Watch Trailer

Vacation Friends 2 (2023) Sinhala Subtitles | යමුද ආතල් කුඩු වෙන ට්‍රිප් එකක්? [සිංහල උපසිරසි]

Vacation Friends 2 (2023) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවනේ. ඔන්න එහෙනම් මෙක තමයි මගේ තුන්වෙනි උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය 2023 අගෝස්තු මස 25 දින Hulu සහ Disney+ ඔස්සේ නිකුත් කරන ලද, Comedy | Buddy | Adventure ගණයට අයත් පට්ට ආතල් ෆිල්ම් එකක්. මේකේ පලමු චිත්‍රපටය වන Vacation Frie…

vacation friends 2 (2023)

Vacation Friends 2 (2023) Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවනේ. ඔන්න එහෙනම් මෙක තමයි මගේ තුන්වෙනි උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය 2023 අගෝස්තු මස 25 දින Hulu සහ Disney+ ඔස්සේ නිකුත් කරන ලද, Comedy | Buddy | Adventure ගණයට අයත් පට්ට ආතල් ෆිල්ම් එකක්. මේකේ පලමු චිත්‍රපටය වන Vacation Friends (2021) සදහාත් බයිස්කෝප්වාසී සහෝදරෙක් සබ් කරලා තියනවා. නමුත් ඒක බලපු නැති කෙනෙක්ට උනත් කිසි අවුලක් නැතුව මේක බලන්න පුළුවන්. කතා දෙක අතර ලොකු සම්බන්ධයක් නෑ. ඒත් පලවෙනි එකත් මිස් කරගන්න එපා. මොකද ඒකත් පට්ට ම ආතල්.

කතාව පැත්තට හැරුනොත් ඔන්න මාකස් සහ එමිලි කියලා කපල් එකක් ඉන්නවා. මුන් හරි නෝමල් කපල් එකක්. මුන්ගේ යාලුවෝ වෙන තව කපල් එකක් ඉන්නවා රොන් සහ කයිලා කියලා. මුන් ඩබලනෙ වැඩේ. මුන් දෙන්නා ඇවිල්ලා පිස්සු කුජීත වැඩ කරන, යන යන තැන ආතල් ගන්න, පිස්සුම ඩබලක්. තනිකරම ආතල් කුඩු. ( මේ කපල් දෙක එකිනෙකාට මුන ගැහෙන හැටි පලවෙනි ෆිලුමේ තියනවා ) හැබැයි මුන් ටික සෙට් වෙන්නෙ කොහෙහරි ට්‍රිප් එකක් යද්දි විතරයි.

මාකස්ටයි එමිලිටයි තියනවා එයාලගෙම කියලා පොඩි ඉදිකිරීම් සමාගමක්. ඉතින් මෙයාලට අවස්තාවක් ලැබෙනවා “කිම් වේයි” කියලා ලොකු කොරියන් කම්පැනියකින් කරන හෝටලයක් හදන ප්‍රොජෙක්ට් එකකට අතගහන්න. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක මාකස්ට භාරදෙනවද නැද්ද ගැන කතා කරගන්න ඕන නිසා මේ වැඩේට මීටින් එකක් තියනවා කැරිබියන් දූපත් වල. ඉතින් ඒ මීටින් එකට යන්න ඕන නිසා, මීටිමට සතියකට විතර කලින් නිවාඩුවක් ගතකරන්නත් එක්ක මුන් දෙන්නා කැරිබියන් වලට යන්නයි හදන්නෙ. ඒ ට්‍රිප් එකට එන්න කියලා රොන්ටයි කයිලාටයිත් ආරාධනා කරනවා. හැබැයි රොන්ලාට කියන්නෙ නෑ මේක අස්සෙ ලොකු බිස්නස් වැඩකුත් තියනවා කියලා. මොකද උන් පිස්සු කෙලලා වැඩේ අල කරයි කියලා. ඉතින් මුන් සෙට් එකට මොන වගේ ආතල් වලට මූණ දෙන්න වෙයිද කියලා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න ම වෙනවා.

ඉතින් චිත්‍රපටය පටන් ගන්නේ මුන් දෙගොල්ල කැරිබියන් වලට යෑම සදහා එයාපෝට් එකට එන සීන් එකකින්. ඔන්න ඉතින් එතන ඉදන් ආයෙ එක දිගටම නන්ස්ටොප් සුපිරි ආතල් එකක් තමයි යන්නේ. මේකෙ සිද්ද වෙන්නේ අපි කිසිසේත්ම නොහිතන විදිහේ අහබු ආතල්. තනිකරම පිස්සු කොර වෙන හිටිහැටියේ සිද්දවෙන ආතල් සිද්දි ටිකක් එක්ක තමයි කතාව ගලාගෙන යන්නෙ. කිසිම කම්මැලි කමක් නැතුව හොදට හිනාවෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක් මේක. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ ඕං. ඒක නිසා මේක මිස් කරගන්නවා එහෙම නෙවෙයි ඕං. මේකෙ රොන් ලෙස රඟපාන්නෙ අපි කවුරුත් දන්නා කියන රෙස්ලින් ශූරයා ජෝන් සීනා. මූ නං දෙනවා ආතල් ටිකක් ආයෙ කියලා වැඩක් නෑ. මේකෙ කතාකරන වචන නම් ටිකක් සැරයි. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.

ඉතින් මම මේක කරන්න හිතන් හිතපු සබ් එකක් නෙවෙයි. විමා සහෝ අහලා තිබ්බා ඊලගට මේකට සබ් එක කරමුද කියලා. විමා සහෝ කරපු ඉල්ලීම අහක දාන්න නොහැකි නිසා, බැරි බැරි ගාතේ අමාරුවෙන් සබ කෙටුවා. උපසිරැසි පරිවර්තනයට මම තවම අලුත් නිසා මාත් තවම මේ වැඩේට හුරුවෙන ගමන් ඉන්නේ. ඉතින් කිව්වත් වගේම මේකට සබ පරිවර්තනය කරන්න පට්ටම ගේමක් දෙන්න උනා. නොතේරෙන තැන් බොහොමයක් තිබුනා. කතාවේ රසයට හානිවෙන්නැතුව සබ කරන්නත් එපැයි. ඒ නිසා සමහර දෙබස් වලින් කතාවේ අර්ථයට හානියක් වෙලා තියනවා නම් මම ඇත්තටම සමාව ඉල්ලනවා. දවස් හයක් හතක් නිදිමරාගෙන තමයි සබ් එක ටයිප් කලේ.

හරි එහෙනම් කෙසේ හෝ ලිපිය අන්තිම වෙනකල් කියෙව්වට බොහොම ස්තූතියි. “මෙම සලරුව කරමුද සහෝ” කියලා වැඩේට සෙට් කරපු ඇඩ්මින් මඩුල්ලේ විමා සහෝටත් බොහොම ස්තූතියි.

ආතල් කුඩු වෙන ට්‍රිප් එකක් යන්න ආස නම් චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. ආතල් ඇත්තෝ නරඹත්වා… ඒස්වා…පුහ්…!!! එහෙනම් මම ගිහින් එන්නම්. බයිස්කෝප් වාසී සැමට ජය වේවා….

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEB පිටපත් සඳහා ආදාළ වේ.

8,945 downloadsDownload Vacation-Friends-2-2023-Sinhala-Subtitles.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Vacation Friends 2 (2023) Sinhala Subtitles

Subtitles by

සුදර්ශන (King Suu)

Subtitles

8,945 downloadsDownload Subtitles79 KB

16 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි king suu .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kavindu Nethmina

    Sub ekata thanks bro

  3. Anonymous

    Bohoma Sthuthiyi saho sinhala sub ekata. Jaya Veva....

  4. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් එකට. ජයවේවා...

  5. Tharu

    Sub නෑනෙ Zip එකේ, Text file එකක්නෙ තියෙන්නෙ...

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා නැවත උත්සාහ කරන්න

  6. Anonymous

    Thanks jayawewa.....!

  7. indika 75

    thanks..

  8. Sanjeewa

    සින්හල සබ් එකට ගොඩක් ස්තූතියි . . . .
    Wayward Pines (2015)
    Vienna Waits For You (2012)
    The Room (2019)
    Endless Loop (2018)
    Red Eye (2005)
    Enter Nowhere (2011)
    Symbol (2009)
    Circle (2015)
    Snowpiercer (2013)
    The Commuter (2018)
    Source Code (2011)
    Behind Her Eyes (TV Mini Series 2021)
    පුලුවන් විදියට මේ ටිකටත් සින්හල සබ් දෙන්න . . . .

  9. CME

    Thanks Bro... Creation of the Gods I: Kingdom of Storms Sub dennako...

  10. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!
    දිගටම වැඩේ කරගෙන යමු.

  11. Buddhika Lakmal

    මේකෙ 2ත් ඇවිල්ලද...
    තෑන්ක්ස් සහෝ සබට....

  12. Anonymous

    Thanks bro mahansiyata

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. සුදර්ශන (King Suu)

    කොමෙන්ට් එකක් දාලා තමන්ගේ අදහස දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P