ඔන්න ඉතින් තවත් චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්න ඉක්මනින්ම ආවා. මේ පාරත් ඉතින් දෙමළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ. ටිකක් විතර පරණ ෆිල්ම් එකක් තමයි ඉතින්. නමුත් සුපිරි නළුවෙක්ගේ සුපිරි කතාවක් තියන ෆිලුමක්. මුලින්ම විකී අයියගෙන් සමාව අයදිනවා මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න මෙච්චර ප්‍රමාද වුනාට. ඇත්තටම…
ඔන්න ඉතින් තවත් චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්න ඉක්මනින්ම ආවා. මේ පාරත් ඉතින් දෙමළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ. ටිකක් විතර පරණ ෆිල්ම් එකක් තමයි ඉතින්. නමුත් සුපිරි නළුවෙක්ගේ සුපිරි කතාවක් තියන ෆිලුමක්. මුලින්ම විකී අයියගෙන් සමාව අයදිනවා මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න මෙච්චර ප්‍රමාද වුනාට. ඇත්තටම දැන් විකී අයියටත් මතකද දන්නෙ නැහැ එයා මට මේක කරන්න දුන්නා කියලා. මොකද මේක ගොඩක් කලින් මට දීපු එකක් නිසා.
එහෙනම් ඉතින් ෆිල්ම් එකේ තොරතුරු පොඩ්ඩක් කියන්නම්. චිත්‍රපටයේ නම තමයි “උන්නෙයි පෝල් ඔරුවන්” එහි සිංහල තේරුම තමයි “නුඹ වගේ කෙනෙක්” කියන එක. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chakri Toleti විසින් තමයි. මේක ඔහුගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නේ දෙමළ සිනමාවේ සුපිරි නළුවෙකු වන “කමල් හාසන්” හා මලයාලම් සිනමාවේ සුපිරි නළුවෙකු වන “මෝහන් ලාල්” විසින් තමයි. ආහ්… මේක ආදර කතාවක් නම් නෙමෙයි ඉතින් ඒ වගේම මෙහි එකම එක පුංචි ගීතයක් විතරයි ඇතුලත් වෙන්නේ. ඒ වගේම මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා ප්‍රථම වතාවට “ශෘති හාසන්” එකතු වෙන්නේ මේ චිත්‍රපටයෙන් තමයි.
කතාව ගැනත් ඉතින් පොඩ්ඩක් කියන්න එපැයි නේ.. පොලිස් කොමසාරිස් වරයෙකු වශයෙන් කටයුතු කරන මාරාර් (මෝහන් ලාල්) ට දවසක දුරකතන ඇමතුමක් ලැබෙණවා නන්නාදුනන (කමල් හාසන්) කෙනෙක්ගෙන් ඔහු කියා සිටින්නේ චෙන්නායි නගරයේ තැන් පහක බෝම්බ තියා ඇති බවත් ඒ තැන් දැනගැනීමට නම් ඔහුගේ ඉල්ලීම පරිදි ත්‍රස්තවාදීන් 04 දෙනෙකු නිදහස් කිරීමට අවශ්‍ය බවත්ය. ඉතින් මේ පුවත පොලිස් කොමසාරිස් වරයා කෙසේ විශ්වාස කරයිද? එය විශ්වාස කිරීමට තරම් ඔහුට හේතුවක් ලැබෙයිද? ඇයි මේ ත්‍රස්තවාදීන් දෙදෙනාව නිදහස් කරන්න කියන්නේ? ඊට හේතුව මොකක්ද? මේවට ඉතින් උත්තර දැනගනන්න නම් ඉතින් කට්ටියට මේ ෆිලුම බලන්නම වෙනවා..
ඒ වගේම කියන්න ඕනි මේ චිත්‍රපටය අවසාන වෙන්න අාසන්න වෙනකොට බලන අය ඉතා අවධානයෙන් බලන්න. අපේ ජීවිතයට මේ සමාජයෙන් ගතහැකි දෙයක් සහ අප කළයුතු දේවල් සාමාන්‍ය වැසියෙකුගේ තරහා මොනවගේද, ආගමේ නාමයෙන් ත්‍රස්තවාදය කරගෙන යන්න හේතුව, එයින් සිදුවන ඵල විපාක, මේ වගේ තැන් ගැන ඉතා සියුම්ව කතා කරලා යම් පණිවිඩයක් සමාජයට ලබාදෙනවා.
එහෙනම් වෙනදා වගේම වරුණ රංගජිත් අයියාට ස්තූතිවන්ත වෙනවා ලිපියේ සංස්කරණ වැඩකටයුතු වෙනුවෙන්. එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලට ජයෙන් ජයම වේවා…!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3438f895ec4af78b2e8331bf65f6b2a9808b7910 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,372 downloadsDownload Unnaipol-Oruvan-2009.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
12 comments
ලක්ෂාන් නිලංක
asiri
patta film akak meyka
කැලුම් ගුණසේකර
Wednesday ෆිල්ම් එකේ අනිත් එක නේද? බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
ස්තුතියි, සිරාජ් මලේ, ජය වේවා!
තිසල්
තැන්ක්ස් මචන් මෙ වගෙ සුපිරි නලුවො ඉන්නවා නම් කොමද අත අරින්නෙ එල එල තව මෙ වගෙ එවා අනිවා දිපන්
Inoka Perera
ඉස්තුති
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavi
siraj tnq ...god bless !!!!!
Dilusha Nuwan
මේ වගේම හින්දි ෆිල්ම් එකකුත් තිබ්බද කොහෙද. එනිවේ සබට තෑන්ක්ස් කමල් හසන් ඉන්න නිසා අනිවා බලනවා!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Unnaipol Oruvan (2009) with Sinhala Subtitles | සාමාන්‍ය මිනිසා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Unnaipol-Oruvan-2009.jpg)
එල එල සිරාජ් මලේ...මාත් මේක බලන්න ඉස්සර ඉදන් හොය හොය හිටියෙ..ඒත් සබ්- කොපි තිබ්බෙ නැහැ...දැන් ඉතින් බැලුවැහැකි...ජය වේවා...!