Watch Trailer

Vada Chennai (2018) Sinhala Subtitles | චෙන්නායි කූඹියෝ. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක්. හරියට වනාන්තරයක් වගේ සංකීර්ණ එකක්. වනාන්තරයක ගහකොළ, ඇළදොළ, අනං මනං හැම එකක්ම තියෙනවනේ. ඒවගේම සත්තුත් ඉන්නවා.. ඉතින් හැම ගහක්ම මුලින් මුල සම්බන්ධයි. ගස් නැතුව ඇළදොළ පවතින්නෙත් නෑනේ. ඒ වගේම සත්තුන්ට පවතින්නත් බෑ. ඉතින් ඒ විදහට බැලුවොත් හැමදේම හැම එකටම සම්බන්ධයි. එකක් න…

ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක්.
හරියට වනාන්තරයක් වගේ සංකීර්ණ එකක්.
වනාන්තරයක ගහකොළ, ඇළදොළ, අනං මනං හැම එකක්ම තියෙනවනේ.
ඒවගේම සත්තුත් ඉන්නවා..
ඉතින් හැම ගහක්ම මුලින් මුල සම්බන්ධයි.
ගස් නැතුව ඇළදොළ පවතින්නෙත් නෑනේ.
ඒ වගේම සත්තුන්ට පවතින්නත් බෑ.
ඉතින් ඒ විදහට බැලුවොත් හැමදේම හැම එකටම සම්බන්ධයි. එකක් නැතුව එකක් පවතින්නේ නෑ

ජීවිතය කියන්නෙත් අන්න ඒ වගේ එකක්. අපි ජීවිතේදී විවිධ අවධි පසු කරනවා.
විවිධ කාලයන් ගත කරනවා, විවිධ පරිච්ඡේද ගෙවෙනවා.
හොඳ කාලයන්, නරක කාලයන්.
අපිට නොතේරුණාට ඔය හැම කාලයක්ම ජිවිතේ කොතැනකට හරි සම්බන්ධයක් තියෙනවා.
සමහරක්විට හොඳ කාලයේදී කරන චූටි අතපසුවීමක් නිසා පසු කාලෙක අමාරු කාලයක් ගෙවන්නට
ජීවිතය කියන දේට සිද්ධ වෙනවා.

අන්බු,
අන්බු කියන්නෙත් ඒ වගේ ජිවිතයක්. කොටින්ම කිව්වොත් මනුස්ස ජීවිතයක්.
පොරටත් ජිවිතයක් තිබුණා, අරමුණක් තිබුණා, බලාපොරොත්තුවක් තිබුණා.
නමුත් එක අහඹු සිදුවීමක්…
ඔව් එකම එකක්…
ආයේ කියන්න දෙයක් නෑ..
එයාගේ ජිවිතේ ගමන්මග වෙනස් කරා…
මේ දිග හැරෙන්නේ ඒ කතාවයි…

-තාරක නුවන් දිල්හාර

එහෙම දිගහැරෙන කතාව ගිහින් කෙළවර වෙන ආකාරය දැනගැනීම ඔබටම බාර කරනවා. සරලවම කිවුවොත් පාඩුවේ හිටපු අහිංසකයෙක් පාතාලයෙක් වුණේ කොහොමද කියලා ඇඟට දැනෙන්න කරපු සුපිරිම චිත්‍රපටයක්. ඔයින් එහාට කතාව කියන එක සුදුසු නෑ. මේක බලද්දි මට සැරින් සැරේ මතක් වුණේ කූඹියෝ ටෙලි නාට්‍යය සහ බඹර වළල්ල සිනමා පටය. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුළුවන් මෙවන් සිනමා පටයක් දායාද කිරීම ගැන අධ්‍යක්ෂක වෙට්ට්‍රිමාරන්ට ප්‍රණාමය. ඒ නිසාමයි 9.1 ක IMDB වාර්තාවකට උරුමකම් කියන්න මේ ෆිලුමට හැකි වෙලා තියෙන්නේ.

රඟපෑම් ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. ධනුෂ්, අයිෂ්වර්යා, ඇන්ඩ්‍රියා, සමුද්‍රගනී සහ කිෂෝර් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. පසුබිම් සංගීතයත් කතාවටම ඈඳලා හරියට හොලිවුඩ් ෆිලුමක් වගේ. අනිවාර්යෙන් ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.

අවසානේ..ඔයාලා හැම දෙනාටම ස්තුති වෙනවා වඩ චෙන්නයි චිත්‍රපටයේ උපසිරසිකරුවා ලෙස වැඩිම මනාපයකින් මාව (ඉන්ද්‍රජිත්) තේරීම පිළිබඳව. නමුත් මේක තනියම ගහපු ගේමක් නම් නෙවෙයි. විශේෂයෙන්ම කාලය සහ චිත්‍රපටයේ භාෂාව (චෙන්නායි ටැමිල්) අපට විශාල අභියෝගයන් වුණා. තාරක නුවන් දිල්හාර සහෝදරයා නොහිටින්න අද මෙච්චර ඉක්මනට මේ උපසිරසිය ඔයාලා අතට පත් වෙන්නේ නැහැ. එයාට තමයි බහුතරය හිමි😁 ඒ වගේම සඳුන් ධනුෂ්ක සහ ඔෂධ ධනංජය යන සහෝදර වරුන්ගෙන් ලැබුණු සහයෝගයටත් ස්තුතියි.

තවත් සුපිරියකින් හමුවෙමු..

ජය වේවා !

 

 

 

 

Due to copyright issues,

we don’t provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  Proper HD පිටපත් සඳහා වලංගු වේ.

33,183 downloadsDownload Vada-Chennai201812020207.zip105 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට සහ “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන් අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29  [ ඉන්ද්‍රජිත් කුමාර ]
JOINING DATE – 2014-11-10  [ තාරක නුවන් දිල්හාර ]
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

33,183 downloadsDownload Subtitles105 KB

143 comments

  1. Supun Tharaka

    thanks මචන් මේක දානකන් තමයි බලන් හිටියේ..

  2. jeewansanju

    thanks brother..

  3. NIPUNA 92

    ela ela

  4. Dc shan

    Ela bn.❤️

  5. Prabodha Madhusankha Hettiarachchi

    Siyalu denatama godak sthuthi sub ekata. Jaya wewa.... supirima movie ekak.

  6. Ushan-tharindu

    thenks bro

  7. Kanishka prabath

    thanks macchan

  8. Kanchaka

    Thanks bro

  9. Bandara 1976

    ජය වේවා ! ඉන්ද්‍රජිත්

  10. ayesh shalitha

    පට්ට මචෝ රිලීස් උන දවසෙ ඉදලා සබ් එක එනකන් බලාන හිටපු ෆිල්ම් එකක්.

  11. Kawi Jayasinghe

    Tnx brdh

  12. naveenlakshitha

    Thanks sub ekta hoda wedak jaya.

  13. Rimesh priyanakara

    torrent Link plz... hoyaganna bane....

  14. Lahiri

    thankz saho

  15. Anuja wickramasingha

    තැන්ක්ස් මචන්.....

  16. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි දෙන්නටම සබ් එකට. ජය වේවා...!!

  17. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  18. Tharaka Nuwan Dilhara

    කැහැට්ටක් වගේ නැංගුරමකින් තමයි ලොකු ලොකු නැව් නතර කරලා තියාගන්නේ...
    අරගෙන බලන්න ඉන්දියානු සිනමාවේ ඒ කැහට්ට #ධනුෂ් ඔබට හමුවේවි අද...
    අමතක කරන්න එපා... වෙට්‍රිමාරන්ගේ සිනමාකරණයක්... හැම තත්පරයක්ම වැදගත්.
    අහක නොබලා බලන තරමට ඔබ ව්‍යාකූල නොවේවි..!!!

    ස්තුතියි සහයෝගය දුන් හැමෝටම...!
    දෙබස් තුන්දහස් දෙසීයකටත් වඩා වූ චෙන්නායි දමිල භාෂාව සමග ඔට්ටු වෙමින් දවස් තුනක් තිස්සේ උපසිරැසිකරුවන් කණ්ඩායමක් විදිහට ලොකු ගේමක් ගැහුවා ඔබ අතට මෙය පත් කරන්නට..

    ඒ වගේම ඉගනීම් කටයුතු වැඩ රාජකාරී දාහක් මැද්දේ අපමණ වෙහෙසක් දැරූ ඉන්ද්‍රජිත් අයියටත් ගොඩක් ස්තුතියි..!!!!
    ජය...!!!

  19. snak

    thanks sub karapu 2nnatama saha biscope team ekatama hamotama jayawewa

  20. Avindu Umesh Gunasinghe

    Tnq bn

  21. C lakmal

    ‌ගොඩක් හොදයි ,
    තවත් සබ් කරන්න බලන්න , ජය වේවා.

  22. Bandaramudiyansi

    සුපිරි සෙට් එකක් නෙ සබ් එක බස්සලා තියෙන්නේ තැන්ක්ස් ,තැන්ක්ස් හැපී ඩේ.....

  23. vas0303

    Thank you very much...................

  24. Kulanjana Maduranga

    supiri filumak..bamak thama ithin..subata thanks sahola dennatama....keep it up....

    1. Kulanjana Maduranga

      Sarkar 2018 filumatath sub denna.....

  25. Tharaka Nuwan Dilhara

    ෆෝන් එකෙන් බලන අය සබ් එකේ නම, තමන් ගත්තු කොපියේ නමින් රීනේම් කරගෙන බලන්න.

  26. IndunilN

    hats off

  27. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මේ ෆිල්ම් එක දෙනකන් මග බලාගෙන හිටියේ

  28. A.P Dissanayake

    Thank U

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ලංකාවේ බලපු හොදම ටෙලි නාට්‍ය කූඹියෝ වගේම මම බලපු හොදම චිත්‍රපටය තමා බඹර වලල්ල කියන්නේ. ඉතිං මේකත් ඒ හා සමාන කතාවක්නම් සුපිරියක් වෙන එක අහන්න දෙයක් නෑ. අනික ධනුශ් ගේ රගපෑම්..මේ වගේ චරිත කරන්න මිනිහා තරම් නලුවෙක් ඉන්දියාවටම නෑ..
    උපසිරසට උදව් කරපු හැමෝටම ස්තූති..ජය වේවා..බුදුසරණයි..!

  30. Anurada

    Thank You !!!

  31. himesh

    Elah (Y)

  32. Tharuka Sachini

    Godak sthuthi saho sub ekata.....

  33. ශසිත් සඳරුවන්

    සබ් එකට දායක වුන හැමෝටම තුති කිව්වා...
    මේක දෙනකල් බලාගෙන හිටියේ...
    සෑහෙන කට්ටක් කෑවා නේද.. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  34. prageeth

    thanks machan dennatama

  35. Pradeepkumara

    Thanx dennatama......☺️☺️☺️

  36. shanuka.manohara

    සබ් එකට තෑන්ක්ස්

  37. oshanda

    thanx sahoo... line 3000k kiyanne patta gemak ... good team work...

  38. sandaruwan1983

    THANKS SUB EKATA.
    ETH SUB EKA WADA KARAN NAHANE. WRONG SUBTITLE FORMAT KIYALA ENAWA

  39. supun priyanath

    එනකල් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක් ..
    ගොඩක් ස්තූතියි ඔයාල හැමෝටම ..
    ජය වේවා බුදු සරනයි

  40. Vimukthifernando

    thank you mchn

  41. OsandaFdo

    Tnq u brothers.. dhanush ge film gana kynn dyk nane ithin.. digatma ymu...supiri....

  42. gihan perera

    ස්තුතියි සහෝ දෙන්නට ම...එනකන් හිටියේ මේක...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම....2.0 ෆිලුම ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා...

  43. vasana22

    Mama tamil film valata kamathi na. Ewnata mn kamathima naluwa dhanush. Thanks subata

  44. jogy isuru

    thanks bro tharaka,indrajith

  45. deshanchandana

    thankz bro digatama demu

  46. Haritha245

    බොහොම ස්තූති සහෝ

  47. priyan99

    බොහොම ස්තුතියි සහෝදරයා උපසිරසියට.ජය වේවා

  48. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම ......
    ජයවේවා ..........

  49. Nilush Angana

    Sub ekata thanx

  50. Aac3

    එනකන් බලන් හිටිය ෆිලුමක් බ්‍රෝ... සබට ගොඩාරියක් ස්තූති...

Load more comments