මේක ටිකක් පරණ ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්, පවුලේ සැමට නැරඹිය හැකි ගොඩක් ලස්සන චිත්‍රපටියක් නිසා සබ් එක කරන්න හිතුනා. 2004 තමයි චිත්‍රපටය එළිදක්වලා තියෙන්නේ. බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 62ක් විදිහට තමයි සටහන වෙලා තියෙන්නේ…. චිත්‍රපටය එලිදැක්වූ මුල්ම දින දෙක තුලදී ඩොලර් මිලියන 6 ආදායමක් වාර්ථා කරන්න ම…

මේක ටිකක් පරණ ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්, පවුලේ සැමට නැරඹිය හැකි ගොඩක් ලස්සන චිත්‍රපටියක් නිසා සබ් එක කරන්න හිතුනා. 2004 තමයි චිත්‍රපටය එළිදක්වලා තියෙන්නේ. බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 62ක් විදිහට තමයි සටහන වෙලා තියෙන්නේ…. චිත්‍රපටය එලිදැක්වූ මුල්ම දින දෙක තුලදී ඩොලර් මිලියන 6 ආදායමක් වාර්ථා කරන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියනවා. imdb අගය 7.1 විදිහට සටහන් වෙලා තියනවා…
විවිධ සතුන් හා ස්වාභාවධර්මයේ අලංකාර දර්ශන වලින් පිරි කාම්බෝජය ප්‍රංශ යටත් විජිතයක්ව පැවති සමයේ කාම්බෝජයට පැමිණෙන සුදු ජාතික දඩයක්කරුවෙක් හා ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනෙකු වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය, දඩයක්කරු අතින් මරණයට පත්වන ව්‍යාඝ්‍ර දෙනකගේ පැටවුන් දෙදෙනෙකු හීලෑ කරගැනීමට වනාන්තරයෙන් මිනිස් ජනාවාසයකට ගෙන ඒමත් සමග ආරම්භ වෙනවා, දඩයක්කරුට මේ පැටවුන් නිසා තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට සිදුවෙනවා. මිනිසුන් හා වන සතුන් අතර ඇතිවන නිරන්තර ගැටුම් පිළිබදවත් වෙනස්ම ආකාරකින් දකින්නට අපව යොමු කරනවා. ආදරය සහෝදර ප්‍රේමය මිනිසුන් අතර මෙන්ම සතුන් අතරත් ඇති බව අපට මතක් කරන්නට ගන්නා උත්සාහයක සාර්ථක ප්‍රතිථලයක් විදියට මේ චිත්‍රපටය දක්වන්නට පුළුවන්.
චිත්‍රපටය නිර්මාණය කිරීමට විවිධ සතුන් රාශියක් සහභාගීකරවාගෙන ඇති අතර ප්‍රංශෙය් හා තායිලන්තයේ සත්වෝද්‍යාන වල සිටි ව්‍යාඝ්‍රයන් 30ක් පමණ මේ සදහා දායක කරගෙන තිබෙනවා.
ස්වභාව ධර්මය, සත්ව ලෝකය ගැන කියවෙන චිත්‍රපට වැඩිය දකින්න ලැබෙන්නෙත් නැති එකේ වෙනසකටත් එක්ක මේක රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
707a36d0407586f1883fc84029b2054f9fb328bc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,385 downloadsDownload Two-Brothers-2004.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලංජ අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දුලංජ අබේසිංහ
Subtitles
21 comments
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නලින්
ස්තුතියි දුලංජය සහෝ.. මෙක මම බලපු මැක්සාම කථාවක්.. මේ සත්තුද මිනිස්සුද කියලා හිතෙනවා බලන කොට
අන්තිමේ ඇසට කදුලක් ආවේ නැත්නම් අර කලින් සහෝ කෙනෙක් කිව්වා වගේ දොස්තර කෙනෙක් හමුවුනොත් හොදයි..
ස්තුතියි නැවතත් සිංහල සබට
ජය වේවා!
thiliya
Sthuthi saho
Bobby
මේ චිතපටිය ගැන නම් කියන්න තියෙන්නේ හොදම තමයි. ගොඩක් ස්තතියි.
Ruwan
niyamai........... jaya!!!!!!!!!!!
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$sujeewa
උපසිරසියට ස්තුතියි....
Kulanjana Maduranga
meka nm niyama film 1k.mekata sub dunna 1ka nm watinawa...thanks DULANJA saho.digatama sub denn.jaya wewa...........
ajith ranjan
ELA HODE BAN GODAK MAHANSI WENAWA UBALA
indika
thnq :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!“චූටී මල්ලි”
ලස්සන එකක් වගේ
එලස් තවත් සබ්දෙන්න ලැබේවා
සබට තුති
ඔබට ජය............Tharindu
Thank you very much saho..!!!
රොයිලි
බොහොම ස්තූතියි දුලංජ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි දුලංජන සහෝ උපසිරසියට
විශේෂ කෙනෙක්ගෙන් ලැබුන තෑග්ගක් හැටියට මේකේ ඔරිජිනල් dvd එක මං ගාව තියනවා :DSandaru Jay
Fear And Loathing In Las Vegas (1998) mekata subs denna
patta film ekakහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Poorna
What is the Font for Sinhala
Dulanja
සිංහල යුනිකෝඩ් ඉස්කෝලේ පොත තමා ෆොන්ට් එක... එක ඔයාගේ කම්පියුටර් එකට දාගන්න වෙනවා මුලින්ම...
Dulanja
අදහස් වලට ගොඩාක් ස්තූතියි මචං ලා.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!