මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.4 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, දෙමවුපියන් නොමැති “අශෝක්” නම් තරුණයා හට “රූපා” නම් නැඟනියක් සිටියි. ඇය අන්ධ තරුණියකි. ඇයගේ දෑස් සුවපත් කිරීමට හැකි බවත් ඊට මුදල් වැය කිරීමට සි…

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.4 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි.
මෙහි කතා සාරාංශය වන්නේ, දෙමවුපියන් නොමැති “අශෝක්” නම් තරුණයා හට “රූපා” නම් නැඟනියක් සිටියි. ඇය අන්ධ තරුණියකි. ඇයගේ දෑස් සුවපත් කිරීමට හැකි බවත් ඊට මුදල් වැය කිරීමට සිදුවන බවත් රෝහලින් පවසා ඇත. මෙම මුදල සොයාගන්නේ කෙලෙසදැයි සිතමින් සිටින අශෝක්ට අමුතු රැකියා අවස්ථාවක් උදාවේ. ඒ ධනවත් පවුලක සිටින තරුණියන් තිදෙනෙක්ගේ මුරණ්ඩු ක්‍රියා පාලනය කරමින් ඔවුන්ව යහ මඟට ගැනීම සඳහා ක්‍රියා කිරීමයි. එම රාජකාරිය ඔහුට පවරන්නේ එම තරුණියන්ගේ ආත්තම්මා විසිනි. ඇය ද ඉතාමත් තද ගති පැවතුම් ඇති කාන්තාවකි.
අවසානයේ මෙම වගකීම භාරගන්නා අශෝක් එය නිසි පරිදි ඉටු කරයි. මෙහිදී ඉතාමත් මුරණ්ඩු තරුණිය වූ “ආශා” සමඟ අශෝක් ප්‍රේම සම්බන්තාධවයක් ද ගොඩනඟා ගනී. ඊට පෙර ආශා ගැන බලාපොරොත්තුවෙන් සිටි “ප්‍රාන්” නැමැත්තා නරක චරිතයක් ඇති පුද්ගලයෙක් වන අතර ඔහු වරදකට සිරගත වෙයි. අශෝක් සහ ආශා අතර වූ ප්‍රේම සම්බන්ධය දැනගන්නා ආත්තම්මා, අශෝක්ට පොරොන්දුවූ මුදල ගෙවා ඔහුව ආපසු යවයි. ඒ අතර සිරෙන් නිදහස් වන ප්‍රාන් එම ප්‍රදේශයට පැමිණෙන විට අශෝක්ගේ අන්ධ නැඟනිය හමුවේ. මෙහි දී රූපා ඔහු අතින් දුෂණය වේ. මේ හේතුව නිසා ඇය දිවි නසා ගැනීමට ජලාශයකට පනියි.
මුදල් ලැබුණු අශෝක් තම නැඟනියගේ දෑස සුවපත් කිරීමේ අරමුණින් නිවසට පැමිණේ. එහිදී තම නැඟනියට වූ දෙය දැනගෙන වියරු වැටේ. තම නැඟනියට අපරාධය කළ පුද්ගලයා හෙළිවේද? අශෝක්ගේ ප්‍රේම සම්බන්ධතාවය සාර්ථක වේද? මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ශම්මි කපුර්, බබිතා සහ ප්‍රාන් ක්‍රිෂන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. එහි ප්‍රධානම ගීතයේ තනුව ඇසුරින් ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ “සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ” නම් සිංහළ ගීතය බිහි විය. එය සිංහල සිනමාවේ “අභිරහස” නම් සිනාමාපටයේ ඇතුළත් විය.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස් අටවෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම උපසිරසියට අදාළ කාලය සහිත වීඩියෝව අන්තර්ජාලය වෙතින් සොයාගැනීමට අපහසු නිසා, මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර ඇත. එය ඔබට බයිස්කෝප් ඩවුන්ලොඩ්ස් වෙබ් අඩවිය හරහා බාගත කරගත හැකිය. එහි ඇති පැය දෙකයි, මිනිත්තු පනස් දෙකයි, තත්පර පහක ධාවන කාලයක් සහිත මෙගා බයිට් 814 ක වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1963 වර්ෂයේ තිරගත වූ “Gumrah” පැරණි හින්දි සිනමාපටයයි.
මෙම උපසිරසියට ගැළපෙන වෙනත් වීඩියෝවක් නොමැති නිසා, මා විසින් එවා ඇති “ගුගල් ඩ්‍රයිව් ලින්ක් එක බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,323 downloadsDownload Tumse-Achha-Kaun-Hai-1969-Baiscopelk.com_.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
19 comments
Udara Damith Dissanayaka
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
asankachathuranga
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...
ජය වේවා.!!indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
Ek Phool Do Mali (1969)
Udaya Saman
ඔබගේ උපසිරසියක් එනතුරැ මග බලන් ඉන්න ඔබේ රසිකයෙක් මම.බොහොම තුති උපසිරසියට..ඔබගේ වෙහෙසට මා අගය කරනවා...
Iroo
Thank you ayye.
Ishan Dushyantha
කාට හරි පුලුවන්ද මිනිස්සුන්ට දියුණු වීමේ මග කියාදෙන වාර්ථා වැඩසටහන් , ව්‍යාපාර දියුණු කිරීමේ මග කියාදෙන වාර්ථා වැඩසටහන් , සතුටින් ජීවත් වීමේ මග කියාදෙන වාර්ථා වැඩසටහන් වගේ අතිශයින්ම ප්‍රයෝජනවත් වැඩසටහන් හොයල ඒවාට සිංහල උපසිරැසි ලබාදෙන්න. ලංකාව වගේ රටක මිනිස්සුන්ට , විශේෂයෙන්ම සිංහල තරුණයන්ට වැදගත් වෙන්නෙ ඒ වගේ වැඩසටහන්, කාලේ කන චිත්‍රපටි නාට්‍ය වලට වඩා.
Ishan Dushyantha
කාටහරි පුළුවන්නම් දියුණු වීමේ මග කියාදෙන වාර්තා වැඩසටහන් වලට සිංහල උපසිරැසි ලබාදෙන්න අපේ සිංහල තරුණයන්ට ඒක ලොකු වටිනාකමකින් යුතු ත්‍යාගයක් වේවි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් කරනා සේවයට බොහොම ස්තූතියි.
දිගටම සබ් දෙමු.
ජය!Lalith Susantha
බොහොම ස්තුති ඔබට තවද 1980 ත් 2000 අතර තිරගතවු ජනප්‍රිය චිත්‍රපට වලට උපසිරස ලබා දෙන්නෙනම් ලොකු උදව්වක්
formano
උපසිරසියට බොහොම ස්තූතියි. ඒවගේම මෙවෙනුවෙන් ඔබ කරන කැපවීමත් ඉතා අගේ කරනවා. පුලුවන්නම් නූරී ච්ත්‍රපටයත් උපසිරැසි සමඟ ලබා දෙන්න.
Dilan_Lahiru
අම්භපාලි 1966 උපසිරැසි ලබාදෙන්න .
GihanC
මෙච්චර පරණ හින්දි එකක් අද තමයි බලන්නේ ...බලමුකෝ ... තව දෙයක් කියන්න ඕනි ...යුරෝපිය සහ හොලිවූඩ් බොලිවුඩ් නොවන ආදර චිත්‍රපට වලට උපසිරසි දෙනවා අඩු බවක් තියනවා ...ඒ පිළිබද අවධානවා යොමු කරන්න ...thankyou for your unique subtitling...
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ජයවේවා !!ඉදිරියටම යමු..ජයවේවා ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Tumse Achha Kaun Hai (1969) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Tumse-Achha-Kaun-Hai-1969.jpg)
maru