Watch Trailer

Yojimbo (1961) Sinhala Subtitles | නගරයක් වෙනස් කල සාමුරායිවරයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් උපසිරිසියක් අරන් විශේෂ වැදගත් අවස්ථාවකදි එන්න ලැබුනා ඔයාලා ගාවට. ඒ තමා අපේ නම අවුරුදු සැමරුම. සැමරුම ගැන වැඩි විස්තර කියන්න මම යන්නේ නැ මොකද දැනටමත් විස්තර ඔයාලා දන්න නිසා. මේ අවුරුදු 9 පුරා මටත් වාසනාවකට වගේ පොඩි දායකත්වයක් උපසිරසිකරුවෙක් සහ ඇඩ්මින් වරයෙක් වශයෙන් යන දෙවිදියටම…

කොහොමද කට්ටියටම ආයෙත් උපසිරිසියක් අරන් විශේෂ වැදගත් අවස්ථාවකදි එන්න ලැබුනා ඔයාලා ගාවට. ඒ තමා අපේ නම අවුරුදු සැමරුම. සැමරුම ගැන වැඩි විස්තර කියන්න මම යන්නේ නැ මොකද දැනටමත් විස්තර ඔයාලා දන්න නිසා. මේ අවුරුදු 9 පුරා මටත් වාසනාවකට වගේ පොඩි දායකත්වයක් උපසිරසිකරුවෙක් සහ ඇඩ්මින් වරයෙක් වශයෙන් යන දෙවිදියටම ලබා දෙන්න ඉඩ ලැබුනා ඉතින් ගොඩක් සතුටුයි එක ගැන.ඒ වගේම ආ මගදි ගොඩක් අය හම්බුනා ලොකු සහොදර බැදිමක් ඇති උනා කවදාවත් නොකැඩෙන. සියල්ලම ලැබුනේ බයිස්කොප් වෙබ් අඩවිය නිසා. 

40 / 50 / 60 දශකයන් ඇමරිකානු සිනමාව ගොපලු කොල්ලන්ගෙන් පිරීගිය සමයක් වුනා, හොඳ චිත්‍රපටයක් වේවා නරක චිත්‍රපටයක් වේවා, සම්මාන නීය වේවා ලබා දායි වේවා වැඩිම ඉල්ලුම වගේම සැපයුම මේ බටහිර පන්නයේ චිත්‍රපට එහෙමත් නැත්නම් වෙස්ටර්ස්න් වුනා. ඉතින් එහෙව් කාලෙක ආසියාවේ අපිට ගොපල්ලන් නොවන වීරයන් බිහිවෙන්නේ ජපානයෙන් ඔවුන් සමුරායිවරුන් බොහොම පැතිවලින් මොවුන් සමාන වෙන්නේ නයිට්වරුන්ට. රණශුර මේ වීරයන් නවසිය 50 / 60 දශක දෙක තුල ජපාන සිනමාව තුල බොහොම ලොකු ලකුණක් තියන්නට සමත් වුනා. ඒ සැලකුනේ ලොකුම තීන්ත බින්දුව එක්කාසු කරන්නේ අතිශය විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් ලෙස ලොවම හඳුනනා Akira Kurosawa උතුමාණන්.

1941 ආරම්භ වෙන මේ උත්තමයාගේ සිනමා නිර්මාණාත්මක ජීවිතය ඇතුලත ඔහු සිනමා නිර්මාණ 32 ක් අධ්‍යක්ෂණය කරන්නත්, සිනමා නිර්මාණ 70 කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් චරිත හා පිටපත් නිර්මාණය තුලින් සහය වන්නටත් සමත් වෙනවා. මේ සියල්ලම් එකක් ඔස්කා සම්මානයක් වෙනුවෙන් නාම යෝජනා ලබන්නත් සමත් මේ උත්තමයා තමුන්ගේ දිවිය තුල සම්මාන 66 ජයග්‍රහණය කරගෙන තවත් සම්මාන 22 වෙනුවෙන් නාම යෝජනා ලබන්නටත් සමත් වෙලා තියනවා. ඒ සිනමා නිර්මාණ අතර ලෝක ප්‍රසිද්ධ Rashômon, Ikiru, Akahige, Ran වගේ ම මේ අද මම ඔබ වෙත අරගෙන එන සිනමා නිර්මානයත් තියනවා. මේ සිනමා නිර්මාණ එසේ මෙසේ එකක් නොවන්නේ එදා සහ අද සිනමාවට මින් ලද ආභාෂය හා පන්නරය නිසාවෙන්.

වර්ෂය 1964 චිත්‍රපටයේ නම වෙන්නේ A Fistful of Dollars, මතක ඇති අපි ඔබ වෙත කලින් අරගෙන ආව මේ සිනමා පටය හා එකක් එක්කම ඇදුන ඉතිරි සිනමා නිර්මාණ දෙකත්. ඉතින් මේ සියල්ල පාදක වෙන්නේ Yojimbo කතාව හා එහි රචිත මතින්. මේ සම්බන්ධකම කොයිතරම් දුරක් යනවද කියනවා නම් Yojimbo අධ්‍යක්ෂකවරයා නතර වෙන්නේ උසාවියෙන්. ඒ හේතුව නිසාම ඉහත චිත්‍රපටය දකුණු ඇමරිකාවේ තිරගත වීම පවා කල් යනවා, නමුත් උසාවියෙන් පිට එකගතාවකට ඒමත් එකක් ඒ නඩු හබ අවසාන වෙනවා. නමුත් මේ ආභාෂය එතනින් නතර වෙන්නේ නැහැ Django නැවතත් මේ ආභාෂය චරිත ස්වරුපය ඉතාලි ස්පගැටි වෙස්ටන්ස් තිරයේ සටන කරනවා. ඉතින් මේ සලකුණ ගලාගෙන යන තැන තව බොහොමයි ඒ ඔක්කොම කියන්න ගියෝතින් වෙන දෙයක් වෙනුවෙන් කාලයක් යොදාගන්න ඉඩ නැති වෙන්න පුළුවන් මේ ලිපියේ.

මේක IMDB 250 ඇතුලේ 112 වැනි තැන තමයි රැදිලා තියෙන්නේ. ඒ මීටරයේ 8.3 ක අගයක් කරකැවීම නිසාවෙන්. කුණු තක්කාලි අඩවියත් ලොබ නැතුව 97% වගේ අගයක් ලබා දෙනකොට ඇමරිකානු සිනමා විචාරක ශේෂ්ත්‍රයේ දැවැන්තයෙක් වෙන රොජර් ඊබර්ට් උත්තමයා 4/4 ඒ කියන්නේ ඔහුගේ ඉහලම ලකුණු මට්ටම මේ වෙනුවෙන් ලබා දෙනවා. Action, Drama, Thriller කාණ්ඩ නියෝජනය කරන මේ සිනමා නිර්මාණය පැය 1 කුත් මිනිත්තු 51 පුරා දිය යනවා. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඇඳුම් නිර්මාණය වෙනුවෙන් මේ චිත්‍රපටය ඔස්කා සම්මාන උළෙලේ නාමයෝජනා ලබාගන්නටත් සමත් වෙනවා.

කතාව කෙටියෙන් කියන්නම් මොකද ලිපිය දැනටම බොහොම දිග වැඩි කියලා හිතෙන නිසා, අපේ කතා නායකයා සංජුයුරෝ සමුරායි වරයෙක් නමුත් ඔහුට මේ වෙනකොට ස්වාමියෙක් නැහැ ඉතින් රෝනන් කෙනෙක් හැටියට තමයි ඔහු ගම්බද ජපානය පුරා කරක් ගහන්නේ, මේ කාලය ටෝකුගාවා පාලන කාලය ඒ කියන්නේ ජපානයේ අවසාන හමුදා පාලන තන්ත්‍රය වැජබුන කාලය. මේ අතරවාරයේ ඔහුට අහන්න ලැබෙනවා ලග ගමක ඝට්ටනයක් ගැන. මේ ඝට්ටනය ගෝත්‍ර දෙකක් අතර ඇතිවීම නිසාවෙන් මේ ආසන්න ගම්මානය බොහොම විනාශ වෙලා තියෙන්නේ, එක ගෝත්‍රයක් තෝරා ගත්තොත් අනික් පැත්තෙන් පහර එල්ල වෙනවා ඉතින් සංජුරෝගේ සුදානම මේ දෙගොල්ලන්ම හා ගැටීමට ඉතින්… ඔහුගේ සැලසුම කොහොම වේවි ද? ඔහුට තනියම මෙවැනි වැඩක් කරගන්නට හැකි වේවි ද? මේ සියල්ල කම්මැලි නැති විනාඩි 110 ක් ඇතුලත ඔබට බලාගන්න පුළුවන්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BlueRay පිටපත සඳහා වලංගු වේ.

1,338 downloadsDownload Yojimbo-1961-1.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුධීර මාලන්

Subtitles

1,338 downloadsDownload Subtitles34 KB

21 comments

  1. dsdkavishka

    Thenks sub ekata

  2. කෞශල්‍ය දුෂ්‍යාන්

    ඔන්න එහෙනං බාගත්තා.සබ්නං ඉතිං බයිස්කෝප් විතරමයි. නමවන වර්ශ පූර්ණයට මාගේ උණුසුම් සුභ පැතුම්.සබට බොහොම තුති සහෝ.සදා ජය.

  3. Helili Hemamali

    බොහොම ස්තූතියි අයියේ

  4. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ජය වේවා සුධිර මාලන් සහෝ
    ගොඩාක් පින්
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා බයිස්කෝප්

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    IMDb TOP 250 යේ අඩු පාඩු තියන් නැතිව සබ කරන්න පටන් ගත්ත එකම ලොකු දෙයක්
    බොහොම ස්තුතියි…!
    ඉතුරු ටිකත් හැකි වෙලාවට දීලා ඉවර කරන්න …
    ☺☺☺☺♥♥♥
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

    1. sachith15

      Thanks sub ekata ayye... ane pls Tora Tora Tora 1970 Japanese movie ekatat sub dennako pls

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Bobby

    Thank you very much

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුධීර සහෝ.
    සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
    වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
    මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
    ජයෙන් ජය.

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුධීර සහෝ.
    සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
    වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
    මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
    ජයෙන් ජය..

  13. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  14. තරිඳු පෙරේරා

    Tora! Tora! Tora! (1970) දෙවන ලෝක යුද්දයේ Pearl Harbor එකට ජප්පෝ බෝම්බ දාන එක ගෙන මේ Film එක තියන්නේ හැකිනම් උපසිරස ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.........!

  17. Waruna Kamalawansha

    සුපිරි චිත්‍රපටියක්.... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට...

  18. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  19. Anonymous

    Blow out (1981) sub dennako

  20. Anonymous

    thank you bro