බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා.සැලකිය යුතු කාලයකට පසුව අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ තවත් වෙනස්ම ආකාරයක අරුත්බර දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. හැබැයි තනියම නම් නෙවෙයි මා මිතුරු සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාත් සමඟින්,මේ දින…

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා.සැලකිය යුතු කාලයකට පසුව අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ තවත් වෙනස්ම ආකාරයක අරුත්බර දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. හැබැයි තනියම නම් නෙවෙයි මා මිතුරු සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාත් සමඟින්,මේ දිනවල ලොව පුරා පවතින් කෝවිඩ් 19 වෛරසය මඟින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ වෙතින් පනවන ලද නියමයන්ට අනුව කටයුතු කරන ලෙස ප්‍රේක්ෂක ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතරම වැඩි අටුවාටීකා නැතුව බලමු මොකක්ද මේ වෙනස්ම ආකාරයේ අරුත්බර දමිළ චිත්‍රපටය මොකක්ද කියලා.
දේශපාලනය අද කාලේදි අපි බහුතරයක් දෙනා කතා කිරීමට අකමැතිම මාතෘකාවක් තමයි මේ දේශපාලනය කියන මෘතකාව ඒ ඇයිද කියන්න ඔබ සියලුම දෙනා හොඳින් දන්නවා. ඒ නමුත් ඔබ අපි හැමදාම දේශපාලන නායකයින්ට දොස්පවරමින් කාලය ගත කරන්න පුරුදුව සිටිනවා විනා සාමාන්‍ය ජනතාව විදියට ජන්ද දායකයෝ විදියට අපි අපේ බලයෙන් කවදාවත් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නෑ. මේ ජේදය පටන් ගන්නකොටම මම උඩදි කිව්වා දේශපාලනය කියන්නේ අපි කතා කිරීමටත් සතුටු නැති මාතෘකාවක් කියලා දැන් ඔබම හිතන්න බලන්න අපි කතා කරන්න හොඳ නැත්තේ දේශපාලනය ගැනද? දේශපාලකයෝ ගැනද? මම නම් හිතන්නේ අන්න එතනයි අපට මඟඇරුණ තැන. අහලා තියෙනවාද රටක දේශපාලන නායකයින් කොතරම් වැරදි කරත් දුරාචාරයේ යෙදුනත් ඒ රටේ ඉන්න මහජනතාව එය පිළිනොගන්නාතාක් කල් ඒ රටට දියුණු වෙන්න බෑ කියලා කතාවක්! දැන් බලන්න රටක පුරවැසියෙකු විදියට අපට තියෙන අයිතීන් මොනවාද කියලා? එතකොට වඟකීම් මොනවාද කියලාත් හිතලා බලන්න අයිතීන් නම් කොහොම හරි අත්පත් කරගත්තාට කීයෙන් කීදෙනාද තමන්ගේ වඟකීම් ඉෂ්ට කරන්නේ නේද? පොඩ්ඩක් හරි ඒ ගැන හිතලා බැලුවාද? අපේ වඟකීම් මොනවාද? අපේ වඟකීම් කියනා කොටස පැහැර හැරියාම අපට මොන වගේ විපාකද විඳින්නද වෙන්නේ කියලා?
ඉහතින් කියලා තියෙනවා අයිතීන් සහ වඟකීම් කියලා කොටස් දෙකක් ගැන අයිතීන් ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍යය වෙන එකක් නෑ මොකද බහුතරයක් දෙනා මොන විදියකින් හරි තමන්ගේ අයිතිවාසීකම් දිනාගෙන ඇතැම් අය අසීමිත විදියටත් භුක්ති විඳින නිසා, වඟකීම් කිව්වාම ඇත්තටම සරළවම බැලුවොත් මේවා ක්‍රියාවට නංවන්න මුදල් වැය වෙන වැඩ එහෙම නෙවෙයි. රටක් පවත්වාගෙන යන්න රජයක් ඕන රජයක් පිහිටවන්න දේශපාලනය ඕන, මේ හැමදෙයක්ම හරියට කරගෙන යන්න නිවැරදි යාන්ත්‍රණයක් ඕන. යාන්ත්‍රණය හරියට තිබුනොත් තමයි රටකට නිවැරදි දැක්මක් එක්ක ඉදිරියට දියුණුව කරා යන්න පුළුවන් වෙන්නේ. බොහෝ විට යාන්ත්‍රණය නිවැරදිව නැතිවුණාම තමයි රට අරාජික වෙන්නේ පුරවැසියෝ විදියට තම තමන්ගේ වඟකීම් ඉටුනොකර පැහැර හැරියාම නිවැරැදි යාන්ත්‍රණයක් පවතින්නේ නෑ. එහෙම උනාම රටකට අත්‍යඅවශ්‍යය සාධකයක් වෙන දේශපාලනය කියන මාතෘකාව ඇහෙද්දිත් බැන්නාම සාප කරාම හරි යයිද?
ලොවපුරා පවතින කොරෝනා වෛරස් පැතිරිමේ අවදානම නිසා ජනතාව එක් රැස්වෙන ස්ථානයන්ට දැඩි ලෙස සීමාවන් පනවා තිබෙනවා. එබැවින් සිනමා ශාලා විවෘත කිරිමට නොහැකිව තිබෙන අතර එම නිසා මුළු මහත් ලෝක සිනමාවම දැඩි අවදානම් තත්වයකට මුහුණ පා සිටිනවා. චිත්‍රපට නිෂ්පාදකයින්ට මේ දිනයන්හි විකල්ප ලෙසින් ඉඳුරාම රූපවාහීණි මාධ්‍ය හෝ ඩිජිටල් මාධ්‍යන් ඔස්සේ තම නිර්මාණයන් එලිදැක්වීමට සිදුවී තිබෙනවා. එහි ප්‍රථිඵලයක් ලෙස TUGHLAQ DURBAR දමිළ සිනමා පටය මේ වසරේ සැප්තැම්බර් මස 10 දින සවස 18.30 පැයට දකුණු ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ රූපවාහීණි නාලිකාවක් වෙන Sun Tv නාලිකාව හරහා සිය මංගල දර්ශනය ප්‍රදර්ශණය කලා.එදිම මධ්‍යම රාත්‍රී 12.00 පැයට Netflix ඩිජිටල් මාධ්‍ය හරහාද මේ චිත්‍රපටය නිකුත් කිරීමට නිෂ්පාදකයින් කටයුතු කර තිබුණා.මෙහි කතාව,අධ්‍යක්ෂණය,තිර රචනය Delhi Prasad Deenadayalan විසින් සිදුකර ඇත. සංගීතය Govind Vasantha විසින් නිර්මාණය කර තිබෙනවා.මෙහි ප්‍රධාන චරිතයන් Vijay Sethupathi,Karunakaran, R.Parthiepan, Raashi Khanna,යන නළු නිලියන් විසින් රඟදක්වනු ලබනවා.
මක්කල් සෙල්වන් විජේසේතුපති කිව්වාම නොදන්න කෙනෙක් නැතිතරම් මම මේ කියන්නේ දමිළ සිනමා රසිකයො ගැන විතරක්ම නෙවෙයි අනෙකුත් සිනමා රසිකයින් පවා හොඳින් දන්නා කෙනෙක් තමයි විජේසේතුපති කියන්නේ! එතරම් ඔහු ජනප්‍රිය චරිතයක් ඔහුගේ ජනප්‍රියත්වය මෙතරම් වැඩි වෙන්නට ඇති එකම හේතුව නම් ඔහුගේ තිබෙන සහජයෙන්ම ඇති රඟපෑමට ඇති දක්ෂතාවය.ඒ වගේම හැමදාම එකම තේමාවකට කොටුවෙන්නේ නැතුව විවිධ තේමාවන් ඔස්සේ තිබෙන මාතෘකා තෝරාගෙන ඒවාගෙන් තමන්ගේ රංගන හැකියාව තව තවත් ඔපමට්ටම් කරගනිමින් දවසින් දවස තම ප්‍රේක්ෂකයින්ව අන්දමන්ද කිරිමද ඔහු මෙතරම් ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධියටද පත්වීමට හේතුන් විදියට දක්වන්න පුළුවන්.මේ වතාවෙත් විජේසේතුපති වෙනස්ම ආකාරයේ දේශපාලන තේමාවකින් සමන්විත අද කාලයටත් මැනවින් ගැලපෙන කතාවකින් සන්නද්ධ චිත්‍රපටයක් සඳහා තම රංඟන දායකත්වය සපයා තිබෙනවා. එසේ නම් මෙවර ඔහු ගෙන එන විනෝදය පිරි දේශපාලනය ගැන තවත් මානයකින් කතාකරනා බැලිය යුතුම වර්ගීකරණයට අයත් වෙන TUGHLAQ DURBAR 2021 සිනමාපටය නරඹන ලෙස මා ඔබට ආරාධනා කර සිටිනවා.
චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් අවදානය යොමුකරොත් ජේකේ නගර් වල සිංගාරවේලන් කියලා තරුණයෙක් ඉන්නවා මෙයා පොඩි කාලේ ඉඳලා දේශපාලඥයෙක් වෙන්න හරිම ආසයි.තම පලාතේ සිටින ප්‍රසිද්ධ දේශපාලඥයෙක් වෙන රායප්පන් දෙස කුඩා කාලයේ සිටම බලාගෙන සිටින සිගාරවේලන්ගේ සිහිනය වෙන්නේ කෙසේ හෝ දේශපාලඥයකු වීමයි.සිංගාරවේලන්ගේ දැඩි කැපවීම නිසා කෙසේ හෝ රායප්පන්ට ලංවීමට ඔහුට අවස්ථාවක් ලැබෙනවා.දිනක් රායප්පන් සමඟින් සාදයක සිටින විට තවත් දේශපාලනඥයකු සිංගාරවේලන් සමඟින් කුපිත ඔහුගේ හිසට පරහක් එල්ල කරනවා.එම පහර හේතුවෙන් සිංගාරවේලන්ට දැඩි ලෙස තුවාල සිදු නොවුනාට ඔහුටත් නොදැනීම ඔහුගේ ශරිරයෙන් යම් වෙනසක් සිදුවී කිසි විටෙකදි නොසිතු අකරතැබ්බ රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. එසේ නම් ඇත්තටම ඔහුට මොකක්ද උනේ? මොකකද් මේ ද්විත්ව පෞර්ෂයත්වය කියන්නේ?
අවසාන වශයෙන් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් සංස්කාරක මඩුල්ලේ අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතියි පිරිනමන අතර කාර්‍ය්‍යබහුල මෙවන් අවස්ථාවක බැහැ නොකියා සිංහල උපසිරැසි නිර්මාණයට දායකත්වය සැපයු සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාටද බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි TRUE HD පිටපත් සඳහා අදාළ වේ.
12,363 downloadsDownload Tughlaq-Durbar-2021.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
28 comments
isuru srinath sjs
Anonymous
Sub ekata thanks! Bhoot Police film ekatath sub denna ..
Anonymous
Patta
Charith
thanks bro
Kushan
Sub akta thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
යුරාන් ධනුක (දනුවා)
අම්මෝ තරිඳු අයියා කාලෙකින් සුපිරියක් ගෙනල්ලා...
දෙන්නටම බොහෝම ස්තූතියිහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Achi
සුපිරියක් තමා ඉතිං...බොහොම ස්තුතියි සබ් එකට
Anonymous
Thnks lokka
Naveen
උපසිරසියට තුති
Anonymous
බොහොම ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thank u
Sanoj Lakchan
Thank you saho sub ekata.. plz saho vacation friends film ekata aub karala dennako..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sheron
thanks bro..keep going
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම …!!
Buddhika Lakmal
♥♥☻☻... දෙන්නටම බොහෝම ස්තූතියි උපසිරැසියට ...☺☺♥♥
Abdur
සබට තෑන්ක්ස් අයියේ.. ගැම්මක් තමා❤❤
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
kevin D...
Thanks...
Anonymous
Thanks for sub
Anonymous
Superb
kavisha tharaka
සබ් ඒකට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මරු මරු මරු... දෙන්නටම බොහොම ස්තුතියි..!