Watch Trailer

Unnodu Ka (2016) with Sinhala Subtitles| බිත්තරය තමා බෝම්බය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් මම දමිල චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, මේක තිරගත වුනේ 2016 වසරේ මැයි 13 වෙනිදා, පොඩ්ඩක් පරක්කු වුනා මේ සලරුව කරන්න.මේකේ රංගනයට දායක වෙලා ඉන්න නළු නිලියන් සමහර අයව නම් ගොඩාක් චිත්‍රපට වල දැකලා ඇතියි කියලා හිතනවා, මෙහි ප්‍රධාන නළුවා වන ආරි මිට කලින් 2014 නිකුත් වුන Nedunchaalai චිත්‍රපටයේ දැකලා…

Unnodu Ka (2016)

ඔන්න අදත් මම දමිල චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, මේක තිරගත වුනේ 2016 වසරේ මැයි 13 වෙනිදා, පොඩ්ඩක් පරක්කු වුනා මේ සලරුව කරන්න.මේකේ රංගනයට දායක වෙලා ඉන්න නළු නිලියන් සමහර අයව නම් ගොඩාක් චිත්‍රපට වල දැකලා ඇතියි කියලා හිතනවා, මෙහි ප්‍රධාන නළුවා වන ආරි මිට කලින්  2014 නිකුත් වුන Nedunchaalai චිත්‍රපටයේ දැකලා ඇතියි කට්ටිය… ඉතින් ඔහු එම චිත්‍රපටයට සම්මාන දෙකක් අරන් තියෙනවා. ඉන්පසු මෑතකදී තිරගත වුන Maya (2015) චිත්‍රපටයෙත් මොහු හිටියා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂය කරන්නේ RK විසිනි, සංගීතය සපයන්නේ සී. සත්‍යා විසිනි. මෙහි Imdb Rating එක 6.9 ක් අරන් තියෙනවා.

මෙහි කතාව පැත්තට පොඩ්ඩක් යමුකෝ, පරම්පරා හය හතක වෛරයක් නිසා ගමක් දෙකට කැඩිලා දෙගොල්ලෝ කොහේ දැක්කත් ඒ ගමේ මිනිස්සු අරුන්ට ගහනවා, අර ගමේ මිනිස්සු මුන්ට ගහනවයි මේ විදියට තමා ශතක ගානක් තිස්සේ ගමේ උදවිය ගහගන්නේ, ඉතින් මෙයට විරුද්ධව වැඩ කරන දෙන්නෙක් තමා ජයවෙල් (Prabu) සහ තෙන්නවන් කියන්නේ. ඉතින් මේ දෙන්නා ගමේ දෙගොල්ලන්ගේම පිරිසක්, ඉතින් මොහු කල්පනා කරන්නේ මේ වෛරය අපේ පරම්පරාවෙන් තුරන් කරලා දාන්නයි. ඉතින් එහෙම හිතාගෙන ජයවේල් සහ බිරිඳයි, තෙන්නවන් සහ ඔහුගේ බිරිඳවයි රැගෙන චෙන්නායි වලට පිටත් වෙනවා. පස්සේ ඒ දෙගොල්ලොන්ට කොල්ලෙක් සහ කෙල්ලෙක් ඉපදෙනවා, ඉතින් මේ දෙන්නගේ ආදර කතාවයි, මේ දෙන්නාගේ යාළුවන්වන සුන්දරාම් බාල් සහ භගත් සින්ග් යන යාළුවන් දෙන්නව එකතු කරන එක තමා මේ කතාවේ මුලිකවම සිදු වන්නේ.මේ කතාවේ අධියර තුනක් තියෙනවා, එකක් පරම්පරා ගත වෛරය අනෙක ශිවා (Aari) සහ අභිරාමි (Maya) දෙන්නගේ ආදර කතාව සහ සුන්දරාම් බාල් සහ භාගත් සින්ග් ගේ ආදරය එකතු කරන එක තමා මේ කතාව පුරාවටම ලස්සනට ගලාගෙන යන්නේ. ඉතින් මම මොකටද බිත්තරය තමා බෝම්බය කියලා මාතෘකාව දැම්මේ, ඒක ඔයාට චිත්‍රපටය නරඹන විට තේරේවි. ඉතින් මේ චිත්‍රපටය බලන්න කියා ආරාධනා කරන ගමන් මම කපෙන්නයි හදන්නේ. තව සලරුවකින් හමු වෙමු.

 

ඔබට ජය…!!!

 

Unnodu Ka (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Unnodu Ka (2016)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,241 downloadsDownload Unnodu-Ka-2016.Baiscopelk.com_.rar51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduSandeepa1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

7,241 downloadsDownload Subtitles51 KB

12 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ....
    ෴෴ජය වේවා෴෴

  3. Hope

    Admins – oyalage site eka patta slow dan nam. epa wenawa site ekata ennath.
    Sub ekak download wenna button eka press karala vinadi 5k vithara balagena inna one.

    Site eka godak welavata offline yanawa. Ikmanata bandwidth eka vadi karanna.
    Jaya weva.

  4. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    atta kathwa site eka heba slow epa wenwa

  5. Kulanjana Maduranga

    niayamai…tamil nm aniwa balanawa.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    RAVINDU saho me telugu films walatath idiriyedi sub denn.......
    1.krishna gaadi veera prema gaadha-2016
    2.sardaar gabbar singh-2016
    3.oka manasu-2016

  6. Lincon Burrows

    Me filume hash ekak tinwanm dapnko

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    WEB SITE EKA VERY SLOW...
    LOAD WENNA GODAK WELA YANAWA..
    2 gb RAM..BUT MULU WEB PAGE EKA STUCK WENAWA..
    ME WAGE UNE SITE EKA ALUTH KALATA PASSE
    PLEASE..CORRECT THIS..........

  8. kasun

    machanla me eka ekkenage web site meke publish karanna epa direct link thiyenawa kiya kiya athi kehelmalak nahane ewage ... anth eka site eka patta slow epa wenawa. torrent file eka hoyaganna patta gemak denna wenawa. ( adminla set eka ma wade hodata karanawa. but wage boru denna epa direct link thiyenawa arake meke , comment eka uda click karanna , wage dana post danna epa. ) api dongle walin godak enne ehema eke data nasthikaranna epa. ) meke bari nm FB Page ekata hari danna kelinma direct link eka .

    Sub eka karapu sahota jayawewa ....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Janith

    mata me film eka download karaganna link ekak denawada.............

  11. Nishantha Nuwan

    නොදන්න දෙයක් තව එකෙක් ට කියලා දෙනවා කියන්නේ ලොකු පිනක්.මේකත් ඒ වගේ.ජය වේවා සහෝ