Watch Trailer

Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]

Dhamaal 4 (2026) Sinhala Subtitles බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා! ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු, හිනාවෙලා බඩ රිදෙන තරමට විනෝදයක් ගෙනාපු බොලිවුඩ් කොමඩි චිත්‍රපට මාලාවක අලුත්ම දිගහැරුම තමයි අද මම අරගෙන ආවේ. ඔයාලට මතක ඇති මේකෙ තුන්වැනි කොටස වුණු Total Dha…

Dhamaal 4 (2026) Sinhala Subtitles

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා! ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු, හිනාවෙලා බඩ රිදෙන තරමට විනෝදයක් ගෙනාපු බොලිවුඩ් කොමඩි චිත්‍රපට මාලාවක අලුත්ම දිගහැරුම තමයි අද මම අරගෙන ආවේ. ඔයාලට මතක ඇති මේකෙ තුන්වැනි කොටස වුණු Total Dhamaal (2019) චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවේ මමමයි. ඉතින් ඒකෙ ඊළඟ කොටස වෙන Dhamaal 4 (2026) චිත්‍රපටයත් මගහැරගන්න බැරි නිසා ඔන්න ඒකටත් මම උපසිරැසි අරගෙන ආවා.

මෙවර කතාව ආරම්භ වෙන්නේ වෘත්තීය මුහුදු කොල්ලකරුවෙකු වන අධූරා විසින් ශෙයිතාන් සිංගේ නිධානයක් හොයාගන්න පෘථිවිව තමන්ගේ නැවේ සිරකරගන්නා තැනින්. හැබැයි අත්වැරදීමකින් නිධන් සිතියම ගිනිගෙන විනාශ වුණත් පෘථිවිට ඒකෙ පිහිටීම හොඳට මතකයේ තියෙනවා. මේ අතරවාරයේදී පෘථිවිව හොයාගෙන එන ගුඩ්ඩු, අධූරාගේ කල්ලියත් එක්ක පැටලෙන්න ගිහින් ලොකු ජරමරයක් ඇතිවෙනවා. කොහොමහරි මේ ගැටුම අස්සේ නැව පුපුරා ගියත් ගුඩ්ඩු යන්තම් දිවි ගලවා ගන්නවා.

මේ අතරේ තවත් අපූරු කණ්ඩායම් කිහිපයක්ම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න විවිධ ගමන්වල යෙදෙනවා. පෙම්වතියගේ දරුවන්ගේ හිත දිනාගන්න විනෝද චාරිකාවක් යන ගුඩ්ඩු, ධනවත් තරුණියක් කියලා රැවටිලා පාරෝව විවාහ කරගත්තු ලල්ලන්, වගේම සහෝදරයා මානව්ගේ මෝඩ වැඩ නිසා බිරිඳව අහිමි වෙන්න යන ආදි යන මේ හැමෝම අහඹු විදියට එකම තැනකදී මුණගැහෙනවා. ඒ මුණගැහීමත් එක්ක මේ කට්ටියටම අර කියපු රහසිගත නිධානය ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් මේ හැමෝම එකතු වෙලා නිධානය හොයාගෙන යන ගමනේදී මොන වගේ විහිළු සහගත අකරතැබ්බවලට මුහුණ දෙයිද? අන්තිමේදී කාට නිධානය අයිති වෙයිද?

හිනාවෙලා විනෝද වෙන්න කැමති හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න කියලා මම ආරාධනා කරනවා. අවසාන වශයෙන්, උපසිරැසි ගැන්වීමේදී හැමදාමත් අදහස් දක්වමින් මා දිරිමත් කරන ඔබ සැමටත් හදවතින්ම ස්තූතියි!

Dhamaal 2007

Double Dhamaal 2011

Total Dhamaal 2019

බුදු සරණයි….!

Dhamaal 4 (2026) Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR  පිටපත සඳහා අදාළ වේ.

1,449 downloadsDownload Dhamaal-4-2026.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dhamaal 4 Sinhala Subtitles

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,449 downloadsDownload Subtitles65 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Sahan Gayantha

    thanks a lot Asanka saho sub ekata