Watch Trailer

Out Stealing Horses (2019) AKA Ut og stjæle hester Sinhala Subtitles | අතීතයේ මතක මැදින් [සිංහල උපසිරසි]

මතකයන්…. සතුටු හිතෙන සොඳුරු මතකයන් වගේම හිත රිද්දන දුක්බර මතකයන් අපි කාටත් තියනවා. සතුට විතරක්ම නෙවෙයි, මොන තරම් දුක්බර වුණත්, කටු කෑවත් අපි අතීතයට ආසයි. දැන් අපි පුංචි කාලෙට ආසයි. තව වයසට ගියාම තරුණ කාලෙ ගැනත් ඒ වගේම සිහි කරාවි. ඉතින් ඒ වගේ අතීත මතකයන් මැදින් ගලාගෙන යන කතාවක් තමයි මගේ 37 වෙනි උපසි…

මතකයන්…. සතුටු හිතෙන සොඳුරු මතකයන් වගේම හිත රිද්දන දුක්බර මතකයන් අපි කාටත් තියනවා. සතුට විතරක්ම නෙවෙයි, මොන තරම් දුක්බර වුණත්, කටු කෑවත් අපි අතීතයට ආසයි. දැන් අපි පුංචි කාලෙට ආසයි. තව වයසට ගියාම තරුණ කාලෙ ගැනත් ඒ වගේම සිහි කරාවි.

ඉතින් ඒ වගේ අතීත මතකයන් මැදින් ගලාගෙන යන කතාවක් තමයි මගේ 37 වෙනි උපසිරැසි නිර්මාණය විදියට අරගෙන එන්නේ. මේක Ut og stjæle hester කියන මුල් නමින් හැඳින්වෙන Drama වර්ගයේ නෝර්වීජියානු නිර්මාණයක්. Stellan Skarsgård, Bjørn Floberg, Tobias Santelmann වගේ පිරිසක් රංගනයෙන් දායක වෙන මේක ලියා අධ්‍යක්ෂණය කරන්නේ Hans Petter Moland විසින්. මේක නිර්මාණය වෙන්නේ Per Petterson විසින් මේ නමින්ම ලියා 2003 වසරේදී ප්‍රකාශයට පත්කළ සම්මානනීය නවකතාව ඇසුරින්. ලබාගෙන තියන IMDB අගය 6.6 ක්.

කතාව වර්තමානය හා අතීතය අතරේ ගලාගෙන යන්නේ. වර්තමානය 1999 වසරේ අග හරිය. අතීතය ඊට වසර 50 කටත් එහා 1948 ගිම්හාන කාලය. එතනිනුත් එහා 1943 ලෝක යුධ සමය ගැනත් සඳහන්. කතාව මේ විදියයි.

වයස 67ක් විතර වුණු ටෘන්ඩ් හදිසි අනතුරකින් තමන්ගේ බිරිඳ මියගියාට පස්සේ කාලෙක ඉඳල ආස කරපු විදියට හුදෙකලාව ඉන්න ගමකට එනවා. එහේදි ඔහුට හම්බවෙනවා ලාෂ් කියල අසල්වැසියෙක්. ඒ හමුවත් එක්ක ඔහු වසර 50 කට හා අතීතයට යනවා. මොකද ලාෂ් කියන්නේ ටෘන්ඩ් ට වයස 15ක් වගේ කාලේ, 1948 දී තාත්ත එක්ක ගිම්හාන නිවාඩුව ගත කරන්න ගමකට ගිය වෙලේ එහේදි හමුවුණු කෙනෙක්. ඉතින් ඒ අතීතය හා වර්තමානය තමයි මේ කතාවෙ තියෙන්නේ. අතීතයේ මේ අය අතරේ තිබුණේ කොහොම සම්බන්ධයක්ද කියල දැනගන්න පුළුවන් ෆිල්ම් එක අරගෙන බැලුවම.

1948 ගැමි පරිසරය පෙන්වන්න රූගත කිරීම් කරපු ලස්සන ප්‍රදේශ වගේම ලස්සන පසුබිම් සංගීතයකුත් රසවිඳින්න ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන්, හැමෝම මේ කාලයේ සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුගමනය කරමින් පරිස්සම් වෙලා ඉන්න කියල ඉල්ලීමත් කරනවා. එහෙමනම් ආපහු ඉඩ ලැබෙන වෙලාවක හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,403 downloadsDownload Out.Stealing.Horses.2019.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,403 downloadsDownload Subtitles24 KB

13 comments

  1. Sujith

    Ela sahooo

  2. ලාල්

    thank you very much

  3. Bandara

    Thanks Bro

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. කවිඳු ජයවර්ධන

    ගොඩක් අය බලන නැති මේ වගේ ෆිල්ම් එකක් තෝරගත්ත එකට ඉස්සෙල්ලම ගොඩක් ස්තූතියි සහෝ.නිවාඩු පාඩුවේ බලන්න පුලුවන් කතාවක්.සබ් එකටත් බොහොම ස්තූතියි.ජය..!!!

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  9. මොහොට්ටි

    Thax

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. MAALNATH

    Thanks.........good luck...........

  12. Dewadithya

    Thanks for Sub!

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.