සුභ දවසක් හැමෝටම. මේ වතාවේ මම අරගෙන ආවෙ කට්ටියටම එක දිගට අවසනය වන තෙක් වෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බරුව, වාඩි වෙලා ඉන්න පුටුවෙ පැය 2යි මිනිත්තු 30කට අසන්න කාලයක් එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක් අරගෙන. ඒ වගේම මම ස්තුති වන්ත වෙනවා සිසිලට මට මේ වගෙ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න අවස්ථාව ලබා දුන්නට.…

සුභ දවසක් හැමෝටම. මේ වතාවේ මම අරගෙන ආවෙ කට්ටියටම එක දිගට අවසනය වන තෙක් වෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බරුව, වාඩි වෙලා ඉන්න පුටුවෙ පැය 2යි මිනිත්තු 30කට අසන්න කාලයක් එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක් අරගෙන. ඒ වගේම මම ස්තුති වන්ත වෙනවා සිසිලට මට මේ වගෙ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න අවස්ථාව ලබා දුන්නට. අනිත් එක මම තෙලිඟු ෆිල්ම් බලනවා වුනාට මේක තමයි මම සබ් කරන පළමුවෙනි තෙලිඟු ෆිල්ම් එක.
ෆිල්ම් එක ගැන කියනවා නම් IMDB වල 7.3ක් වැනි අගයක් ලැබිලා තියෙන Horror/Mystry/Thriller ඛාන්ඩයට තමයි වැටෙන්නෙ. ඒ වගෙම මෙහි ප්‍රධාන චරිතය සුරූපි නිලි Samantha Akkineni දායකත්වය ලබා දෙනවා. ඊට අම්තරව Rahul Ravindran ද මෙහි රඟපෑමෙන් දායකත්වය ලබා දෙනවා. අනිත් විශේෂත්වය වන්නෙ මෙහි එකදු සිංදුවක්වත් නොමැති වීමයි. ඒ නිසා බලන කෙනාට ෆිල්ම් එක, එක හුස්මට බලන්න පුළුවන්. අනිත් එක මෙකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා අපි කරන සුළු වැරද්දකින් උනත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා.
ෆිල්ම් එකේ සිදුවීම ගැන විස්තර කරනවා නම් රාචනා (smantha) කියන්නෙ The times of india නම් පුවත්පතෙහි වාර්තාකාරිණියක් ලෙස සේවය කරනවා. ඒ නිසා ඇය, RK පුරම් ගුවන් පාලමේ පාර මැදින් යන සහ එන තීරුව වෙන් කරන්න තියපු ගඩොල් පේලියෙ ගඩොල් වෙනස් කරලා, වැරදි විදියට U turn එක අරගෙන තීරුව වෙනස් කරන මිනිස්සු ගැන අධ්‍යනයක් සිදු කරනවා පත්තරයට ලිපියක් ලියන්න. මෙසේ වැරදි විදියට පාරෙ ගඩොල් වෙනස් කරලා වැරදි විදියට u turn එක ගත්තු කෙනෙක් ගැන තොරතුරු සෙවීමට යාම නිසා රාචනා නොසිතු විරූ කරදරයකට ලක් වෙලා තමන්ගෙ ජීවිතය පවා අවදානමකට ලක් කරගන්නවා.
මීට වඩා මම මෙහි සිදුවීම විස්තර කරන්න යන්නෙ නෑ මොකද බලන කෙනාට කතාවෙ මුල ඉඳන්ම තියෙන Thriller බව නැති වන නිසා. ඒ වගේම මේ ෆිල්ම් එක බලන අය දෙපාරක් බලන්න. එතකොට පළමු වෙනි වතාවෙ බලනකොට මගහැරුණු දෙවල් ආයෙ බලනකොට හම්බ වෙනවා.
එහෙනම් මම දැනට නවතිනවා. තවත් මේ වගෙ උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි True Proper HQ WEB පිටපත් සඳහා වලංගු වේ.
17,147 downloadsDownload U-Turn-2018.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
61 comments
LC Nanayakkara
Kavinduudaya
Elama. Thanks subtitle ekata
darshana100
thanks yalu jaya wewa
Mendis
thanks bro sub ekata
ශසිත් සඳරුවන්
නියමයි සහෝ, ඉක්මනින්ම උපසිරැසිය අරන් ඇවිල්ලානේ...
එනකල් බලාගෙන හිටිය ෆිලුමක් තමයි මේක.
සබට තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Sanjeewagamaetige
Film eka ganne kohomada kiyannako...
oshanda
thanx sahoo
vas0303
Thank you
imyk
krishanmadusanka
meka wena film ekka copiyakd bro.baganna ahuwe
Kosala Dananjaya M
______ U Turn (2018) ______
Jeethu Joseph, Drishyam මලයාලම් චිත්‍රපටය 2013 දී Mohanlal (ලාලෙට්ටන්) ව යොදා ගෙන නිර්මාණය කරලා,2015 දී Kamalhasan ව දාලත් නිර්මාණය කළා.මුල් චිත්‍රපටය වගේම අති සාර්ථකව දමිළ සිනමා පටය Papanasam චිත්‍රපටය ත් තිර ගත වුණා. මම ඒ සඳහා බල පෑ ප්‍රධානම හේතුව විදිහට දකින්නේ මුල් අධ්‍යක්ෂකවරයාම පාපනාසම් චිත්‍රපටය ත් අධ්‍යක්ෂණය කිරීම.
අන්න ඒ මගම යමින්, දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තේය කන්නඩා සිනෙමා නිර්මාණයක් වූ U Turn (2016) හී අධ්‍යක්ෂකවරයා වූ Pawan Kumar විසින්ම එහි ප්‍රතිනිර්මාණයක් ලෙස Bilingual (ද්වීභාෂා) ආරෙන් U Turn (2018) චිත්‍රපටය නිපදවා තිබේ.
මෙහි තිබෙන විශේෂත්වය වන්නේ, එකම Cast එක යොදා ගනිමින් එකම පිටපත දමිළ සහ තෙලුඟු යන භාෂා ද්විත්වයෙන්ම රූ ගත කර තිබීම යි. බොහෝ චිත්‍රපට එක් භාෂාවකින් රූ ගත කොට, තවත් භාෂාවකට හඬ කවා තිර ගත කරන බැවින් මේ සිනමා පටය අතිශය වැදගත් නිර්මාණයක් වේවී. එකම නළුවාට හී නිළියට භාෂාවන් දෙකකින් දෙබස් උච්චාරණය කරමින් දෙවතාවක් රඟ පෑමට සිදු වේ. එය රංගන ශිල්පියෙකුට,ශිල්පිනියකට රංගන ජීවිතය තුළ අත් දකින්නට ලැබෙන විරල අවස්ථාවකි.
මෑත කාලයේ නිකුත් වූ Baahubali සිනෙමා පටයත් එවැන්නකි.
චිත්‍රපටයට රංගනයෙන් දායක වන රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරේ Samantha Akkineni, ප්‍රවීණ නිළියක වන Bhumika Chawla, පෞද්ගලිකව මම ප්‍රිය කරන නළුවෙකු වෙන Aadhi ඇතුළු දක්ෂ පිරිසක් සිටිති.
සංගීතය U turn මුල් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ව කටයුතු කළ Poornachandra Tejaswi නම් කර්ණාටක සංගීත අධ්‍යක්ෂකවරයා ගෙනි.
මේ වසරේ නිකුත් වීමට නියමිත, අති සාර්ථකව තමිල්නාඩු , තෙලඟානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත වල තිර ගත වීම අපේක්ෂා කළ හැකි, මුල් චිත්‍රපටයේ ඒ පැවැති ගුණාත්මකබවම ඒ ආකාරයෙන්ම රඳවා තබා ගත හැකි වෙනු ඇතැයි ද අපේක්ෂා කළ හැකි නිර්මාණයක් වෙනු ඇත.
මේ දිනවල Dance challenging Contest එකක් ලෙසින් දකුණු ඉන්දීය රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරේ උඩු දුවන, ප්‍රියතම සංගීත නිර්මාණකරුවෙකු සහ ගායකයෙකු වෙන Anirudh විසින් ගයන, Samantha විසින් දක්ෂ නර්ථන විලාසයක යෙදෙන ගීතය මගේ ප්‍රියතම දමිල ගීත ගොන්නට ද ඇතුලත් විය.
පූර්ව ප්‍රචාරක පට සහ ගීතය පහතින් ලබා දී ඇති ලින්කු වලින් ගොස් නරඹන්න.
ජය ✌
naughty
මේක 2016 ආපු යූ ටර්න් එකමද???????
susantha chanaka
hd rip 720p 700mb
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ .............
Praveen
ස්තුතියි මචන්...එනකන් හිටපු ෆිල්ම් එකක්
OshankaNW
එනකල් බලාපොරොත්තුවෙන් හිටිය ෆිලුමක් .
උපසිරැසියට බොහෝම ස්තුතියි ...........
ජයවේවා .......Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Kulanjana Maduranga
subata thanks saho....
Ayesh Prashan
Thank You
geeganagamage
නියම වැඩක් සහෝ බොහොම ස්තුතියි .
andru
ජේන් ජයම වේවා
gayan215
bohoma sthuthi saho...
Dads
කාලෙකට පස්සෙ බලපු සුපිරි කතාවක්.. සබ් එකත් සුපිරි..... ජයවේවා
Chanaka_kasun
Tanks aiya
Lasantharathnasirirox
නියමයි......එළකිරි......tNx.....
muditha gayan
thźźzzźźzź
luon95
Thanks
Asanka Nadishan
thaks machan
Cj
තැන්කුයි වේවා
Shehan putha
thanks bro !
Ravi28
Thank bro
rangika Kariyawasam
තැන්කු අතුලයා.නියමායි.ජය වේවා
Gishee1980
Thanx bro
priyan99
thanks bro sub ekata
Dewadithya
Thanks for Sub!
AsithaDilruwan
ela saho thanks
ManojBro
thanxxxx machn..
Dushan Tharuka
Thanks
lahiru dilshan kulasekara
tnx sahoooo
Su
Thanks saho sub ekata.. :)
Lahiru123
Thanks dear
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අතුල සහෝ.
ජයෙන් ජය.liyanage
ස්තූතියි! ජය වේවා!
AyeshDushmantha
Thank you
lahiru sadaruvan
thank you so much brother
Janith Sachintha
hoya hoya hitiya salaruwak bohoma pin obata
Wicki
Thnks
Anonymous
Mehe karpu u turn eka neh
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sayuru_tharanga
Godak sthuthi saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for sub