චිත්‍රපට වලට ඇවිදින්, සමස්ත සිනමාවම වෙනස්කළා දේශපාලනයට ඇවිදින්, තමිල්නාඩුවේ ඉරණම වෙනස් කළා තමන්ගේ කතාව තමන්ම ලියාගෙන ඇය අලුත් ඉතිහාසයක් නිර්මාණය කළා කෝටි ගණනක් දෙනාගේ දෛවය වෙනස් කළ ඇය.. ඔවුන්ගේම තලෛවිය වූවා…!! J. ජයලලිතා කියද්දි නොදන්නා කෙනෙක් නම් නැතුව ඇති. ඒ මොකද, මේ ජයලලිතා කියන නාමය ශ්‍රී ලාංකි…

චිත්‍රපට වලට ඇවිදින්, සමස්ත සිනමාවම වෙනස්කළා
දේශපාලනයට ඇවිදින්, තමිල්නාඩුවේ ඉරණම වෙනස් කළා
තමන්ගේ කතාව තමන්ම ලියාගෙන
ඇය අලුත් ඉතිහාසයක් නිර්මාණය කළා
කෝටි ගණනක් දෙනාගේ දෛවය වෙනස් කළ ඇය..
ඔවුන්ගේම තලෛවිය වූවා…!!

 

J. ජයලලිතා කියද්දි නොදන්නා කෙනෙක් නම් නැතුව ඇති. ඒ මොකද, මේ ජයලලිතා කියන නාමය ශ්‍රී ලාංකික අපිට වුණත් නුහුරු නමක් නොවෙන නිසා. එතකොට අසල්වැසි රාජ්‍යය ඉන්දියාවට, මේ ජයලලිතා කියන්නේ අමරණීය මෙන්ම පූජනීය කෙනෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔයා ඒ ගැන දන්නවා ඇති. ඇගේ නම ඉන්දීය සිනමාවෙන් වගේම දේශපාලනයෙත් කවදාවත් නොමැකෙන විදිහට සටහන් වෙලා ඉවරයි. ඒ තරමටම ඇය ඉන්දියාවට සුවිශේෂී කාන්තාවක්. ඇතැමුන්ට දෙවි කෙනෙක්. බහුතරයකට අම්මා කෙනෙක්.

ජයලලිතා 1960 දශකයේ මැද භාගයේදී සිනමාවට ප්‍රවිෂ්ට වෙලා සිනමාව දිග විජය කරපු තාරකාවක්. සිනමාවට එද්දි ඇගේ වයස අවුරුදු 16යි. සිනමාවෙන් සමුගනිද්දී ඇය ආසන්න වශයෙන් සිනමාපට 140කට රංගනයෙන් දායක වෙලා තිබුණා. වැඩිහරියක්ම ඇය රංගනයට එකතු වුණේ M.G. රාමචන්ද්‍රන් සමඟින්. එහෙම කිව්වට පුරුදු නැතුව ඇති, MGR කිව්වොත් නම් අනිවාර්යෙන්ම දන්නවා ඇති. MGRව හඳුන්වන්නේ කොහොමද? ඔහුට මිනිස්සු දුන්නු ගරු බුහුමන් නම් අනන්තයි අප්‍රමාණයි. එයාලට ඔහුව දෙවියෙකුට දෙවැනි වුණේ නෑ. සිනමාවේ ජය කෙහෙළි නංවලා කාලයත් එක්කම MGR දේශපාලනයට පිවිසෙනවා. කිහිපවතාවක්ම ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති තනතුරට තේරී පත්වෙනවා. ඒ වගේම AIADMK පක්ෂයේ නිර්මාතෘ වෙන්නෙත් ඔහුයි. ඉතින්, ජයලලිතාට දේශපාලනයට එන්න පාර කැපෙන්නේ MGR හරහා. ඇගේ සිනමා දිවියේ වගේම දේශපාලන දිවියෙත් උපදේශකයා වුණේ MGR. ඔහුගෙන් පසු ඔහුගෙන් ලද පන්නරයත් එක්කම අවසානයේ ඇය නතර වුණේ තමිල්නාඩුවට පත් වූ ලාභාලතම මහ ඇමතිවරිය බවට පත්වෙමින්. පුදුමයට කාරණය නම් ඉන්පසුව තවත් පස් වතාවක්ම තමිල්නාඩු මහ ඇමතිධූරයේ දිවුරුම් දෙන්න ඇය සමත් වෙනවා. වසර 14කට අධික කාලයක් ඇය විශිෂ්ඨ දේශපාලන ගමනක නිරතවෙනවා. ඉතින් මේ MGR – ජයා යුවල අදටත් තමිල්නාඩුව ඉතා භක්තිමත් ව සිහිපත් කරනවා. MGR ජයා දෙදෙනා අතර ඉතාමත් ශක්තිමත් බැඳීමක් තිබුණා. ඒත්ඒ මොන විදිහේ බැඳීමක්ද කියලා නිර්වචනයක් දෙන්න අදටත් ලෝකයා අසමත්.

ජයලලිතාගේ ජීවන ගමන ගැන ඉන්දීය සිනමාවෙන් නිර්මාණ කිහිපයක් එළිදැක්වෙන රාවයක් ගලා ආවා. Ramya Krishnan රංගනයෙන් දායක වන වෙබ් කතාමාලාවක්, Nithya Menon රංගනයෙන් එකතු වන තවත් සිනමාපටයක් ඇතුළු නිර්මාණ ගණනාවක් කරලියට ආවා. ඔය අතර Madrasapattinam (2010), Deiva Thirumagal (2011), Thalaivaa (2013), Devi (2016) වගේ සිනමාපට අධ්‍යක්ෂණය කරපු A.L. Vijay විසිනුත් ජයලලිතා සම්බන්ධව තවත් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය වෙන බව ආරංචි වුණා. උඩ කියපු ජයලිතා නිර්මාණ වලට වැඩිය ටිකක් බර පැන වැඩියෙන් දරලා මේ වැඩේ කරන්න යනවා කියලා ආපු ආරංචිය නිසා කාගෙත් අවධානය වැඩියෙන් මේ සිනමා නිර්මාණය දිනාගන්න සමත්වුණා. චිත්‍රපටයේ කතාව රචනා කරන්න අරන් තිබුණේ Vijayendra Prasad මහතා විසින්. ඉතින් මේ වෙනුවෙන් තවත් වැඩි අවධානයක් යොමුවෙන්න ගත්තේ Baahubali (2016-2017), Bajrangi Bhaijaan (2015), Manikarnika (2019) වගේ එතුමාගේ කලින් වැඩ ගැන කවුරුත් දන්න නිසාමයි. ඊට පස්සේ කාගෙත් අවධානය යොමු වුණේ ජයලලිතා චරිතයට කාව තෝරගනීවිද කියලයි. හින්දි, දමිළ, තෙලුඟු භාෂා තුනෙන්ම මහා පරිමාණ විදිහට නිර්මාණය වෙන්න නියමිතව තිබ්බ මේ සිනමාපටය වෙනුවෙන් ගොඩක් අය එක එක නිළියන්ගේ නම් පුරෝකථනය කරලා තිබුණා. නමුත් අවසානයේ කවුරුත් නොහිතපු විදිහට චිත්‍රපටයේ කතා රචක Vijayendra Prasad විසින්ම එක නමක් යෝජනා කර තිබුණා. ඒ තමයි සුපිරි බොලිවුඩ් නිළි Kangana Ranaut. බොලිවුඩය ගැන ඇහැ ගහන් ඉන්න අයට Kangana ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇය අතිදක්ෂ නිලියක්, ඕනම චරිතයකට ඕනෑම විදිහකට හැඩගැහී ඒ චරිතය ජීවමාන කරන්න උපන්හපන්කම් තියෙන කෙනෙක්. ඇගේ දක්ෂතාවය සැක හිතන එකත් අපරාධයක් වුණත් ගොඩක් අයට කුකුසක් ඇතිවෙලා තිබුණා Kangana මේ වැඩේ හරියට කරයිද කියලත්. ඇගේ පෙනුම වුනත් ජයලලිතාට ගැලපෙයිද කියලා ගැටළුවක් පැන නැගුනා. කොටින්ම කිව්වොත් Kangana පවා මේ ආරාධනාව කරපු වෙලේ ඇයට මේකට හැඩගැහෙන්න බැරි බව පවසල තිබුණත් Vijayendra Prasadගේ පෙරැත්තය මත මේකට කැමති වෙලා තිබුණා. ඊට පස්සේ දඩයම ආරම්භ වුණේ MGR වෙනුවෙන්. ඒ වෙනුවෙන් කරපු තෝරාගැනීම දැක්කම, MGR වෙනුවෙන් කරපු පූර්ව ප්‍රචාරක පටය දැක්කම ගොඩක් අයට ගත්ත හුස්ම පහලට දාගන්න බැරිවුණා. MGR ආයෙත් වතාවක් ජීවමානයි කියලයි ගොඩක් අය කිව්වේ. මේ තරමට හැමෝවම පුදුම කරන්න පුළුවන් වුණේ වෙන කාටවත් නෙමේ සුපිරි නළු Arvind Swamyටයි. ඒ තීරණය වෙනුවෙන් නම් කිසිම කෙනෙක් කිසිම දොසක් කිව්වේ නැහැ. ඔය අතරේ අනිත් සෙසු චරිත වලට Raj Arjun, Samuthirakani, Nassar, Bhagyashree, Madhoo, Poorna, Thambi Ramaiah වගේ ප්‍රවීණ නළු නිලියන් රැසක් තෝරාගැනුනා.

බාධක මැද චිත්‍රපටියේ වැඩ ටිකෙන් ටික නිමාවෙලා 2020 වසරේ තිරගත වෙන්න සූදානම් වුණත් කොරෝනා වසංගත තත්ත්වය නිසා වැඩ කටයුතුත් ප්‍රමාද වෙලා චිත්‍රපටිය තිරගතවීමත් කල් ගියා. ඊට පස්සේ 2021 වසරේ අප්‍රේල් මස තිරගතවෙන්න සූදානමින් තිබුණත් වසංගත තත්ත්වය ආයෙත් වැඩි වීම නිසා Thalaivii තිරගත කිරීම ආයෙත් කල්දැමුණා. OTT මාධ්‍යයෙන් Thalaivii එලි දක්වන්න යන බව කට කතා මතුවුණත් නිෂ්පාදකයන් දැඩිව කියා සිටියේ Thalaivii නිර්මාණය වුණේ සිනමාශාලා වලටම පමණක් කියලයි. ඒත් පවතින වසංගත තත්ත්වයත් එක්ක සිනමාශාලා 50%ක ධාරිතාවයෙන් විවෘත කරලා තියෙද්දී අන්තිමේදී නිෂ්පාදක කණ්ඩායම තීරණය කරා සැප්තැම්බර් 10වෙනිදා මේ සිනමාපටය එලිදක්වන්න.

අවසානයේ ඒ දවස උදා වුණා.ගොඩක් අයට සැක තිබුණට Kangana වෙනදා වගේම ඇගේ වැඩ කොටස හරියටම කරලා තිබුණා. ඇයගේ කැපවීම, මේ චරිතය වෙනුවෙන්ම ඇය බාහිරින් සහ අභ්‍යන්තරයෙන් සිදු කරගෙන තිබුණු අනුවර්තනයන් සම්බන්ධව සමහරුන්ට වචන තිබුණේ නෑ. ඇතැම් විචාරකයන් ඇයට ඇගේ 5වන ඉන්දියානු ජාතික සම්මානයට පවා සුබ පතලා තිබුණා. ඔවුන්ගේ අදහස අනූව වෙනස් කිසිම නිළියකට මෙතරම් සුමටව මේ චරිතය කරන්න බැරි බව දක්වලා තිබුණා. ඔය ආකාරයට ප්‍රසංසා වලින් කන් පුරවගත්තේ Kangana විතරක් නෙමේ Arvind පවා ඔහුගේ රංගනය වෙනුවෙන් දැඩි ප්‍රසංසාවට ලක්වුණා. ඇතැමුන්ට අනූව ඔහු Kanganaව පවා පරයා ගොස් තිබුණා. ඔය අතරේ Veerappan චරිතයට පන දුන්නු Raj Arjun පවා දැඩි වර්ණනාවට ලක්වුණා. බහුතර විචාරකයන්ට අනූව Thalaivii එදා මෙදා තුර ඉන්දියන් සිනමාවේ නිර්මාණය වුණු හොඳම චරිතාපදානයක් විදිහට නම් කෙරුනා. එය අනිවාර්යෙන් බැලිය යුත්තක් විදිහට නිර්දේශ කෙරුනා. ඔය විදිහට, කිහිප පොළකින් ඇරෙන්න හතර දෙසින්ම ගලාගෙන ආවේ ධනාත්මක විචාරයන් විතරමයි. චිත්‍රපටියට G.V. Prakash Kumarගේ සංගීතයත් ලොකු ආලෝකයක් වෙලා තිබුණා.

කොහොම වුණත් Thalaivii තිරගත කිරීම සම්බන්ධවත් ප්‍රශ්න ගණනාවක් තිබුණා. මේ චිත්‍රපටියේ හින්දි සංස්කරණය තිරගතකිරීම PVR, INOX ඇතුළු Multiplexes ප්‍රතික්ෂේප කරලා තිබුණේ ඊට සති දෙකකින් හින්දි සංස්කරණය Netflix හරහා මුදාහරින්නට නිෂ්පාදකයින් පොරොන්දු වී සිටි නිසා. ඉතින් ඔය විදිහට Multiplexes තිරගතකිරීම් අහිමි වීම, වැඩිම ආදායමක් ලබා දෙන මහාරාෂ්ට්‍ර සිනමාශාලා සම්පූර්ණයෙන් වසා දමා තිබීම, සාමාන්‍ය සිනමාශාලා වලත් අවසර ඇත්තේ 50%ක ධාරිතාවයකට පමණක් වීම කියන හේතු නිසා Thalaivii හින්දි සංස්කරණය වගේම හින්දි ප්‍රේක්ෂකයොත් නම් ලොකු පීඩනයකට පත් වුණා. චිත්‍රපටිය තිරගත වී සති දෙකක් සපිරෙන මේ කාලය වෙන්ව විට සංස්කරණයන් තුනෙන්ම කෝටි 10ක් වැනි මුදලක් තමා මේ නිර්මාණය උපයාගෙන තිබුණේ. ඒත් දමිල සංස්කරණයට පින් සිදුවෙන්න. කොහොම හරි නිෂ්පාදකයන් කිව්වේ OTT, Satellite, Musical Rights නිසාවෙන් තමන් මේ වන විටත් ලාභ ලබා ඇති බවත්, තිරගත කිරීමෙන් ලැබෙන සෑම දෙයක්ම බෝනස් ලෙස සලකන බවත්.

දැයක් පුබුදු කළ ඒ “නායකතුමියගේ” ජීවිතය සම්බන්ධයෙන් නිර්මාණය වෙච්ච සිනමාපටය රස විඳින්න කලින් දන්න කියන තොරතුරු ටිකක් තමා ඔය අරන් ආවේ. චිත්‍රපටියට ලැබුණු ප්‍රතිචාර හේතුවෙන් මෙහි දෙවන කොටසක් නිර්මාණය කරන්න නිෂ්පාදකයන් පියවර අරන් කියලයි ආරංචි වෙන්නේ. එහෙම වුණොත් අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොමත් ජයලලිතා කියන්නේ ශ්‍රී ලාංකික අපිට ටිකක් නෙමේ කොහොමත් දිරවන්නේ නැති චරිතයක් වුණත් මේ සිනමා නිර්මාණය රස විඳින්න ඒක බාධාවක් කරගන්නෙපා කියලා ඉල්ලා සිටිනවා. මේ රංගනයන්, ඒ කතාව, සංගීතය අනිවාර්යෙන්ම ඔබට වින්දනයක් සපයාවි. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD / True WEB පිටපත් සඳහා අදාළ වේ.

4,691 downloadsDownload Thalaivii-2021.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

4,691 downloadsDownload Subtitles60 KB

30 comments

  1. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

  2. Anonymous

    Thanks

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. oshanda

    thanks sahoo...niyamai

  5. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මයුර සහෝ

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Kushan

    Sub akta thanks

  8. Anonymous

    කංගනා නිසා බලනෝ

  9. Anonymous

    Patta

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Naveen

    උපසිරසියට තුති

  12. indika 75

    thanks..

  13. Nilush Angana

    Sub ekata thanx

  14. Suranjan

    Thanks.....jayawewa....!

  15. Udesh Dias

    ස්තූතියි

  16. DILmin

    Sub ekata thanks!

  17. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  18. Samith

    Thanks brother

  19. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  20. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  21. Anonymous

    Ai bn 18+ kyla dala

  22. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි

  24. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි

  25. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Manoj Lakshan

    Godak sthuthi. Jaya weewa!

  28. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  29. Anonymous

    movie eka nane

    1. විමා

      බයිස්කෝප් ඩව්න්ලෝඩ් වෙබ් අඩවියට යන්න.