කොහොමද කට්ටිය.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක්. ඉතින් ඔන්න අවුරුද්දෙන් පස්සෙ කට්ටියට බලන්න සුපිරිම ඇක්ෂන් තියෙන සලරුවක් තමා ඔන්න අරගෙන ආවේ අද. 2021 මාර්තු 18 දින තිරගත වීම ආරම්භ කළ NOBODY සිනමාපටය IMDB අගය 7.8ක් ලබා ගන්නෙ කුණු තක්කාලි දර්ශක අගය 82%ක් තරම් ඉහළ අගයක රදවා ගනිමින්. ඒ වගේම සැලකිය යුතු අදාය…

කොහොමද කට්ටිය.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක්. ඉතින් ඔන්න අවුරුද්දෙන් පස්සෙ කට්ටියට බලන්න සුපිරිම ඇක්ෂන් තියෙන සලරුවක් තමා ඔන්න අරගෙන ආවේ අද.
2021 මාර්තු 18 දින තිරගත වීම ආරම්භ කළ NOBODY සිනමාපටය IMDB අගය 7.8ක් ලබා ගන්නෙ කුණු තක්කාලි දර්ශක අගය 82%ක් තරම් ඉහළ අගයක රදවා ගනිමින්. ඒ වගේම සැලකිය යුතු අදායමක් ලබන්නටත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නත් සමත්කම් දක්වනවා. Ilya Naishuller අධ්‍යක්ෂණය කරන මේ සිනමාපටයේ තිර රචනය සිද්ධ වෙන්නෙ ජෝන් වික් සිනමාපට පෙළෙහි තිර රචකයෙකු වන Derek Kolstad අතින්. ඒ නිසාමදෝ මන්දා මේකෙත් සටන් ක්‍රියාදාම බහුලව දැකගන්න පුළුවන්.
සිනමාපටයේ ප්‍රධාන චරිතය සදහා Better Call Saul, Breaking Bad වැනි කතාමාලාවලින් ඔබ දැන හදුනා ගත් Bob Odenkirk සිය දායකත්වය දක්වනවා. තවද Gladiator, wonder woman සිනමාපටවල රග පෑ Connie Nielsen, ප්‍රසිද්ධ back to the future සිනමාපටවල රග පෑ Christopher Lloyd යන අය සිය අද්විතීය රංගනයෙන් දායක වෙනවා.
සිනමාපටයේ කතා නායකයා, එනම් හච් මැන්සෙල් කියන්නෙ සාමාන්‍ය විදිහට කම්මැලි ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අනිත් හැමෝගෙම වගේ නීරස ජීවිතයක් තමයි මෙයා ගෙවන්නෙ. හැබැයි දවසක් මේක වෙනස් වෙනවා. ඒ ගෙදරට හොරු දෙන්නෙක් පනින එකත් එක්ක. හච්ට තමන්ගෙ පුතා එක්ක එකතු වෙලා හොරු දෙන්නවම අල්ලන්න අවස්ථාව ලැබිලාත් හච් තීරණය කරනවා ඒ දෙන්නට යන්න දෙන්න. හැබැයි මේ සිද්ධිය නිසා පුතා තාත්තා එක්ක ටිකක් අවුලෙන් ඉන්නෙ. අවුලෙන් කියනවට වඩා තාත්තව බයගුල්ලෙක් හැටියට තමා බලන්නෙ.
ඉතින් මේ ගැන හිතේ අමාරුවෙන් හච් ඉන්දැද්දි දුවගෙ බ්‍රේස්ලට් එකක් නැති වීම නිසා හච් තීරණය කරනවා හොරු දෙන්නව හොයා ගෙන යන්න. ඉතින් ඒ ගමනේ ප්‍රතිපලයක් විදිහට හච් මගදී ගෑණු ළමයෙකුට උදව්වක් කරන්න යන එකෙන් මහා ලොකු නස්පැත්තියකට අත වනනවා. ඉතින් සමාජයෙ සරල, කම්මැලි ජීවිතයක් ගෙවන හච් රුසියානු කල්ලියක් එක්ක තමයි පැටලෙන්නෙ.
ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට, කවුරුවත් නොවෙන කෙනෙක් විදිහට, නිකම්ම කෙනෙක් විදිහට ජීවත් වුන හච්ට කල්ලියක් එක්කලා හැප්පෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ හච් ලෝකෙට පේන්න ඉන්නවට වැඩිය වෙනස් කෙනෙක්ද? මේ සිද්ධියෙන් හච්ට සහ පවුලේ අයට මොනා වෙයිද කියන දේවල් ඔයාලා බලලාම දැනගන්න.
එහෙමනම් පෑ එකහාමාරක් පුරා නොනවතින ක්‍රියාදාමවලින් සපිරි සුපිරිම සිනමාපටයක් නරඹන්න කට්ටියට ආරාධනා කරමින් මා සමුගන්නවා. යළි උපසිරසියකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
48,974 downloadsDownload Nobody-2021-Blu-Ray.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
79 comments
Anonymous
KasunRe
බොහෝම ස්තූතියි සහෝ......
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට මේකේ ට්‍රේලර් එක ඊයේ තියෙටර් එකෙත් දැම්මා.අනිවා බැලිල්ලක් තමයි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
tv malli
සබ් එකට ස්තුතියි.....
Hari
සුපිරිම සුපිරියක් ආය කියල වැඩක් නෑ.. දැන් බලලා ඉවර කරේ.. කස්ටිය අරන් බලන්න පාඩු නෑ.. ඒවගෙම සබට තැන්ස්..
indika75
thanks..
tbsdarshana
thanks for Sub
Anonymous
මේවනෙ බන් දෙන්න ඕන
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Neo
Thanks brother
Keep it upsasanka sathyajith
Thanks for the sub
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Hemal
Thank you
lasar
thank you brother
Anonymous
පහරක් වගේ
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
මාලක ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ... ජය වේවා... ❤️❤️❤️❤️
Shaggy
Thank you very much
Anonymous
Thankz mchn
Pramukmili
Thanx bro...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka
Thanks brother
Ruvindu Thathsarar
thank you sahoo
Udaya Fdo
Thank you
මයුර
තෑන්ක්ස් මචෝ බලන්නයි යන්නේ
thanuja lakshan
thnxxx broo!!!
tharidu16
thanks machi. baluwa patta film1.
eka neweyi uba meke kiyala thiyena nisa, better call saul ekath balanna hadaddi thami dakke anthima epi 15 sub na kayala. puluwannam uba karahanko machiii. thankstharidu16
adooo 5000k sub1 banawa. thanks thiyenne 28. ithin hithapanko sinhala jathiya gana. nodaking. ekane mehema inne hamadama.
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි..
Samith
පට්ට film එකක්. දැන් බලලා ඉවර කලේ. උපසිරසිය ලබා දුන්නට ස්තුතියි!
A R
බොහෝම ස්තූතියි.....
D.Chamara
බොහොම ස්තූතියි .... !
Anonymous
Thank YOU
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
සුපිරි
Anonymous
tnx sub ekata, jaya wewa
Anonymous
onna ohoma thamai film eke caption eka denna ona. patta... wena aya daana caption ekata fil eka gannawath hithen na
Ruchira
Thanks for the sub!!!!!!!!!
Sasiru
Thank you very much for your commitment, highly appreciate it. please keep going.
lakshan
thanks .....................
Bobby
Thank you very much
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
tharangani
thanx
Sahan
thanks a lot sahooo
darshana
thanks brother for sub! keep it up...
Anonymous
ThnkZ brthr for sub....gd lk....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි... the blacklist එකටත් සබ් දෙන්නකො.