ඔන්න අද දවස එනම් මාර්තු 10වැනිදා කියන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මේ සමරන්නේ අපේ වෙබ් අඩවියේ 9 වන සංවත්සරයයි. ඉතින් මේ 9 වැනි සංවත්සරයේදී බයිස්කෝප් අපි තීරණය කළා ඔබට Imdb TOP 250 ඇති ඔස්කා සම්මානලාභී සිනමාපට ඔබ වෙත තිළිණ කරන්නට. එහි එක් සිනමාපටයක් මා විසින් ඔබ වෙත මෙසේ රැගෙ…

ඔන්න අද දවස එනම් මාර්තු 10වැනිදා කියන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මේ සමරන්නේ අපේ වෙබ් අඩවියේ 9 වන සංවත්සරයයි. ඉතින් මේ 9 වැනි සංවත්සරයේදී බයිස්කෝප් අපි තීරණය කළා ඔබට Imdb TOP 250 ඇති ඔස්කා සම්මානලාභී සිනමාපට ඔබ වෙත තිළිණ කරන්නට. එහි එක් සිනමාපටයක් මා විසින් ඔබ වෙත මෙසේ රැගෙන ආයෙමි.
Unforgiven (1992) කියලා කියන්නේ ඔස්කාර් සම්මාන හතරක් සහ වෙනත් සම්මාන 44ක්ද තවත් නිර්දේශ 45කට පාත්‍ර වූ IMDB දර්ශකයේ 8.2ක්ද කුණු තක්කාලි දර්ශකයේ 96%ක් වැනි ඉහළ අගයක් ලබාගැනීමට සමත් වූ අග්‍රගන්‍ය සිනමාපටයක් කිවොත් නිවැරදියි. මෙහි විලියම් මනි ලෙස ප්‍රධාන චරිතය හොබවන්නේ Clint Eastwood නම් අග්‍රගන්‍ය රංගධරයා විසිනි. තවද Morgan Freeman(නෙඩ් ලෝගන්), Gene hackman(පොඩි බිල්), Richard Harris (ඉංග්‍රීසි බොබ්), Jaimz Woolvet (ස්කොෆිල්ඩ් කිඩ්), Anna Thomson (ඩෙලයිලා), Frances Fisher (ස්ට්‍රෝබෙරි ඇලිස්) යන නළු නිලියන් සෙසු චරිත නිරූපනය කරයි. සිනමාපටයේ අධ්‍යක්ෂණයද සිදුව ඇත්තේ Clint EastWoodගේ හස්තයෙන් වීම විශේෂත්වයක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 14.4ක වියදමින් නිමැවුනු සිනමාපටය ඩොලර් මිලියන 159.2ක ආදායමක් ඉපයිමටද සමත්ව තිබෙනවා.
විලියම් මනි.. විලියම් මනි කියලා කියන්නේ කලක් දරුණු ඝාතකයෙක්ව සිටි පුද්ගලයෙක්. ඔහුගේ නාමය ඇසු පමණින්ම පැරණි බටහිර කව්බෝයිවරුන් භීතියට පත්වන්නේ ඔහු විසින් කරන ලද භීෂණ ක්‍රියාවන්හි කෘරත්වය මෙපමණක්යැයි කිව නොහැකි හෙයිනි. කෙසේ වෙතත් පසු කාලයකදී විලියම් මනි විවාහපත් වීමෙන් පසුව දරුමල්ලන් දෙදෙනෙකුද ලැබ සාමාන්‍ය දිවි පෙවෙතක් තමයි ගත කරමින් සිටියේ. එහෙත් යළිත් ඔහුගේ පැරණි ජීවිතය ඔහුව සොයා එන්නේ ස්කොෆිල්ඩ් කිඩ්ගේ රූපයෙනි.
විලියම් මනිගේ පැරණි මිතුරෙකුගේ ඥාති පුත්‍රයකු වන ස්කොෆිල්ඩ් කිඩ් විලියම්ව සොයා පැමිණෙන්නේ යම් මුදලකට ඝාතනයන් ද්විත්වයක් සදහා කැටුව යාමේ ආරාධනයද සමගිනි. ඩෙලයිලා නම් ගණිකාව කපා කොටා දමා එහෙත් නීතියෙන් නිදහස්ව ගිය කව්බෝයිවරුන් දෙදෙනා ඝාතනය කරවීම උදෙසා අනෙකුත් ගණිකාවන් විසින් ලබා දුන් ඩොලර් දහසක කොන්ත්‍රාත්තුව රැගෙනයි ඔහු පැමිණෙන්නේ. සිය පැරණි ජීවිතය හැරදමා සිටින විලියම් එම යෝජනාව ප්‍රතික්ෂේප කළද පසුව එයට කැමතිවන්නේ තම ආර්ථික අපහසුතා හේතුවෙනි. මේ අනුව විලියම් සිය පැරණි සගයා වන නෙඩ් ලෝගන් සොයා යන්නේ ඔහුවද කැටුව ස්කොෆිල්ඩ් කිඩ් සමගින් එකී කව්බෝයිවරුන් දෙදෙනා ඝාතනය කිරීම සදහායි.
මෙම තුන්කට්ටුවේ සුසංයෝගය එම කව්බෝයිවරු සොයා යන්නේ බිග් විස්කි වෙතයි. එහි නීතිය සුරක්ෂිත කිරීමේ වගකීම බාරව සිටින පොඩි බිල් තමයි ඔවුන්ට සිටිනා ලොකුම බාධකය බවට පත්වන්නේ. කෙසේ හෝ එයද මග හැරගනිමින් කව්බෝයිවරු දෙදෙනාව ඝාතනය කිරීමට විලියම් සහ ස්කොෆිල්ඩ් කිඩ් සමත් උනත් නෙඩ් ලෝගන්ව පොඩි බිල් විසින් අල්ලාගන වදහිංසා දී ඝාතනය කරනු ලබනවා. එයින් කුපිත වන විලියම් මනි කෙසේ ක්‍රියාත්මක වේවිදැයි දැනගැනීමට ඔබටම සිනමාපටය බලන්නට වේවි. ත්‍රාසය සහ ක්‍රියාදාම පිරුණු පැරණි බටහිර කව්බෝයි සිනමාපටයක් නැරඹීමට ඔබ සැමට ආරාධනා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR Remastered පිටපත සඳහා අදාළ වේ.
3,330 downloadsDownload Unforgiven-1992.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
26 comments
කෞශල්‍ය දුෂ්‍යාන්
dimal
thanks bro
AsithaDilruwan
IMDb 250 පෙරහරක් වගේ..
ජය වේවා මධුකප්‍රිය පෙරේරා සහෝ
ගොඩාක් පින්
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
“අපේ සයිට්අ එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jaime Lannister
thnx bro sub ekta...
Jaime Lannister
thnx brother...
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Bandara76
niayamai thnx brother…
tharindu gunarathna
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුකප්‍රය සහෝ.
සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
ජයෙන් ජය.kasun@rko
Elama broo supiri
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Priyantha Dayakeerthi
IMDb ඉහළ එකක් නම් අනිවාර්යයෙන් නරඹනවා, ස්තුතියි!!!
Nirosh C
ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.........!
LakshanD
ස්තූතියි බ්රද ❤️
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට.......
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූති
PahasaraDv
Thankz 4 sub....
MAALNATH
Thanks. .......good luck. ......
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Sandun
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට බොහොම තුති නිලුපුල් අයියේ.සදා ජය. :) :) :)