කොහොමද ඉතින්? මං අදත් වෙනද වගේම වෙනස්ම කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන තමයි ආවෙ. මේකත් මම හොඳ කොපියක් එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ අවුරුද්දෙ තිරගත වුණ හොඳම චිත්‍රපටියක්. ඉතින් චිත්‍රපටිය මං විතරක් බලල හරියන්නෙ නැති නිසා සිංහලට පරිවර්තනය කරල ඔයාලටත් බලන්න අරගෙන ආවා. 2016 අගෝස්තු 16 තිරග…

කොහොමද ඉතින්? මං අදත් වෙනද වගේම වෙනස්ම කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන තමයි ආවෙ. මේකත් මම හොඳ කොපියක් එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ අවුරුද්දෙ තිරගත වුණ හොඳම චිත්‍රපටියක්. ඉතින් චිත්‍රපටිය මං විතරක් බලල හරියන්නෙ නැති නිසා සිංහලට පරිවර්තනය කරල ඔයාලටත් බලන්න අරගෙන ආවා. 2016 අගෝස්තු 16 තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 51 ට අධික ආදාමයක් උපයලා තියෙනවා. ඒ වගේම imdb 6.9 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා. එතකොට මේකෙ ප්‍රධාන නළුවා තමයි මම කැමතිම ”haa jung woo”. මං මෙයාගෙ කතා කීපයක්ම දීල තියෙන නිසා බලපු අය දන්නව ඇති එයාගෙ චිත්‍රපටි ගැන. හුඟක් අය Rotten Tomatoe අගයත් දෙනවා මං දැකල තියෙනවා මේකට 100% ක්ම ලැබිල තියෙනවා ඔන්න. ඉතින් මේ කතාව පැය 2 යි විනාඩි 7 ක් පුරා දිවෙන, Drama/Thriller ගණයට වැටිල තියෙන චිත්‍රපටියක්.
හරි එහෙනම් කතාව ගැන සරළව කියනවනම් මෙහෙමයි. Lee Jung-soo (Ha Jung-woo) කියන්නෙ සාමාන්‍ය වාහන විකුණුම් කරුවෙක්. මෙයා එයාගෙ දුවගෙ උපන්දිනේට වාහනෙන් ගෙදර එනවා. කන්දක් ඇතුලෙ තියෙන උමග ඇතුලෙන් එළවගෙන එනකොට නොසිතන දෙයක් වෙනවා. උමග කඩාගෙන වැටෙනවා. Lee Jung-Soo ට සිහිය ඇවිත් බලනකොට තේරෙණවා එයා කාර් එක ඇතුලෙ හිර වෙලා කියලා. කාර් එක උඩට ටොන් ගානක කොන්ක්‍රීට් සුන්බුන් වැටිලා. මෙයා ලග තියෙන්නෙ එයාගෙ පෝන් එකයි, වතුර බෝතල් දෙකකුයි දුවගෙ උපන්දින කේක් එකයි විතරයි. මෙයා හදිසි ආපදා ඒකකේට කතා කරල උදව් ඉල්ලනවා. කොහොමහරි කාලයත් එක්ක මෙයා මුදවා ගැනීම් කණ්ඩායමේ නායක Dae-kyung (Oh Dal-su) එක්ක හිත හොඳකමක් ඇති කරගන්නවා. මොකද එයා තමයි උමගෙන් පිට ඉඳන් උමග ඇතුලෙ ඉන්න කෙනාට බේරෙන්න උපදෙස් දෙන්නෙ. ඉතින් Lee Jung-soo ට කාර් එකේ පිටිපස්සෙ තිබිලා වැදගත් බඩු වගයක් හම්බෙනවා.
ඒ වගේම මේ උමගෙම Mi-na (Nam Ji-hyun) කියන තරුණ ගෑණු ළමයයි එයාගෙ බල්ලා ටැංගී(pug)යි හිරවෙලා ඉන්නවා. Mi-na එයාගෙ පපුවෙ තියෙන තුවලයක් නිසා මැරෙනවා. දවස් ගානක් උත්සහ කරත් මෙයාව බේරගන්න බැරි වෙනවා. මෙයාගෙ පෝන් එකේ බැටරියත් බැහැල ගිහින් එළියෙ ඉන්න අය එක්ක සම්බන්ධතාවක් නැති වෙලා යනවා. රජයයි අනිත් හැමෝමයි හිතනව මෙයා මැරෙන්න ඇති කියලා .ඒත් මෙයා ඒ වෙනකොටත් ජීවත් වෙනවා. අන්තිමේදි මෙයාට බේරිලා එන්න පුළුවන් වෙයිද කියල ඔයාලම බලන්න. ටිකක් සංවේදී කතාවක් මේක. ඒ වුණාට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ ගැන මම වග කියනවා. එහෙනම් ඊළඟ උපසැරසියෙන් හම්බෙමු. අදට ගිහින් එන්නම්.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Tunnel.2016.720p.BluRay.x264.DTS-HDC
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
3,006 downloadsDownload The-Tunnel-2016.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
40 comments
Udara Damith B/K
chamalkalum
Ur welcome bro
Udara Damith B/K
1
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
chamalkalum
Ela
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Chami.S
Thanks...
praja
torrent link ekak dennako
අසිත
elama saho thanks.puluwan nam
The Suspect (2013)
film ekakath sab denna........
chamalkalum
Issarahata balamu bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
tnx bro..ubanam supiri.patta korean films walata sub denawa.best stories...
chamalkalum
Thanks bro..
Rakitha Ranathunga
සබට තුති සහෝ
Tharidu Sagara
magen direct link nama uda kik karanna
NC
Torrent file ekahoyaganna lesima vidiya mokakda
chamalkalum
Direct thamai ganna wenne bro
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
chamalkalum
Ur welcome
udana
tnx bro
නුවන්
සබට බොහොම ස්තුතියි සහෝ . ලින්ක් එකක් තමා හොයාගන්න බැරි ...කව්රුහරි ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
kasun
download link eka wada karanne na ne
chamalkalum
Fb ekata msg karanna
Kasun Sanjeewa Ariyarathna
fb eke name eka kohomada thiyenne.. naththam fb link eka hari ewanawada
ashan lankanath
Very happy new year! thanks
chamalkalum
Happy new year ashan..
Wasa
Thanks brother for subtitles
chamalkalum
Ur welcome bro
Udari Lakmini
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
mithun
කලින් බැලුව චාමල් මෙක ඔයා දෙන්න කලින්..
එ උනත් මම ඔයාගෙ සබ් එක අරගත්ත තැන්ක්ස් බ්‍රො
පස්සෙ අයේ බලන්න ඔනෙ සබ් එකත් එක්ක ඔයාගෙchamalkalum
එල බ්‍රෝ
Mahesh
supirima film eka.
thank you so much !!!chamalkalum
your welcome bro
nidi
කුතුහලය සපිරි- බලාගෙන ඉන්න විට වෙලාව යනවා නොදැනෙන- හදවතටම වැදෙන- ඇසට කදුළු නංවන- ලස්සනම ලස්සන චිත්රපටයක්!
සබ්ස් ටික සුපිරියි!
ස්තුතියි චාමල්! සයිට් එක එළිය කරන්න- තව දිගු කාලයක් සබ්ස් දෙන්න අප වෙනුවෙන්!chamalkalum
ගොඩක් ස්තූතියි.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Planet 374
And me film eka kohomada download karan mm aluth kenek ekai make dowmlnload button eka hoyaganna ba please help me
Sanupa Ranmeth - Admin
අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල කතාවක් වගේ .
සබට ස්තුතියි.