මෙය අලුත් පරපුරේ සිනමා රසිකයන්ට 2021 වර්ෂයේ නිෂ්පාදනය වූ එකක් තරම් නැවුම් ලෙස නරඹන්නට හැකි සිනමාපටයක්. අදාළ වීඩියෝ පටයත් එතරම් අලුත් තත්වයේ එකක්. ඔයාලා මීට පෙර චීනයේ දකුණු දිග ප්‍රදේශයේ හොංකොන් හි යුවලකට දාව ඇමරිකා එක්සත් ජනපදයේදී උපත ලැබූ “බෲස් ලී” නම් වූ ඒ ලොව අසාමාන්‍ය හැකියාවකින් යුක්තවූ කරාතේ…

මෙය අලුත් පරපුරේ සිනමා රසිකයන්ට 2021 වර්ෂයේ නිෂ්පාදනය වූ එකක් තරම් නැවුම් ලෙස නරඹන්නට හැකි සිනමාපටයක්. අදාළ වීඩියෝ පටයත් එතරම් අලුත් තත්වයේ එකක්. ඔයාලා මීට පෙර චීනයේ දකුණු දිග ප්‍රදේශයේ හොංකොන් හි යුවලකට දාව ඇමරිකා එක්සත් ජනපදයේදී උපත ලැබූ “බෲස් ලී” නම් වූ ඒ ලොව අසාමාන්‍ය හැකියාවකින් යුක්තවූ කරාතේ සටන් ශිල්පියාගේ සිනමාපට නරඹලා ඇති. මේ ඔහුගේ පුත්‍රයා වූ බ්‍රැන්ඩන් ලී රඟපෑ පළමු සිනමාපටයයි. රඟපෑම් අතරතුර 1993 මාර්තු 31 දින ඇමරිකා එක්සත් ජනපදයේදී අත් වැරදීමකින් සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු විසි අටේදී ඔහු අවාසනාවන්ත ලෙස මියගියා. බෲස් ලී හදිසියේ මියගියෙත් එවැනි වයස 32 ක් පමණ වන අඩු ආයුෂ කාලයකදීයි.

බ්‍රැන්ඩන් ලීගේ සිනමා දිවිය තුළ රඟපෑමට හැකිවූයේ සිනමාපට හතරක පමණයි. ඒවා නම්, Legacy of Rage (1986), Laser Mission (1989), Rapid Fire (1992), The Crow (1994) යන සිනමාපටයි. ඔහු මරණයට පත් වූයේ The Crow (1994) සිනමාපටයේ රූ ගත කළ දර්ශනයක් අතර වාරයේදීයි. ඒ මාරාන්තික දර්ශනයේදී, අඩි දොළහක පමණ දුර සිට ඔහුට රිවෝල්වරයකින් වෙඩි තබා ඇත. බ්‍රැන්ඩන් ලී ට වෙඩි තැබුවාට පසුව ඔහු ඇද වැටී ඇත්තේ නියමිත පරිදි ඉදිරියට නොව පසුපසටය. අධ්‍යක්ෂකවරයා “කට්” කී විට, ලී නැඟී නොසිටි අතර කාර්ය මණ්ඩලය සිතුවේ ඔහු විහිළුවක් කරන බවයි. පසුව පරීක්‍ෂා කළ විට දැක් ඇත්තේ ලී සිහිසුන්ව ඇති බවයි. මේ මාරාන්තික තුවාල ලැබූ දර්ශන සියල්ලම පාහේ රූගත වී ඇති අතර ඇමරිකාවේ, උතුරු කැරොලිනාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ලී වහා ගෙන යනු ලැබීය. ඔහුව බේරා ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වූ අතර පැය හයක හදිසි ශල්‍යකර්මයකින් පසු එදිනම ලී මිය ගිය බව ප්‍රකාශ විය. මෙම වෙඩි තැබීම නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවූ අනතුරක් බවට තීරණය විය. ලී ගේ මරණයද ඔහුගේ පියාගේ මරණයට සමාන කුමන්ත්‍රණයක් ලෙසටද සැකයට භාජනය විය. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හි, ලේක් වීව් සුසාන භූමියේදී ලීගේ දේහය, ඔහුගේ පියාගේ සොහොන් ස්මාරකය අසලම තැන්පත් කරන ලදී. 1993 අගෝස්තු මාසයේදී, ලීගේ මව, ලින්ඩා විසින් තම පුතාගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත්කම හේතුව ලෙස දක්වා, චිත්‍රපට නිෂ්පාදකයින්ට එරෙහිව නඩුවක් ගොනු කළාය. මෙම නඩුව මාස දෙකකට පසුව සමාජයට හෙළි නොකළ කොන්දේසි යටතේ සමථයකට පත් විය.

මෙම සිනමාපටයේ පටන් ගැන්ම වන්නේ “බ්‍රැන්ඩන්” සහ ඔහුගේ පෙම්වතිය වන “මේ” අවන්හලක සේවය කරන තරුණ යුවලකි. බ්‍රැන්ඩන්ගේ හොඳම මිතුරා වන්නේ මයිකල් නම් කඩවසම් තරුණයාය. ඔහුගේ පියා මිනීමරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහුට රජයේ මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කීප දෙනෙක් කප්පම් ගනිමින් මේ කාර්යයට උදවු කරයි. මයිකල්ද “මේ”ට ආදරය කරන අතර බ්‍රැන්ඩන්ව ඇගෙන් වෙන් කිරීමට ඔහු සැලසුම් කරයි. ඒ අනුව බ්‍රැන්ඩන්ව උපායශීලීව, ඔහු නොකළ මිනී මැරුමකට වරදකරු කර සිරගෙට යවයි. මෙතැන් සිට ගැටළු රාශියක් පැන නඟියි. ඔබට ඉතාමත් කුතුහලයකින් නැරඹිය හැකි සිනමාපටයකි. මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කිරීමට බොහෝවිට තෝරාගන්නේ මෙවැනි සිනමාපටයි. ඒ අනුව, The Hole, The Cassandra Crossing, The Housemaid, The Bicycle Thief එවැනි සිනමාපටයි. ඒවාද ඔබට නරඹන්නට ආරාධනා කරනවා.

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා හින්දි නොවන වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. ඔහු මා විසින් සිංහල උපසිරසි ලබාදුන් ලොව හොඳම සිනමාපට සියය තුළ තිබූ “බයිසිකල් තීෆ්” සහ “ද හවුස් මේඩ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්” යන සිනමාපට අගය කරලා තිබුණා. මෙයත් ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. එමෙන්ම මෙය මා ඉතාම කුතුහලයෙන් නැරඹු සිනමාපටයක්. මාස දෙකක් තුළ මා මෙය දෙවරක් නැරඹුවා, තුන්වන වාරයේ නරඹමින් උපසිරසි සැකසීම සිදුකළා. වර්තමානයේ පරිගණක මායාවලින් පිරී ඇති ප්‍රවේගකාරී සිනමාපට පමණක් නැරඹීමට පමණක් හුරුවී ඇති කෙනෙක් වුවත් මෙම සිනමාපටය විනාඩි දහයක් නොකඩවා නැරඹුවාහොත් එහි අවසානය දක්වා නැරඹීමට යොමුවෙනවා. අන්තර්ජාලයේ yts වෙබ් අඩවියේ blue ray වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Blue Ray පිටපත් සඳහා ගැලපේ.

2,353 downloadsDownload Legacy-Of-Rage-1986.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

2,353 downloadsDownload Subtitles29 KB

19 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරසියට මෙන්ම, ඔබේ ලිපියටද බොහොම ස්තූතියි

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Priyantha Dayakeerthi

    මියගිය බ්‍රෙන්ඩන් ලීට වෙඩි වැදෙන The crow ෆිල්ම් එක "යුරාන් ධනුක" සොයුරා විසින් මීට පෙර සිංහල සබ් කරලා මේ වෙබ් එකේ තිබෙනවා.

  4. kavinda gamage

    ගොඩාක් ස්තුතියි මේ සුපිරි ට්වි සිරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට

  5. W T Ajith

    බෲස් ලීගේ සියලු ෆිල්ම් බලලා තිබෙනවා. ඔහුට පුතෙක් සහ දුවෙක් සිටියා. ඔහුගේ පුතා මියගිය බව දන්නවා. මෙය අනිවාර්යයෙන් බලනවා. ඔබට ස්තුතියි.....

  6. D P Gamage

    I know this movie. It is also very valuable, thank you for that!

  7. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි
    ගොඩක් වටින ෆිල්ම් එකක්

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  9. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි විතානගේ මහත්මයා.

    මෙවැනි පැරණි හින්දි නොවන විදෙස් චිත්‍රපට හැකි අයුරින් උපසිරැසි කරන මෙන් ඉල්ලමි. හැකිනම් AFI හොදම ඇමෙරිකානු චිත්‍රපට ලැයිස්තුවේ ඇති පැරණි චිත්‍රපට ඉද හිටලා හෝ උපසිරැසි කරන මෙන් ඉල්ලමි.

    M - 1931 විශිෂ්ට චිත්‍රපටය සඳහා ද උපසිරැසි බලාපොරොත්තු වෙමි.

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ලිපියත් ලස්සනට ලියල තියෙනවා.. මේ වගේ අපේ ඇස නොගැටුනු ෆිල්ම්වලට සබ්දෙනවට නැවත නැවතත් බොහෝම ස්තූතියි...

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Deegayu Abeysekera

    thanks mr priyantha !

    puluwanam brendon ge rapid fire 1992 sub denna.

  14. Dhanushka

    Thanks Good work

  15. Prasad

    ගොඩක් ස්තූතියි sub එකට

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Dewadithya

    Thanks for Sub!

  18. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සොයුර ඔබට..නිති ජය...

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!