Alien: Romulus (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු සහ අතිසාර්ථකව තිරගත වුණු ඒලියන් ෆ්‍රැන්චයිස් එකේ අළුත්ම චිත්‍රපටය. ඒලියන් ෆ්‍රැන්චයිස් එක මේ වෙනකොට සෑහෙන දුරට විකාශය වුණ සහ විකාශය වෙන ෆ්‍රැන්චයිස් එකක්. ඊට ඒලියන් පොත්පත්, චිත්‍රපට, වීඩියෝ ක්…
Alien: Romulus (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු සහ අතිසාර්ථකව තිරගත වුණු ඒලියන් ෆ්‍රැන්චයිස් එකේ අළුත්ම චිත්‍රපටය. ඒලියන් ෆ්‍රැන්චයිස් එක මේ වෙනකොට සෑහෙන දුරට විකාශය වුණ සහ විකාශය වෙන ෆ්‍රැන්චයිස් එකක්. ඊට ඒලියන් පොත්පත්, චිත්‍රපට, වීඩියෝ ක්‍රීඩා මෙන්ම ඉදිරියේදී ටීවී සීරිස් එකක්ද පැමිණෙන්න නියමිතයි.
ඒලියන් ෆිල්ම් සීරිස් එක ගත්තොත්, මේ වෙනකොට රොමියුලස් ඇතුලුව චිත්‍රපට 9 නිකුත් වෙලා තියෙනවා. එනම්,
1.Alien (1979) 2.Aliens (1986) 3.Alien 3 (1992) 4.Alien: Resurrection (1997) (5.Alien vs. Predator (2004) 6.Aliens vs. Predator: Requiem (2007) 7.Prometheus (2012) 8.Alien: Covenant (2017) 9.Alien: Romulus (2024) මේ ඉහත තියෙන්නෙ චිත්‍රපට නිකුත් වුණ පිළිවෙලයි. ඒත් චිත්‍රපට තුල කාල රාමු යන්නෙ ඊට වෙනස් පිළිවෙලකට. ඒ අනුව ඒලියන්: රොමියුලස් චිත්‍රපටය දිවයන කාලරාමුව වෙන්නේ Alien (1979) සහ Aliens (1986) යන චිත්‍රපට දෙකේ අතර මැදි කාලයේ.
ඒලියන් චිත්‍රපට සහ මූලික වීඩියෝ ක්‍රීඩා කතාව දිව යන කාලරාමුවේ පිළිවෙලට
එහෙනම් දැං අපි Alien: Romulus චිත්‍රපටය පැත්තට හැරෙමු. 2019 දී 20th Century Fox ආයතනය නිවේදනය කරනවා අළුතෙන් Alien චිත්‍රපටයක් හදන බවට, ඊට Fede Álvarez මහතාව තෝරගන්නවා අධ්‍යක්ෂකවරයා විදිහට 2022 වර්ශයේදි, රූගත කිරීම් 2023 වර්ශයේදී ආරම්භ වෙලා, අවසාන ප්‍රතිපලය ලෝකවාසී සියලුම දෙනාට 2024 අගෝස්තු 16 වෙනිදා සිට සිනමාශාලාවල් හරහා බලාගන්න හැකිවුණා ලංකාවෙත් ඇතුලුව. මේක මුලිම්ම නිකුත් කරන්න හැදුවේ Hulu ස්ට්‍රීමින් සේවාවට විතරයි සිනමාශාලාවල් වලට නොදා, ඒත් පස්සෙ ඩිස්නි ආයතනය මේක සිනමාශාලාවල් වලට දාන්න තීරණය කරනවා සුපිරිම මාකටින් කැම්පේන් එකකුත් එක්කම. ඒ අනුව ඩොලර් මිලියන 80 යොදා නිෂ්පාදනය කරන මේ චිත්‍රපටය සාර්ථකව තිරගත වී මේ වෙනකොට ඩොලර් මිලියන 350 ආසන්න ප්‍රමාණයක් උපයාගන්න හැකිවෙලා තියෙනවා.
ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්, ඔයාල සමාජ මාධ්‍ය වලත් දකින්න ඇති ඉතාමත් ඉහල ගුණාත්මක ප්‍රතිචාර මීට හම්බුණයි කියලා. ඒ අනුව IMDb දර්ශකේ මනාප 110,000 අධික ප්‍රමානයකින් 7.3 ඉතාමත් ඉහල අගයක් අරගෙන, Alien ෆිල්ම් සීරිස් එකේ තුන්වෙනියට හොඳම චිත්‍රපටය බවට රේටින් අතින් පත්වෙලා තියෙනවා. තවද Rotten Tomatoes තුලත් 80% බොහොම හොඳ ප්‍රතිශතයක් අරගෙන, RT වෙබ් අඩවියෙත් තුන්වෙනියට හොඳම ඒලියන් චිත්‍රපටය බවට පත්වෙලා තියෙනවා.
මෙච්චරටම ප්‍රේක්ෂකයො පිස්සු වට්ටන තරමේ Horror/Thriller/Sci-fi චිත්‍රපටයක් හදන්න හැම අධ්‍යක්ෂකවරයෙක්ටම බෑ, ඊට ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් පුරවන භීතියෙන් මත් කරවන්න සමත් අධ්‍යක්ෂකවරයෙක් ඕනෙමයි. ඒකට 20th Century Fox ආයතනය ගැලපෙනම තීරණය අරගන්නවා සහ ඒක ඉතාමත් හොඳින් සාර්ථක වෙලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි Evil Dead(2013), Don’t Breathe(2016) තුලින් Horror චිත්‍රපට ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තියපු Fede Álvarez මහතා. ඔහු 2016 දි Alien: Isolation වීඩියෝ ක්‍රීඩාව ප්ලේ කරලා තදින්ම ආසාවක් ඇතිවෙලා තියෙනවා සුපිරියටම බය හිතෙන ඒලියන් චිත්‍රපටයක් හදන්න ඕනෙයි කියලා, හරියට ඒලියන් මුල් චිත්‍රපට වල තිබුණ ඒ සුවිශේෂී ත්‍රාසය ආයෙත් චිත්‍රපටයකට අරගෙන. ඉතිං ඔහුගේ ඒ ආසාව ඉටු වෙන්නේ මම කලිනුත් මතක් කරපු විදිහට 2022 මාර්තු මාසයේදියි, 20th Century Fox ආයතනය නව ඒලියන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුට පිරිනමද්දි. ඒ වගේම ඔහු මේ ඒලියන් චිත්‍රපටයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා, කොච්චරද කියනවා නම් ප්‍රේක්ෂකයො මේක හදුන්වන්නේ දශක දෙකකින් ආපු හොඳම ඒලියන් චිත්‍රපටය කියායි. තවද ඒලියන් මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ridley Scott මහතාත් මේ චිත්‍රපටය ඉහලින්ම අගේ කරලා තිබුණා. ඒ විතරක් නෙවේ අධ්‍යක්ෂකවරයා මේකට CGI මතම යන්නැතුව ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් පාවිච්චි කරලා චිත්‍රපටයට නවමු පණක් එක් කරලා තියෙයි කියලත් බලන කොයි කාටත් තේරෙයි.
චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වූ දින Ridley Scott මහතා Fede Álvarez අධ්‍යක්ෂකතුමාට එවපු පණිවිඩය
මෙහි රංගන ශිල්පීන් ගැන කතා කරද්දි අධ්‍යක්ෂකතුමා මේකට යොදාගෙන තියෙන්නේ යම්තාක් නවක නිළියන් රැසක්. එනම්, Civil War(2024) චිත්‍රපටය හරහා යම් ප්‍රසිද්ධියකට පත් Alien: Romulus චිත්‍රපටයෙන් පසු බොහෝ දෙනාගෙ ක්‍රෂ් එක වුණ සුරූපී නිළි Cailee Spaeny මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව David Jonsson / Archie Renaux / Isabela Merced / Spike Fearn / Aileen Wu වැනි අය මීට එකතු වෙලා තියෙනවා.
මෙහි කතාව දිව යන්නේ වේලන්ඩ් යුටානි සමාගමට අයත් කොලනියක් වෙන ජැක්සන්’ස් ස්ටාර් තුල ජීවත් වෙන තරුණ කන්ඩායමක් වටා. මේ කොලනි වල මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි, විශ වායූන්, අහිතකර කුණාටු, විවිධ ලෙඩ රෝග හේතුවෙන්. ඒත් මිනිස්සුන්ට මේ කොලනි දාල යන්න නම් සමාගම වෙනුවෙන් නිෂ්චිත කාල සීමාවක් වැඩ කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ කාල සිමාව ඉවර වෙන එකක් නම් නෙවෙයි සමාගම කොහොම හරි වංචාවෙන් මිනිස්සුන්ව දිගටම වැඩවලට හිරකරලා තියාගන්නවා කන්න බොන්න ඉන්න තැන් දීල ඊට හිලව් වෙන්න.
මේ අසාධාරණකම් ඉවසන්න බැරුව තරුණ පිරිසක් තීරණේ කරනවා ඉවාගා කියන ග්‍රහලෝකෙට පැනලා යන්න. ඒක සමාගමට අයිති නැති නිදහස් මිනිස් වාසයට සුදුසු තැනක්. මේ කන්ඩායමේ ඉන්නවා රේන්, ඇයගේ හිටපු පෙම්වතා ටයිලර්, ඔහුගේ ගැබ් අරන් ඉන්න සහෝදරී කේ, එයාල දෙන්නගෙ ඥාති සහෝදරයා බියෝන්, ඔහුගේ නොවන හදාගන්න ගත්ත සහෝදරී නවාරෝ සහ සින්තැටික් මිනිස් රොබෝවෙක් වෙන ඇන්ඩි. ආහ් තව දෙයක් මේ චිත්‍රපටයෙදි කේ’ගෙ ළමයගෙ ඇත්ත තාත්තගේ නම කියන්නෑ, හැබැයි මෙහි නිර්මාණකරුවන් ඔහුගේ නම හෙලි කරලයි තියෙන්නේ. ඒක දැනගන්න කැමති අයටත් මං ලිපිය අවසානෙදි ඔහුගෙ නම කියන්නම්, මෙතනදි කිව්වොත් ස්පොයිල් වගේ නිසා.
මෙයාලට ඉවාගා වලට යන්න අවුරුදු නවයක් යනවා, එහෙම එක දිගට අහස් යානාවක අවුරුදු නවයක් ඉන්න බැරි නිසා මෙයාලට ක්‍රයෝ පොඩ්ස් ඕනෙ වෙනවා. ඒ කියන්නේ මිනිහෙක්ව ශිශිර නින්දට දාන කුටි, කෙනෙක් ශිශිර නින්දෙ ඉද්දි අධික ශීතලකට නිරාවරණය වෙලා නින්දට වැටිලා වයසට යෑම නවතිනවා. ඒකයි එහි වැදගත්කම වෙන්නේ. ඉතිං මෙයාලට දැනගන්න ලැබෙනවා ඉහල තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ක්‍රයෝ පොඩ්ස් කීපයක් තියෙයි කියලා මෙයාලට ඇති වෙන්න. ඒ අනුව මෙයාල යනවා ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට. එතනදි තමයි මෙයාලට හැම කරදරේකටම මුහුණ දෙන්න වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයට රොමියුලස් කියන නම ලැබිලා තියෙන්නෙත් මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානෙ නිසා. මොකද ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානෙ කොටස් දෙකකට බෙදල තියෙන්නේ රොමියුලස් සහ රීමස් නමින්.
එහෙනම් ඕක තමා කතාව. එක පාරටම මෙයාලට අහන්න ලැබුණ මේ අත්භූත අභ්‍යවකාශ මධ්‍යස්ථානෙ කතාව මොකක්ද? මේක ඇතුලෙදි මෙයාලට මොනා වෙයිද? බලලම තමයි දැනගන්න වෙන්නේ.
චිත්‍රපටයෙ නම ඒලියන්: රොමියුලස්, චිත්‍රපටය තුලත් මේ රොමියුලස් සහ රීමස් ගැන පොඩි ඉගි තියෙනවා. ඉතිං ඒ සම්බන්ධවත් පොඩි හරි ආසාවක් තියෙන අය වෙනුවෙන් මේ දෙන්නගෙ කතාව ගැනත් පොඩියට කියන්නම් නැත්තම් ඒක ලොකු අඩුවක් කියලා හිතෙන නිසා,
රෝමානු පුරාවෘත්තයන්ට අනුව රොමියුලස් සහ රීමස් කියන්නේ, රෝමානු යුද්ධෙට අධිපති දෙවියන් වෙන මාර්ස්ට සහ මනුෂ්‍ය කාන්තාවක් වෙන රියා සිල්වියාට දාව ඉපදුණු නිවුන් සහෝදරයන් දෙන්නෙක්.
රියා සිල්වියා කියන්නේ ඇල්බා ලොන්ගා නගරයේ රජු නියුමිටර්ගේ දියනිය. ඇගේ මාමා අමූලියස් බලයට තන්හාවෙ නියුමිටර්ව පන්නලා ඇල්බා ලොන්ගා වල රජු වෙනවා. පස්සෙ රියාව පූජකවරියක් කරනවා ඇයට දරුවන් හදන්න තහනම් කරන්න, මොකද ඇගේ දරුවන් ඔහුට අභියෝගයක් වෙයි කියලා හිතුව නිසා. ඒත් කෙසේ හෝ රියා නිවුන් දරුවන් බිහිකරනවා රොමියුලස් සහ රීමස් නමින්. මේ බව ඇගේ මාමාට ආරංචි වෙලා ළමයි දෙන්නව මරණ්න නියෝග කරනවා ටයිබර් ගඟේ ගිල්වලා. මේක කරන්න යවපු සේවකයට ඒක කරන්න හිතදෙන්නෑ ඒ නිසා ඔහු ඔවුන් දෙන්නාව කූඩෙක දාල ගඟේ පා කරලා හරිනවා. ඔහොම ගහගෙන ගිහින් නතර වෙන්නේ වෘකදෙනක්(She-wolf) ගාවින්(සමහර පුරාවෘත්ත වලට අනුව කියවෙනවා මේ වෘකදෙනව එව්වේ දරුවන් දෙදෙනාගේ පියා වෙන මාර්ස් දෙවියන් විසින් කියලා.) මේ වෘකදෙන ඔවුන් දෙන්නාට කිරි දීල බලාගන්නවා. පසුව ෆවුස්ටියුලස් නම් එඬේරෙක් ඔවුන්ව හොයාගෙන තමන්ගෙම ළමයි දෙන්නෙක් වගේ රැක බලාගන්නවා. පසුකාලීනව මේ වෘකදෙන රෝමයේ වැදගත් සංකේතයක් බවටද පත් වෙනවා.
රෝමයේ වැදගත් සංකේතයක් වූ ළමයින් දෙන්නාට කිරි දෙන වෘකදෙන
එසේ ඔවුන් උස්මහත් වෙනකොට එයාල දැනගන්නවා එයාල ඇත්තටම කුමාරවරු කියලා. පසුව ඔවුන් මිනිසුන් එකතු කරලා හමුධාවක් හදාගෙන ආයෙත් ඇල්බා ලොන්ගා වලට ගිහින් එයාලගෙ සීයා නියුමිටර්ට උදව් කරනවා අමූලියස්ව පන්නලා නැවතත් කිරුළ ගන්න. ඊට පස්සේ රොමියුලස් සහ රීමස් තීරණේ කරනවා අළුත් නගරය හදන්න ඕනෙයි කියලා. රොමියුලස් කියන්නේ නගරය පැලටීන් කඳුකරයේ හදමු කියලා, රීමස් කියන්නේ ඇවන්ටීන් කඳුකරයේ හදමු කියලා.
රොමියුලස් සහ රීමස් සිතුවමක්
කොහොම හරි මේ දෙන්නා මේකට වාද කරලා ඒක දුර දිග ගිහින් කෙලවර වෙන්නේ රොමියුලස් රීමස්ව ඝාතනය කරලා. ඊට පස්සෙ රොමියුලස් පැලටීන් කඳුකරයේ නගරය හදලා ඔහුගේ නමට ගැලපෙන විදිහට නගරෙට රෝමය කියලා නම තියලා රෝමයේ පළමු රජු බවට පත්වෙනවා. ඒ වගේම පසුකාලීනව රෝමය එසේ කඳුකර හතක් පුරාවට විහිදෙනවා ඇවන්ටීන් කඳුකරයත් ඇතුලුව.
රෝමය ගොඩ නැගී තිබුණ මූලික කඳුකර හත
ඔන්න ඕක තමයි රොමියුලස්ගේ කතාව. පසුව ඔහු අභිරහස් විදිහට අතුරුදහන් වෙලා, ඒක රෝමෙ මිනිස්සු ඔහු දෙවි කෙනෙක් වුණා කියල විශ්වාස කරලා ක්වරයිනස් යන නාමයෙන් ඔහුව වන්දනාමාන කරන්න අරන් තියෙනවා. බොහෝ කතා වල තියෙන්නේ කුණාටුවකදි ඔහු අතුරුදහන් වුණා කියලා නැතිනම් දෙවියන් විසින් ඔහුව රැගෙන ගියා කියලා… එහෙනම් දැං කියෙව්වා හොඳටම ඇතිනේ?
අද ඔක්තෝබර් 15 වෙනිදා තමයි මේකෙ වෙබ් පිටපත් නිකුත් වුණේ, නිකුත් වුණ සැහෙන් ඔන්න සබ් එකත් ගෙනාවා. අවසාන වශයෙන් විශේෂයෙන් ස්තූතියි කරන්න ඕනෙ සිසිල අයියටයි විමා අයියටයි මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්නට. එහෙනම්… ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා, අන්තිමට මතක් කරන්නම් කිව්වනේ කේ’ට හම්බන්න ඉන්න දරුවගෙ තාත්තගේ නම. ඔව් ඔහු ගැන චිත්‍රපටයෙදී කියන්නෑ. ඔහු තමයි ඇයගේ ඥාති සහෝදරයා වුණ බියෝන් . එහෙනම් මං සමුගන්නවා ආයෙ හමුවෙමු, ජයවේවා!
Alien: Romulus (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA / WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
22,768 downloadsDownload Alien.Romulus.2024.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Longlegs (2024) Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
29 comments
රුක්ෂාන් ඛාන් (රුකා)
ඔලිව
හෙහ් තෑන්කියු මල්ලි
Buddhika laKMal
බොහෝම ස්තූතියි බිම්සර සහෝ උපසිරැසියට...
සෑහෙන්න මහන්සිවෙලා ලියල තියෙන ලිපියටත් තැන්ක්ස්......Kavi
බොහොම ස්තූතියි සහෝ
ඉක්මනටම අරගෙන ආවාට
ජය වේවා!Viraj
Thanks
Asanga Basooriya
jayen jayama wewa...
tharindu
thank you oliwa
යුරාන් ධනුක (දනුවා)
නියමයි ඔලිව සහෝ, පට්ට වේගෙන් සබත් දීලා
දැන් ඒකත් එක්කම ෆිලුම බලන්න පුළුවන්
දිගටම මේ වගේ ඒවා ගේමු... ජයවේවා!!!Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
nisa
patta bro...sub akata thnkx,artical akath suppah
Yash
Thank you Machan
Anonymous
Thank you
චූටි කිටියා
Meka 18+ nemene ai ehema damme
Anonymous
thank you..
Akila Dilhara
Thanks for Sub...❤❤❤
lakshan
thanks ........................
Dasun Lakruwan
සුපිරි ආර්ටිකල් එකක්..සබ ගත්තා
Tharuka
Apu pamawata movie ekata sub eka dunnata thanks a lot
SACHINTHA
thanks for sub
ක්‍රිශාන්ත හැරිස්
ස්තුතියි සබ් එකට .....
baiscopelkISHU
sub ekta THX machn
Ashmal
Alien Romulus balanna nm kalin aapu movies Tika balanna oone da ?
Anonymous
ow
shalini
Thank you ️
Anonymous
excellent..........
Anonymous
Thanks for sub brother❤
Anonymous
Thank you oyala godak mahansi wenawa
Anonymous
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හම්මේ ඉතිං. ෆිලුම එන ටිකට මෙහෙන් දීලත් ඉවරයි... උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජය වේවා