හලෝ යාලුවනෙ. මේක තමයි මගෙ බයිස්කෝප් එකට දාන පලවෙනි සබ් නිර්මාණය. පලවෙනි සබ් එකෙන්ම 2015 අලුතෙන් ආපු දමිල චිත්‍රපටයටයකට තමයි දැම්මෙ. මම ජොබ් එකක් කරන එකෙක්, මම සතියේ දින පහේම වැඩ ඇරිලා ගෙදර එනකොට තුන විතර වෙනවා, තුනෙ ඉඳලා කට්ටක් කාගෙන, අලුත් චිත්‍රපටයක් නිසා රෑ දවල් නිදි මරාගෙන දවස් හතරකින් තමා මේ ව…
හලෝ යාලුවනෙ. මේක තමයි මගෙ බයිස්කෝප් එකට දාන පලවෙනි සබ් නිර්මාණය. පලවෙනි සබ් එකෙන්ම 2015 අලුතෙන් ආපු දමිල චිත්‍රපටයටයකට තමයි දැම්මෙ. මම ජොබ් එකක් කරන එකෙක්, මම සතියේ දින පහේම වැඩ ඇරිලා ගෙදර එනකොට තුන විතර වෙනවා, තුනෙ ඉඳලා කට්ටක් කාගෙන, අලුත් චිත්‍රපටයක් නිසා රෑ දවල් නිදි මරාගෙන දවස් හතරකින් තමා මේ වැඩේ ඉවරයක් කලේ. මේ චිත්‍රපටයට මේ වෙනකන් අන්තර්ජාලයේ කොහේවත් සබ් එකක් දාලා නැති නිසා ලයින් ඇඩ් කර කර අසා ලිවීමක් තමයි කලේ. අඩු පාඩු තියෙන්න පුලුවන්, මොකද මේක මගෙ පලවෙනි වැඩේනේ.
මෙහි අධ්‍යක්ෂනය 2011 වර්ෂයේ ලොව පුරා ජනප්‍රිය වූ සින්දුවක් වන Why This Kolaveri සින්දුව අතුලත් 3 චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Aishwarya R. Dhanush විසිනි. මෙහි Imdb රේටින් එක 5.9 ක් අරගෙන තියෙනවා. මෙහි ප්‍රධාන නළු නිලියන් වන්නෙ Gautham Karthik (කාර්තික්) සහ Priya Anand (ප්‍රියා) විසිනි. විකට නළුවකු වන Vikram (පාන්ඩා) මෙහි රඟ දක්වනවා. මෙහි දුෂ්ඨයාට රඟපාන්නෙ,Taapsee Pannu (ෂ්‍රෙයා) සහ Daniel Balaji (රාදු) ය.
මෙහි කතාව, කාර්තික්ට පුලුවන් ඉස්සරහට වෙන දෙයක් හරියට ඒ ආකාරයටම කියන්න. මොහුට පොඩි කාලේ ඉඳලම මේ බලය තියනවා. ඉන්පසු යාලුවෙක් මාර්ගයෙන් මොහුට රැකියාවක් ලැබෙනවා. එහි දී තමයි මොහුට පාන්ඩා කියලා යාලුවෙක් හම්බවෙන්නේ. මොහු සාමාන්‍යයෙන් කා සමඟවත් ලේසියෙන් මිතුරු වෙන්නෙ නැහැ. නමුත් කාර්තික් එක්ක ඉතා සුලු කාලෙකින් මිතුරු වෙනවා.මොහු සාමාන්‍ය මාස පඩියෙන් ඉතා වටිනා ෆොන් එහෙකුයි, ටොයිටා කාර් එහෙකුයි ගන්නවා, ඉතින් මොහු කොහොමද ලබෙන මාස පඩියෙන් මේවා අර ගන්නෙ, ඇත්තටම මොහු මේ ජොබ් එකට අමතරව තව වෙන මොනවා හරි කරනවද? පාන්ඩා නිසා කොහොමද කාර්තික් අමාරුවේ වැටෙන්නෙ? කාර්තික්ගේ බලය පාන්ඩා භාවිතා කරන්නේ මොන ආකාරයටද? දැන ගන්න ඔනේ නම්, චිත්‍රපටය නරඹන්නම වෙනවා.
මෙහි තිබෙන අඩු පාඩු, මොනවද කියලා කොමෙන්ට් එකක් ආකාරයෙන් මෙහි දානවා නම් ලොකු උදව්වක්. තව දෙයක් තියෙනවා කියන්න, ඔබලා කැමති, සිංහල සබ් නැතිව බලන්න, නොහැකි වුනු දමිල චිත්‍රපට තියෙනවා නම්, මෙතන කොමෙන්ට් එකක් ආකාරයකින් දාන්න. මම අනිවාර්යෙයෙන්ම සතියක් හෝ එකහ මාරක් අතුලත, සබ් එක සාදා දෙන්නම්. ස්තුතියි.
400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A380C51D0B0E140393E7B20AE764C1D60E574DA1700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
78572C2181930D93D21052B8308118CC4FA0AE7E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,792 downloadsDownload Vai-Raja-Vai-2015.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
71 comments
rimaz m mohamed
Ravindu Sandeepa
එල.
Ravindu Sandeepa
මම මේ දවස් ටිකෙ, තව මූවි එහෙකට සබ් එකක් හදන ගමන් ඉන්නේ. ඒක මට හෙට නැතිනම් අනිද්දා වෙන කොට ඉවර කරන්න පුලුවන් වෙයි. මම උපරිම උත්සහ කරනවා හෙට දවස ඇතුලත ඉවර කරන්න. ඒක ඉවර වුන හැටිය, Yaaradi Nee Mohini එකට සබ් එක දෙන්නම්.ඊට පස්සෙ ඔය ඉල්ලලා තියෙන ටිකට එකිනෙක සබ් දෙන්නම්.
තාරක නුවන් දිල්හාර
කුලාංජනගේ ලිස්ට් එක දැක්කම බයේ බෑ...
ආපු ගමන් ඔය වගේ ලිස්ට් දික් කරන්න එපා බං බය හිතෙයි. :P
මාත් බය වුනා ඒක දැක්කම.. :P
.
මොනවා උනත් මාත් ආස කරන ෆිල්ම් ටිකක් තමා ඒ ලිස්ට් එකේ තියෙන්නේ
හෙමිහිට ඒවත් දෙන්න බලමු සහෝ
ජය..!!Kulanjana Maduranga
thank u soooo much RAVINDU saho...............
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!!
චිත්‍රපටය සුපිරි ඇති කියලා හිතනවා, මාත් තාම මේක බැලුවේ නෑ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!Ravindu Sandeepa
අනිවා මචං. මගේ දෙවෙනි සබ් නිර්මාණය, ලඟදීම වටේවි.
නලින්
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සංදීප සහෝ! හැබැටම 3ට ඔෆ් වෙලා එන්න කරන ජොබ් එක මොකද්ද බං! :D මරුනේ!!
එවගේම අඩවියට සාදරයෙන් පිළිගන්නවා සංදිප.. දිගටම අඩවිය එක්ක රැදෙන්න... එළස්ස්
ජය වේවා!
Ravindu Sandeepa
පාර්ට් ටයිම් ජොබ් එකක් බන්. අනිවා, දිගටම සබ් දෙන්න තමා හිතාගෙන ඉන්නේ. හැබැයි ලබෙන කමෙන්ට් අනුව තමයි.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
mamath මේ ඒක අහන්නමයි පල්ලෙහාට ආවේ,
බලින් නම් නලිනයා කලින්ම අහලා නොවැ..
මට ඔය ජාතියේ ජොබ් එකක් ඕනේ ඕනේ ඕනෙමයි...
පඩිය කීය උනත් කමක් නැහැ...
කොහොම උනත් වැඩේ නම් එළකිරි සංදීප සහෝ..
දිගටම කරමු....
ජය වේවා!!Ravindu Sandeepa
උඹ කොහෙද ඉන්නේ.
තාරක නුවන් දිල්හාර
මූ එක්කන් යන්න එපා..
උඹේ ජොබ් එකත් නැතිවෙයි. ;)
ඕකා මහ කුකුලා :Pruwan
asiri priyantha(hewa lunuwilage) සහෝ මම ඔයාගේ හැම sub නිර්මාණයක්ම වගේ බලල තියෙනවා. 95% විතර. ඒ හැම එකක්ම සුපිරියටම තියෙනවා.... සුබ පතනවා......
රවිඳු සංදීප ඔයාටත් සුබ පතනවා. තම මේක බැලුවේ නැ. එත් අද බල්ලන්න උත්සහ කරන්නම් සහෝ.....
Ravindu Sandeepa
හේ... හේ... එහෙමද හොඳ වෙලාවට කිව්වෙ.
සසිනිකා
පළවෙනි උපසිරැසියට
මගෙනුත් සුභ පැතුම් .
ජය! :)Ravindu Sandeepa
:D
එල්.සී. දමැල්
ඇත්තටම මෙහෙම කට්ටක් කාලා උපසිරසක් ගෙනාවට කොහොම ස්තූතියි කියන්නද...
නියමයි රවිඳු සහෝ...
පළමු නිර්මාණයට සුභ පැතුම්!
අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
දිගටම වැඩේ කරගෙන යමු සහෝ...
ජය...Ravindu Sandeepa
ස්තූතියි සහෝ.
තාරක නුවන් දිල්හාර
අඩෝ මෙන්න තවත් අසා ලිවීම් කාරයෙක් ඇවිල්ලා..
නියමයි කියලා වැඩක් නෑ. :D
පලවෙනි සබ් එකම අසා ලිවීමකින් පටන් ගත්තු
එකට නම් කියන්න වචන නෑ :P
බොහොම ස්තුතියි උපසිරසියට.. ඒ වගේම බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නවා..
දිගටම තව තවත් සබ් දෙමු හොඳද.. ;) ජය වේවා.. :P :PKulanjana Maduranga
ahhhhhhhhh thawath aluth saho kenek....1st 1kama asa liwemak ela ahhh..G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks RAVINDU saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu. jaya wewa........
Pa$indu Damsara
palamu sub eka niyamata karalatiyenawa thnx රවිඳු සංදීප sahoo tawa eka ellimak tiyenawa (2015) nikuth una Katham Katham kiyala new film ekak awith tiyenawa ekata sub ekak ellanagaman එවගේම අඩවියට සාදරයෙන් පිළිගන්නවා සංදිප දිගටම අඩවිය එක්ක රැදෙන්න දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා!! elze;;;zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Ravindu Sandeepa
හරි මචන් ඉදිරියේදී එකටත් දෙන්නම්.
indika
thn Q :)
J Sri
Best of luck
සමීර චතුරංග
නියමයි සහෝ.. පළමු වැඩේම අසා ලිවීමක් එහෙනම්. මේ වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනවා. දෙවෙනි එක අරගෙන එනකම් එහෙනම් බලන් ඉන්නවා ඔන්න, ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
තිසර නියෝ
නියමයි. පළමු උත්සාහයම අසා ලිවීමක්....
ඒ වගේම ඔය වගේ කට්ටක් කාල සබ එකක් හදපු එකත් එලම වැඩක්...
බොහොම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේ වගේ මහන්සියක් අරගෙන සබක් අරන් ආවට..
උපසිරැසියට තුති……
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..Snake RaJ
අලුත් සහෝව සාදරයෙන් අපේ සෙට් එකට පිලි ගන්නව.. පළවෙනි සබ් එකෙන්ම දීල තියෙන්නෙ අසා ලිවීමක්.. එල එල.. ජය වේවා! දිගටම අපිත් එක්ක රැදී සිටින්න.. ස්තූතී.. ජය වේවා! :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!madusanka jayasooriya
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. දිගටම වැඩේ කරගෙන යමු. සබ් එකට තෑන්ක්ස්. ජය වේවා
Mayura
Niyamai machan. kiyala wadak na. wade supiriyatama karala thyenawa
නිර්මාණී
පළමු උපසිරසියට සුභ පැතුම් සහෝ.බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
Chamara Sampath
පලමු උපසිරැසියට සුබ පතනවා සහෝ. මම නම් දෙමළ ඒවා බලන්නේ නෑ.නමුත් දෙමළ ෆිල්ම් බලන අයගේ පිපාසය සන්සිදුවෙන එක නම් නියමයි. ඇත්තටම නියමයි. නවතින්න එපා දිගටම සබ් දෙමු ජය.......!!
කැලුම් ගුණසේකර
පළමු උපසිරසියට මගෙනුත් සුභ පැතුම් .බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
#ChalinduDeshan (කිනා)
යකෝ, ගෙදර 3ට එනවා? අම්මපා කියාං?
අඩේ මටත් ඔතනින් ජොබක් හොයලා දියංකෝ.
පට්ටක් බස්සලා තියෙන්නේ.
එල එකක්.
තවත් මේ වගේම උණු කැවුමක් දෙමු ඈ.
ජය!Ravindu Sandeepa
මේ ජොබ් එක තියෙන්නෙ නුගේගොඩ නාවල හරියේ. කැමති නම් කියහං, ෆොන් නම්බර් එක දෙන්නම්.
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dචාමික දිල්හාර (දිලා)
නියමයි සහෝ………….
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙතට…….
දිගටම උපසිරස දෙන්න ශක්තිය හා කාලය ලැබේවායි කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ…..
එල……… එල………… එල……….. එල………. එල……. එල…….. එල…….. එල……… එල…………Ravindu
suppa sho.... digatama sub danna puluwn wei kiyala mama wish karanava onna,,,,,,,,,,,,,,,,,,,,,
බ්ලැක් පැන්තර් ( පූසා )
එල එල සහෝ...
පලවෙනි වැඩේට සුභ පතනවා...
දිගටම සබ් දෙමු එහෙනම්...
ජය වේවා...!!!isuru
obata jayawewa
SaDuN dAnUsHkA
දෙමල අසාලිවිමක් නම් එල
ටැමිල් අසාලිවීම් කරන අය අඩු නිසා ඔයා
සැහෙනට වටිනව
දිගටම කරමු
පලමු උපසිරසියට සභ පැතුම්Ravindu Sandeepa
සේරටම ගොඩාක් ස්තූතියි.
ayesh
නියමයි සහෝ.. පළමු වැඩේම අසා ලිවීමක් එහෙනම්. මේ වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනවා. දෙවෙනි එක අරගෙන එනකම් එහෙනම් බලන් ඉන්නවා ඔන්න, ජය වේවා!!! Nenjirukkum Varai [2006]http://www.torrenthound.com/hash/c849bc8e56ffe7192a7a585e25…
දසන් බුද්ධික
සාදරයෙන් පිලිගන්නවා අපේ බයිස්කෝප් කණ්ඩායමට.... නියම වැඩක් සහෝ...
කියන්න තියෙන සේරම කලින් කස්ටිය කියලා ඉතින්... අපිට කියන්න තියෙන්නේ බොක්කෙන්ම පිලිගන්නවා කියන එක තමයි...
අපේ අසා ලිවීමත් කරන කස්ටිය වැඩි වෙන එකත් හොදයි....
දිගටම වැඩ කරගෙන යමු...
ජයවේවා,.....
සබට තුති.... !!!!!Kasun
Tx bro
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
සුපිරි වැඩක්නෙ මුලින්ම කරල තියෙන්නෙ..
බයිස්කෝප් සිංහලෙන් අඩවියට සාදරයෙන් පිලිගන්නව.. ජය :Dkrishan
mata nam ithin paypal walin donation karanna vidiyak na.eth man add clik ekak hari karala baiscopelk ekata shahaya wenawa.oyalath ahema karanna
පොඩි මෑන්
Sabata Godak Thanks Saho :) Tamil nan aniwa Balami,
Thawath Tamilakma Denna. Oyage Mahansiyata godak Thanks.අදිත ප්‍රවීන්
පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ !
ලොකු කැපකිරීමක් පළවෙනි උපසිරැසිය සඳහාම කරලා තියනවා .
බොහොම ස්තුතියි උපසිරැසියට . ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා !
දිගටම බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා සබ් දෙන ගමන් ඔයා කරන කියන සෑම දෙයක්ම
සාර්ථකව කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DHawk Eye
ස්තූතියි සහෝ සබ් එකට, පලවෙනි නිර්මාණයට සුබ පතනවා! දිගටම කරගෙන යමු,
Gamage
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!!
චිත්‍රපටය සුපිරි ඇති කියලා හිතනවා, මාත් තාම මේක බැලුවේ නෑ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!ruwan
පලමු නිර්මාණයට සුබම සුබ පැතුම්! දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න කියල ආරාධනා කරනවා. ජය!!1
kalhan
thanks dude...!!
maduranga
සුපිරි ස්තුතියි සබට.......!!
Sureni Athurugiri
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ. ඇත්තටම ඒ වගේ රස්සාවක් කරන්න ලැබීමත් මොන තරම් පිනක්ද... ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සහේදරත්වයට....!!!!
shan vimukthi
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
සාදරයෙන් පිලිගන්නවා අඩවියට
පලවෙනි වැඩේට සුභපැතුම්
මුල්ම එක අසා ලිවීමක්නේද
කරන ජොබ් එකත් වාසනාවන්ත එකක් වගේ
නැත්නම් 3ට ඔෆ් වෙන්න :P
ජයෙන් ජයisuru
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
Dulan
පළවෙනි උපසිරැසියට සුභ පැතුම්!!!
බොහොම ස්තුතියි...Amila
akele tum akele hum meke sub thyenwada
sameera
ela ban mama me site eke tamil film okkoma balanawa anik ewa thoragena balanne tamil film supiri jaya wewa digatama karamu wede
Menu
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vai Raja Vai (2015) | රජුව ස්ථානගත කිරීම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Vai-Raja-Vai-2015-.jpg)

patta