Uprising (2024) Sinhala Subtitles අද මන් ඔන්න කාලෙකින් ආපු සුපිරිම හිස්ටොරිකල් ෆිලුමක් අරගෙන ආවේ. නම තමා UPRISING. කොරියානු නම තමා 전,란 (ජොන්, රන්). කොරියානු නමේ තේරුම වෙන්නේ යුද්ධය සහ කැරැල්ල. මේ අවුරුද්දේ Highly Anticipated ෆිල්ම් අතරින් උඩින්ම තිබ්බ එකක් මේක. මාත් මේක එනකම් ඇගිලි ගැන ගැන බලන් ඉදි…
Uprising (2024) Sinhala Subtitles
අද මන් ඔන්න කාලෙකින් ආපු සුපිරිම හිස්ටොරිකල් ෆිලුමක් අරගෙන ආවේ. නම තමා UPRISING. කොරියානු නම තමා 전,란 (ජොන්, රන්). කොරියානු නමේ තේරුම වෙන්නේ යුද්ධය සහ කැරැල්ල. මේ අවුරුද්දේ Highly Anticipated ෆිල්ම් අතරින් උඩින්ම තිබ්බ එකක් මේක. මාත් මේක එනකම් ඇගිලි ගැන ගැන බලන් ඉදියේ. මේ ඔක්තෝබර් 11 වෙනිදා Netflix හරහා රිලීස් වුන UPRISING පැය දෙකයි මිනිත්තු හයකට ආසන්න කාලයක් පුරාවට දිව යනවා. Midnight FM ෆිලුම අධ්‍යක්ෂණය කරපු Kim Sang Man තමා මේකේ අධ්‍යක්ෂණය කරන්නේ. Oldboy, The Handmaiden, Decision To Leave වගේ ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Park Chan Wook තමා තිර රචනයෙන් වගේම නිෂ්පාදනයෙන් දායක වෙන්නේ. Park Chan Wook අතගහපු වැඩක් නම් ඉතින් සුපිරියක් තමා කියලා ඔයාලත් දන්නවා ඇතිනේ. Historical, War, Action ගනයට අයිති වෙන මේ ෆිලුම Netflix හරහා නිකුත් වෙන්න කලින් ඔක්තෝබර් 02 වෙනිදා පටන් ගෙන 11 වෙනිදා ඉවර වුනු 29th Busan International Film Festival (BIFF) එකේදි Opening Film එක විදියට තිරගත වුනා.
චිත්‍රපටියේ සටන් ජවනිකා ගැන කිව්වොත් ආයේ පර්ෆෙක්ට්. සුපිරි කඩු සටන් ගොඩක් බලාගන්න පුළුවන්. ආයේ ඉතින් පටන්ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම්ම කට ඇරගෙන බලන් ඉන්න තමා තියෙන්නේ. මේ අවුරුද්දේ ආපු Top Notch වැඩක් තමා මේක. කාස්ට් එක පැත්තට ගියොතින් මන් පෞද්ගලිකව කැමතිම කොරියන් නළුවෙක් වෙන Kang Dong Won තමා ප්‍රධාන චරිතය කරන්නේ. කොරියන් ෆිල්ම් බලන කෙනෙක් නම් Kang Dong Won ව නොදැන ඉන්න විදියක් නෑනේ. Kang Dong Won ගොඩ කාලෙකට පස්සේ තමා මෙහෙම හිස්ටොරිකල් චිත්‍රපටියක් කලේ. Kang Dong Won ඇතුළුව Park Jeong Min, Kim Shin Rok, Jin Seon Kyu, Jung Sung Il සහ Cha Seung Won වගේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂම නළු නිළියෝ සෙට් එකක් තමා UPRISING එකේ රංගනයෙන් දායක වෙන්නේ. හැමෝම තමන්ගේ චරිතෙට උපරිම සාධාරණයක් කරලා තියේ කියලා දෙකක් නැතුව කියන්න පුළුවන්❤️
《CAST – රංගන දායකත්වය》
• Kang Dong Won – චොන් යොන්ග්
• Park Jeong Min – යී ජොන්ග් ර්යෝ
• Kim Shin Rok – බොම් දොන්ග්
• Jin Seon Kyu – කිම් ජා ර්යොන්ග්
• Jung Sung Il – කික්කවා ගෙන්ශින්
• Cha Seung Won – සොන්ජෝ රජු
《Summary – සාරාංශය》
ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය වෙලා ඉවරයි. ඔන්න ඔය කාරණේ හින්දම චොන් යොන්ග් පොඩි කාලෙම වහලෙක් වෙනවා. මෙයාව වහල්කමට අරගන්නේ ලොකු හමුදා පවුලකින්. වහලෙක් විදියට චොන් යොන්ග්ගේ රාජකාරිය වුනේ තමන්ගේ ස්වාමියා වෙනුවට ගුටි කන එක. චොන් යොන්ග්ගේ ස්වාමියා තමා ඒ ගෙදර පුතා වුනු යී ජොන්ග් ර්යෝ. ජොන්ග් ර්යෝ, චොන් යොන්ග් දෙන්නා හරි ඉක්මනට යාළුවෝ වෙනවා. ලොකු වුනාම හමුදා නිලධාරියෙක් වෙන්න ජොන්ග් ර්යෝට හමුදා විභාගය සමත් වෙන්න වෙනවා. ඒත් ජොන්ග් ර්යෝ හමුදා විභාගෙ කරපු හැම පාරම අසමත්. මේ හින්දා චොන් යොන්ග් එයා වෙනුවට හමුදා විභාගෙට පෙනී ඉන්නවා. ඒ චොන් යොන්ග්ව වහල්භාවයෙන් නිදහස් කරනවයි කියන පොරොන්දුව උඩ.
චොන් යොන්ග් එයා පොරොන්දු වුන විදියටම විභාගය ඉහළින්ම සමත් වුනාට වහල්භාවයෙන් නිදහස් කරන්න වුන පොරොන්දුව ජොන්ග් ර්යෝගේ පියාණන් ඉටු කරන්නේ නැහැ. මෙන්න මේක හින්දා චොන් යොන්ග් එහෙන් පැනලා යනවා. පැනලා යන හැම වෙලේම වහල් දඩයක්කාරයෝ චොන් යොන්ග්ව අල්ලගෙන එනවා. මෙන්න මේ හින්දා චොන් යොන්ග් ජොන්ග් ර්යෝ එක්කත් කේන්තියෙන් ඉන්නේ. ඔහොම ඉද්දි එක දවසක් ජොන්ග් ර්යෝ ගෙදර නැති වෙලාවේ වහල්ලු එකතු වෙලා ගෙදරට ගිනි තියලා සේරමව මරලා දානවා. මේ අතරේ ජපන්නු ජොසොනය ආක්‍රමණය කරන්න ඇවිත් නිසා යුද්ධයකුත් පටන් ගන්නවා. ඔය අතරේ රජතුමාවත් කැදවගෙන අගනුවරින් පැනලා යන ගමන් ඉන්න ජොන්ග් ර්යෝට එයාගේ පවුල ගිනි තියලා මරලා දැම්මා කියලා ආරංචි වෙනවා. ඒකට සැක කරන්නේ චොන් යොන්ග්ව. ඉතින් හොදම යාළුවෝ විදියට ඉදපු මේ දෙන්නා දැන් පරම සතුරෝ වෙනවා. ඉතින් ජොන්ග් ර්යෝ චොන් යොන්ග්ගෙන් පළිගනීවිද? චොන් යොන්ග් වහල්භාවයෙන් නිදහස් වෙයිද? යුද්ධයෙන් ජොසොනයට මොකක් වෙයිද? අන්තිමේදි මේ දෙන්නගේ මිත්‍රත්වයට මොකක් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!
Uprising (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,381 downloadsDownload UPRISING-2024.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Escape (2024) Sinhala SubtitlesSubtitles by
නයන බුද්ධික
Subtitles
19 comments
Sulakshana Thilakarathne
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලී
කොරියන් ෆිල්ම්නම් ඔයා තමයි
ජයවේවා!!!Anonymous
thank you nayana bro
Geun dae
සුපිරි සහෝ. Sub එකට Thanks ♥️
Kavindu Nethmina
Sub Ekat thanks bro
Tharindu
Sub akata thanks .ath meka download karagana tenak kiyanna webrip aka download karaganna tenak nene. Hema tenama tiyenne web dL
Nirmal Vimukthi
Ape downnload site eke balanna saho...
Buddhika laKMal
ස්තූතියි නයන බුද්දික සහෝ උපසිරැසියට...
ජයවේවා......Akila Dilhara
Thanks for Sub...❤❤❤
Ravindra
Thanks sub ekata
Dasun
සුපිරි ආර්ටිකල් එක සබ් එක ගත්තා
Nadun Charuka
Thanks saho sub ekata
jazz
බොහෝම ස්තුතියි
baiscopelkISHU
sub ekta THX saho
Isuru Chamara Jayalal
Thanks
Tharindu
bohoma stuti.. jaya wewa
J.kaushalya
Good job and good select
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Nishan
Thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Uprising (2024) Sinhala Subtitles | යුද්ධය සහ කැරැල්ල [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/10/Uprising-2024-2.jpg)
Denkan balan hitiye, hodak sthuthi saho.. jaya wewa oyata!!