Watch Trailer

Two Is a Family (2016) AKA Demain tout commence Sinhala Subtitles | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕන මේ ලබපු 2021 අළුත් අවුරුද්ද බයිස්කෝප් ඇඩ්ම්න් මණ්ඩලය, බයිස්කෝප් රසික රසික‍ාවියෝ ඇතුළු ලක්වාසී ලෝවාසී සියළු දෙනාට සාමය සතුට සෞභ්‍ය පිරි සුබ නව වසරක් වේවා. ඉතින් මේක තමා මේ අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක‍ ගැන කියනවානම් IMDb අගය 7.4 ක් අරගනෙ තියනවා. ඒවගේම නිර්දේෂයන් 2කුත්…

මුලින්ම කියන්න ඕන මේ ලබපු 2021 අළුත් අවුරුද්ද බයිස්කෝප් ඇඩ්ම්න් මණ්ඩලය, බයිස්කෝප් රසික රසික‍ාවියෝ ඇතුළු ලක්වාසී ලෝවාසී සියළු දෙනාට සාමය සතුට සෞභ්‍ය පිරි සුබ නව වසරක් වේවා.

ඉතින් මේක තමා මේ අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක‍ ගැන කියනවානම් IMDb අගය 7.4 ක් අරගනෙ තියනවා. ඒවගේම නිර්දේෂයන් 2කුත් අරගෙන තියනවා. හැබැයි කුණු තක්කාලි අගයන්ම් 38% වගේ පොඩි අගයක් අරගෙන තියෙන්නේ ඒ වුනත් කියන්න ඕන ෆිල්ම් එකනම් සුපිරියි. මේ ෆිල්ම් එක හදාලා තියෙන්නේ 2013 තිරගතවුනු Instructions Not Included පාදක කරගෙන තමයි. මේකත් නාට්‍ය සහ කොමඩි ගනයට තමා අයත් වෙන්නේ.

මේ‍කේ ප්‍රධාන නළුවාට ඉන්නේ Omar Sy , නම කිව්වාට මකතද මන්ද‍ා .ඔයගොල්ලෝ 2011 තිරගතවුනු The Intouchables ෆිල්ම් එක බැලුවානම් ඒක් හිටපු ඩරීස් තමා.

‍ෆිල්ම් එක ගැන කෙටියන් කිව්වොත් සැමුවෙල් කියන්නේ බෝට්ටුවක අයිතිකාරයෙක්. පාටී දාන්න කෙල්ලෝ එක්ක ඉන්න තමා කැමති. ක්‍රිස්ටීන් කිියලා ලන්ඩන් වල ඉන්න එක්කෙනෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා තියනවා. දවසක් එයා ඇවිත් සැමුවෙල්ට එයාගේ ළමයා කියලා ග්ලෝරියා දීලා පැනලා යනවා. ඊට පස්සේ සැමුවෙලුත් ඒ පිටිපස්සෙන්ම ලන්ඩන් වලට යනවා. ලන්ඩන් වලට ගියාට පස්සේ සැමුවෙල්ටයි ග්ලෝරියාටයි පොඩි කරදර ටිකක් වෙලා කොහොමහරි ජීවත් වෙනවා. අවුරුදු 8කට පස්සේ ක්‍රිස්ටිනා ග්ලෝරියාව හොයගෙන ලන්ඩන් එනවා. කතාව ගැනනම් ඊට වඩා කියන්න බෑ එහෙම වුනොත් රහ නැතිවෙයි. කොහොමත් දුවලා වැඩියෙන් කැමති තාත්තලාටනේ. තමන්ගේ දරුවෝ මඟ දාළා යන අතරේ මේක හොද උදාහරණයක් වෙයි කියලා හිතනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

අන්තිමට කියන්න තියෙන්නේ සමහරවෙලාවට මිනිස්සුන්ගේ හොද වෙනුවෙන් සමහර මිනිස්සුන්ට බොරු කියන්න වෙනවා. ඒක හින්දා ඒ බොරුව අහුවුනොත් පොඩ්ඩක් හොයලා බලලා වැඩ කරන්න. මොකද එයා ඔයාට‍ බොරුව කිව්වේ ඔයාගේ හොදට වෙන්න පුළුවන්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,989 downloadsDownload Two-Is-a-Family-2016-AKA-Demain-tout-commence.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ඉසුරු චින්තක

Subtitles

1,989 downloadsDownload Subtitles50 KB

10 comments

  1. indika75

    thanks..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  7. Prasanna

    thanks for your effort...

  8. jagath55

    Thank

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P