හැට පැන්නත් බැඳලා නැත්තම් ඌ කොල්ලා කියලා තමා කවුරුත් කියන්නේ. ඒ හින්දා කොල්ලන්ට නම් වයස යන එක එහෙමටම ප්‍රශ්නයක් නෙමේ. හැබැයි කෙල්ලන්ට මේ ප්‍රශ්නේ හාත්පසින්ම වෙනස්. අවුරුදු 25 පැන්න ගමන්ම කෙල්ලන්ට සාමාන්‍යයෙන් පොඩි පීඩනයක් එනවා. හරියටම කිව්වොත් අවුරුදු 30 සම්පුර්ණ වීම කෙල්ලෙක්ගෙ ජීවිතේ කඩඉමක් කියතහැ…

හැට පැන්නත් බැඳලා නැත්තම් ඌ කොල්ලා කියලා තමා කවුරුත් කියන්නේ. ඒ හින්දා කොල්ලන්ට නම් වයස යන එක එහෙමටම ප්‍රශ්නයක් නෙමේ. හැබැයි කෙල්ලන්ට මේ ප්‍රශ්නේ හාත්පසින්ම වෙනස්. අවුරුදු 25 පැන්න ගමන්ම කෙල්ලන්ට සාමාන්‍යයෙන් පොඩි පීඩනයක් එනවා. හරියටම කිව්වොත් අවුරුදු 30 සම්පුර්ණ වීම කෙල්ලෙක්ගෙ ජීවිතේ කඩඉමක් කියතහැකි. ඒ කාලේ වෙද්දී කරැගෙන ඉන්න ඕනයි කියන එක එක එව්වා කරගෙන හිටියේ නැත්තම් සමාජය නිකම් වපර ඇහින් තමා බලන්නේ. (මොන අණ්ඩර දෙමළක්ද මේ)
නෛනා කියන්නේ අවුරුදු 30 ලබන්න ඔන්න මෙන්න කියලා ඉන්න කෙල්ලෙක්. වෙළඳ ප්‍රචාරණ ආයතනයක දක්ෂ විදිහට තමන්ගේ රස්සාව කරගෙන යන මෙයාට බැංකු නිලධාරියෙක් වෙන රිෂබ් එක්ක අවුරුදු 3ක ආදර පලහිලව්වකුත් තියෙනවා. කොහොමින් හරි නෛනා තමන්ගේ 30වෙනි අවුරුද්ද සමරන්න හිටියේ හරිම සතුටින්. මොකද කිව්වොත් මේ වෙද්දී එයා ගොඩක් දේවල් තමන්ගේ ජීවිතේ ලබාගෙන තිබුණා.
හැබැයි 30 වෙනි උපන්දිනය ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී නෛනාගේ ජීවිතේට කන කොකා අඩන්න ගත්තේ හිතපු නැති විදිහටයි. කිරියි පැණියි වගේ හිටිය රිෂබ්, එකපාරටම නෛනා බඳින්න අකමැති වෙනවා. රිෂබ් වෙන කෙල්ලක්ව කසාද බඳින්න ලෑස්ති වෙනවා. ඒකට හේතුව පිලුම බැලුවොත් දැන ගත්තහැකි. මේ හින්දා නෛනා ගොඩක් මානසිකව වැටෙනවා (ඇයි දෙයියනේ තව ඉතින් වයසත් යනවනේ). ඒ අස්සේ කබලෙන් ලිපට වැටෙන්නා වගේ නෛනාගේ වැඩ කරන තැනදීත් නෛනාට ප්‍රශ්න එනවා. එයාගේ රස්සාවත් නැති වෙන්න යනවා. මේ හින්දා 30 වෙනි අවුරුද්ද නෛනාට කොහොමත් සුබදායක නම් වුණේ නැහැ….. ඉතින් නෛනා කොහොමද මේවට මුහුණ දෙන්නේ?? රිෂබ් ආයෙත් නෛනා ළඟට ඒවිද?? කියලා හොයාගන්න Turning 30 බලන්න කියලා ආරාධනා කරනවා.
මේ ෆිල්ම් එක වැඩිය කතාබහට ලක් වෙච්ච නැති එකක්. මං පවා මෙහෙම ෆිල්ම් එකක් තියේ කියලා දැනගත්තේ ෆේස්බුක් එකේ තිබුණු ෆොටෝ එකකින්. මේක හැමෝටම සෙට් වෙන ජාතියේ ෆිලුමක් වෙන එකක් නැහැ. ඒ හින්දා trailer එක බලලා හිතලා මතලා බාගන්න කියලා ඉල්ලා හිටිනවා. කෙල්ලන්ට නම් මේ ෆිලුම බලන එක ගොඩක් වැදගත් වෙයි කෙසේවෙතත්. තව දෙයක්. මේක හින්දි ෆිලුමක් කිව්වට මේකෙදි 90%ක්ම පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒ වගේම සීඩ් එහෙම ටිකක් අඩු හින්දා ටොරන්ට් එකෙන් බාගන්න අය, චුට්ටක් සීඩ් කරලා අනිත් අයටත් උපකාරයක් කරන්න කියලා ඉල්ලා හිටිනවා. එහෙනම්, ජය පතමින් සමු ගන්නවා !
abbd35dfcc82866c353a79ae15066d75380c8b1d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,075 downloadsDownload Turning.30.2011.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
19 comments
කැලුම් ගුණසේකර
Kulanjana Maduranga
niyamai....storyak wge.bagena balamu.subata thanks MAURA saho.ohoma yn.jaya wewa...........
වරුණ රංගජිත් (වරූ)
ස්තුතියි සහෝ
නලින්
ස්තුතියි මයුර සහෝ..
ජය වේවා.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
shan
Black 2005 ge sub denna, plzzzzzzzzzz
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඊශා
Meka Yaaluwek deela mechchara kal thibuna balanna hithunewath ne...Dan nam balanna one...thanks sub ekata...
චන්දිම අමරසිංහ
නියමයි ඔබට තුති.
සුභපැතුම්.
ජයවේවා ඉදිරියටම යමු...!kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!jayani chathupraba
Thank youuuuuuuuuuuuuuuu
nuwan
thank you.............!
Chami.S
Thanks..
අදිත ප්‍රවින්
බොහොම ස්තුතියි උපසිරැසියට !
කතාව නම් පට්ට වගේ .
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .
:Dරොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Thank you!
ඉසු ඩිපි (Isu DP)
නියමයි මයුර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!mahesh
super
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ උපසිරැසයට. අරන් බලන්න ඕන.