Watch Trailer

Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitle | සදා නොමැකෙන වකන්ඩාව! [සිංහල උපසිරැසි] 50*

“ඡායාරූප කලාව කියන්නේ සත්‍යයක්. සිනමාව කියන්නේ තත්පරයට විසි හතර ගුණයකින් සත්‍යය ප්‍රකාශ කරන කලාවක්”. මෙහෙම කිව්වේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වූ ජීන් ලූක්‌ ගොඩාර්ඩ්. ඇත්තටම සිනමාව ජීවිතයට කොච්චර සමීප දෙයක් ද? වෙලාවකට හිතෙනවා බෙහෙතක් ද කියලා? ඒ සිනමාවට කෙනෙක්ගේ තනිකම, පාළුව මකන්න වගේම, හැඟීම…

“ඡායාරූප කලාව කියන්නේ සත්‍යයක්. සිනමාව කියන්නේ තත්පරයට විසි හතර ගුණයකින් සත්‍යය ප්‍රකාශ කරන කලාවක්”.

මෙහෙම කිව්වේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වූ ජීන් ලූක්‌ ගොඩාර්ඩ්.

ඇත්තටම සිනමාව ජීවිතයට කොච්චර සමීප දෙයක් ද? වෙලාවකට හිතෙනවා බෙහෙතක් ද කියලා? ඒ සිනමාවට කෙනෙක්ගේ තනිකම, පාළුව මකන්න වගේම, හැඟීම් සහ සංවේදී බව ඇති කරන්නත් පුළුවන් නිසා. මගේ ජීවිතයේ තනිකම මකන්න සිනමාව මගේ හොඳම යාළුවා වෙලා නම් දැන් කාලයක් වෙනවා.

මට අද වගේ මතකයි මම පළවෙනි සිංහල උපසිරැසිය කරපු හැටි. ඒ කාලේ මට තිබ්බේ ඩෙස්ක් ටොප් කම්පියුටර් එකක්. ඒක ළඟට වෙලා සැරින් සැරේ ටික ටික Intruders (2016) චිත්‍රපටය වෙනුවෙන් කරපු ඒ උපසිරැසිය මම හිතුවට වඩා හොඳින් කර ගන්න පුළුවන් උනා. මම මේ කියන්නේ 2016 අවුරුද්දේ පෙබරවාරි මාසයේ මම කරපු දෙයක්. දැන් අපි ඉන්නේ 2023 අවුරුද්දේ පෙබරවාරි මාසයේ. හරියටම අවුරුදු 7 ක් ගෙවෙන මේ වෙලාවේ මගේ පළවෙනි කඩයිම, වෙනත් විදිහකින් කියනවා නම් 50 වෙනි උපසිරැසිය අද මම ඔයාලා වෙනුවෙන් අරන් එනවා. උපසිරැසි 50 ක් කරන්න ගත්ත කාලය නම් ටිකක් වැඩියි වගේ. ඒ උනත් හෙමින් සැරේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි.

මේ ගමනේ දී මට යාළුවන් ගොඩ දෙනෙක් අඳුන ගන්න ලැබුණා. ඇඩ්මින් එක පැත්තෙන් ගත්තම විමා කියන්නේ දේවාලයක්. පොර තමයි ගොඩක් චිත්‍රපට කරන්න මට අවසර දෙන්නේ. ඊට අමතරව හසන්ත අයියා, ආසිරි ඇතුළු ඇඩ්මින් එකේ අනිත් කට්ටියට මං මේ මොහොතේ ස්තූති කරන්න කැමතියි. දෙවෙනියට මගෙත් එක්ක ඉන්න සහෝදර උපසිරැසි කරුවන් මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. රවිඳු, සංජන, ඔලිව වගේ මල්ලිලා සහෝදරයන් ගානටම කිට්ටු චරිත. එයාලා එක්ක ටී.වී. සීරිස් එහෙම කරන්නේ හරිම ජොලියෙන්. වෙලාවකට සෙට් එක එක්ක මරා ගත්තත්, අනිත් පැත්තට අපහු ඉතින් කිරි පැණි වගේ තමයි. තුන් වෙනුව මම කරපු උපසිරැසි නිර්මාණ රස විඳින, රස විඳපු හැම කෙනෙකුටම ස්තූතියි. මේ කිසිම නිර්මාණයකින් පුංචි හරි ආදායමක් නොලැබුණත්, ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණය, මහන්සිය අගය කරලා ඔයාල දෙන කමෙන්ට්ස් වලින් ලැබෙන සතුට සල්ලි වලට ගන්න බැහැ. හරි එහෙනම්, දැන් අපි කතාව පැත්තට හැරෙමු කෝ.


2020 අගෝස්තු 28

ලෝකය වටා රසික සිත් හඬවපු දවසක්. පුද්ගලිකව මට පෝල් වෝකර්ගෙන් පස්සේ රංගන ශිල්පියෙකුගේ වෙන්ව යාම දැනුනේ එදා. නිර්මාණ මහා ලොකු ගානක් කරේ නැති උනත් කරපු ටිකෙන් තමන්ගේ නම තියන්න ඔහු සමත් උනා. ඒ වගේම civil war ෆිල්ම් එකෙන් එයාගේ රංගන ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් උනා. ලෝකය පුරාම රසිකයන් වැඩියෙන්ම ආදරේ කරේ ඒ ෆිල්ම් එකෙන් හඳුන්වා දුන්න චරිතය නිසා.

Chadwick Boseman (1976-2020)

බ්ලැක් පැන්තර් කිව්ව ගමන් මතක් වෙන අනිත් නම තමයි චැඩ්වික්. ඒ චරිතයට චැඩ්වික් කොයිතරම් කාවැදුනාද කියනවනම් ලෝකය පුරා ඉන්න බොහෝ දෙනෙක්ට එයා පූර්වාදර්ශයක් උනා. විශේෂයෙන්ම කළු ජාතික සුපර්හීරෝ කෙනෙක් විදියට එකතු උන නිසා එයාල අතර චැඩ්වික් පුදුමාකාර විදියට ගෞරවනීය චරිතයක් උනා. (යූටියුබ් වගේ තැන්වල පොඩ්ඩක් බැලුවනම් හොයාගන්න පුළුවන් බ්ලැක් පැන්තර් විදියට එකතු උන චැඩ්වික් නිසා තමන්ගේ ජීවිතය පවා වෙනස් කරගන්න විශාල ප්‍රමාණයකගේ ඉන්ටර්වීව්ස්). සිවිල් වෝ ෆිල්ම් එකෙන් පස්සේ බ්ලැක් පැන්තර් ෆිල්ම් එකෙන් ආපහු සැරයක් රිදී තිරයට ආපු බ්ලැක් පැන්තර් ඩොලර් බිලියනය පහු කරපු ආදායමක් ලබපු සුපර් හිට් ෆිල්ම් එකක් උනා. ඉන්ෆිනිටි වෝ, එන්ඩ් ගේම් දෙකෙන් දැකගන්න ලැබුණු මේ චරිතයට Wakanda Forever නමින් දෙවෙනි සෝලෝ ෆිල්ම් එකත් ලබාදුන්නා.

2020 අගෝස්තු 8 මහා බඩවැලේ තිබුණු තුන්වෙනි මට්ටමේ පිළිකාවක් නිසා ජීවිතයෙන් සමුගද්දී එයාට වයස 43 ක්. දශක දෙකක රංගන ජීවිතයක් ගතකරපු එයා තමන් ඉක්මනටම මියයන බව දැනගෙනත් හැමෝගෙන්ම වගේ හංගලා තමන්ගේ රංගන කටයුතු වල යෙදුනා. බ්ලැක් පැන්තර් විදියට එකතු වෙද්දීත් එයා මියයන ගමන් ඉඳලා තියෙන්නේ. අවසාන කාලයේ ඇඟ දුර්වල වෙලා කෙට්ටු වෙන්න පටන් අරන් හිටියත් එයා තමන්ගේ වේදනාව හංගාගෙන රසිකයන් වෙනුවෙන් එලියට ආවා.

චැඩ්වික් ගේ මරණයත් සමඟ ලොවක් කම්පා වෙද්දී මාර්වල් ස්ටුඩියෝ ව නිවේදනය කරේ බ්ලැක් පැන්තර් වෙනුවෙන් චැඩ්වික් වෙනුවෙන් වෙනත් කෙනෙක් යොදා නොගන්නා බවයි. ඒ කියන්නේ ටිචාල චරිතය රීකාස්ට් නොකරන බවයි. මේකට හේතුව විදියට එයාලා කිව්වේ චැඩ්වික් කරපු සුපර්හීරෝ චරිතත් එකක් ලෝකය පුරාම බොහෝ පිරිසකගේ ජීවිතය වෙනස් කරන්න සමන්විත උන නිසා මේ තරම් ඉක්මනට එයාගේ නම මේ චරිතයෙන් අයින් කරන එක නොගැලපෙන දෙයක් නිසා කියල. ලොව පුරාම රසිකයන් ඒ ආරංචිය එක්ක වික්ෂිප්ත උනා. මොකද ඒ වෙද්දී දෙවෙනි බ්ලැක් පැන්තර් සෝලෝ ෆිල්ම් එක නිවේදනය කරලා ඉවරයි. වකන්ඩා ෆොරෙවර් විදියට නම් කරලා තිබුණු ඒ ෆිල්ම් එකේ මූලික අදියරේ වැඩ පටන් අරන් තිබුනේ. චැඩ්වික් වෙනුවට වෙනත් කෙනෙක් රීකාස්ට් නොකිරීමත් ෆිල්ම් එක කැන්සල් නොකිරීමත් එක්ක රසිකයන් විමසිල්ලෙන් හිටියේ මේ ගමනේ අවසානය කොහොම වෙයිද කියලා..

ඉතින් අද වෙද්දී ෆිල්ම් එක රිලීස් වෙලා ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා ලස්සන ෆිල්ම් එකක් අපිට mcu එකෙන් දෙල තියෙනවා. විශේෂයෙන්ම මේ ෆිල්ම් එක චැඩ්වික් වෙනුවෙන් කරපු උපහාරයක් විදියට නිර්මාණය කරන්න දෙවෙනි පාරටත් බ්ලැක් පැන්තර් ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න එකතු උන ඩිරෙක්ටර් රයන් කූග්ලර් සමත් වෙලා තියෙනවා.

ෆිල්ම් එක ගැන ලොකු දෙයක් කියන්න යන්නේ නැහැ මම මොකද ගොඩක් දෙනා මේ ෆිල්ම් එකේ කතාව දන්නා නිසා. හැබැයි මේ ෆිල්ම් එකෙන් අඳුන්වලා දුන්න චරිත කීපයක් ගැන කියන්නම ඕනි ටිකක්. මොකද එයාලා මේ ෆිල්ම් ඒකට වගේම mcu අනාගතයට වැදගත් චරිත නිසා. ඊට අමතරව රයන් කූග්ලර්, මාර්වල් ස්ටුඩියෝව එක්ක වකන්ඩාව සම්බන්ද ප්‍රොජෙක්ට් කීපයකටම ගිවිසුම් ගතවෙලා ඉන්න බව ආරංචි වෙනවා. රූමර්ස් වලට අනුව ඔකොයේ ගැන සීරිස් එකක්, වකන්ඩාව ගැන සීරිස් එකක් එහෙම මේකට ඇතුලත්ලු.

සුපුරුදු විදියට රයන් ඇතුළු ටීම් එක ෆිල්මි එක පුරාම සුපුරුදු වයිබ් එක තියාගනින සමත් වෙලා තියාගන්න ගමන් සුපුරුදු විදියට අප්‍රිකානු සංස්කෘතිකාංග වලින් එකතු උන දේවල් පුරවලාම තියෙනවා. ඒ වගේම මේ පාර ඇස්ටෙක් සංස්කෘතියත් එකතු කරලා තියෙනවා හරි අපූරු විදියට.

වකනඩාවේ රජතුමා මියගිහින්. බ්ලැක් පැන්තර් යන්න ගිහින්. වකන්ඩාවේ ඉදිරි ගමන කොහෙම වෙයිද. තානෝස්ගේ Snap එකෙන්, හල්ක්ගේ Blip එකෙන් වෙනස් උන ලෝකය දැන් වකනඩාව ගැන මොන විදියට සලකයිද. වයිබ්‍රේනියම් සම්බන්දව මොන මොන සිදුවීම් වලට මුහුන දෙන්න වෙයිද? මෙන්න මේ ගැන තමයි මේ පාර කතාව ගලාගෙන යන්නේ. චැඩ්වික්ගේ මරණයත් එක්ක එයාව රීකාස්ට් නොකරපු නිසා ඒ වෙද්දි නිර්මාණය වෙමින් තිබ්බ පිටපත අයින් කරල ආපහු අලුතින්ම පිටපතක් ලියන්න සිද්ද උනා. ඒ වගේම ඒ වෙද්දී තිබුණු ප්ලෑන් සේරම වෙනස් කරන්නත් සිද්ද උනා මේ නිසා.

මේ දෙවෙනි ෆිල්ම් එක නිවේදනය කරන්නත් කලින් කාලයේ ඉඳන්ම රසිකයන් අතර බලාපොරොත්තුවක් තිබුනා බ්ලැක් පැන්තර් ගේ ප්‍රධානතම සතුරා වෙන නේමෝර් ( නේමෝර් ද සම්මැරීන්) ලයිව් ඇක්ෂන් විදියට ගෙනේවි කියලා. ඒ වගේම රසිකයන්ගේ වැඩිම කැමැත්ත විදියට fan cast කරේ ලුක් එවන්ස් ව. හැබැයි දෙවෙනි ෆිල්ම් එක අනවුන්ස් කරලා කාලයක් යද්දී ආරංචි වෙනවා මේ ෆිල්ම් එකේ ප්‍රධාන සතුරා නේමෝර් වෙනවා කියල සහ මේ වෙනුවෙන් මෙක්සිකන් නළුවෙක් වන Tenoch Huerta එකතු කරගත්ත බව. මේ ගැනනම් ගොඩක් අයට තිබුනේ මිශ්‍ර අදහස්. හැබැයි mcu එක නිතරම ගැලපෙනම අය අරගන්න නිසා මේ ගැනත් බලාපොරොත්තු තිබුනා. ඒ වගේම පස්සේ දැනගන්න ලැබුනා රයන් ඇතුළු mcu එක නේමෝර් ගේ ඔරිජින් එක වෙනස් කරන්න තීරණය කරා කියල. මොකද මේ වෙද්දී ඇට්ලන්ටිස් සමඟ ඇක්වාමෑන් ඉන්න නිසා කියල තමයි කියවුනේ.

හෝව් හෝව් මොකක්ද ඒ ඇටිලන්ටිස් කතාව. ඉන්න ඒ ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්.

Namor AKA Sub-Mariner කියන්නේ 1939 දී අඳුන්වලා දුන්න චරිතයක්. ඒ වගේම නේමෝර් තමයි පළවෙනිම කොමික් ඇන්ටි හීරෝ චරිතය වගේම පළවෙනිම පියාඹන්න පුළුවන් කොමික් චරිතය. ඔව් ඔව් 1938 ආව සුපර්මෑන් නෙවෙයි පලවෙනි පියාඹන කෙනා. මුල් කාලේ සුපී කරේ පනින එක. පස්සේ කාලෙක තමයි එයා පියාඹන කෙනෙක් විදියට වෙනස් කරේ. නේමෝර් ව නිර්මාණය කරේ Bill Everett විසින්. Motion Picture Funnies Weekly කියන සඟරාවට තමයි මේ චරිතය නිර්මාණය කරේ. මේ සඟරාව 1939 දී ෆිල්ම් හෝල් වල ප්‍රවර්ධන කටයුත්තකට නිර්මාණය කරපු එකක් උනත් ඒක අසාර්ථක උන නිසා පිටපත් කිහිපයක් විතරක් ප්‍රින්ට් කරපු සඟරාවක්. ඒ වගේම 1939 දීම Marvel Comic #1 කලාපයෙන් නේමෝර් නිල වශයෙන්ම එලියට ආවා.

නේමෝර් කියන්නේ ඇට්ලන්ටියන් සහ මිනිස් හයිබ්‍රිඩ් කෙනෙක්. ඔව් ඔව් ඇක්වමෑන් වගේ තමයි. හැබැයි නේමෝර් තමා මුලින්ම ආව කෙනා. නේමොර්ගේ අම්මා ඇට්ලන්ටිස් වල රජුගේ දුව උන Fen. තාත්ත ඇමරිකානු නාවික කැප්ටන් කෙනෙක් උන Leonard MaKemzie. දවසක් ලියනාඩ් ගේ නැව අත්ලාන්ටික් වල අයිස් පරයක හිරවෙනවා. මේ අයිස් පරය යට තමයි අත්ලන්ටිස් නගරය තියෙන්නේ. ඉතින් ලියනාඩ් ගේ නැව බේරගන්න අයිස් පරයේ කරපු පිපිරීම් කිහිපයක් නිසා අත්ලන්ටිස් වලට ඩැමේජ් උන නිසා ඒ ගැන හොයන්න රජතුමා එයාගේ දුව උන Fen ව එවනවා.  ඉතින් මේ විදියට ස්පයි කෙනෙක් විදියට ආව ෆෙන් සහ ලියොනාර්ඩ් හමුවෙන්නේ. මේ දෙන්නගේ හමුවීම ආදරේකට පෙරලිලා පස්සේ දෙන්නම ඒ නැව උඩම එයාලගේ වෙඩින් එක අරගන්නවා. හැබැයි එදාම ෆෙන් ව හොයන ආපු අත්ලන්ටිස් වොරියර්ස් ලා නැවට පහර දීලා ෆෙන් ව පැහැරගෙන යනවා. හැබැයි ඒ වෙද්දීත් ෆෙන් ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. ඉතින් අත්ලාන්තිස් වලදී උපත ලබපු මේ දෙන්නගේ පුතාගේ නම වෙන්නේ Namor MaKemzie. නිල සහ අඳුරු හමක් තියෙන අත්ලාන්තිස් ජනතාව අතරේ රෝස පාට නේමෝර් කැපී පෙනුනා.

නේමෝර් ගැන කොමික් කතාව වැඩිය කියන්න යන්නේ නැහැ මන් මොකද ෆිල්ම් එකේ එයාගේ ස්ටෝරි එක සම්පූර්ණම වෙනස් කරලා තියෙන නිසා. විශේෂම දේ තමයි මෙයා මියුටන්ට් කෙනෙක්. මාර්වල් යුනිවර්ස් එකේ පලවෙනි මියුටන්ට් විදියට තමයි නේමෝර් ව හඳුන්වන්නේ. පටලගන්න එපා පලවෙනි කෙනා මිසක් පරණම කෙනා නෙවෙයි.

Avengers, All-Winners Squad, The Cabal, Dark X-Men, Defenders, Defenders of the Deep, Deep Six, Fantastic Four, Heroes for Hire/Oracle, Inc., Illuminati, Invaders, The Order, Phoenix Five, X-Men වගේ ටීම් එක්ක නේමෝර් වැඩ කරලා තියෙනවා.

මෙයාගේ හැකියාවන් ගැන කතා කරොත් අධි මානුෂීය ශක්තියක් තියෙනවා. හල්ක් එක්ක පවා හෑන්ඩ් ටු හෑන්ඩ් සටන් කරලා තියෙනවා. වතුරේ දී නේමෝර් අතිශය ශක්තිමත්. මුහුදේ ගැඹුරේ පීඩනය දරාගන්න තරම් නේමෝර් ගේ ඇඟ ශක්තිමත්. ඒ වගේම වේගවත් බව තියෙනවා. වතුරේදී මෙය කොච්චර ස්පීඩ් ද කියනවනම් අත්ලාන්තිස් මිනුම් වලට අනුව පවා ඒක අධි වේගයක්.  දරාගැනීමේ හැකියාව, ක්ෂණික ක්‍රියාත්මක වීමේ හැකියාව, සහ අධි සංවේදනයක් තියෙනවා. ඒ වගේම ආයුෂ ගොඩක් වැඩියි. ඒ වගේම මුහුදේ ජීවීන්ගේ සංවේදනය දැනෙනවා වගේම ටෙලිපති මගින් උන්ව පාලනය කරන්න පුළුවන්. විශේෂම දෙයක් තමයි පියාඹන හැකියාව. මේක එයාගේ මියුටන්ට් හැකියාව නිසා ලැබුණු දෙයක්. නෙමෝර්ගේ කකුලේ වලලුකරේ තියෙන පියාපත් වලින් එයාගේ පියාඹීමේ හැකියාව වර්ධනය කරනවා. ඒ වගේම ජලයේ අනුවර්තනය වීමේ හැකියාව, විදුලි කම්පන ඇතිකිරීම, දෝංකාර මගින් අවට හඳුනා ගැනීම වගේම අධික තාපයට ඔරොත්තු දෙන්නත් පුළුවන්.

ඉතින් ඔය උඩ කෙටියෙන් කිව්වේ කොමික් වල කතාන්දරය. ඉතින් mcu එකට එද්දී මේ කතාව කනපිටම ගහනවා. මේක වෙනස් වෙන්න ලොකුම හේතුව උනේ නේමෝර් ගේ ඔරිජින් එකම සමාන ඔරිජින් එකක් තිබුණ ඇක්වාමෑන් ඒ වෙද්දී ලයිව් ඇක්ෂන් ඇවිත් තිබුණු නිසා. ඉතින් එකම විදියේ කතාවක් අපහු දෙනවාට වඩා අලුත්ම විදියක් හදන්න රයන් ඇතුළු ටීම් එක ලැස්ති උනා. ඉතින් එයාලා තෝරාගත්තේ ඇස්ටෙක් ශිෂ්ටාචාරය. එයාලා අත්ලාස්තිස් නගරය ඇස්ටෙක් නගරයක් උන Talokan නගරයෙන් රීප්ලෙස් කරා. ඒ වගේම නේමෝර් ඇතුළු අත්ලාන්තිස් ජනතාව ට ඇස්ටෙක් පෙනුම ලබා දුන්නා. ඒ වගේම නේමෝර් නම මෙක්සිකන් උච්චාරණයෙන් නමෝර් එහෙමත් නැත්නම් K’uk’ulkan  විදියට වෙනස් කරා. 

“I have many names. My people call me K’uk’ulkan, but my enemies call me Namor.”

ඉතින් නේමෝර් එක්ක තවත් චරිතයක් mcu ඒකට ලයිව් ඇක්ෂන් ආවා. ඒ තමයි Iron Heart හෙවත් රීරී විලියම්ස්. 2016 මැයි වල Invincible Iron Man Vol. 3 #7 කලාපයෙන් තමයි රීරි විලියම්ස් මුලින්ම දැකගන්න ලැබුනේ. Brian Michael Bendis, Mike Deodato, Eve Ewing, Kevin Lombardo තමයි රිරීව නිර්මාණය කරන්නේ. රීරී කියන්නේ සුපර් ජීනියස් කෙනෙක්. මෙයා අවුරුදු 14 දී  අයන් මෑන්  ගේ මොඩල් 41 ආමර් එක රිවස් ඉන්ජිනීරින්ග් කරලා එයාගෙම කියල ආමර් එකක් හදාගත්ත කෙනක්. අවුරුදු 11 දීම MIT ඒකට ශිෂ්‍යත්වයක් පවා ලැබුනා එයාගේ බුද්ධිමත් කම නිසාම. අවුරුදු 13 දී වෙඩි ප්‍රහාරයකට මැදිවෙලා රීරි ගේ සුළුපියා සග රිරිගේ හොඳම යාලුවා උන නැටලි මැරෙනවා. මේ නිසා මේ වගේ අත්දැකීමක් යේ කාටවත් නොවෙන්න අනිත් අයට උදව් වෙන්න පුළුවන් දෙයක් හදන්න එයා පටන් ගන්නවා. ඒ තමයි එයාගේ රෝල් මොඩල් එක උණු ටෝනි ස්ටාර්ක් ගේ මොඩල් 41 අර්මර් එක රිවස් ඉන්ජිනීරින්ග් කරලා තමන්ගේම ආමර් එකක් හදාගන්න එක. MIT එකේ දේවල් වලින් මේ හදාගත්ත මාර්ක් 1 ආමර් එක අරන් mit එකෙන් පැනල යද්දී හිරෙන් පැනල යන දෙන්නක් අල්ලගන්නත් උදව් කරපු නිසා ටෝනි ස්ටාර්ක් ගේ අවධානයට රිරීව අහුවෙනවා. එයාව බලන්න එන ටෝනි රිරීගේ වැඩ ගැන පැහැදිලා එයාව අගේ කරලා යනවා.  ඒ වගේම දෙවෙනි civil war එකේ අන්තිමට ටෝනි ව කොමා එකකට වැටුණු නිසා ටෝනි ගේ පැත්තේ හිටපු රීරී දිගටම සුපර් හීරෝ කෙනෙක් විදියට වැඩ කරන්න තීරණය කරනවා. ටෝනිගේ කැමැත්තක් මත එයාගේ AI එකක් සහ උපකරණ රීරී ට ලැබෙනවා. මේ නිසා ඒවගේ උදව්වෙන් රීරී IronHeart 2.0 ආමර් එක හදාගන්නවා. ඉතින් ඔහොම ඔහොම රිරිගේ කතාව දිගට යනවා. Young Avengers, Champions, Stark Industries කියන ටීම් එක්ක රීරී වැඩ කරනවා.

වකන්ඩා ෆොරෙවර් එකෙන් මුල්ම වතාවට ලයිව් ඇක්ෂන් ආපු රීරී ට රඟපාන්නේ Dominique Thorne විසින්. mcu එක ඇතුලේ රිරීගේ කතාව කොහොම වෙයිද කියලා ඉවසලා බලන්න වෙනවා. මොකද රීරී වෙනුවෙන් සීරිස් එකක් දැනටම නිර්මාණය වෙන නිසා. 

කෙටියෙන් කියන්න හිටි කතාව දන්නෙම නැතුව දික් උනා. මේ ෆිල්ම් එක චැඩ්වික් වෙනුවන් කරපු උපහාරයක්. එයාගේ මතකයන් එක්ක ෆිල්ම් එක රුගත කිරීම සංවේදී දෙයක් උනා කියල ටීම් එකම කිව්වා. ඒ වගේම එයාල පොරොන්දු උන සංවේදී උපහාරයක් ලබා දුන්නා. කාලෙකින් මේ ටයිප් එකේ ෆිල්ම් එකක් මුල සහ අවසානය තියටර් එකේ කිරීම ශබ්දයක් නැතුව බලන්න ලැබුනේ. රසිකයන් පවා ඒ මතකයන් එක්ක අතරමන් උනා වගේ ඒ අවස්ථා දෙකේදී.

mcu එකේ phase 4 එක බහින කලාවේ කෙළවරටම වගේ ඇවිත් තියෙද්දී ආපහු සැරයක් පන ගහල නැගිට්ටුවේ මේ ෆිල්ම් එක කිව්වොත් වැරදි  නැහැ.  ඒ වගේම මේ ෆිල්ම් එක බ්ලැක් පැන්තර් මෙන්ටල් එකේ අනාගතය ගැන අඳුන්වලා දෙන ෆිල්ම් එකක්. ඒ ගැන ඔයාලට මිඩ් ක්‍රෙඩිට් සීන් එකෙන් බලාගන්න පුළුවන්. ඒ නිසා මේ ෆිල්ම් එකෙන් බ්ලැක් පැන්තර් මෙන්ටල් එක ගියපු පාර ගැන කලබල වෙන්න එපා.

අහ ඒ වගේම මේ ෆිල්ම් එකෙන් mcu Phase 4 ඉවර උනා. මේ මාසේ එන Ant-Man 3 එකෙන් Phase 5 පටන් ගන්නවා.

කියෙව්වා ඇති නේද. යන් එහෙනම් සබ් එකත් එක්ක ෆිල්ම් එක බලන්න.

#Hail_Hydra

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR / IMAX WEB පිටපත් සඳහා ලබා දී ඇත

30,778 downloadsDownload Black.Panther.Wakanda.Forever.2022-1.zip114 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

30,778 downloadsDownload Subtitles114 KB

60 comments

  1. Ravindra

    Thanks sub ekata

    1. Chamikara Vidanage

      බොහොම ස්තුතියි bro

  2. විමා

    50 වැනි කඩයිමට සුභපැතුම් මචං. බය නැතුව ඕනම ජාතියක සබ් එකක් කරන්න බාර දෙන්න පුළුවන් ඩයල් එකක්. හැබැයි සබ් එක ගන්න සතියක් විතර යන එකයි අමාරුම. :P

    හෝල් එකෙන්ම බැලුවා. ඒත් IMax වර්ෂන් එක තියෙන නිසා ආයේ සබ් එක්ක හෙමිහිට බලනවා චිල් එකේ.

    හැම දේම එක්ක, මේ කරපු 50ටම බොහොම ස්තුතියි!

    1. Chamikara Vidanage

      බොහොම ස්තුතියි දුන්න support එකට සහ අගය කිරීමට..

  3. සංජන චමෝද්

    50 වන උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් අයියේ. ❤️
    50 වන උපසිරැසි නිර්මාණයට කදිම ෆිලුමක් නෙව තොරගෙන තියෙන්නෙ.
    දිගටම අඩවිය වෙනුවෙන් උපසිරැසි කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන්ම උපසිරැසියටත් ස්තූතියි අයියෙ. 🤪

    1. Chamikara Vidanage

      බොහොම ස්තුතියි bro

  4. Anonymous

    Thanks a lot for your commitment

  5. Bimsara Yashan(ඔලිව)

    පලවෙනි කඩයිමට සුභපැතුම් චාමිකර අයියේ. මෙතැනින් නොනැවතී ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. මාවත් ලිපියෙ මතක් කළාට ස්තූතියි. ජයවේවා!

    1. Chamikara Vidanage

      බොහොම ස්තුතියි මල්ලී ❤️

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    ඒ වගේම 50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
    ජය

  7. Naveen Mbr

    කඩඉමට උණුසුම් සුබ පැතුම් සහෝදරයා! පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු, ඒ වගේම සිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා! තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!

  8. අචින්ත

    කඩයිමට උණුසුම් සුබ පැතුම් වගේම ගොඩක් ස්තුතියි
    පුළුවන් විදිහට සබ් ගේමු ඉස්සරහටත් ❤
    ජය වේවා!

  9. Hasitha

    පලමු කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..!!

  10. Bhathiya

    50 වන කඩයිමට සුබපැතුම් සහෝ...!!!!!
    උපසිරැසියටත් බොහොම ස්තුතියි....
    ජය වේවා.....!!!!!!!

  11. Kushan

    Sub akta thanks

  12. gihan

    50වැනි කඩයිමට සුභ පැතුම්
    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  13. එල්. සී. ‎දමැල්

    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් චාමිකර සහෝ! :)
    100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  14. Sheron

    Congratz brother

  15. Sanjeewa

    Thanks mcn. Site eka patan gaththa kale idan film ganne oyalagen, dannema nethiwa apith wayasata gihin den, issarawage lap deka thuna tiyagena gewapu jiwitatayak nemei den tiyenne, amaruwen data tikath balance karan, job ekath karana gaman senasimak labagannai film ekak balanne, godak welawata phone eken balanne 400mb copy eka aran, den lagakadi idan godak hoda films walata size podi copy danne nehe oyala, balapan me lipiya kiyeuwama onama kenekta meka balannama hitenawane, 1.5gb file aran api balanne kohomada mcn den lankawe data wala ganath ekka amarui, poddak api genath hitapan mcn

    1. Anonymous

      400 mb wage copyakin meka blnwta wadya hodai nikan inna eka
      Fight seen ehma balannama ba e size copywalin

    2. wimaa

      ඩේටා ගැටලුව තේරෙනවා මචං, වැඩේ කියන්නේ මේකයි. මේකේ 480p කියන්නෙත් 600mb වගේ වෙනවා.
      මම ඒ කොපිය ඩවන්ලෝඩ්ස් සයිට් එකට දාන්න කියන්නම්.

      මම පාවිච්චි කරන්නේ හච් අන්ලිමිටඩ් පැකේජ් එක 1625යි වෙන්නේ මාසෙටම. ඕන වෙලාවක ඩවන්ලෝඩ් කරන්න පුළුවන්. සිග්නල් තියෙනව නම් ඒක පාවිච්චි කරන්න. ස්පීඩ් එක කිසිම අවුලක් නැහැ ඕනම වෙලාවක.

    3. Spider

      Hutch wala Night Package ekak thiyanawa Rs 375 da koheda unlimited ..eka daganna balanna

    4. sachintha

      ඒවට තමයි Time Based Package තියෙන්නේ බන්...
      ඔය කොලිටියෙන් Film බලල තේරුමක් නෑ..

  16. Naveen

    කඩයිමට සුබපැතුම්
    උපසිරසියටත් තුති

  17. rosa

    ❤️❤️

  18. Anonymous

    Thnx, the pale blue eye sinhala subtitles plz upload

  19. Anonymous

    50 ට 1000 ස් වාරයක් ස්තුතියි

  20. Anonymous

    සුබපැතුම් බොම්ක❤️

  21. යුරාන් ධනුක (දනුවා)

    පලවෙනි කඩයිමට සුබ පැතුම් සහෝ
    ඉක්මනටම 100ත් ගහමු
    උපසිරසිය බොහෝම ස්තූතියි

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  23. Buddhika laKMal

    සුපිරි ලිපිය...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Buddhika laKMal

      50වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං... 100ත් ගහමු ඔහොම්මම....

  24. sanj

    Thanks for the subtitle
    50 ta suba pethum

  25. Pramux

    සුබපැතුම් බ්‍රදර්

  26. Anonymous

    Ela ela

  27. Anonymous

    සුබපැතුම් මචෝ

  28. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි චාමි සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  29. Anonymous

    ඊලග කඩයිමත් ගහමු ඉක්මනින්ම

  30. Harshana Atapattu

    Thanks for sub

  31. Chanaka

    මචෝ සබ් එකට වගේම විස්තරෙටත් ගොඩක් ස්තුතියි..
    බයිස්කෝප් එකට ජය...

  32. sahangayantha

    Thanks a lot saho sub ekata

  33. Anonymous

    තැන්ක්ස් බ්‍රදර්

  34. Anonymous

    එලකිරි සහෝ

  35. Anonymous

    Plane 2022 ෆිලුමටත් සබ් දෙන්න

  36. Pavith Wijesooriya

    මාත් ගත්තා අයියේ ඕන් සබ් එක. 50ට මගෙනුත් සුභ පැතුම්! 100ටත් යමු මේ ගැම්මෙන්. ජය!!!

  37. Hasantha Wickramarathne

    50 වෙනි උපසිරසට සුබ පැතුම් මල්ලි !!!

    1. Chamikara

      බොහොම ස්තූතියි

  38. සජන

    සුබපැතුම් සහෝ
    දිගටම සබ් දෙමු

  39. Anonymous

    Tnx bro

  40. Ravindra

    Thanks

  41. රටට ආදරේ කරන එකෙක්

    ජය වේවා සහෝ
    ජය වේවා NPP

  42. Ruchira

    Thanks for the sub!

  43. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  44. dhanushka

    holy spider movie subtitles please

  45. nalaka

    filuma nm setwunema nah
    male hero kenek nathi nisa hena boring

  46. Ishan Uggalla

    Great

  47. Ruchira Ravisara

    උපරිම සාධාරණයක් film එකට කරල කියෙනවා.phase 4 එකට එන්න තරම් ව⁣ගේම Imdb ratings වැඩි වුනෙත් ඒ නිසාම තමයි.chadwick Boseman නැ කියල film එක කාගත්තේ නැ.ඒ වගේම තමා musics effects colour grding ව⁣ගේම හැමදෙයක්ම ගානට තිතට කරල තියෙනවා හිස්තැන් නැතිවෙන්නම..සුපිරියක්ම තමා එහෙනම් wakanda forever..
    ඒ වගේම තමා.
    Rest in peas chadwick boseman..

    Thanks bro for the sub...

  48. dasun

    thanks

  49. M_Jay

    කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව උබලා මේ කරන සේවයට නම්.. බොක්කෙන්ම ආදරෙයි ඈ.. Hats off brothers

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P