Watch Trailer

V1 Murder Case (2019) Sinhala Subtitles | නර්මදාගේ ඝාතකයා! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න පහුගිය ටිකේම ක්‍රීඩාවට සම්බන්ධ චිත්‍රපට බලල කට්ටියට එපා වෙලත් ඇතිනේ ඒ නිසා මම හුඟක් ආසම කුතුහලයෙන් බලන්න පුල්වන් චිත්‍රපට වලට. ඒ නිසාම මට හිතුණා මේ චිත්‍රපටයට උපසිරස ගේන්න ඕනෙ කියල මොකද IMDb අගයත් 8.2 වගේ ඉහළම අගයක් අරන් තියෙන චිත්‍රපටයක්. 2019 දෙසැම්බර් මස 17 වන දින තිරගතවීම…

ආයුබෝවන් යාලුවනේ ඔන්න පහුගිය ටිකේම ක්‍රීඩාවට සම්බන්ධ චිත්‍රපට බලල කට්ටියට එපා වෙලත් ඇතිනේ ඒ නිසා මම හුඟක් ආසම කුතුහලයෙන් බලන්න පුල්වන් චිත්‍රපට වලට. ඒ නිසාම මට හිතුණා මේ චිත්‍රපටයට උපසිරස ගේන්න ඕනෙ කියල මොකද IMDb අගයත් 8.2 වගේ ඉහළම අගයක් අරන් තියෙන චිත්‍රපටයක්. 2019 දෙසැම්බර් මස 17 වන දින තිරගතවීම ආරම්භ වුණ පැය 1 කුත් විනාඩි 52ක් පුරා දිවෙන කුතුහලයෙන්ම පිරි චිත්‍රපටයක්. නළු නිළියන් වැඩි පිරිසක් නෑ, ඉන්න අයත් ඔක්කොම වගේ අලුත් පිරිසක්. නමුත් IMDb අගය බලද්දිම ඔයාලට හිතාගන්න පුලුවන්නෙ කොයි වගේ එකක්ද කියල. Ram Arun Castro, Mime Gopi, Lijeesh, Vishnupriya Pillai, Gayathri Raja, Ramachandran වගේ නලු නිළි පිරිසක් තමයි දායක වෙන්නෙ.

අග්නි, කියන්නෙ රහස් පරීක්ෂකයෙක් විදියට පුහුණු කරන්නෙක්. නමුත් ඔහුට නෙක්ටෝෆෝබියාව, ඒ කියන්නේ අදුරට බිය වෙන ලෙඩක් තියෙන කෙනෙක්. ඔහු ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුර ඔහුගේ සහායිකාව වන ලූනා කියනව මිනී මැරුම් කේස් එකක් තියෙනව අරගෙන කරන්න කියල ලොක්කගෙන් බර බරේ කියල. බල කරල බල කරල අවසානේ අග්නි නර්මදා කියන කෙල්ලෙක්ගෙ ඝාතන සිද්දියක මිනී මරුවා සෙවීමේ කටයුත්තට අත ගහනවා. නර්මදා ගෙදරින් තරහා වෙලා ඇවිත් නගරයේ රස්සාවක් කරන ගමන් ඉන්බා නම් තරුණයෙක් සමග විවාහ නොවී එකට වාසය කරන්න පටන් ගන්නවා. මෙය දැනගන්නා දෙමව්පියන් මෙයට තදින්ම විරුද්ධ වෙනවා. හදිස්සියේම දිනක් නර්මදා වැඩ අවසන් වී ගෙදර එමින් සිටියදි බෙල්ලට තියුණු උල් ආයුධයකින් ඇන ඝාතනයට ලක් වෙනවා. මේ ගැන විමසීම් කිරීමට නර්මදාගේ පෙම්වතා වන ඉන්බා කැදවලා ප්‍රශ්න කරනවා. එහිදි ඔහු පවසන්නේ මේ මරණයට වග කියන්න ඕනෙ තමා බවත්, තමාගේ රණ්ඩුව නිසා නර්මදා ඝාතනය වෙන්නට ඇති බවත්. අග්නී හා ලූනා තව දුරටත් සෝදිසි කිරීම් කරන අතරතුර සිද් නැමැති තරුණයෙක් නර්මදා පසුපස ආව බවට තොරතුරු හොයාගන්නවා. ඔහුද කැදවා ප්‍රශ්න කරන නමුත් සැලකිය යුතු තොරතුරක් හම්බවෙන්නෙ නෑ. පසුව නර්මදාගෙ යෙහෙලියගෙන් ප්‍රශ්න කිරීමේදි දැන ගන්නවා නර්මදා රක්ෂන ඉල්ලුම් පත්‍රයේ නම් සදහන් කරල තියෙන්නෙ ඔහුගේ පෙම්වතා වන ඉන්බාගේ නම නිසා එම වන්දි මුදල ලබා ගැනීමට නර්මදාව මරන්න ඇති කියන සැකය හෙලිවෙනවා. එම තොරතුරු මත ඉන්බාව නැවත වරක් ප්‍රශ්න කිරීමට කැදවිමට අග්නි ලූනා ඇතුලු කණ්ඩායමක් ඔහුගේ ගෙට ඇතුළු වනවා. එහිදි දක්නට ලැබෙන්නේ ඉන්බාගේ මළ සිරුර ඔහුගේ ඇද මත තිබෙන ආකාරයයි. එහිදි අග්නි තීරණය කරනවා එය මිනී මැරුවමක් නොව සිය දිවි නසාගැනීමක් බව. පසුව අග්නි හා ලූනා නර්මදාගේ ඝාතනය සිදුවුණ පළාතේ සෑම ගෙයකින්ම පාහේ ප්‍රශ්න කරමින් තොරතුරු හොයන්න පටන් ගන්නවා. එහෙදි වසා තිබෙන ගෙයක් ගැන සැක පහළ වී එ ගැන අසල්වැසියෙක්ගෙන් විමසීම් කරනවා. එහෙදි ඇය පවසන ආකාරයට උඩු මහලට ගොස් අවිනාෂි නම් තරුණයෙක්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එහෙදි ගැටුමක් ඇතිවෙලා අවිනෂි පැනල දුවනවා. කෙසේ හෝ ඔහු පසුපස පන්නන ලූනා සහ අග්නි ඔහුව අල්ලාගන්නවා. නමුත් ඒ අවස්ථාවේ රාත්‍රිය බැවින් අග්නි අනතුරකට ලක්වෙනවා. එහෙනම් එතනින් එහාට අග්නී මේ මිනී මරුවා සොයා ගන්නා ආකාරය කොහොමද කියල අපි බලමු අවසාන විනාඩිය වෙනකම්ම මිනිමරුවා මෙයා වෙන්න ඇති කියල දශමයකින් වත් අනුමාන කරන්න බැරි කෙනෙක් තමා මිනී මරුවා වෙන්නේ. ඒ නිසා ඔයාලත් අනිවාර්යයෙන් මේක බලයි කියල විශ්වාස කරනවා.

හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

14,082 downloadsDownload V1-Murder-Case-2019.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,082 downloadsDownload Subtitles55 KB

18 comments

  1. Isuru minipa

    Oka fattai thanks for sub puluwannam Aa Karaala Ratri 2018 Kannada film eka denna supiri Thriller film ekak

  2. nowty.sasanka

    අම්මෝ බලන් ඉදල ඉදලා එපා වෙලා හිටියේ සුපිරි tamil ෆිලුමක් එනකම්. ස්තූතියි ❤

  3. Udaya Saman

    අම්මෝ දීලා දීලා.උපසිරසියට බොහොම තුති සහෝ.එනකන් බලන් හිටියෙ මේක

  4. pasanMihidu1

    thanks so much

  5. D.Chamara

    bohoma sthuthu sahoo

  6. පැතුම් ලියනගේ

    great job brooooooooo

  7. Kavi_madushan

    Bohoma sthuthi sub ekt,puluwnnm avane srimannarayana movie ektth sub krnnko,jayawewa

  8. indika75

    thanks..

  9. [email protected]

    ela bro sinhala sube ekat athanks {ruler 22019 telugu} film ekata sube dannako eka supiri jayawewa..

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  11. Shaggie

    Thnks mchn

  12. kkvi077

    link naddda download karanna

  13. nish47

    ස්තූතියි සහෝ

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Devinda

    Good job

  16. Ravisara Dharmapala

    Hammo ekm hithaganda beri una film eka supiri kila wdk hw sub ekt hodta krla tybuna thnkss broo..

  17. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  18. niludilrukshi

    i want the song of this film