මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්…

මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්දී ස්පයිඩර්-මෑන් යුනිවර්ස් එකට සම්බන්ධ චිත්‍රපට තුනක් නිකුත් කරලා තියෙනවා වගේම තවත් දෙකක්ම ලබන වසරේ නිකුත් කරන්න ලැස්ති වෙනවා. ඉතිං අද අරගෙන එන්නෙ SONY ආයතනයයටතේම 2018 වසරේදී නිකුත් කල Venom චිත්‍රපටයෙ දෙවැන්න Venom: Let There Be Carnage චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි.
සිම්බියෝට්ලා කියන්නෙ කවුද, මොන විදිහේ වර්ගයක්ද කියන එකට අදහසක් ලබාදෙමින් තමයි මුල් චිත්‍රපටය නිකුත් කලේ. විටෙක වීරයෙක් වගේම තවත් විටක දුෂ්ටයෙක් කියන ප්‍රතිරූප දෙකම තියෙන ‘වෙනම්’ ඇන්ටි-හීරො චරිතය පාදක කරගෙන තමයි මුල් චිත්‍රපටය ගොඩනැගුනෙ. කාල්ටන් ඩ්‍රේක් විසින් ගොඩනගපු ලයිෆ් ෆවුන්ඩේෂන් එකේදී සමහර සිම්බියෝට්ලා එකතුවෙන්න ගිය ධාකරයො, එහෙම නැත්තම් මිනිස්සු එක්කම මැරිලා ගියා අත්හදාබැලීම් කරන අතරතුරේ. ඩ්‍රේක්ගෙ වැඩ වලට අකමැති නිසා එයාගෙ ලයිෆ් ෆවුන්ඩේෂන් එකේම විද්‍යඥවරියක් මේ හැම තොරතුරක්ම පිටපත ලබාදෙනවා. ඒ වෙන කාටවත් නෙවෙයි ‘එඩි බ්‍රෝක්’ කියන පුවත්පත් වාර්තාකරුවට. ඩ්‍රේක්ගෙ වැඩ ගැන හොයන්න යන එඩිට තමයි වෙනම් කියන සිම්බියෝට් ඇතුල්වෙලා ස්ථාවර විදිහට ඉන්නෙත්. සටන් කිහිපයක් අතරතුර එඩිගෙ හිටිය පෙම්වතිය ඈන්ටත් වෙනම් ඇතුල් වෙලා තප්පර කිහිපයකට ශී- වෙනම් කියන චරිතයත් දැකගන්න ලැබුනා.
මේ අතරේ රයට් කියන චිත්‍රපටය පටන් ගැන්ම තුලදීම පැනගන්න සිම්බියෝට් ඩ්‍රේක්ට ඇතුල් වෙලා මේ දෙන්නට දෙන්නා එකග වෙනවා ඉතුරු සිම්බියෝට්ලා ටිකත් හොයාගෙන ඒ අයවත් පෘතුවියට ගේන්න. මේ දේ දැනගත්තයින් පස්සෙ ඩ්‍රේක් (රයට්) ගමන් කරන්න සූදානම් වෙච්ච යානය විනාශ කරවලා සිම්බියෝට් වගේම ධාරකයවත් මැරිලා යනවා. නැවත වතාවක් පුවත්පත් වාර්තාකරණයට එකතු වෙන එඩිට අවස්ථාවක් ලැබෙනවා ක්ලිටස් කැසඩි කියන දාමරික ඝාතකයා ඉන්න හිර ගෙදරට ගිහිල්ලා පත්තරේට සම්මුඛ සාකච්ච්ජාවක් කරන්න. කතාබහ අවසානෙදි ක්ලිටස් පොරොන්දු වුනා එයා හිරෙන් පැන්නහම කානේජ් ඇතිවෙනවා කියලා. මෙතන කානේජ් අදහස් කලේ දරුණු මිනිමැරුම් ගොඩක් වුනාට දෙවැනි චිත්‍රපටයට ‘කානේජ්’ කියන චරිතය එකතු වීමයි එතනදී තහවුරු කලේ.
IMDb 6.7/10ක් ලබා ගනිමින් ලොවපුරා සමස්ථ ආදායම විදිහට ඇ.ඩො.මි. 856ක් උපයාගන්න මුල් චිත්‍රපටය සමත් වෙනවා.
S O N Y’s S P I D E R-M A N U N I V E R S E
මේ වෙද්දී චිත්‍රපට එකතුවකින් සමන්විත වන විශ්වයන් හදුන්වන්න MCU, DCEU වගෙ නම් තිබුනත් SONY ආයතනය Venom චිත්‍රපටයෙන් ආරම්භ කරපු විශ්වයට හරිහමං නමක් මෑතක් වෙනකල්ම තිබුනෙ නැහැ. මෙතෙක් නිකුත් වෙච්ච Venom, Spider-Man: Into the Spider-Verse, Venom: Let There Be Carnage වගේම ලබන වසරේදී නිකුත් වීමට නියමිත Morbius, Spider-Man: Into the Spider-Verse 2 චිත්‍රපට ඇතුලත් වෙන විශ්වයත් නිල නමකින් හදුන්වන්න SONY ආයතනය තීරණය කරනවා “Sony’s Spider-Man Universe ” (SSU) නමින්. මීට කලිනුත් නම් කිහිපයකින්ම හැදින්වූවත් ඒ මුල් කාලින නම්වල නොගැලපීම්, විවේචනය වීම් නිසා තමයි “Sony’s Spider-Man Universe” විදිහට මේ වසරේ අගෝස්තු මාසයේදී නම් කරන්නෙ.
ඉතිං අදටත් ස්පයිඩර්-මෑන් හා සම්බන්ධ සම්පූර්ණ මාවල් චරිත 900කම ගිමිකාරිත්වය දරන SONY ආයතනය ලේසියෙන් පටන් ගත්ත වැඩේ අතහරින එකක් නැහැ කියලා විශ්වාස කරන්න පුලුවන් ඔවුන්ගෙ මේ වැඩ දිහා බලපුවාම.
කොමික් පසුබිම
චරිතේ හැදුනේ කොහොමද?
මාවල් කොමික් හරහා වෙනම්ගෙ චරිතය හදුන්වාදීමත් එක්ක මේ චරිතය සෑහෙන ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි කානේජ් (Carnage) කියන චරිතය නිර්මාණය වෙන්නෙ. David Michelinie, Mark Bagley දෙදෙනා යටතේ නිර්මාණය වෙන මේ චරිතය මුලින්ම කැමියො එකක් එහෙම නැත්තම් පුංචි මුහුණුවරක් විදිහට ගෙන එන්නෙ 1992 පෙබරවාරි මාසයේදී නිකුත් වූ The Amazing Spider-Man 359 වැනි කොමික් කලාපය හරහා. ඒවගේම සම්පූර්ණ මුහුණුවර රැගත් කානේජ්ව දැකගන්න ලැබෙන්නෙ 1992 වසරේ අප්‍රේල් මාසයේදී නිකුත් වූ The Amazing Spider-Man 360 වැනි කොමික් කලාපය හරහා.
කානේජ් (Carnage) නමින් හදුන්වාදීමක් සිදුවෙන්න කලින් මාවල් කොමික් වලින් මේ චරිතය හදුන්වාදෙන්න තීරණය කරපු නම් කිහිපයක්ම තියෙනවා. මුල්ම නම තමයි ‘Chaos’ කියන්නෙ. මේ නම චරිතයෙ ප්‍රතිරූපයට ගැලපුනත් නැවත වතාවක් නම වෙනස් වෙනවා ‘Ravage’ විදිහට. ඒත් මේ වතාවේ රැවේජ කිව්වම සුපිරි (විලන්) දුෂ්ටයෙකුගෙ ගතියක් මතු වෙන්නෙ නැති නිසා මාවල් කොමික් වලින් අවසානෙට තීරණය කරනවා ‘Carnage’ නම යොදාගන්න.
කොමික් පසුබිම
කවුද මේ සිම්බියෝට්ලා කියන්නේ? මේකට පිළිතුර මීට කලින් අරං ආව Venom සම්බන්ධ ලිපියෙන් පැහැදිලි කලා. ඒ නිසා කානේජ් ගැන කියවන්න කලින් සිම්බියෝට්ලා ගැන දැනගන්න නම් ඒ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න.
කවුද එතකොට මේ කානේජ් කියන්නේ?
කානේජ් කියන්නෙත් සිම්බියෝට් පවුලෙ ඉන්න දරුණුම හා ශක්තිමත් කෙනෙක්. මෙයාගෙ ධාරකයා වෙන්නෙ ක්ලිටස් කැසඩි. ක්ලීටස් කියන්නෙ සෑහෙන දරුණු අපරාධකාරයෙක්. අපරාධ කරන්න මෙයා පෙළඹෙන්නෙත් එයාගෙ ජානමය විදිහට බලපාපු නිසයි. 17’වැනි සියවසේදී කෝ(ර්)ට්ලන්ඩ් කැසඩි කියන්නෙ තාම ආදරවන්තිය වෙච්ච මොලී රේවන්ක්‍රොෆ්ට් එක්ක වෙස්ට්චෙස්ටර් ජනදපයෙ ජීවත් වූ දෙන්නෙක්. වතාවක් මේ මොලීව සිම්බියෝට්ලගෙ දෙවියන් කෙනෙක් විදිහට සලකන ‘නල්’ අදහන පිරිසක් පැහැරගෙන යනවා. මේ අයව හදුන්වන්නෙ ‘The Others’ නමින්. මේ මිනිස්සුන්ගෙ දරුණු බව නිසාම ගම්මු වුනත් කැමති වෙන්නෙ නැහැ මොලීව බේරන්න යන්න.
ඉතිං මේ ගමන තනියම ගිහිල්ලා කෝ(ර්)ට්ලන්ඩ් මොලීව බේරගත්තත් ඒ වෙද්දී ඔහුව ලිවින් ඇබිස් නොහොත් සිම්බියෝට්ලගෙ ග්‍රහණයට ලක් වෙලා ඒ වෙච්ච ආසාදනය නිසා එයා එලියට එන්නෙ වෙනමම පුද්ගලයෙක් වෙලා. මේ විදිහට උමතු වෙච්ච කෝ(ර්)ට්ලන්ඩ් පිස්සුවෙන් වගෙ දොවන්න, දකින දකින අයට බනින්න පටන් අරං අවසානයේදී ඒක නවතින්නෙ ඒ ගමේ හිටිය අට දෙනෙකුත් මරලා දාලා. මේ නිසාම ගම්මු එකතු වෙලා කෝ(ර්)ට්ලන්ඩ්ව එක්තරා තැනක හිර කරලා මෙතන එයාගෙ ආදරවන්තිය වෙච්ච මොලී රේවන්ක්‍රොෆ්ට්ගෙ නමේ අග කොටස එහෙම නැත්තම් රේවන්ක්‍රොෆ්ට් විදිහට හදුන්වනවා.
කාලෙකට පස්සෙ මොලී කෝ(ර්)ට්ලන්ඩ්ව බලන්න ආවහම එයා මොලීව මරලා දාලා එතනින් පැනලා යනවා. මොලීගෙ පරම්පරාවෙන් පැවත එන මුණුබුරෙක් වුන ජෝනාස් (ඩොක්ටර්) රේවන්ක්‍රොෆ්ට් පසුකාලීනව කලින් කෝ(ර්)ට්ලන්ඩ්ව හිර කරලා තිබුණු තැන මනෝචිකිත්සක සහය ලබාදෙන තැනක් ගොඩනගනවා ‘රේවන්ක්‍රොෆ්ට් ආයතනය’ නමින්. පසුකාලිනව ක්ලිටස් කැසඩි ඉපදෙන්නෙත් රේවන්ක්‍රොෆ්ට් කියන ආයතනය ඇතුලෙදිමයි. උපත ලබලා මොහොතකට පස්සෙ එයාගෙ අම්මා මැරෙනවා. මේ නිසාම ක්ලිටස්ව බලාගන්නෙ එයාගෙ ආච්චි විසින්. ඒත් එයාගෙ ආච්චි ක්ලිටස්ව කිහිප විටක්ම අපයෝජනය කරන නිසා, ක්ලිටස් එයාගෙ ආච්චිවත් පඩිපෙළකින් තල්ලු කරලා මරනවා. ඊටපස්සෙ ක්ලිටස්ව හදාවඩා ගන්නෙ රොස්කොව් වගේම ලුවිස් කියන එයාව හදාවඩාගන්න බාරගත්ත ජෝඩුවක්.
ක්ලිටස්ගෙ අලුත් අම්මට හිටිය ‘ෆිෆි’ නම් සුනඛයාවත් ඊටපස්සෙ ක්ලිටස් විසින් වදදීලා මරනවා. මේ නිසාම ක්ලිටස්ට ගහන්න ගත්ත නිසා වැරදීමක් වෙලා එයාගෙ අම්මව (ලුවිස්) අත්වැරදීමක් වෙලා තාත්තාගෙ (රොස්කොව්) අතින් මරණයට ලක් වෙනවා. මේ හැමදේමත් ක්ලිටස් දකිනවා. රොස්කොව්ව අත්අඩංගුවට පත්වෙලා එයාගෙ නඩුව සිද්දවෙන කාලයේදී ක්ලිටස්ව ‘St. Estes Home for Boys’ නම් වූ අනාථ නිවාස පරිශ්‍රයකට බාර දෙනවා. ක්ලිටස්ගෙ නොහොබිනා හැසිරීම් නිසා මේක ඇතුලදීත් එයා සෑහෙන අඩම්තේට්ටමට ලක් වෙනවා. මේ කාලය අතරතුරම ක්ලිටස් හිතින් ආදරේ කරන්න ගත්ත ගෑණු ළමයත් ක්ලිටස්ව ප්‍රතික්ෂේප කරපු නිසා ඇයව බස් එකකට හැප්පිලා මැරෙන්න තල්ලු කරලා පස්සෙ තමන්ට වද දීපු අනාථ නිවසේ ළමයි ටිකයි, එතන බාරව හිටිය කාන්තාවයි මරලා දාලා ‘St. Estes Home for Boys’ තැනට ගිණි තියනවා. කාලයත් එක්ක ක්ලිටස් දරුණු අපරාධකාරයෙක් වෙලා හිරගත නොකර පාලානය කරන්නම බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා.
කානේජ් බවට පත්වෙන්නෙ කොහොමද?
තරුණ අවධිය වෙද්දී දාමරික මිනිමරුවෙක් වෙන ක්ලිටස්ව අන්තිමේදී සිරගත වෙනවා රයිකර්ස් අයිලන්ඩ් සිරගෙදර. මේ කාලයේ ස්ටයික්ස් සමග සටන් කරපු වෙනම් මරණයට ලක් වුනා කියලා විශ්වාස කරපු එඩි බ්‍රෝක්ටත් සිරගත වෙන්න සිද්දවුනා ඒ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට. එඩිට හමබෙන්නෙත් ක්ලිටස් හිටිය සිර මැදිරියෙම ඉන්න. එකම තැනකට වැටුනට පස්සෙ ක්ලිටස් හා එඩි දෙන්නා අතරේ ප්‍රශ්න මතුවෙලා මේ දෙන්නා නිතරම ගහගත්තා. මේ නිසාම ක්ලිටස් තීරණය කරනවා එක්තරා රෑක එඩිව මරන්න ඕන කියලා. ඒත් ක්ලිටස්ට ඒ අවස්ථාව ඒ මොහොතෙ ලැබෙන්නෙ නැහැ. මොකද මැරුණා කියලා හිතාගෙන හිටිය වෙනම් නැවත වතාවක් එඩි හිටිය දිහාවටම ඇවිල්ලා එඩිට ආයෙ එකතු වෙලා ස්පයිඩර්-මෑන්ගෙන් පලිගන්න අරමුණින් හිරෙන් පැනලා ගියා. හැබැයි වෙනම් එඩිව බේරගන්න එද්දී වෙනම් එයා ගැබ්ගෙන හිටියෙ.

මේ විදිහේ දෙයක් වෙද්දී ඇතුලත පෙනන විදිහ
ඔව්, ගැබ්ගෙන තමයි. කොමික් වලට අනුව, කාලයකට වතාවක් සිම්බියෝට්ලගේ ඇග ඇතුලෙ තමයි මේ විදිහෙ අපූරු දෙයක් සිද්දවෙන්නෙ. වෙනම්ගෙන් බිහිවෙච්ච පැටව් එහෙම නැත්තම් වෙනත් සිම්බියෝට්ලා හය දෙනෙක් ඉන්නවා. ඒ කානේජ්, ස්ක්‍රිම්, ලෑෂර්, ෆේජ්, ඇගනී හා රයට් කියලා.
Venom මුල් චිත්‍රපටයෙදී මේක පොඩ්ඩක් වෙනස් වෙනවා රයට් කියන්නෙ වෙනම්ගෙ නායකයා විදිහට හදුන්වන කෙනකේ කියලා. මේ ලිපිය ලියන්නෙ Venom: Let There Be Carnage එහෙම නැත්තම් දෙවන Venom චිත්‍රපටය නොබලා නිසා තවත් බොහොමයක් දේවල් චිත්‍රපටය ඇතුලෙ වෙනස් වෙලා තියෙන්න පුලුවන්.

කානේජ් සිම්බියෝට් ක්ලිටස් හට සම්බන්ධ වීම
එඩිව බේරගන්න එන වෙලාවේ වෙනම්ගෙ ඇගෙ නිර්මාණය වෙලා හිටිය අලුත් සිම්බියෝට් අර එඩි, ක්ලිටස් දෙන්නා හිටිය සිර කුටියෙ අලුත උපන් සිම්බියෝට්ව හැලිලා ආසන්නයේම තියෙන ධාරකයා එහෙම නැත්තම් ක්ලිටස්ට සම්බන්ධ වෙන්න උත්සහ කරනවා. ඔහුගෙ අත හරහා ගමන් කරලා මුලින්ම ලේ වලට සම්බන්ධ වෙලා අවසානෙදි මෙතෙක් නිර්මාණය වූ ඝාතක යන්ත්‍රය ‘කානේජ්ව’ නිර්මාණය වෙනවා. එතනින් පස්සෙ මාස ගණනාවක්ම මිනි මරමින් ඒ මරපු අයගෙ ලේ වලින් ‘Carnage Rules’ එහෙම නැත්තම් මේ ඝාතනය කිරීම් වලට තමන් විශිෂ්ටයි යන අදහස ඉතීරි කරමින් ගිහින් තියෙනවා.
ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>
V E N O M L E T T H E R E B E C A R N A G E
Tom DeFalco, J.M. DeMatteis, Terry Kavanagh, David Michelinie යන අයගෙ එකතුවෙන් ගොඩනැගුනු යන 1993 මැයි කාලයේ සිට අගෝස්තු දක්වා කොටස් 14 ඔස්සේ ප්‍රකාශනය වුනු Maximum Carnage චිත්‍ර කතාව තමයි Venom: Let There Be Carnage චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේක සිම්බියෝට්ලා විතරක් සම්බන්ධ වෙන කතාවක් නම් නෙවෙයි. සුපර්හීරෝලා ගණනාවක්ම එකට එක්කාසු කරලා නිර්මාණය වුන ක්‍රොස්ඕවර් කොමික් එකක්. කානේජ්ගෙ ප්‍රධාන කතාව ගොඩනගන්න මේ කතාව පාදක වෙද්දී මීට අමතරව 1994 වසරේදී විකාශය වූ Spider-Man ඇනිමේෂන් කතාමාලාවත් වගේම මේ කතාමාලාව ඇසුරින් නිර්මාණය වූ The Venom Saga නම් චිත්‍ර කතාවත් පාදක කරගෙන තමයි අද අරගෙන එන චිත්‍රපටයෙ කතාව ගොඩනැගිලා තියෙන්නෙ.
අධ්‍යක්ෂකවරයෙකුට වඩා රංගන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයක් උසුලන Andy Serkis විසින් තමයි මේ වතාවේ දෙවැනි Venom සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2021 අගෝස්තු 01’වැනිදා නිකුත් වුන මේ සිනමාපටය හරහා මුල් සිනමාපට ද්විත්වය හරහා දකින්න ලැබුණු මුහුණු අතරින් Tom Hardy, Michelle Williams, Woody Harrelson, Reid Scott යන අය විතරයි මේ වතාවේ දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම පසුගිය චිත්‍රපටයෙ එඩි බ්‍රෝක්ගෙ චරිතය රගදක්වලා වෙනම්ගෙ චරිතයට හඩකැවීම් කල ටොම් හාඩ් මේ වතාවෙදි Kelly Marcel සමග මේ චිත්‍රපටයෙ පිටපත සහය රචනයටද එක් වී තිබෙනවා. මේ සිනමාපටය සදහා IMDb දර්ශකයේ 6.5/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඇ.ඩො.මි. 110 කින් නිර්මාණය වුන මේ සිනමාපටය 2021 ඔක්තෝබර් 11 වෙද්දී ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇ.ඩො.මි. 427ක මුදලක් උපයා ගන්නට සමත් වෙලා තියෙනවා.
- COVID-19 වසංගතය නිසා සිනමාශාලා වසා දමා නැවත විවෘත කල පසුව වැඩිම ආදායම් වාර්තාවක් හිමි කරගත් චිත්‍රපටය බවට පත්වනවා. ඒ ඇ.ඩො.මි. 90ක මුදලක් පලු සතිඅන්තය අවසන් වනවිට උපයමින්.
- එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්‍රපට දර්ශකය තුල 63’වැනි තැන ලබාගන්න Venom: Let There Be Carnage චිත්‍රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.
- 2021 වසර තුල වැඩිම ආදායමක් සටහන් වූ චිත්‍රපට දර්ශකයෙ, හොදම 10 අතරේ අටවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා. ඒ මේ වනවිට ඇ.ඩො.මි. 404ක මුදලක් උපයමින්. හත්වැනි තැනට තියෙන්නෙ ඇ.ඩො. මි. 427ක් සටහන් කෙරු Shang-Chi and the Legend of the Ten Rings මාවල් සිනමාපටයයි. එහි ආදායම් වාර්තා අභිබවා යෑමට ලොකු ඉඩකඩක් වෙනම් දෙවන චිත්‍රපටයට තියෙනවා.
ඊළගට චිත්‍රපටය තව තවත් අලංකාර කරන පසුබිම් සංගීත කටයුතු සදහා මේ වතාවේ දායක වෙලා තියෙන්නේ Logan (2017) චිත්‍රපටයේ පසුබිම් සංගීත යෙදු Marco Beltrami මේ චිත්‍රපටයෙ කටයුතු සදහාද දායක වෙලා තියෙනවා. සංගීතය ගැන කතා කරද්දී තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඕනෑම චිත්‍රපටයක් වෙනුවෙන් ලස්සන ගීත ටිකක් එක්කාසු කිරීම චිත්‍රපටයට ලොකු දායකත්වයක් ලබාදෙනවා. ඉතින් වෙනම් මුල් චිත්‍රපටය වෙනුවෙන් “Venom” නම් ප්‍රධාන ගීතය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රසිද්ධ රැප් සංගීත වේදියෙකු, ගීත රචකයකු වන එමිනෙම්ය. මේ වතාවෙදිත් එමිනෙම් සහය දායකත්වය ලබාදෙන්නෙ Aquaman, Fifty Shades of Grey වැනි ජනප්‍රිය චිත්‍රපට වෙනුවෙන් ප්‍රධාන ගීත ගායනා කල Skylar Grey සමගයි. මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ ‘Last One Standing’ ගීතය මේ වන විට මිලියන 8.3ක අධික සංඛයාවක් ගීතය යූටියුබ් තුල නරඹා තිබෙනවා.
කානේජ් කියන්නෙ පණ තියෙන ඝාතක යන්ත්‍රයකට සමාන වුනත් දෙවන වතාවටත් චිත්‍රපටය R-Rated චිත්‍රපටයක් වෙනුවට PG-13 චිත්‍රපටයක් විදිහටයි නිර්මාණය වී නිකුත් වෙන්නෙ. ඒ MCU චිත්‍රපට මෙන් සාර්ථකත්වයක් ලබාගැනීමට දරපු උත්සහයක් විදිහටයි. කොටින්ම චිත්‍රපටයෙ නිකුත් කිරීම 2022 වනතාක් කල් දාන්න ඔන්න මෙන්න තිබිලා Shang-Chi and the Legend of the Ten Rings මාවල් සිනමාපටය ලබාගත් සාර්ථකත්වය නිසාමයි මේ චිත්‍රපටය මේ වසර ඇතුලත නිකුත් වුනේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ චිත්‍රපටය අවසන් වෙද්දීම නවත්තන්නෙ නැතුව බලන්න. මොකද හරිම මුල් කතාව නොදී නිර්මාණය වුන වෙනම්-එඩිගෙ කතාව හරියටම සම්පූර්ණ කරගන්න අවශ්‍ය අඩිතාලම දාලා දෙන්නෙ මේ චිත්‍රපටයෙ අවසානෙදි දකින්න ලැබෙන පසු දර්ශන (පෝස්ට් ක්‍රෙඩිට්) වලින්. මතකතියාගන්න ඒ හැමදේටම ස්තුතියක් ලැබෙනවනම් ලැබෙන්න ඕන සිල්විට හා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට! 😜
දැන් ඉතින් මේ කියෙව්වා මදැයි නේද?! මේ සිනමාපටයත් නරඹන්න ආරාධනා කරමින් මම එහෙනම් මෙතනින් නවතිනවා. ගිහින් එන්නම්. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
64,574 downloadsDownload Venom-Let-There-Be-Carnage-2021-Blu-Ray.zip174 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2021
- #Box Office Hits
- #Marvel
- #Marvel Comics
- #Michelle Williams
- #Must Watch
- #Naomie Harris
- #Offbeat
- #Peggy Lu
- #Reid Scott
- #Rob Bowen
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen Graham
- #Tom Hardy
- #Venom
- #Woody Harrelson
- #You Decide
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
101 comments
CF
මයිකි
තැන්ක්ස් හදිසි නිසා බලනවා. සබ් එකට සහා ලිපියට බොහොම ස්තුතියි
Pushpajeewa
Thankz machan
Pushpajeewa
apex ekata sub nadda
Dilana
thanks a lot
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි චාමර සහෝ
Mawan Geethanjana
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ❤
tharidu16
mechchara kal hitapu eke ehenam innamko
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Binaa
Thanks for sub.how i became a super hero එකේ සබ් ඕනා
tharanka
thanks for sub!.. Shang-Chi and the Legend of the Ten Rings set une nadda thama. me film eka awe ekata passe ne?
Anonymous
thanks sago
Malith
Thanks sub ekt❤️ web ek awm blnw
charith
සබ් එකට ස්තුතියි..වේබ් එක ආවම බලනවා..අනිවා අප්ඩේට් එකක් ඔනා
kusal
Thanks sub ekata.
FINCH 2021 sub dennako
shevin
Thanks for the subtitle
Anonymous
Thanx sub ekatai post ekatai
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Webrip එකවත් එනකම් ඉන්නවා.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Indunilharishchandra
Supiri tama thanks bro
name
a cinderella story starstuck (2021)
ee film ektth sub dennkoooo..........
Anonymous
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරේ මොන වෙබ්සයිට් එකෙන් ද හොයා ගන්න නෑනේ
Anonymous
Baiscoepdownloads එකට ගිහිල්ල බලන්න
Sheron
Thanks brother
Anonymous
Sounds nane
Anonymous
Sounds nah
dinuka
saho poddak kiyanawada film ekaka web bluray realese wena dwasa hriytm danagnne kohomada kiyala
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!tharusha abishek
november 23 venakam innawa bro.orginal eka danno
ශලිනි මල්ෂා
❤️❤️❤️❤️❤️
Dinal
Niyamayi bro ලිපියනම් මරු
Thilinda Randeera
දිගටම දිගටම
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Waruna
Eka copy ekaka wath audio play venne na
Naveen
උපසිරසියට තුති
Anonymous
Pawan Thisara Madhu
Thanks!
Anonymous
Thank You
indika 75
thanks..
Ishan
Great..
දිනිත්
ඇයි සිල්විටයි , ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට ස්තුතිය ලබෙන්න ඕනෙ කියන්නේ?
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Thanks for sub
uditha
Apex movie eke sub nedda
UDARA DAMITH
APDET EKA AAWAMAMA BALANAWA
නුවන්
මේ ෆිල්ම් එක කොච්චර වෙලා තියෙනවද බං.
Domindu
Marvel akee man thing movie eke subtitles add karannakoo .plz
Ranga
Thanks
Anonymous
මෙක ගන්න link එකක් එවන්ඩකො gb3k ගියා film තුනෙම sound එක නැ please help me
Yehan
0710425804 telegram mg ekk dnna
Anonymous
Thx buddy... We always love you but the world doesnt know it
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie





tnq film eka apu gamanma sub dammata