ඉතින් සැලකිය යුතු කාලෙකට පස්සේ තමයි සිනමා නිර්මාණයකට උපසිරැසි මේ අරන් එන්නේ. මීට කලින් බාර ගත්තු සිනමාපට කිහිපයක්ම ගොඩගැහිලා තියෙනවා. ඉතින් පුළුවන් හැටියට ඒවත් අරන් එන්නම් කියන බලාපොරොත්තුවෙන් අද අරන් ආපු සිනමාපටය දිහා බලමු. මේ අරන් එන්නේ ඊයේ දවසේ අලුතින්ම නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණු හින්දි සිනමා…

ඉතින් සැලකිය යුතු කාලෙකට පස්සේ තමයි සිනමා නිර්මාණයකට උපසිරැසි මේ අරන් එන්නේ. මීට කලින් බාර ගත්තු සිනමාපට කිහිපයක්ම ගොඩගැහිලා තියෙනවා. ඉතින් පුළුවන් හැටියට ඒවත් අරන් එන්නම් කියන බලාපොරොත්තුවෙන් අද අරන් ආපු සිනමාපටය දිහා බලමු. මේ අරන් එන්නේ ඊයේ දවසේ අලුතින්ම නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණු හින්දි සිනමාපටයක්. නම දකින්න ඇතිනේ, Vadh (2022). Crime|Drama|Thriller ඝනයට තමා මේ චිත්‍රපටිය අයත් වෙන්නේ. Drishyam, Tabbar වගේ ඉන්දියානු නිර්මාණ විඳපු අය මේකටත් කැමති වෙයි කියලා හිතනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් Vadh අරගෙන තියෙනවා 7.4ක සෑහෙන අගයක්. චිත්‍රපටය කරපිට තියාගෙන යන්නේ ප්‍රවීණ, ප්‍රතිභාපූර්ණ නළු නිළි දෙපළක්. ඒ තමයි Sanjay Mishra සහ Neena Gupta. හින්දි සිනමා ප්‍රේක්ෂක ඔබට නම් ඒ නම් දෙක විතරක්ම ප්‍රමාණවත් වෙයි මේ චිත්‍රපටිය නරඹන්න හේතුවක් හොයනවා නම්.
ඉතින් කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්. ෂම්බුනාත් මිශ්‍රා සහ මංජු මිශ්‍රා කියන්නේ තමන්ගේ මහළුවිය ගෙවමින් කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙන ජෝඩුවක්. එයාලට එක පුතෙක් හිටියා. දැන් එයා ඇමෙරිකාවේ රැකියාවක් කරන ගමන් එහෙ පිළිවෙලක් වෙලයි ඉන්නේ. මේ ෂම්බුනාත් සහ මංජු දහ අතේ ණය වෙලා තමයි කොල්ලව රට යැව්වේ. හැබැයි කොල්ලට නම් දැන් එයාලා ගැන වගේ වගක්වත් තිබ්බේ නැහැ. වෙච්ච ණය ටික ගෙවාගන්න එකත් දැන් මිශ්‍රා ජෝඩුවගේ කරපිටටමයි පැටවිලා තිබ්බේ. ඔය අතර එයාලා ණය ගත්ත හාදයෙක් නිතර නිතර එයාලගේ ගෙදරට රිංගන්න ගන්නවා. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම අනවසරයෙන් මේ මනුස්සයා හිටි හැටියෙම ගෙට කඩා වදිනවා. මේ මිනිහගේ නම පාන්ඩේ. මිනිහා එච්චර හොඳ කල්කිරියාවක් තියෙන හාදයෙක් නම් නෙමේ. ඉතින් දවසක් ෂම්බුනාත්ට බැරිවුණා අර යට කිව්ව මිනිහට ගෙවන්න තිබ්බ ණයපොලි ගාන ගෙවන්න. ඒකට හිලව්වක් විදිහට පාන්ඩේ කරේ ගෑනියෙක්වත් එක්කන් ඇවිල්ලා එදා රෑ ෂම්බුනාත්ගේ ගෙදර කාමරයක ගත කරපු එකයි. මේ විදිහට ෂම්බුනාත්ට සහ මංජුට දරාගන්න බැරි තරමේ කරදර මේ පාන්ඩේ කියන මිනිහා සිද්ධ කරා. එදා ෂම්බුනාත් ගෙදර හිටියේ තනියම. ඒ මෙයාලගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දවස වුණා. හිටිහැටියේම පාන්ඩේ ගෙදෙට්ට කඩාවැදුනා. ඒ හොඳටම බීගෙන…
ඉතින් ඊට පස්සේ මොකක්ද වුණේ? මේ ජෝඩුවගේ ඉරණම් කතාව වෙනස් වෙන තරමටම සිද්ධ වුණේ මොකක්ද? මේ පැය 1.45 පුරාවටම මේ Thriller එක්ක ඔට්ටු වෙන්න කියලා කියන ගමන් මං සමුගන්නවා. පුළුවන් වෙලාවකට තවත් සිනමාපටයක් අරන් එන්නම්. ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,341 downloadsDownload Vadh-2022.zip2.7 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
30 comments
Pramux
Ravindu_Heshan
supri ayiyee
Anonymous
පුලුවන් විදියට දිගටම සබ් දියන් මචෝ
ජය වේවාKantha_DLA
ගොඩක්ම ස්තූතියි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!මිනුල
මේ වගේ හැංගිච්ච වටින ෆිල්ම් තෝරගෙන සබ් දෙනවට පට්ටම තැන්ක්ස්
දිගටම එහෙම ෆිල්ම් දෙන්නමිනුලගෙ ගර්ල් ප්‍රෙන්
මේක කොහෙද බන් හැංගිච්ච එකක් වෙන්නේ
ගිය අවුරුද්දෙ වැඩිම ආදායම් හොයපු චිත්‍රපටියක්
Anonymous
මලයාලම් වලටත් සබ් දෙන්නකෝ phoenix
Kushan
Sub akta thanks
Ranga
මේක සුපිරියක් තමයි. තෑන්ක්ස් සබ් එකට බන්
Naveen
උපසිරසියට තුති
රංග ප්‍රසන්න
තැන්ක්ස් කෙල්ලේ
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
මයුරයා දුන්නොත් සුපිරියක් තමයි ඉතින්
Anonymous
thanks
Anonymous
ෆැමිලි මෑන් තවම නැත්ද
සාරංග J ලියනගම
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Idunil Weerasinghe
Thanks brother
sahangayantha
Thanks a lot saho su ekata
Naveen Mbr
ජයි ෆීනික්ස්!
Anonymous
PATTA
lahiru
bohoma sthuthiyi
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Cirkus sub denno
Ranil Rajapakshe
Thanks Bokka
indika 75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anu
සබ් එකට ස්තූති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vadh (2022) Sinhala Subtitles | මම මිනීමැරුවෙ නෑ..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Vadh-2.jpg)
සුපිරි බ්‍රදර්