ආයුබෝවන් බයිස්කෝප්වාසි මගේ යාළුවනේ ඔන්න ඉක්මනටම 99 වෙනි උපසිරැසිය අරගෙන ආවා. Drama වර්ගීකරණය යටතේ IMDb අගය 5.1 ක් අරගෙන තියෙන ජනප්‍රිය නිළි Jyothika ගේ 50 වන චිත්‍රපටය තමයි ඔයාලට අරගෙන එන්නේ. Era. Saravanan ගේ තිර රචනය හා අධ්‍යක්ෂණයෙන් Suriya සහ Jyothika ගේ නිෂ්පාදනයක් යටතේ ඔක්තොම්බර් මස 14 වන දින…

ආයුබෝවන් බයිස්කෝප්වාසි මගේ යාළුවනේ ඔන්න ඉක්මනටම 99 වෙනි උපසිරැසිය අරගෙන ආවා. Drama වර්ගීකරණය යටතේ IMDb අගය 5.1 ක් අරගෙන තියෙන ජනප්‍රිය නිළි Jyothika ගේ 50 වන චිත්‍රපටය තමයි ඔයාලට අරගෙන එන්නේ. Era. Saravanan ගේ තිර රචනය හා අධ්‍යක්ෂණයෙන් Suriya සහ Jyothika ගේ නිෂ්පාදනයක් යටතේ ඔක්තොම්බර් මස 14 වන දින තිරගත කරන ලද සහෝදර ප්‍රේමය පදනම් කරගෙන නිපද වුවක්, ධාවන කාලය පැය 2 කුත් විනාඩි 17ක්. කතාව ගැන චූටිවට හැදිවීමක් කරන්නම්.
වෛරවන් හා මාතංගි කියන්නේ එක කුස උපන් අයියයි නංගියි. පොඩි කාලේ ඉදන් එකටම හැදිල වැඩිල වෛරවාගෙ කසාදය වුණාට පස්සේ මාතංගිව ඉස්කෝලේ ගුරුවරයෙකුට බන්දල දෙනව. බැදල ගිහින් ටික දවසකින්ම අයියයි අයියගෙ බිරිදයි එනව නංගිව බලන්න. අයිය කියනව නෑනට පාලුයි නංගි ගිය දවසේ ඉදන් දෙන්නම ඇවිත් අපිත් එක්කම ගෙදර නවතින්න එන්න කියල, ඉතින් ඒ ආරාධනාව පිළිගන්න මාතංගිගෙ ස්වාමි පුරුෂයා වන ගුරුතුමා මචන් එක්කම වාසය කරන්න එයාලගෙ ගෙදරට යනව. ඔහොම ටික කාලයක් යනකොට වෛරවන්ගේ මතු පරම්පරාව අරගෙන යන්න උරුමක්කාරයෙක් ඕනෙ කියල ගමේ කට්ටියගෙ පෙරැත්තයට බාරයක් වන මාතංගි ඉල්ලන්නේ තමන්ගෙ අයියට දරුවෙක් ලබා දෙන විදියට. කොහොම වුණත් ඒ බාරය පොලියත් එක්කම ලැබුණා වගේ මාතංගිට නිවුන් දරුවන් (දුවෙක් සහ පුතෙක් ) ලැබෙන අතර වෛරවන්ට පුතෙක් ලැබෙනව. එයාල කවුරුද වෙන්න ආස කරන්නෙ අහපුවාම වෛරවන්ගෙ දරුව කියන්නෙ ගුවන් යානා ගැන ඉගෙන ගන්න ආස කරනව කියල, නමුත් මාතංගිගෙ දරුවා කියන්නෙ මාම වගේ වැරදි කරන අයට දඩුවම් දෙන කෙනෙක් වෙනව කියල. නීතියට ගරු කරන කෙනෙක් විදියට ගුරුතුමා මේකට ටිකක් අකමැති, මොකද එයා කැමති නෑ මේ ගහ මරාගන්න දේවල් වලට. කොහොමින් හරි දවසක් ළමයි සෙල්ලම් කරමින් ඉන්නකොට ඇතිවුණ රණ්ඩුවකට ළමයෙක් පස්සෙන් පන්නද්දි දුවන අතරේ මාතංගිගෙ ළමයා වගා ළිදකට වැටෙනවා. එයා පස්සෙන් දුවපු වෛරවන්ගෙ දරුවා මචාව බේරගන්න කියල ඒකට පනිනවා. කොහොමින් හරි මේක දකින මාතංගි දරුවන්ව බේරගන්න ළිදට පැන්නත්, බේරගන්න වෙන්නේ අයියගෙ දරුවා විතරයි. හිතා මතාම තමන්ගේ දරුවා කැප කරලා අයියගෙ දරුවව බේරගන්නවා. මේ සිද්ධියත් එක්ක අයියගෙ පවුලයි නංගිගෙ පවුලයි විරසක වෙනවා. ඉතින් ඊට පස්සේ අවුරුදු 15කට පස්සේ වෙන සිද්දි දාමය බලන්න ඔයාලට ආරාධනා කරමින් ඉක්මනින්ම 100ක් ගහන්න බලාපොරොත්තු වෙනවා.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
2,847 downloadsDownload Udanpirappe-2021.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
20 comments
Nimal
oshanda
ස්තූතියි සහෝ... ඊළග එක බලන්නකො
Kushan
Sub akta thanks
Samith
Thanks brother
Anonymous
thanks for sub
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Jevan
Thanks machi
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sheron
Thanks brother
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
තෑන්ක්ස් ඔසා
Idunil weerasinghe
Thanks brother
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Naveen
උපසිරසියට තුති
bunny
Thanks buddy
Vindana
Thankz saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Surya ගේ අලුත් ෆිල්ම් එක jai bhim දෙන්නේ නැතුව ඇයි බන් මේ වගේ ෆිල්ම් දෙන්නේ
සබ් ගොඩ වැඩි වෙන්න ෆිල්ම් දෙන්න එපා බන් රසවිදින්න පුලුවන් ෆිල්ම් දෙන්න බලන්න
අර ලගදි දීපු yogi babu ගේ ෆිලුම එහෙම මහන්සිවෙලා සබ් ගහන්නවත් වටින්නේ නැති ෆිල්ම්