එහෙනම් ඉංග්‍රිසි සබ් වලත් තියෙන්නේ කියලා එත් එක සිංහලේට හරවන කොට එකට ''හු*න'' ''හු*තා'' වගේ සිංහල වචන දාන එක හොදයි කියලා! හැබැයි ඒක සදාචාරාත්මක අතින් හරිද?ලොකු කතාවක් නම් කියලා පටන් අරන් තියනවා හැබැයි සබ් දාලා තියෙද්දි වචන භාවිතය නම් අන්තිම සවුත්තුයි.10 පාරකට වඩා ඔය වචන බාවිතා කරලා තියනවා.මේකේ ඇඩිමින් සබ් සති ගානක් වේටින් ලිස්ට් වල තියන්නේ මම හිතුවේ සබ් වල හරි වැරදි බලන්න කියලා! එත්! අනේ මන්දා කට්ටියම හිතලා බලන්න.සබ් එකත් එක්ක ෆිල්ම් එක බලපු අය දකින්න ඇතිනේ.කොහොමද සහෝදරයෙක් සහෝදරියක් එක්ක චිත්‍රපටයක් බලද්දි ඔය වගේ එකක් ගියාම තියන තත්වය.මේකේ +18 ෆිල්ම් එකට නෙමෙයි සබ් එකට දාන්න මොකද සබ් එකේ අමු තිත්ත කුණු හරප ඇති නිසා!!!susantha
thnx..........
Nalinda
Thanks Machan
Gihan
kawda me uda gon talks deela tiyenne???
Sub ekath ekka baluwa nam kata piyaagena hitu!
English bari ewuntane sinhala sub daanne!
F**K ekata moka dammath F**K thamai!
mechchara amaaruwen wadak karaama ekata ස්තුති karapalla!
lankaawe hama ekaama anunge ada kuda hoyanawa witharai!
Thanx machan හේරත්... Nice work..!!
Keep it up..ashen malinda
ස්තුති සහොදරයා , මිනිස්සුන්ගෙ ජිවිත වලට කතාකරන මෙ වගෙ චිත්‍රපටි දෙන්න ශක්තිය ලැබෙවා. මෙකෙ තියෙන කතාව නම් සාමානය ලොකෙ ඇත්තටම සිදු වෙනවා.
ටික කලකට කලින් අපෙ ප්‍රදෙශයෙ(ලග මත් නැ) අක්කා කෙනෙක් මූනු පොතෙන් set වෙච්ච කොල්ලෙක් නිසා අන්තිමට කොච්චියට පැනලා සිය දිවි හානි කරගත්තා. එ අක්කව කොච්චියට පනින්න හදනකොට දෙපාරක්ම බෙරගෙන. ඒත් ඇවිල්ල තියෙන්නෙ පනින්නමයි. අන්තිමට වටිනා තරුන ජීවිත නිකන්ම විනාශ වෙලා යනවාdinnu
onna mamath banawoooo.
ashen malinda
\f**K කියන ඒවා කොහොම දැම්මත් එකයි. මොකො ඒක ඇහෙන්නෙ නැතැයි.දැන් එහෙනම් ඔය ෆිල්ම් එක බලනකොට අර වචනෙ ඇහෙනවනම් දැම්මාම මොකද? කුනුහබ්බ තියෙනවනම් ඔන ෆිල්ම් එකක් 18 එවා. 18 කියල නොබල ඉන්නවයැ. අපිටත් තාම 18 නැ. කුනුහරුප දාන්නෙ ඒකට සාදාරනය ඉටු කරන්න. පිටරට කොහොමත් තියෙනව. ලංකාවෙන් බිහි උන 'මචං' චිත්‍රපටයෙත් කුනුහබ්බ දෙක තුනක් තියෙනවා. අනික දැනගන්න ඔනෙ f එක කුනුහබ්බය්ක් විදිහටත් භාවිතා කරන්න පුලුවන් , නැත්තම් වෙන දෙකටත් භාවිත කරන්න පුලුවන්.
Ameera..
Thanks brother......
Sachee
මචන් උඹේ subs එක්ක film එක බලල ස්තූති කරන්න වත් දන්නෙ නැති බත් කන හරකුන් උම්බෑ කියද්දි ගනන් ගන්න එපා.. උන් කැපිල පේන්න හිතල තමා ඔය අමුතු comment දාන්නෙ.. ඒත් අපිට පේන්නෙ උන් උම්බෑ කියනව කියල විතරයි.. ඕකට උඹ ගත්ත මහන්සිය උන් දන්නෙ නෑ.. උන්ට තේරුම් ගන්නත් බෑ.. වැඩේ එල.. ජය වේවා!!!
M.D.A Pradeep (අමිල මනනදේව)
@ Javind
මෙහෙමයි සහෝදරයා වචනේ තේරුම තේරුමමයි.ඒක ඉතින් වෙනස් කරන්න බෑනේ.මට පේන්නේ ඔයා ලොකු සුචරිතවාදියෙක් වගෙයි.සිරාවටම උඹ කුණුහරප කියන්නේ නැත්ද?ෂා...නියම පොරක් ආආ..මචං උඹ ඒවත් එක්ක බලන්නේ නැත්නම් නොබලා ඉදපන්.කෙනකුගේ උත්සාහය විවේචනය කරන්න එපා.සබ් දාන කෙනෙක් විදිහට මම කියන්නේ අවශ්‍ය මොහොතේ අවශ්‍යය වචනේ පාවිච්චි කරන්න වෙනවා.මම මේකට සබ් දැම්මනම් මම උනත් එහෙම කරයි.හේරත් සහෝ ඕවා ගණන් ගන්න එපා.සබ් එක නියමයි.ඒකේ එඩිට් වෙන්න කිසිම දෙයක් නෑ.අපි සුචරිතවාදී උදවියට බලන්න අප්සට් නම් නොබලා ඉන්න කියමු නේද?එයාලට ලැජ්ජයිලුනේ. :)
Javind
@ අමිල මනනදේව
කියපු දේ තේරුම් ගනින්.උඹ කුණූ හරප කියනවා කියලා උඹ හැම තැනම ඕක කියව කියව යනවද?මේහේම සබ් එකක් දැම්මම හුගක් අය ගන්නවා.ඒක ප්‍රසිද්ධියේ කියනවා වගේ තමයි.කුණු හරප නොදා සබ් දාන්න බැරිද?ඇයි අනිත් ෆිල්ම් වලත් එහෙනම් එහෙම කරන්න තිබ්බනේ.උත්සහය අගය කරලා උදේම කමෙන්ට් එකක් දාලා ඇති එක බලපන්.වැරැද්දක් දැක්ක නිසා ඇවිත් කිව්වේ.උඹලට මොන වැරැද්ද තිබුනත් අනේ මේක මරු කියලා කියන්න විතරද ඕන??gayan
බලන්න බැරි එකෙක් ඉන්නවනම් නොබලා හිටපියව් .මොකද බයිස්කොප් සින්හලෙන් තියෙන්නෙ සුද්දගෙ බාසව බැරි උන්ටනෙ. පොඩිඋන් එක්ක බලන්න ඔනෙ නම් ඔය තියෙන්නෙ අලිපෙටියෝ ඔයයි මමයි වගෙ එවා. එව බලපල්ලා .තරහ වෙන්න එපා සහෝලා මෙහෙම කිඋවට.අනික මේකෙ උඩින්ම 18+ කියල දලනෙ තියෙන්නෙ. මෙච්චර අමාරුවෙන් අපි වෙනුවෙන් මෙවගේ ෆිල්ම් එකකට මෙච්චර හොදට සින්හල සබ් දාපු 'T.B හේරත් සහෝ' ගොඩක් තැන්කූ තැන්කූ තැන්කූ ... වේවා
M.D.A Pradeep (අමිල මනනදේව)
@Javind,
මට තියන ප්‍රශ්නේ මචං මෙතන සබ් එක බා ගත්ත ගොඩාක් දෙනෙකුට නැති ප්‍රශ්නයක් උඹට විතරක් ආවේ කොහොමද කියලා.කියන f&&k එකට තේරුම් ගොඩාක් තියනවා.ඒක යොදා ගන්න තැන අනුව වෙනස් වෙනවා.මේකේ ඉතින් ඒ දෙබසට ගැලපෙන්නේ හේරත් සහෝ දාලා තියන වචනේ තමයි.අනික මගේ අනිත් සබ් ෆිල්ම් එක එකේත් මේ වගේ වචන මමත් දාලා තියනවා.දාන්න ඕනේ තැනට හරි වචනේ දාන්න ඕනේ මචං.මම හිතන්නේ ඒකේ අවුලක් නෑ.බහුතරයකට අවුලක් වෙනවනම් තමයි ඒක අවුලක් වෙන්නේ.අනික ඉතින් තේරුම දැන දැන ෆිල්ම් එක බලද්දී ඔය වචනේ ඇහෙනවනේ.එතකොට උඹට ලැජ්ජ හිතෙන්නේ නෑ.පේන්න සබ් එකේ වැටෙනකොට විතරද ලැජ්ජ හිතෙන්නේ?මාරයි ආ..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thanks machan