ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ගෙනාවා මුලින්ම මට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරසිටිනවා. මේ පාර මං තෝරගත්තෙ මලයාලම් සිනමා නිර්මාණයක්. imdb එකේ 6.9/10 අගයක් අරන් තියෙන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Santosh Sivan විසින්. මෙයට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් රංගනයෙන් දාය…

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ගෙනාවා මුලින්ම මට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරසිටිනවා. මේ පාර මං තෝරගත්තෙ මලයාලම් සිනමා නිර්මාණයක්. imdb එකේ 6.9/10 අගයක් අරන් තියෙන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Santosh Sivan විසින්. මෙයට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Prithviraj Sukumaran, Prabhu Deva, Genelia D’Souza, Nithya Menon, Vidya Balan සහ Arya යන අය සිටිනවා. එමෙන්ම මෙය ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසකදී සම්මානයටද පාත්‍ර වෙලා තියෙනවා.
මෙහි කතා තේමාවනම් අපේ රටටත් අදාළයි අතීතයේ අධිරාජ්‍යාවාදය හරහා අපේ රටවල් කොල්ල කාපු බටහිර ජාතීන් අද බහුජාතික සමාගම් නමින් ඇවිත් අපේ රටවල් කොල්ල කනවා. අතීතයේදී එයට විරුද්ධව ජාතික වීරයින් නැගී සිටියා. එහෙත් අද බොහෝ දෙනා ඒ බව අමතක කර, බටහිර ජාතීන් ට ආවඩන පිරිසක් එදා වගේම අදත් ඉන්නවා. මෙහි සඳහන් වෙන්නේ ඒ පිළිබඳවයි.
උරුමි කියන්නෙ අංගම්පොර සටන් කලාවෙදි පාවිච්චිකරන එතුණු කඩුවට කියන මලයාලම් නම. මේ සිනමා නිර්මාණයේ කතාව දිවයන්නේ අතීතයේ ඉන්දියාවට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා ලෙස පිළිගැනෙන වස්කෝ ද ගාමා ඇතුළු පෘතුගීසි ජාතිකයින් සමග සටන් කල කේලු නම් ඉන්දීය ජාතික වීරයෙක් පිළිබඳවයි. ඔහු මේ උරුමි නම් කඩුව භාවිතයෙන් තමයි සටන් කරන්නෙ. ඒ නිසා ටිකක් වෙනස් සටන් කීපයක්ද ඔබට මෙය නැරඹුවොත් බලාගන්න පුළුවන්. ඒ අතර වර්තමාන කතාවකුත් ගලාන යනවා. පාරම්පරික ඉඩමක් විකුණන්න යන ක්‍රිශ්නදාස් කියලා තරුණයෙක් වටා. ටිකක් වෙනස් අත් දැකීමක් විඳින්න කැමති හැමෝටම ගැලපෙන බලන්න පුළුවන් ආදරය සහ වීරත්වය පිරුණු චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්න පුළුවන්.
මේ ලිපිය අවසාන කරන්න කලින් තව දෙයක් කියන්න ඕන. පසු ගිය දවස් වල බයිස්කෝප් අඩවියේ බොහෝ දෙනා කිව්ව වගේම බයිස්කෝප් අඩවියෙන් බාගත්තු උපසිරැසි වල ඒව නිර්මාණය කරපු අයගේ නම සහ බයිස්කෝප් අඩවියේ නම ඉවත් කරලා ඩීවීඩී පට වලට දාලා විකුණනවා. කවුරු මේ වැඩේ කළත් ඒක හරිම වැරදියි. උපසිරැසි ඩීවීඩී පට වලට ඇතුල් කරද්දි අඩුම ගානෙ ඒක නිර්මාණය කරපු කෙනාට ස්තූති කිරීමක් නැත්නම් අඩුම ගානෙ නමවත් ඉවත් නොකර ඉන්නවනම් ඒක ලොකු දෙයක්. මොකද කෙනෙක් කරපු නිර්මාණයක් අවසරයක් හෝ නම සඳහන් නොකර නැතුව භාවිතා කරලා මුදල් හොයනවා කියන්නෙ හරිම පහත් වැඩක්. ඇත්තෙන්ම ඒක හොරකමක්…
ළඟදිම තවත් උපසිරැසියක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබ සැමට ජය …..!
92EFDA69DBF9AFAD64ADDE0D8B790EFD63D23210 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,161 downloadsDownload Urumi.2012.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් තාරක
Subtitles
46 comments
Tharusha dinujaya
ලක්ෂාන් නිලංක
එල මචන්..මේ වගේ ඒවා අනිවා බලනවා..ජය වේවා...!
SaDuN dAnUsHkA
සදුනා එල කිරි
අනිව බලනවා...නලින්
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා!
Thisal
tnxxxx
Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
patta.....me wge ewa supiri.subata thanks SADUN saho.keep it up.jaya wewa....
inoka perera
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
නියමයි මචෝ සබට තෑන්ක්ස්
Naween
පස්වෙනි උපසිරැසියට තෑන්ක්ස් සහෝ...ජය...!
“චූටී මල්ලි”
හ්ම්....ඒකනම් හොරකමක් තමයි
ඒත් ඉතින් මොනාකරන්නද
එල මචෝ
සබට තුති
ඔබට ජය.........Udara Rajapakse (Shan)
thnk u very much bro :) :)
I totally agree with ur last comment...ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇත්ත කතාවක් කොල්ලෝ.
දැන් මගේ සබ් වලටත් මම දාන්නේ
“කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න“ කියලා නෙමෙයි.“හොරකම් කිරීමෙන් වලකින්න කියලා“
ඒත් මේවා නවතින්නේ නෑ.
උන්ට ලබන ආත්මේ ඉපදෙන්න වෙන්නේ, ඇඟිලි නැතුව.
Chami.S
Thanks...
අදිත ප්‍රවීන්
නියමයි !
දිගටම සබ් දෙමු .
ජය !
:DI.W.M.S Ilangakoon
elama kiri machooooo,,, thankz wewa,,,
pradeep Iresh
ස්තුතියි..
chaminda
gaththa macho..thanks honde
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Janaka Jayathilake
ස්තුතියි.......... නියමයි !
දිගටම සබ් දෙමුරන්දුණු(MAX)
සිංහල උපසිරැසියට thank you bro....
chandima amarasinghe
niyamai thaz... niyamai.
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DkanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!yasasa lakmintha
එල කිරි සහෝ.. ගින්දර සිලුමක් වගේ,,තව සිලුමකින් හමුවෙමු..! ඔබට තුති.. :)
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
දමිත්
තෑන්ක්ස සහෝ. පෝස්ටර් එකේ හැටියට නම් පටට්යි වගේ. ජයෙන් ජය
me
Thanks
DAP
නියමයි !
thilina
ela machan
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන කතාවක් වගේ බොහොම ස්තුතියි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pamuditha
thank U වේව... ;)
Menu
බොහොම ස්තූතියි !
RASIKA
pattai bn.ohoma ewa dapan.tamil film balanna asa hithenawa mehema ewa balanakoya
rasitha
mama godak oyalage films balana kenek. godak thanks me karana hama dekatama.
"Men of Honer" kiyala lassana satya katawak tiyanawa. tikak paranai. Sub dala denna puluwannam hamoma asawen balai.Priyankara
Thank You Machan.
Well Donepushpakumara
thank,s subtitel
R_deshan
ඒකාකාරී ෆිල්ම් බලල එපා වෙලාම මොකක් හරි කමක් නෑ පරන ෆිල්ම් එකක් හරි වෙනස් එකක් හොයල බලනව කියල හොයන් යද්දි කනාවට වගේ මේක අහු උනා...ලිපිය කියවල හොඳ ඇති කියල බාගෙන බැලුවා...කියල වැඩක් නෑ පට්ටම කතාවක් කාලෙකට පස්සෙ හිත ගිය...සබට බොහොම ස්තූතියි...ජය වේවා!!!!
Tharinda keerthirathne
Meka download karaganna widihak kiyannakoo
Anonymous
බොහොම ස්තූතියි
thisal
dune bluray dahank bn koi kalada
Tharinda keerthirathne
Meka download karaganna widihak kiyannakoo
Tharinda keerthirathne
Me film eka download karaganna widihak kiyannakoo hd wath.
osanda chamod
Thank You.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx