Watch Trailer

Dhadak (2018) Sinhala Subtitles | හද ගැස්ම [සිංහල උපසිරැසි සමග]

හදගැස්ම.. ඒ තමයි මේ අරන් එන චිත්‍රපටයේ නමේ සිංහල අරුත. තවත් එක ආදර කතාවක්ද කියලා හිතෙයි. ඒත් මම සහතික වෙන්නම්. මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. අතීතයෙත්, වර්තමානයේත් සමහර විට තවත් අවුරුදු ගණනාවක් අනාගතය වෙනතෙක් භාරතයේ ආදරවන්තයන්ට ගැහැණුන්ට, පිරිමින්ට.. දරුවන්ට අත්විඳින්නට වෙන යථාර්තයක් තමයි මේ ච…

හදගැස්ම.. ඒ තමයි මේ අරන් එන චිත්‍රපටයේ නමේ සිංහල අරුත. තවත් එක ආදර කතාවක්ද කියලා හිතෙයි. ඒත් මම සහතික වෙන්නම්. මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. අතීතයෙත්, වර්තමානයේත් සමහර විට තවත් අවුරුදු ගණනාවක් අනාගතය වෙනතෙක් භාරතයේ ආදරවන්තයන්ට ගැහැණුන්ට, පිරිමින්ට.. දරුවන්ට අත්විඳින්නට වෙන යථාර්තයක් තමයි මේ චිත්‍රපටයෙන් කියාපාන්නේ. වැඩි දෙයක් කියන්නේ නැහැ.. ඇත්තටම නරඹන්න.. බොලඳ ආදර කතාවකට එහා ගියපු දෙයක් චිත්‍රපටය අවසානයේදී ඔබට අත්විඳින්නට ලැබේවි.

සාමාන්‍ය පවුලක කොල්ලෙක් තමයි මධූකර් බාග්ලා කියන්නේ. චිත්‍රපටය පටන් ගන්නේ කෑම කන තරඟයකින්. මිනිහා කෑමට රුසියා. තාත්තට තියෙන්නෙත් කෑම කඩයක්. ඉතින් කාලා දිනනවා. මේ තරඟේ තෑගි දෙන්න එනවා ලස්සන කෙල්ලෙක්. ඔව් ඔව්.. එයා තමයි නිළිය. නම පාර්තවී. හම්මේ ලස්ස කෙලි පොඩ්ඩ. ඉතින් මේ මධූට හිත යනවා මේ කෙලී ගැන. මැට්ටා වගේ හිටියට කෙල්ල ඉස්සරහ කඩ්ඩෙන් වනන්නයි සූදානම. කෙල්ලත් ඉතින් දැඟලිලි වයසනේ. ගන්නවා මූව බයිට් එකට. ඔන්න ඉතින් ඒක පාර්ශවීය ආදරය මධූ පටන් ගන්නවා. පස්සෙන් යනවා. එක විකාරයයි. කොහොමින් හරි මධූගේ තාත්තාට තේරෙනවා මේ සෙල්ලම එච්චර දුර යන එක හරියන වැඩක් නෙවෙයි කියලා. මොකද පාර්තවී පවුල උසස් කුලයේ දේශපාලනයට සම්බන්ධ අය. ඉතින් තාත්තා මධූට කියනවා මං ගැන දිවුරලා කෙල්ලගෙන් ඈත් වෙයන් කියලා. තාත්තට බෑ කියන්න බැරි තැන දිවුරලා පොරොන්දු වෙලා පාර්තවීව මඟ අරින්නයි හදන්නේ දැන්. ඒත් ඉතින් මුළු හිතම එයා ලඟ තියෙද්දි කොහොමද එහෙම කරන්නේ. කොල්ලව බයිට් එකට ගත්තට, කෙල්ලගේ හිතෙත් මොකක්දෝ තියෙනවා වගේ. තමන්ව මධූ මඟ අරින්නේ ඇයි කියන එක පාර්තවීට දැන් ප්‍රශ්නයක්. ඉතින් ඔන්න කෙලින්ම අහනවා මොකෝ අවුල කියලා. මූත් ඉතින් කැත නැතුව කියනවා තාත්තා එපා කිව්ව නිසා ඒම කළේ කියලා. කෙල්ලට ඉතින් හෙන අවුල්. මෙනා කරන්නද එහෙනම් තාත්තා කියන හැටියටම ඉඳහන් කියලා යන්නයි හදන්නේ. දැන් කොල්ලට අප්සට්.. දන්න ගැට ඔක්කොම දානවා තමන්ගේ බුදු ෆිට් යාළුවෝ දෙන්නත් එක්ක එකතු වෙලා කෙල්ලගෙන් සමාව ගන්න. කොහොමහරි මේ නාඩගම අතරේ කෙල්ල කැමති වෙනවා මධූට. දැන් ඉතින් යාළුයිනේ.. කොල්ලා අහනවා. මට තොත්තුවක් දෙනෝද කියලා.. මූ වගේ මැට්ටෙක්.. කෙල්ලත් කියනවා තොත්තුවක් ඕනේ නම් අයියගේ උපන්දින සාදෙට එන්න කියලා බය නැතුව. මූටත් මොකද කෙල්ල ඉස්සරහ පොර වෙන්න හිතාගෙන යනවා සාදයට. කෙල්ලට මාරම සතුටුයි. තෑග්ග දෙන්නයි ලෑස්තිය. මේ කතාව අනිත් පැත්ත හැරෙන්නේ අන්න ඒ මොහොතේ. බොලඳ කමට වයසේ වැරැද්දට ආදරය කරන්න ගත්ත මේ දෙන්නව කෙල්ලගේ තාත්තට අහු වෙනවා. කොල්ලව පොලීසිය ලවා මරවන්නයි හදන්නේ. ඉතින් මොකක් වෙයිද. ඔයාලට බාරයි නරඹන්න..

ලිපියේ අවසානයට කියන්න ඕනි දේවල් මුලින් කිව්වද මංදා කියලා හිතෙනවා. කොහොම හරි කමක් නැහැ, කියන්නම් චිත්‍රපටයේ නිර්මාණ දායකත්වය ගැන බිඳක්. Shashank Khaitan ගේ අධ්‍යක්ෂණයෙන් සහ Karan Johar, Hiroo Yash Johar, Apoorva Mehta කියන තුන් ගොල්ලගේම නිෂ්පාදන දායකත්වය යටතේ Zee Studio හරහා ලොව පුරා 2018 ජූලි 20 තිරගත වුණු මේ චිත්‍රපටය, 2016 තිරගත වුනු Sairat නම් මරාති චිත්‍රපටයේ බොලිවුඩ් ප්‍රතිනිර්මාණයක්. ප්‍රධාන චරිත විදියට Ishaan Khatter සමඟ බොලිවුඩයේ අග්‍රගන්‍ය තාරකාවක් වූ මෑතකදි වියෝ වූ ශ්‍රී දේවිගේ සහ බොනී කපූර්ගේ දියණිය. ජාන්වී කපූර් රංගන දායකත්වය දක්වනවා. මේ ඇගේ පළමු බොලිවුඩ් චිත්‍රපටයයි. ඒ වගේම මම බොහොම කැමති වුනා ඇගේ රංගනයට. <3 මීට අමතරව Ashuthosh Raana, Ankit Bisht, Aishwarya Narkar ඇතුලු පිරිස රංගන දායකත්වය සපයනවා. මිනිත්තු 138 ක් පුරා දිවෙන මේ නිර්මාණය ටිකක් වෙනස් ආකාරයේ රසවත් ගීත කිහිපයකින්ම සමන්විතයි.

තව දෙයක් කියන්න ඕනේ.. මේ චිත්‍රපටයට උපසිරැසි ගන්වන්නට මට අවස්ථාව ලැබුනේ, අඩවියේ පවත්වනු ලබන ඡන්ද විමසීමේ ප්‍රතිඵලයක් විදියටයි. ඒ ඡන්දේ දුන්න අයට බොහොම ස්තූතිවන්ත වෙන ගමන් උපසිරැසියට ප්‍රමාද වීම ගැන සමාවෙන්න කියලත් කියනවා. එහෙනම් හැමෝටම ජයෙන් ජය..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

37,587 downloadsDownload Dhadak-2018.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

37,587 downloadsDownload Subtitles47 KB

68 comments

  1. Udeesha Bandara

    ela bro

  2. Krishan NiShalya

    බොහොම ස්තුතියි ♥♥♥☺

  3. snak

    thanks for sub good luck

  4. Tharaka Nuwan Dilhara

    කාලෙකින් යශෝ..
    සබ් එක නම් එලටම ඇති ඉතින්..
    අරගන්නවා ඔන්න..
    පුලුවන් විදිහට තව තවත් සබ් කරමු..
    ජයෙන් ජය....

  5. විමා

    දඩින් බිඩින්
    දඩක්
    සබට තුති
    මචං :D

  6. Stranger

    thanks

  7. indika75

    thanks..

  8. Ayesh Prashan

    Thank You... Me dawas wala love story film eno pata pata gala.. aulak nae,baisecope ekata pinsidda wenna okkama baluwa

  9. Kumara4

    DHADAK Film eka dawnload karanna be dila thiyena link walin..

  10. sooriyapatabadige

    Thanks for sub bro.....(patiala house 2011 &amp; love phir kabhi 2014) films walata sub dennako bro ......please.........

  11. gihan perera

    නියමයි මචෝ මල්ලියේ...මේක ට උපසිරැසි දානකන් හිටියේ...ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  12. bavantha78

    Ammoo

  13. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ...........

  14. N_R

    Thank You.

  15. chandika1975

    thank you sahooo sub ekata

  16. lahiru sadaruvan

    thank you bro

  17. ඒෂාන් කාංචන

    tnx bro

  18. jogy isuru

    thanks brother

  19. Bandaramudiyansi

    ඇත්තටම මල්ලි මේ චිත්‍රපටය බැලුවෙ වෙන මොකක් හින්දවත් නෙවේ ඔයා මේකට සිංහල දල තිබුන හින්දත්, ලස්සන ලිපිය හින්දත්. කයිවාරු ණැ ලස්සනට ලියල.මෙහෙම කියන්නම්කො.මම මතකහිටින්නම ඔයාගෙ එක සබ් එකයි බලාලා තියෙන්නේ .ගොඩක් බලල ඇති.එ උනත් kaabil 2017 හින්දි ෆිල්ම් එකේ ඔයාගෙ සබ්ටයි එක අමතක නම් වෙන්නැ
    දාන්න ඔනේ තැනට හරි වචනේ දානව රසවත් විදියට..
    දිගටම සබ් කරන්න..මේ ෆිල්ම් එක නම් මාර ලස්සනයි
    මෙකට මීටවඩා රෙටින් එකක් එන්න ඔනේ හරි නම්.

  20. පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ස්තූතිය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........
    ජය වේවා!!! ☺️

  21. Amilperera

    Thnks broo sub ekata

  22. Haritha245

    Thank you saho

  23. PavinduAvishka

    බොහොම ස්තූතියි!

  24. KH2130

    thank you.

  25. Achi

    Thanks

  26. RanshikaDav

    Thank saho sub ekata

    film ekata nam aduna...

  27. vasana22

    Thanks sub ekata.

  28. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brother sub ekata..

  29. chamallakshan

    ගොඩක් කල්ගියා නේද සබ් එක ගේන්න ..බොහොම ස්තූතියි සබ් එකට.

  30. Ara N Madhu

    Thanks malli

  31. NuwanK

    Thank u bro...

  32. m.c.i.srimal

    Tjankssssss

  33. Ʌmǝsɥ Ƞɪʀmaʟ

    Thanks

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Kulanjana Maduranga

    subata thanks saho..keep it up...

  36. Sujee

    thnq

  37. Chamara Diaz

    thnks bro...

  38. Viraj

    thanks saho..

  39. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති යසෝ...
    යසෝ ගෙනාවොත් ඉතින් නළුවා / නිළිය අදාලම නෑ..
    හොඳ කතාවක් තමයි ඉතින්.. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  40. baiscopelkishu

    thanx machn sub ekata

  41. ravindutb

    Thank you

  42. LAHIRUDILU

    thanks brooooooo

  43. Deshani

    thank you

  44. Shehan putha

    thanks bro !

  45. Nidi

    ලස්සන ආදර කතාවක්. ගැටවර පෙම, යව්වනය හරිම ලස්සනට පෙන්වනවා. යශෝධ, ඔයාගේ ජොබ් එකත් තිතට දීලා. ස්තුතියි!

  46. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  47. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  48. sanka-dinesh

    Godak ස්තුතියි

  49. ridmal

    Thanks bro

  50. ushan

    fatta film ekak tnx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.