සුබ දවසක් වේවා බයිස්කෝප් යහලු යෙහෙලියො සියලුම දෙනාට.. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ එන්න මම ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන්. මේක පරණයි කියන්නේ 1935 තිරගත වුනු කළු සුදු චිත්‍රපටයක්. The 39 Steps John Buchan විසින් රචනා කරපු ත්‍රාසජනක නව කතාවක් තමයි පස්සේ කාලෙක Charles Bennett සහ Ian Hay විසින්…

සුබ දවසක් වේවා බයිස්කෝප් යහලු යෙහෙලියො සියලුම දෙනාට.. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ එන්න මම ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන්. මේක පරණයි කියන්නේ 1935 තිරගත වුනු කළු සුදු චිත්‍රපටයක්. The 39 Steps John Buchan විසින් රචනා කරපු ත්‍රාසජනක නව කතාවක් තමයි පස්සේ කාලෙක Charles Bennett සහ Ian Hay විසින් තිර රචනා කර Michael Balcon විසින් නිෂ්පාදනය කර Alfred Hitchock ගේ අධ්‍යක්ෂණයෙන් මේ ආකාරයට සිනමාවට නැගෙන්නේ. The 39 Steps බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. ලන්ඩනයේ වෙසෙන සාමාන්‍ය සිවිල් වැසියකු වන රිචඩ් හැනේ බ්‍රිතාන්‍ය හමුදා රහස් සොරකම් කරන පියවර 39 ලෙස හැදින්වෙන සංවිධානයක් වළක්වන්නට දරන උත්සහයේදී ඔත්තු බැලීමේ නියෝජිතවරියක් මරණයට පත්වෙනවා. මේ මරණයට වැරදි කරු ලෙස හැනේට චෝදනා කරන අතර හැනේ ස්කොට්ලන්තයට පලා යනවා. එහිදී හමුවන රූමත් කාන්තාවක් සමග එකතු වී හැනේ මෙම රහස් සොරකම් කිරීම වලක්වන අතර ඔහුගේ නිර්දෝෂී බාවයද නිසා අවසානයේ නිදහස් වෙනවා. විනාඩි 86ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය 1935 ජූනි 6 වන දා ලන්ඩන් වලදී තිරගත වීම ආරම්භ වූ අතර එම වසරේම අගෝස්තු 2 වන දා එක්සත් ජනපදයේද තිරගතවීම ආරම්භ කෙරුණි.
-බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය විසින් මෙම චිත්‍රපටය 20 වන සියවසේ සිව්වන හොදම බ්‍රිතාන්‍ය චිත්‍රපටය ලෙස නම් කලේය.
-2004 වසරේ ටෝටල් ෆිල්ම්ස් ආයතනය විසින් එතෙක් නිපදවන ලද 21 වන ශ්‍රේෂ්ඨතම බ්‍රිතාන්‍ය චිත්‍රපටය ලෙස නම් කල අතර
-2011 දී එය මෙතෙක් නවකතාවක් ඇසුරින් නිපදවූ චිත්‍රපට අනුවර්තන වලින් ලොව දෙවන හොදම චිත්‍රපටය ලෙස නම් කලේය.
2017 දී ටයිම් අවුට් සගරාව මගින් නළු නිලියන්, අධ්‍යක්ෂකවරුන්, ලේඛකයින්, නිෂ්පාදකවරුන් සහ විචාරකයින් 150 දෙනෙකුගේ මත විමසුමකින් එය බ්‍රිතාන්‍යෙය් 13 වන හොදම චිත්‍රපටය ලෙස නම් කලේය. Gaumont-British චිත්‍රපට නිෂ්පාදන සමාගම තම චිත්‍රපට ජාත්‍යන්තර වෙළද පොලවල සහ විශේෂයෙන් හොලිවුඩ් වල සිථාපිත කිරීමට උනන්දුවක් දැක්වීය. The 39 Steps චිත්‍රපටය ප්‍රධාන වශයෙන් මේ අරමුණ ඔස්සේ නිෂ්පාදනය කල චිත්‍රපටයකි. Alfred Hitchock ගේ කලින් චිත්‍රපටය වන The Man Who Knew Too Much චිත්‍රපටය සදහා ඩොලර් 40.000 ක පිරිවැයක් දැරූ අතර The 39 Steps චිත්‍රපටය සදහා ඩොලර් 60.000ක පිරිවැයක් දැරීය. මෙහි අමතර මුදල් වලින් වැඩි ප්‍රමාණයක් වැය වී ඇත්තේ එවකට සිකමා තරු අතර ඉහලින්ම සිටි Robert Donat සහ Madeleine Carroll හට වැටුප් ගෙවීම සදහායි. ඒ වන විටත් මේ දෙදෙනා හොලිවුඩයේ චිත්‍රපට සදහා දායක වී ඇති අතර ඇමරිකානු ප්‍රේක්ෂකයින් මේ දෙදෙනාව දැනහැදින සිටීම එයට හේතුවයි.මේ චිත්‍රපටය ගැන තවත් කරුණක් නම් කියන්නම ඕනේ. ඒ මේ චිත්‍රපටයට ඇති හිමිකම් නීතියයි. බ්‍රිතාන්‍යයේ හිමිකම් නීතියට අනුව එහි කල් ඉකුත්වීමට නියමිතව තියෙන්නේ Charles Bennett ගේ මරණයෙන් වසර 70කට පසුවයි. ඒ කියන්නේ 2065 වසරේය. තවද එහි සදහන් වන්නේ එක්සත් ජනපදයේ එහි මුල් 1931 ප්‍රකාශන හිමිකම් ලියාපදිංචිය ආරම්භක වසර 28 ක කාලයෙන් පසුව අළුත් නොකෙරුණු අතර එය එහි පොදු වසමට වැටුණි. එක්සත් ජනපද නොවන චිත්‍රපටයක් තවමත් එහි ආරම්භක රටෙහි ප්‍රකාශන හිමිකම ඇති බැවින්, එහි එක්සත් ජනපද ප්‍රකාශන අයිතිය 1996 දී ස්වයංක්‍රීයව ප්‍රතිෂ්ථාපනය කරන ලදි, එය නිකුත් වී වසර 95 ක කාලයක් සහිතව, එය 2026 අවසානයේදී කල් ඉකුත්වේ. එසේ තිබියදීත්, චිත්‍රපටයේ අනුවාදයන් අන්තර්ජාලය හරහා අඛණ්ඩව කාන්දු වෙමින් පවතීන බවයි. බලන්නකො ඒකෙත් හැටි නේද..
ඉතින් මේ මගේ 7 වන සිංහල උපසිරසියයි. 5 වන උපසිරසිය ලෙස The Towering Inferno 1974 චිත්‍රපටයේ සබ් දෙනකොට එයට ස්තුති කරලා lester64 සහෝදරයා කල යෝජනාවකට තමයි මම The 39 Steps චිත්‍රපටයට සබ් හදන්න පටන් ගත්තේ. කොහොම වුනත් සබ් එක හදන්න මට ගොඩක් කාලයක් ගියා. සීයට 75ක වැඩ ඉවර කරලා තියෙද්දී මම ගොඩක් කාර්යය බහුල වුනා. මටම හිතාගන්න බැහැ. කොහොම හරි ඉතුරු ටිකත් දැන් සම්පූර්ණ කරලා ඔයාලට සබ් එක අරන් ආවා. ආයෙත් දවසක මේ වගේම පරණ ලස්සන චිත්‍රපටයකට සබ් අරගෙන මම එන්නම්. එතෙක් ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
1,462 downloadsDownload The-39-Steps-1935.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
14 comments
Hashan M. Priyadarshana
Nivom
thanxxx
Hashan M. Priyadarshana
The Skin I Live In (2011) film එකට සබ් දෙනවද :)
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර සොයුර,
මෙම සිනමාපටයේ වීඩියෝව දැනටත් මා ළඟ තිබෙනවා ඔබේ උපසිරැසිය සමඟ දැන් එය නරඹන්නට පුළුවන්, හැකිනම් 1960 වර්ෂයේ තිරගත වූ Spartacus සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන්න. එසේම දැනට මෙම වෙබ් එක තුළ නොමැති ලොව ප්‍රකට ඇල්ෆඩ් හිච්කොක් සිනමාකරුවානන්ගේ තවත් පැරණි සිනමාපටයකට හෝ සිංහල උපසිරසි ලබාදෙන්න. මා පුද්ගලිකවම පැරණි කලාත්මක සිනමාපට අගයනවා, ඒවා නරඹනවා. ඔබේ වෙහෙසට මාගේ ප්‍රණාමය!!!roshanshameera
බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝදරයා..
AsithaDilruwan
ela saho thanks
Shamal manojan
ගොඩක් ස්තූතියි මේ ලබාදුන්නු උපසිරැසියට.
ඇල්ෆඩ් හිච්කොක්ගේ
The Man Who Knew Too Much - 1956
To Catch to a Thief - 1955
Torn Curtain - 1966
The wrong Man - 1956
The Lodger: The Story of London Fog - 1927
Saboteur - 1942
Blackmail - 1929
Stage Fright - 1950
Topaz - 1969
Under Capricorn - 1949
Murder - 1930
යන ෆිල්ම් ටිකටත් සබ් කරලා දෙන්න පුලුවන්ද? මම බයිස්කෝප් සයිට් එකේ පැරණි චිත්‍රපට වලට සිංහල උපසිරැසි කරන අයටත් ආරාධනා කරනවා ඇල්ෆඩ් හිච්කොක්ගේ මේ සුපිරිතම කුතුහලයෙන් හෙබි චිත්‍රපට පෙළ උපසිරැසි කිරීම සඳහා එක්වන ලෙස. මේ චිත්‍රපට වල bluray පිටපත් yts වෙබ් අඩවියේ තියනවා.Anonymous
Shamal Manojan සොයුරාගේ අදහස මමත් අනුමත කරනවා.
Dewadithya
Thanks for Sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Waruna Kamalawansha
නියමයි.... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට...
sasanka
thanks for the sub
Anonymous
Thanks you soo much ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!