Watch Trailer

Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | චාලි හා අරුම පුදුම චොකලට් කම්හල [සිංහල උපසිරසි]

Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles හෙලෝ යාලුවනේ, කොහොමද ඔයාලාට? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. පලමුවෙන්ම කියන්න ඕනි කාරණාව තමා පසුගිය 15 වෙනිදා පලවුන මගේ 100 වෙනි උපසිරසි නිර්මාණය (The Creator 2023) වෙනුවෙන් සුබපතපු හැමෝටම මේ වෙලාවේ මගේ ස්තූතිය පලකරනවා. ඔයාලගේ අදහස් ද…

Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

හෙලෝ යාලුවනේ, කොහොමද ඔයාලාට? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. පලමුවෙන්ම කියන්න ඕනි කාරණාව තමා පසුගිය 15 වෙනිදා පලවුන මගේ 100 වෙනි උපසිරසි නිර්මාණය (The Creator 2023) වෙනුවෙන් සුබපතපු හැමෝටම මේ වෙලාවේ මගේ ස්තූතිය පලකරනවා. ඔයාලගේ අදහස් දැක්වීම තමා හැමදාමත් අපට මේ වැඩේ කරගෙන යන්න ශක්තියක් වුනේ.

මේ සලරුව නම් බලපු නැති කෙනෙක් හොයනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙමෙයි. මොකද කිව්වොත් ඉතින් මේකට සිරස නාලිකාවෙන් සිංහල හඬකවලා ගොඩක් වතාවල විකාශය වෙලා තියෙනවානෙ. ඒක අති ජනප්‍රිය වුණා. මීට කලින් මේ චිත්‍රපටයට සයිට් එකේ උපසිරසක් තිබුණත් ඒකේ දෝශ ගොඩක් තිබුණ නිසා අයින් කරලා තිබුණා. ඉතින් පුද්ගලිකව මම ගොඩක් ප්‍රිය කරන ෆිල්ම් එකක් නිසා ඔන්න මම හිතුවා මේකට උපසිරසක් කරලා, ඔයාලා අතට පත් කරන්න. ඒකට තවත් හේතුවක් තමයි, මේක සයිට් එකේ තියෙන්නම ඕණ සබ් එකක් වීම.

ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම මේ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණු නිසයි BAFTA, Golden Globes, Oscar ඇතුළු තව සම්මාන බොහොමයක් සඳහා නිර්දේශ වුණේ. Tim Burtonගේ අධ්‍යයක්ෂණයක් වන මෙම චිත්‍රපටයෙ Johnny Depp සහ Freddie Highmoreගේ අතිවිශිෂ්ට රංගනය දැකගන්න අපිට පුලුවන්. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

1964 වසරේදි Roald Dahl විසින් රචිත Charlie and the Chocolate Factory නවකතාව තමයි මේ චිත්‍රපටයට පදනම සපයන්නේ. මීට කලින් 1971 වසරේ නිකුත් වුණු Willy Wonka & the Chocolate Factory (1971) චිත්‍රපටය ඔයාලා බලලා ඇති කියලා හිතනවා. හැබැයි ඒ කතාවේ සහ මේ කතාවේ පැහැදිලි වෙනස්කම් කීපයක්ම තියෙනවා කියලත් කියන්න ඕණ. අහ් මතකද දන්නෑ විලී වොන්කා වතාවක් ටොම් ඇන්ඩ් ජෙරීවත් මුණගැහුණා. ඒ සිද්ධිය දැනගන්න 2017 අවුරුද්දෙදි නිකුත් වුණ Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න.

1964 වසරේදි Roald Dahlගේ Charlie and the Chocolate Factory නවකතාව

ඒ වගේම මතක් කරන්න ආසයි ලබන දෙසැම්බර් මාසයේදී විලී වොන්කාගේ ජීවිත කතාව මූලික කරගත්ත, Wonka (2023) චිත්‍රපටයත් නිකුත් වෙන්න නියමිතයි. ඉතින් ඒ ෆිල්ම් එක බලන්නත් ලෑස්ති වෙලා ඉන්න හැමෝම. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කරනවනම්, විලී වොන්කා කියන්නේ චොකලට් සාදන්නෙක්. කාටවත් එන්නේ නැති පුදුමාකාර නානාවිධ නිර්මාණශීලී අදහස් තිබෙන වොන්කාගේ දියුණුවත් එක්ක ඔහුට හැකි වෙනව ලෝකයේ තියෙන ලොකුම චොකලට් ෆැක්ට්‍රිය දාන්න. හැබැයි කාලයක් යද්දි එයාගේ තරඟකාර පැණි රස කැවිලි සමාගම් ඔත්තුකාරයන්ව එවලා වොන්කාගේ රහස් වට්ටෝරු එකින් එක හොරකම් කරලා එයාලාගේ සමාගම්වලින් එළියට දානවා. මේ කාරණය නිසා විලී වොන්කා තීරණය කරනවා, සියලු සේවකයන්ව අස් කරලා දාලා, ෆැක්‍ට්‍රිය සදහටම වහලා දාන්න.

හැබැයි දවසක් හැමෝම පුදුම හිතෙන දෙයක් දකිනවා. විලී ‍ වොන්කාගෙ චොකලට් කම්හලේ චිමිනියෙන් දුම් නගිනවා. ඒත් සේවකයො කවුරුත් නැතිව වැඩ කරන්නේ කවුද? යන්ත්‍ර සූත්‍ර වැඩ කරවන්නේ කවුද? Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

ඒක දැනගන්න ආස හැමෝටම ඒ සඳහා අවස්තාවක් ලබා දෙන්න විලී වොන්කා තීරණය කරනවා. ඒ ගෝල්ඩන් ටිකට් පහක් අහඹු විදිහට ඔහු හදන චොකලට් පෙට්ටි ඇතුළෙ දාලා ළමයි පස් දෙනෙක්ට ෆැක්‍ට්‍රිය බලන්න එන්න දෙන්න අවසර ලබා දීම මගින්. ලෝකේ පුරාම දැන් එක කලබලයයි මේ චොකලට් ගන්න එක වෙනුවෙන්. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

චාලි බකට් කියන්නේ එදා වේලවත් හරි හැටි නොලැබුණු පවුලක එකම ළමයා. චාලිගේ තාත්තා වැඩ කරන්නේ ටූත්පේස්ට් හදන ෆැක්ට්‍රියක පොඩි පඩියකට, චාලිගේ අම්මාගේ ලොකුම රාජකාරිය එයාලගේ ගෝවා වගාවෙන් ලැබෙන ගෝවාවලින් සුප් හදලා එදා වේල පිරිමහන ‍එක. චාලිගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ ‍චාලිගේ සීයා ජෝ, අවුරුදු ගාණකට කලින් විලී වොන්කාගේ ෆැක්ට්‍රියේ සේවකයෙක් වෙලා හිටපු කෙනෙක්. පුංචි චාලිගේ වගේම ජෝ සීයාගේ එකම ආසාව මේ ගෝල්‍ඩන් ටිකට් එකක් හොයාගෙන ෆැක්‍ට්‍රිය බලන්න යන්නයි. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

හැබැයි අවුරුද්දටම චාලිට ලැබුණේ එකම එක චොකලට් එකක් විතරයි, ඒ චාලිගේ උපන් දිනය වෙනුවෙන්. ඉතින් චාලිට ඒ අවස්ථාව ලැබෙන එකත් හීනයක්ම විතරයි කියලා ඔයාලට හිතෙයි. හැබැයි ඉන් එහාට මොනව වෙයිද? 

ලොකු කතාවක් හැංගිලා තියෙන ලස්සන කතාවක් තියෙන මේ චිත්‍රපටය එහෙනම් පවුලේ හැමෝම එක්ක එකතු වෙලා රස විඳින්න කියලා ආරධනා කරනවා. එහෙනම් මම අදට සමුගන්නවා. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

තවත් උපසිරසකින් හමුවෙමු… Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස BluRay පිටපත් සඳහා ආදාළ වේ.

7,701 downloadsDownload Charlie-and-the-Chocolate-Factory-2005.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

7,701 downloadsDownload Subtitles44 KB

11 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro..thawa tikak paran Sub gahala nethi supiri English film ekak denna..

  2. kavinda gamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. හැකිනම් මේ ෆිල්ම් දෙකටත් සබ් දෙන්න.

    Popeye - 1980
    Howard the Duck - 1986

  4. kavinda gamage

    බොහොම ස්තුතියි මේ වටිනා සේවය වෙනුවෙන් ,

  5. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ලෂේන් අයියේ. කිව්වත් වගේ ලස්සන ෆිල්ම් එකක්, ආයෙත් බලන්න ඕනෙ සබ් එකත් එක්කම. ජයවේවා!

  6. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි ලශේන් මලේ,
    වෙබ් එකේ ලොකු අඩුවක් මේ පිරෙව්වේ ඔයා.

    1. CME

      Creation of the Gods I: Kingdom of Storms Sub Please

  7. CME

    Thanks Bro..... Creation of the Gods I: Kingdom of Storms Sub dennako.....

  8. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි මචෝ උපසිරැසියට...

  9. Anonymous

    Thanks Brother

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P