සුබ දවසක් සියලුම දෙනාට! අද නම් ගේන්න යන්නෙ කොමඩියක්! වැඩි වල් පල් කතා කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. මොකද එක්සෑම් අස්සෙ තමා මේ සබ් එක කරේ. පලවෙනි වතාවට බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් මට ඊමේල් එකක් එනව සබ් එක කරගෙන යනවද කියල අහල . මං හිතන්නෙ මේක අලුතින් ආපු ෆිලුමක් නිසා වෙන්න ඕනෙ, ඉක්මනට දාන්න එප…

සුබ දවසක් සියලුම දෙනාට! අද නම් ගේන්න යන්නෙ කොමඩියක්! වැඩි වල් පල් කතා කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. මොකද එක්සෑම් අස්සෙ තමා මේ සබ් එක කරේ. පලවෙනි වතාවට බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් මට ඊමේල් එකක් එනව සබ් එක කරගෙන යනවද කියල අහල . මං හිතන්නෙ මේක අලුතින් ආපු ෆිලුමක් නිසා වෙන්න ඕනෙ, ඉක්මනට දාන්න එපැයි. කෝම උනත් මම සමාව ඉල්ලනවා සිදු උන ප්‍රමාද දෝෂයට. ඉතින් සබ් එක කරාට ලිපිය නැතුව යවන්න බැරි නිසා මේකත් ඉක්මනට ලියල දාන්න හිතාගෙන කෙලින්ම කතාවට බහින්නම්.
ඔයාලටත් ඉන්නවද ට්‍රිප් එකක් ඒම ගියාම විනෝදෙට විතරක් බර, කිසිම දෙයක් ගනන් නැති, හැමතිස්සෙම පිස්සු කෙලින, පිස්සු යාලුවො. අනිව අපි හැමෝටම ඒම යාලුවො එකෙක් හරි ඉන්නවා. සමහර විට මේ ලිපිය කියවන ඔයත් ඒ වගේ පිස්සු යාලුවෙක් වෙන්න පුලුවන්.. ඔයා එහෙම කෙනෙක් නම් මේ ෆිල්ම් එක ඔයාට…!!! ඇයි පිස්සු කෙලින යාලුවො නිසා අමාරුවෙ වැටෙන අය…? ඔව්, ඔව්, ඔයාලත් මේ ෆිලුම ඇතුලෙ ඉන්නවා… ඉතින් මොකද්ද මේ ෆිල්ම් එක.. “Vacation Friends..!”-“යාලුවො තමයි! හැබැයි නිවාඩුවට විතරයි!!”
ඉතින් ඔයාල දන්නවනේ අර වගේ පිස්සු යාලුවො සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ඒම ගියාම කොච්චර ආතල් උනත්, සාමාන්‍ය ජීවිතේ දී උන් කරන වැඩ නිසා වෙලාවකට උන්ව මල ඇණයක් වෙනව කියල.. මෙන්න මේ ෆිල්ම් එකේ ඉන්නෙත් අන්න ඒ වගේ ඔයාලට හිතාගන්නවත් බැරි තරම් තමන්ගෙ යාලුවොන්ට වද දෙන පිස්සු හුටන් දෙකක්.. ඇත්තටම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත 4 ක් ඉන්නවා. කපල් දෙකක්.. එක කපල් එකක් පිස්සු! අනිත් කපල් එක සීරියස්! මේ දෙගොල්ලො හම්බවෙන්නෙත් හරිම පුදුම සහගත දෛවෝපගත සිදුවීමක් නිසා. හරියටම කිව්වොත් අර පිස්සු කපල් එක නිසා අනිත් කපල් එකට වෙන අකරතැබ්බයකින් තමයි මේ දෙගොල්ලන්ගෙ මිතුදම පටන් ගන්නෙ. පටන් ගද්දිම ජරමර නම් එතනින් එහාට කෝම ඇද්ද.. හිතාගන්න පුලුවන්නෙ.
ඇත්තටම මේ චිත්‍රපටියේ මුල් ටික වත් මට කියන්න විදිහක් නෑ, මුල්ම ටික කිව්වත් කතාවෙ ස්පොයිල් නොකරන්න ඕනෙ කොටසක් ස්පොයිල් වෙනව. මොකද මේ කතාවේ විනෝදාත්මක ගතිය තියෙන්නෙ අපි හීනෙකින්වත් නොහිතන සිදුවීම් එක පාරටම සිදු වීම මත. මට ඒ ගැන නම් ඔයාලට පොරොන්දු වෙන්න පුලුවන්, අපි හීනෙකින්වත් හිතන දේවල් නම් මේක ඇතුලෙ සිද්ධ වෙන්නෙ නෑ. 😁
කතාව පටන් ගන්න විදිහ චුට්ටක් කියන්නම්. ඔන්න ඉන්නව කපල් එකක්. මුං දෙන්න මෙක්සිකෝවට නිවාඩුවකට ඇවිත් එයාපෝට් එකෙන් එලියට එන සීන් එකකින් තමා කතාව පටන් ගන්නෙ. මේ කොල්ල මේ ටුවර් එකේදී මේ කෙල්ලට ප්‍රපෝස් (“විල් යූ මැරී මී..”) කරන්න තමා හිතාගෙන ඉන්නේ. කොල්ල කිව්වට ඉතින් වයස නම් ටිකක් වැඩියි. Lil Rel Howery කියන නළුවා තමා මේ චරිතෙට පණ පොවන්නෙ, මෑත කාලයෙ ආපු ෆිල්ම් ගොඩක රඟපානවා, වයස නම් 40 ක් විතර වෙනවා, කතාවෙ විදිහට මෙයාගෙ නම “මාර්කස්”. කෝම හරි පොර මේ කෙල්ලව සර්ප්‍රයිස් කරන්නත් හිතාගෙන ලොකු වියදමක් දරල සුඛෝපභෝගී හෝටලයක මෙයාගෙම අදහස් වලට අනුව සැරසිලි කරපු විශේෂ කාමරයක් ඒම වෙන් කරගෙනයි තියෙන්නේ. ඉතින් මෙයාල මේ හොටෙල් එකටත් ගිහින්, හොටෙල් එකේ මැනේජර් එක්ක අර විශේෂ ආකාරයට සැරසිලි කරපු කාමරේට යනවා. ගිහින් ගෑණු ලමයව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කාමරේ දොර අරිනවා. මෙන්න මෙතනදි. මට එක දෙයක් ටක්කෙටම කියන්න පුලුවන්, ඒ ගෑණු ලමය විතරක් නෙමේ ෆිල්ම් එක බලන අපිත් සුපිරියටම සර්ප්‍රයිස් වෙනවා.. 😂
ඒ ඇයි? දන්නෙ නෑ, ඔයාම බලන්න. සොරි, මම කලින්ම කිව්වනේ චුට්ටක් හරි ස්පොයිල් උනොත් ඔයාලටමයි පාඩුව. එතකොට අනිත් පිස්සු කපල් එක?? ඔව්, මුල ඉදන්ම එයාලත් මේ කතාවට සම්බන්ධ වෙනවා. එයාලව හම්බෙන්නෙත් මේ හොටෙල් එකේදිමයි. අන්තිමේදී මේ දෙගොල්ලන්ගෙම ජීවිත එහෙම්පිටින්ම කණපිට හරවන සිදුවීම් රැසක් සිද්ද කරගෙන තමා නිවාඩුව ඉවර වෙලා දෙගොල්ලොම ගම රට බලා යන්නෙ. හැබැයි අවාසනාවකට හෝ වාසනාවකට මේ සිදුවීම් එයාලගෙ නිවාඩුවෙන් පිට බාහිර ජීවිත වලටත් ලොකු බලපෑමක් කරනවා. ඔන්න ඔතනින් තමා කතාව දිග්ගැස්සෙන්නේ. හැම විනාඩියකම හිනායයි කියල නම් හිතන්න එපා, ඒත් හොඳ විනෝදෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් කියල නම් බය නැතුව කියන්න පුලුවන්. අනික IMDb 6.3 ත් කුණු තක්කාලි 60% කුත් මේකට ලැබිල තියනව මේ වෙද්දි, ඒ කියන්නෙ මාසයක් වගේ කාලයක් ඇතුලත, මේ අවුරුද්දෙ අගෝස්තු 27 තමා නිකුත් උනේ.
තව විශේෂ දෙයක් තියනව කියන්න, මේකෙ අර පිස්සු කපල් එකේ නලූව ගැන. සිනමා ක්ෂේත්‍රයෙත් තරු බවට පත්වෙලා ඉන්න WWE තරු තුන ගැන ඔයාලා දන්නව ඇතිනේ. “Rock”, “Batista” සහ “John Cena”. මේ ෆිලුමෙන් ඔබ හමුවට එන්නෙ අපි හැමෝම ආදරේ කරන සීනා. වෙලාවකට හිතෙනවා පොර ඇක්ෂන් ෆිල්ම් වලට වඩා ගැලපෙන්නෙ කොමඩි ඒවට ද කියල. සීනට කැමති උදවියත් මේ ෆිලුම බාගෙන බලන්න, පොරගෙ හොද ඇක්ටින් ටිකක් බලාගන්න පුලුවන්.
හරි කියන්න තියන දේවල් කිව්ව, ආයේ කියන්න දෙයක් නෑ. ඒනම් ෆිලුම බලන අයට හොඳ යාලුවො හතර දෙනෙක් එක්ක සුපිරි නිවාඩුවක් ගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නව අදට 😊. එහෙනං කොල්ලො, අපි ගියා!
(මොනාම හරි හිතෙනව නම් කොමෙන්ටුවක් දාගෙනම යන්න. මම ඉදල හිටල ඇවිල්ල ඕව කියවල යනවා. 😁)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
16,253 downloadsDownload Vacation-Friends-2021.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සප්තක අර්ථසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සප්තක අර්ථසාද්
Subtitles
48 comments
රංගික සිනෙත් කාරියවසම්
Udaya Fdo
Thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
සුපිරියි සහෝ.. බලාගෙන හිටියේ බයිස්කෝප් එකෙන් මේ ෆිලුම දෙනකන්.. තැන්ක්‍යූ වේවා..
Kushan
Sub akta thanks
JonDoe297
Download කරලා හිටියේ සබ් එක එනකල්. Thank you
ක්‍රිශාන්ත
ඩවුන්ලොඩ් කරල ටිකක් කල් සබ් එකක් දෙනකන් හිටියෙ......ගොඩාක් ස්තුතිය
Anonymous
Cena innwnm nobala baneh
thanks machiAnonymous
Patta
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Naveen
උපසිරසියට තුති
indika 75
thanks..
Praveen Mahesh
Niyamai. Sub ekata thanks. Jayawewa!
Iresh Umayanga
සීනගෙ මේ අවුරුද්දෙ 3වෙනි ෆිල්ම් එන.... සුපිරි !! තෑන්ක්ස් !!!!
Nilush Angana
Sub ekata thanx
Sanoj Lakchan
Sub eka denkam balagena hitiye.. thank you brother...
Suranjan
Thanks....jayawewa....!
AJITH
THANK YOU !!!!!!!!!
AJITH
THANK YOU BRO !!!!!!!!!
Sahan Gayantha
thanks a lot saho sub ekata
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!
lucifer94
බලල ඉවර කරල ආවේ පට්ටයි ආ
Free Guy
Sub ekata thanks bro, Film ekath maru
Sandeep
Supiri macho..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
sub ekata tnx .jayawewa
DEKLS
sub ekata thamx sago
lakshan
thanks ................
Anonymous
Supiri Film Eka Saho. Sub Ekath Lesatama Thibuna A...Patta. Dunna 10n 10kma
dlishan
sub danne nethi wei kiyala sub eka nethuwa beluwe bn sub ekata thnkx
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
Thank you
Ruchira
Thanks for the sub!!!!!!!!!!!!
Anonymous
Download wen na
Anonymous
Ado sub eka nm supiri ah .hodata hamadema pahadili karala therenne nathi wena thanuth lestama therenna dala thibba.patta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Udara Madushanka
xam කරගන්න්නෝ මේවනම් පස්ස්සෙ බැරිය.. තෑම්ක්ස් බං සබට
Malith samarawickrama
Thanks bro sub ekata
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Vinod Warnakulasooriya
මේකේ දෙවෙනි එක ඇවිත් තියෙන්නෙ.පට්ට ෆිල්ම් එකක්.. පුලුවන් නම් ඉක්මනට සබ් දෙන්න බලන්න/
Anonymous
Part 2 is good but not as much as 1.
Anonymous
Sub එක කරද්දී හැම joke එකක් ම තේරෙන්න හැම වචනෙකම තේරුම වෙනම දාල හොදටම කරල තිබ්බ.. Thanks bro ඒ මහන්සියට.. ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපිරියක් සහෝ. බෝම ස්තුතියිිි සබ් එකට. ජය වේවා