එක දිගට ළමා චිත්‍රපටි උස්සන් ඇවිත් ඇවිත් මේ වතාවේ සුප්පා ඇක්ෂන් එකක් උස්සගෙන ආවා.චිත්‍රපටියේ නම තමයි ‘Undercover Grandpa’ එහෙමත් නැත්තම් ‘මහදැනමුත්තයි ගෝල මුණුබුරයි’.කලින් වතාවේ උපසිරසියෙන් මේ උපසිරැසි දිවියට සමු දෙන්න හිතුණත් බයිස්කෝප් රසික ඉල්ලීම මත නැවත වරක් අවසාන උපසිරැසිය විදියට මේක අරන් ආවා.අ…

එක දිගට ළමා චිත්‍රපටි උස්සන් ඇවිත් ඇවිත් මේ වතාවේ සුප්පා ඇක්ෂන් එකක් උස්සගෙන ආවා.චිත්‍රපටියේ නම තමයි ‘Undercover Grandpa’ එහෙමත් නැත්තම් ‘මහදැනමුත්තයි ගෝල මුණුබුරයි’.කලින් වතාවේ උපසිරසියෙන් මේ උපසිරැසි දිවියට සමු දෙන්න හිතුණත් බයිස්කෝප් රසික ඉල්ලීම මත නැවත වරක් අවසාන උපසිරැසිය විදියට මේක අරන් ආවා.අධ්‍යාපන කටයුතු වෙත යොමු විය යුතු නිසා තමයි සමූ දීමක් කරන්නේ ඒවා අවසන්වූ වහාම නැවත බයිස්කෝප් එකට දුවගෙන එනවාමයි. No promise 🙂 හරිද?ගොඩාක් අය කියනවා අපිට කඩ්ඩ බෑනේ ඉතින් ඔයාලා නැත්තම් අපි ඉවරයි කියලා.ඉතින් කඩ්ඩ බැරි පුලුවන් හැමෝම දන්න සිංහලෙන් චිත්‍රපටි බලන්න ඕන වුණාම බයිස්කෝප් එකට තමයි දුවගෙන එන්නේ.
ඒ වගේම කියන්න ඕන තාමත් මෙහෙම වෙබ් සයිට් එකක් තියෙනවා කියලාවත් දන්නේ නැති පිරිසක් ලංකාවේ ඉන්නවා.ඔන්න එක ක්ලාස් එකකදි මට ඇහුණා කෙනෙක් කියනවා…… ‘කෝ මේකේ සිංහල සබ්ටයිට්ල් නෑනේ?’ අනික් කෙනා කිව්වා ‘ඈ ඒ මොකක්ද?’ අනිකා ‘ඇයි බන් අර තියෙන්නේ’ අනිකා ‘කොහෙන්ද ගන්නේ?’ එතකොට අනිකා ‘ඇයි අර බයිස්කෝප් එකෙන්’ එතකොට අනිත් කෙනා.. ‘අම්මටහුඩු මම එහෙම සින් එකක් දන්නේ නෑනේ’ ඔන්න ඔහොම්මම කිව්වා…දෙයියනේ ඔහොම අයට සානූකම්පා කරලා ‘’ඇයි ලංකාවේ නෙමෙයිද ඉන්නේ’’ අහන්න ඕන.ඔව්වා අපිට අදාළම නෑනේ.කතාවට බහිමුකෝ.!
“ඔයාලා හිතනවටත් වඩා ලෝකය තර්ජන වලට මූණ දෙනවා.ඒත් රජය සතුව රහස් ආයුධයක් තියෙනවා”. ඔන්න ඔහොමයි මේකේ Trailer එක පටන් ගන්නේ.ඉතින් මේ රජය සතු රහස් ආයුධය වෙන මොකක්වත් නෙමේ.මෙයා රහසිගත නියෝජිතයෙක්.නිකන්ම කෙනෙකුත් නෙමෙයි ඉතින්..Going in Style වගේම තමයි.Never Gets Old.මේකේ පූර්ව ප්‍රචාරක පටය බලද්දි නම් කම්මැලි හිතුණට ෆිල්ම් එක ටික ටික බලද්දි තමයි කුතුහලේ දනවන සුපිරි සුපිරි වැඩ ටික වෙන්නේ.
හැමදාම කියනවා වගේ අදත් කියනවා කිසිම විදියකින් ඉංග්‍රිසි භාෂාව 100% නිවැරදිව හෝ 100% එලෙසම සිංහලට පරිවර්තනය කිරීමක් මගේ උපසිරැසිකරණයේදි වගේම සබ්ටයිට්ල් කප් ගහපු සබ් මැෂින්ලාත් කරන්නේ නෑ.(මට තියෙන අත්දැකීම අනුව කියවන්න පුලුවන් සරල නමුත් අංගසම්පූර්ණ සැකිල්ලකින් තමයි උපසිරැසිය ඔයාලගේ අතට ලැබෙන්නේ). මොකද චිත්‍රපටියෙ මැවෙන දසුන් වලින්ම විතරක් නෙමෙයි අපි චිත්‍රපටිය රස විදින්නේ.චිත්‍රපටියෙ ශබ්ද,කතාව ගලා යන තේමාව සහ කතාවේ අර්ථයත් එක්කමයි අපි චිත්‍රපටිය රස බලන්නේ.ඉතින් එහෙම වෙද්දී මෙහෙම වෙනවා –> අපිට සිද්ධ වෙනවා මුලු තිරය පුරාම අකුරු නොයන විදියට පුලුවන් තරම් චිත්‍රපටියේ දසුන කවර් නොවෙන විදියට සබ් එක දාන්න.(අපේ නම පළ කරන එක වෙනම කතාවක්.) ඒ වගේම තප්පරෙන් දෙකෙන් ඉවර වෙන දෙබස තප්පරෙන් දෙකෙන් කියවලා ඉවර වෙන විදියට පුලුවන් තරම් කෙටිම කෙටි කරන්න ඕන.අනික දෙබසේ අත්‍යාවශ්‍ය වෙයි කියලා හිතෙන වචනයක් හෝ අන් යමක් මගනොහරින්න ඕන.මොකද සමහර විට චිත්‍රපටියෙ 1 කොටසින් අපි මිස් කරපු දෙයක් නැවත චිත්‍රපටියේ 2වෙනි කොටසින් ඉස්මතු වෙලා එන්න පුලුවන්..(උදාහරණෙකට ගත්තොත් 2017 නිපදවුණු Mummy චිත්‍රපටියට කලින් ආපූ පැරණි චිත්‍රපටි තුන.ඒවායේ ඇතැම් දෙබස් තවත් චිත්‍රපටියකට සම්බන්දයි.) චිත්‍රපටිය බලලා ඉවර වෙද්දී උපසිරැසිය හදපු අපිට වඩා උපසිරැසි බලන ඔයාලගේ ඇස් වලට විඩාවක් නොවෙන්න මේවා නිර්මාණය කළ යුතුයි.නැත්තම් ෆිල්ම් එක ඉවර වෙලා පැයක් විතර හති ඇර ඇර ඉන්න වෙයි.ඉංග්‍රිසි දැනුමට අමතරව ඔබට තිබිය යුතු අනෙකුත් ශිල්පීය හැකියාවන් තමයි ඔව්වා. මං කියන්නේ නෑ මම අංග සම්පූර්ණ උපසිරැසිකරුවෙක් කියලා. අඩුපාඩු තියෙනවා.ඉතින් ඒවා හදාගන්න ඕන.අඩුපාඩුවක් එහෙම දැක්කොත් ඉතින් යට අදහස් තීරුව විවෘතයි…ඉතින් යම් දිනකදී යළිත් සබ් එකක් කරන්න මට අවස්ථාව ලැබුණොත් මට ඔයාලගේ පිහිට අවශ්‍ය වෙනවා.ඔයාලා දෙන රේටින් එක සහ ඔයාලා දක්වන ප්‍රතිචාර අනුව තමයි මට තවත් ගුණාත්මක,උසස් තත්වයේ,හොදම ෆිල්ම් එකකට සබ් ගේන්න පුලුවන් වෙන්නේ. තවත් ඉතින් English උපසිරැසියේ අවුලක් විදියට මං දකින ගොඩාක් අඩු පාඩු තියෙනවා.මොකද මේ සබ් එක Yi-Fi, HD POPCORN වැනි සුප්‍රසිද්ධ වෙබ් අඩවි වලින් නිකුත් කරපු එකක් නෙමෙයි.හේතුව තමා මේක කැනඩා මූවී එකක්.ඇමරිකන් එකක් නෙමෙයි.ඉතින් මං සබ් එක කළේ ඒ අඩුපාඩු සහිත ඉංග්‍රිසි උපශීර්ශයටයි.ඉතින් බලද්දි ටිකක් ලයින් ධාවන කාලයේ පොඩි පොඩි අවුල් තියෙනවා.
චිත්‍රපටිය පටන් ගන්නේම සුපිරි රැප් එකකින්. ඒ වුණාට රැප් එක සිංහලට පෙරලුවේ නෑ.මොකද උපසිරැසියකින් කොහොමටවත්ම නියම සංගීත රසයක් ගේන්න බෑනේ.ඉතින් පටන් ගත්ත වෙලාවේ ඉදලා මේ සුපිරි කතාව අපිව ඒකේ ඇද බැද තියාගන්න සමත් වෙනවා. කතාව ගැන අටුවා ටීකා සහිතව කියන්නම්.මෙන්න මෙහෙමයි.
රජයේ රහස් නියෝජිතයෙක් ඉන්නවා නමෙන් ‘ලූ’.. රාජකාරි නමෙන් ‘මේජර් ක්‍රෝෆුඩ්’.. ඉතින් මෙයා ගැන පෙර විස්තරයක් විදියට කිව්වොත් මෙයා දිවිත්ව නියෝජිතයෙක් විදියට 90 ගණන් වලදී රජයට මහත් සේවයක් කළ,සොම්බී වසංගතයකට එරෙහිව සටන වැදී,යක්කුත් සමග ගණුදෙනු කරපූ කෙනෙක්.හිට්ලර්ට විරුද්ධවත් සටන් කරපු කෙනෙක්.කතාවේ කියවෙන හැටියට හිට්ලර්ට සොම්බී හමුදාවකුත් ඉදලා තියෙනවා.ඉතින් මෙයා තමන්ගේ හතුරන්ගෙන් බේරිලා ඉන්න බොරුවට මැරුණා වගේ සැගවී ජිවත් වෙනවා.හැබැයි මෙයා තමන්ගේ පවුල අමතක කරලා නෑ.සතියකට දෙවතාවක් මෙයා රෑ කෑම ගනිමින් තම පවුලත් සමග කාලය ගත කරනවා.(කතාවේ හැටියට පොර KFC එකේ රහස් වට්ටෝරුව ගැනත් දන්නවා වගේ) එයා ඒ වෙලාවට තමන් රජය වෙනුවෙන් කරපු හිතාගත නොහැකි මෙහෙයුම් මෙයාලට ඇහෙන්න කියනවා.ඉතින් මෙයාගේ මේ එක කතාවක්වත් එයාගේ මුණුබුරා ‘ජෙකී’ නම් පිළිගන්නේ නෑ. ඒත් ඔහොම යද්දි අන්තිමේට ජේකීට සීයාව විස්වාස කරන්න වෙනවා.මොකද ජෙකීගේ කෙල්ලව පැහැර ගැනීමකට ලක් වෙනවා.ඉතින් එයා ඉන්න තැන හොයාගන්න ජෙකීගේ යාලුවා වෙන්ඩර් Goverment 911 system එක Hack කරනවා.තනියම ගේමට බහින්න බැරි හින්දා තවත් නාකි ඩයල් සෙට් එකක් ගේමට බහිනවා.ඉතින් එක එක්කෙනා ගැන විස්තර චිත්‍රපටියේ තියෙනවා මෙතන කියන්න ඕන නෑනේ.
මේ කතාව කැනඩා මූවී එකක්.ඉතින් ඇමරිකන් හොලිවුඩ් වලට නම් ළං කරන්නවත් බෑ.ඉතින් කැමති අයට අරන් බලන්න පුලුවන්.මෙහෙම දේකුත් කියන්න ඕන.FB එකේ පොස්ට් එකක් දැම්මත් කමෙන්ට් 50ක්වත් අඩුමගාණේ අපිට ගන්න පුලුවන්.හැබැයි අපිට ඒක දාන්න විනාඩියක්වත් යන්නේ නෑ.හැබැයි දවස් ගණන් මහන්සි වෙලා අමාරුවෙන් හදලා පළ කරන උපසිරැසියට ලැබෙන කමෙන්ට්….. 🙁 ඉතින් ඒක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. පොඩ්ඩක් අපි ගැනත් හිතන්න.මාත් මනුස්සයෙක් උපසිරැසි කරන අනික් අයත් මිනිස්සු.අත තියෙනවා,ගත තියෙනවා,හිත තියෙනවා,යතුරු පුවරුව තියෙනවා ඉතින් යටින් කමෙන්ට් කරන්න.ඉස්සර වගේ නම් කමක් නෑ.කමෙන්ට් කරන්න මැසේජ් කරන්න බෑනේ.ඔන්න ලියුමක් ලියන්න ඕන.ඊට පස්සේ ලියුම් කවරෙක ඒක දාලා,මුද්දර ගහලා, ඉතුරු වැඩත් කරලා ගිහින් post කරන්න ඕන.ඉතින් ඒ එක්ක බලද්දි දැන් මොකක්ද..(මගේ හැම ලිපියකදිම මම මෙහෙම කියනවා.එහෙම කරන්න හේතුව තමා එහෙම කරපු හැම වතාවේම වගේ කවුරුහරි කෙනෙක් යටින් කමෙන්ට් එකක් දානවා ‘මේ මගේ පලවෙනි කමෙන්ට් එක’ කියලා..ඉතින් මෙහෙම කියලා කියලා තමයි කමෙන්ට් නොදාන අයට Motivate එකක් දෙන්නේ)
අවසනා වශයෙන් කියන්න ඕන මම හිතන්නේ දැන් තමයි සමු ගන්න වෙලාව.කලින් සැරේ කරපු SAHARA චිත්‍රපටියට ගොඩාක් ප්‍රතිචාර තිබ්බා.මේ ලිපිය ලියන මොහොත වෙනතුරුත් ඒකට comment වැටෙනවා.ඒක දැන් පළ කරලත් මාස කීපයක්ම වෙනවා.ඉතින් එහෙම වෙනකොට පුදුමාකාර සතුටක් ඇතිවෙනවා.ඉතින් ඒක නිසාම තමයි මේ Film එක උස්සගෙන ආවේ.කමෙන්ට් දානවා නම් ෆිල්ම් ගේනවා. උපසිරැසිය කළේ පුදුම මහන්සියකින් ප්ලීස් දෙයියෝ හිත පාරන්නේ නැතුව කමෙන්ටුවක් හලාගෙන යනඩෝ..ලිපිය ටිකක් දිග වුනා.ලිපි කියවන සැට් එකකුත් ඉන්නවා.එයාලට කියවන්නයි ටිකක් දිගට ගේනාවේ.අනික මේ තමයි මේ වසරේ මගේ අවසාන උපසිරැසිය.ආයේ මෙහෙට එන්නේ 2019 සැපැතැම්බර් වල වගේ තමා.මට නම් බයිස්කෝප් එකෙන් තොර ලෝකයක් ගැන හිතාගන්නවත් බෑ. ආ..අමතක වුණා..Link ඉල්ල ඉල්ල ළත වෙන්න එපා ෆිල්ම් එකේ Download Link එක Baiscopedownloads එකෙන් ගන්න පුලුවන්. උපසිරැසිය දීලා තියෙන පිටපතෙන්ම ෆිලුම බාන්න.!
මං කැපුණා එහෙනම් දුලා පුතීලාට ජයීන් ජයම වීවා!

Due to copyright issues, we do not provide any torrent links.
undercover.grandpa.2017.dvdrip.x264.fragment
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,394 downloadsDownload Undercover-Grandpa-2017.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලීෂ පතිරණ
Subtitles
48 comments
shehan
kumara
බොහෝම ස්තූතියි සහෝ. සමුගැනීම ගැන නම් දුකයි.
kumara
බොහෝම ස්තූතියි සහෝ. සමුගැනීම ගැන නම් දුකයි...
Thanusha
Sub akata thank saho
kw
Good luck bro !!!
Ruwan Kasun Madhuranga
sub akata thank you .....
prabodha
Thank u bro....
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
RohanD(O_O)
බොහෝම ස්තූතියි සහෝ සබ් එක අපි හැමෝටම දුන්නට... අධ්‍යාපන කටයුතු හොදින් කරන්න වගේම ජීවිතේ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata.good luck...jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Jack
නියමයි මචෝ.
සබ් එකට බොහෝම ස්තුතියි.
ජය...Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
shaly
පුතීට ජයීන් ජයම වීවා.....
roshan_st
බලමුකො ඒහෙනම්....
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
අධ්‍යාපන කටයුතු වගේම සහෝගේ ජිවිතේ හැම වැඩකටයුතුක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..! තව වසරකින් නැවත උපසිරැසියකින් හමුවෙමු!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akalanka
Thnx........
Thusitha
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.Sandheep
Supiri sub ekak saho.. hondata krala thyenava..
priyan
බොහෝම ස්තූතියි සහෝ සබ් එක අපි හැමෝටම දුන්නට… අධ්‍යාපන කටයුතු හොදින් කරන්න වගේම ජීවිතේ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා…!!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Akalanka
Thnx ..........
gayan
පිලුම නම් සුපිරි වගේ. ස්තුති සහෝ...
Nelson
Good work friend, Thanks!!
Pushpa Keerthi
ThankS MchO sUb 1ktA........!!!!!!!!!!!!!
DBM
cool
charith eranga
Thanks....
ela Kolla
පුතීට ජයීන් ජයම වීවා…..
D.Chamara
sahoo br ekata sub eka karanawada ?
Nadee
Thank you so much Mr. Maleesha
nirosha
niyama jkathawak
janith
patta supiriy
supun
patta aaaaaa.. jaya wewa
wije
Niyamai macho digatama sub kotanta apen uparima lakunu oyalata
thanksDulanga
Thanks
Chamara
Thanks bro.........!!!
Suneth Madhushana
ela saho............
AWNCK
Thanks bro…
Udara Madusanka
thanks bro
fttah story eka
keeep it up machanIshan Aravinda
Thanks bro………!!!
Sasitha Asaranga
thanks. keep it up.
kalana1992
patti
sasala
thenks sub ekata
kasunww
thanks bro
Anonymous
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Undercover Grandpa (2017) with Sinhala Subtitles | මහදැන මුත්තයි ගෝල මුණුබුරයි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/undercover-new.jpg)

first comment.thankz so much bro