ආයුබෝවන් යාළුවනේ මේ දවස්වල දමිළ චිත්‍රපට ප්‍රදර්ශනය වෙන එක නවත්තලා තියෙන නිසා මේ අවුරුද්දේ පෙබරවාරි 21 වෙනිදා නිකුත් වුණ තෙළුගු චිත්‍රපටයකට උපසිරස දෙන්න තීරණය කළා. Mystery ගණයට අයත්වෙන මේ ෆිළුම පැය 2 කුත් විනාඩි 20ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් හොද චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. ඒක සනාත වෙනවා I…

ආයුබෝවන් යාළුවනේ මේ දවස්වල දමිළ චිත්‍රපට ප්‍රදර්ශනය වෙන එක නවත්තලා තියෙන නිසා මේ අවුරුද්දේ පෙබරවාරි 21 වෙනිදා නිකුත් වුණ තෙළුගු චිත්‍රපටයකට උපසිරස දෙන්න තීරණය කළා. Mystery ගණයට අයත්වෙන මේ ෆිළුම පැය 2 කුත් විනාඩි 20ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් හොද චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. ඒක සනාත වෙනවා IMDb දර්ශකයෙන් අරගෙන තියන අගය දිහා බලපුවාම. IMDb අගය විදියට 7.3ක ඉහල අගයක් ගන්න Ramesh Kadumula විසින් අධ්‍යක්ෂණය කරල තියෙන මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ප්‍රසිද්ධ නළු නිළියන් නැතත් චිත්‍රපටයෙ කතාව ලස්සනට කරල තියෙනව කියන්න පුලුවන්. Laksh Chadalavada, Digangana Suryavanshi, Kalpalatha, Sri Sudha Bheemireddy, Ravi Prakash, Noel Sean, Ravi Varma, ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.
අරවින්ද් එයාගෙ දෙමාපියන්ගේ උවමනාවට විවාහය සදහා මනාලියක් බලන්න යනවා. ගිහින් කතා බහ කළාට පස්සේ අරවින්ද් මේ ගෑණු ළමයට කැමති වෙලා ඉක්මනින්ම කසාදය සිද්දකරනවා, කෙල්ලගෙ නම දිෂා. කසාද බැදලා දෙන්න එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න හිතාගෙන මහල් නිවාසයක ගෙයක් අරගෙන පදිංචියට යනවා. ඒ ගෙදර ඉස්සරහ ගෙදර මනුස්සයා දිෂාව දැකල බැල්ම දාන්නත් පටන් ගත්තා, මොකද දිෂා ඇහැට කනට පේන ලස්සනක් තිබුණා. ඔහොම දෙන්න එක්ක සතුටින් ඉන්න අතරේ දිෂාගෙ ෆෝන් එකට ආපු කෙටි පණිවිඩයක් නිසා දෙන්න එක්ක අමනාපකමක් ඇතිවෙනවා. අරවින්ද් මේකට සමාව ඉල්ලුවත් දිෂා ගණන් නොගෙන ඉන්නවා. අරවින්ද්ට තනියම වැඩට යන්න වෙනවා දිෂා ඔටෝ එකක් අරගෙන පස්සෙ වැඩට යන්නම් කියපු නිසා.
අරවින්ද් වැඩට ගියාට පස්සේ අල්ලපු ගෙදර මනුස්සයා දිෂාගෙ ගෙදරට එනවා බොරුවට අරවින්ද් ඉන්නවද කියල අහගෙන සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් දිෂාට ටෝක් කරන්න හිතාගෙන. නමුත් එන පොට හොද නැති නිසා දිෂා දෙකට කැපෙන වචන දාලා එයාව පිටත් කරල යවනවා. අරවින්ද් දවල් වෙලා දිෂාට කෙටි පණිවිඩ යැව්වත් ඒවට උත්තර එවන්නෙත් නෑ. වැඩ ඇරිලා රෑ වෙලා ගෙදර එන අරවින්ද් දැනගන්නවා දිෂා ගෙදර නැති බව. පස්සෙ දිෂාට කෝල් එකක් ගත්තාම ෆෝන් එක ගෙදරම තිබිල හොයාගන්නවා. එයාගෙ යාළුවන්ටයි, මුරකාරයන්ගෙනුයි,අහල පහළ අයගෙනුයි හෝදිසි කරල බැලිවත් දිෂා ගැන හරියාකාර තොරතුරක් හොයාගන්න වෙන්නෙ නෑ. අරවින්ද් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාලා රෑ පුරාම ගිහින් හැම තැනකම හොයන්න පටන් ගන්නවා. පහුවදා උදේම පොලීසියෙන් ඇවිත් හෝදිසි කරන්න පටන් ගන්නවා. එතනදි මුරකරුගෙන් දැනගන්නවා කාර් එකක කෙනෙක් 1401 නිවසේ ඉන්න මධන්ව හම්බවෙන්න ආපු බව,මධන් කියන්නේ දිෂාට බැල්ම දාපු කෙනා, එයා තමයි ගොඩනැගිල්ලේ සී සී ටිවී සම්බන්ධයෙන් අලුත්වැඩියා කටයුතු කරන්නෙ. පහුවදා අරවින්ද් වැඩට යන්න බයික් එක ළගට එනකොට දකිනවා වළල්ලක් තියාගෙන සෙල්ලම් කරන පොඩි ළමයෙක්. අරගෙන බලද්දි දිෂාගෙ වළල්ලක්, ඒක පඩිපෙළ ළගදි අහුළ ගත්තා කියල ළමය කියනවා. මුරකාරයගෙන් අහපුවාම කළු කාර් එකකින් ආපු කෙනෙක් අංක 1401 මධන් ව හම්බවෙන්න ආපු බවක් කිව්වත් අරවින්ද් මධන්ගෙන් මේ ගැන අහපුවාම කවුරුත් ආපු නැති බවක් කියනවා.
අරවින්ද් වහාම පොලීසියට ගිහින් දිෂාගේ වළල්ල පඩිපෙළ ගාව වැටිල තිබුණ නිසා ඇයව පැහැරගත්ත බවක් පවසනවා. පොලීසිය නැවත වතාවක් මහල් නිවාසයේ මධන්ගෙන් ප්‍රශ්න කර අරවින්ද්ගේ නිවසේ ඇඟිලි සළකුණුත් අරගන්නවා. සතියයක් පමණ සී සී ටීවී කැමරා වැඩ නැති බැවින් එය අලුත්වැඩියාව බාර මධන් ගැන පොඩි සැකයක් ඇති වෙන්න පටන් ගන්නව. පොලීසිය ඒ ගැන පරීක්ෂණ පටන් ගෙන කරගෙන යන අතරතුර අරවින්ද් දිෂා හොයන එක දිගටම කරගෙන යනවා. මේ අතර අරවින්ද්ට දිෂාගේ ෆේස්බුක් ගිණුමේ හිටිය මධූ කියල කෙනෙක් ගැන සැක පහළ වෙන්න පටන් ගන්නවා. අරවින්ද් මහල් නිවාසයට ආපු කළු කාර් එක කොහොමද ගියේ කියල කටු සටහන් ඇද ඇද ඉන්න අවස්ථාවේ දිෂාගෙ ෆෝන් එකට කෙටි පණිවිඩයක් එනවා “මාව බේරගන්න ” කියල,අරවින්ද් ඉක්මනින්ම ඒ අංකයට කෝල් එකක් අරගෙන බැලුවත් ෆෝන් එක ආන්ස්වර් කරල කට් වෙනවා. මේ ගැන වහාම අරවින්ද් පොලීසියට ගිහින් කියන ගමන් සිතියමත් එක්ක විස්තර කරල පෙන්වනවා. කෝල් එක ආපු අංකයේ පිහිටීම හොයාගෙන පොලීසියත් එක්ක එතනට යන්න පිටත් වෙනවා. ම්ම්ම්…විස්තරේ දික් වෙනව වගේ..මොකද කෙටියෙන් කියන්න බෑ මේකෙ හැමතැනකම කුතුහලය තියෙන දෙවල් මගහැරෙන නිසා. ඉතින් මම මෙතනින් නවත්වන්නම්.
හැමෝටම තෙරුවන් සරණයි ! කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
17,299 downloadsDownload Valayam-2020.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
29 comments
malithmadhushan45
oshanda
ස්තූතියි සහෝ
Tiyena Amavi
Thnx sub ekta
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
ලස්සන කතාවක් වගේ බලමු එහෙනම්
ඩොක් අයියා
අපහු ලියන්න වෙනවා
ලස්සන කතාවක් වගේ බලමු එහෙනම්Chandima Prasad
thankz sub ekata..film ekath supiri.
D.Chamara
bohoma sthuthi
indika75
thanks..
Anonymous
Thank you for your subtitle❤
kavi
thanks brother
shanedesilva
Thanks for the subtitles. Keep it up the good work.
punsara
tnx sahoo sabata
lakshan
thanks .....................
isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sriwantha94
දැන් කතාව බැලුව වාගෙ තමා
Anonymous
Thanks broo
Ravisara Dharmapala
Aioo patta gonpart movie ekk apa aorde baluwe kima hituna nechr data kapagenamoktada bawe kila hituwa lipiye tybba wdht supiri aty kila eth pattma gon part..shik aprdedata me wage gon films lokua karla kindepa bn aprde data sub ekt thnks
oshanda
අපට චිත්‍රපට ගැන වගකියන්න බැහැ...බලන්න කලින් Trailer එක දීල තියෙනවා IMDb එක දීල තියෙනවා wikipedia එකේ විස්තරය දාල තියෙනවා.සහෝදරයා...
vsisuru
film aka beluw wgem tma dn thnkz saho
Jeewantha77
Thanks for the sub Oshada
Film 6/10Anonymous
Tnx
mithnil1986
Thanks lot...Good work bro
Anonymous
පොඩි අදහසක් කියන්නද??
මේ දවස් වල site එකේ ගොඩාක් පරන ෆිල්ම් වල sub වැටෙනවනේ,ඒත් පොඩ්ඩක් බලන්න ඒවා download කරන ප්‍රමානය,comment දාන ප්‍රමානය ගොඩක් අඩුයි
ඒකට හේතුව ගොඩ දෙනක් පරන ඒවා බලන ප්‍රමානය අඩුයි.......
ඒ නිසා මන් නම් කියන්නේ මේ දීලා තියෙන ෆිලුම වගේ 2015න් පස්සේ ආපු ෆිල්ම් දුන්නනම් පට්ට
(Kannada,bengali,malayalam,telugu සුපිරි action,thriller ෆිලුම් තියනෝ , etc)සුපිරි ෆිලුමක් සහෝ
දිගටම මේවැනි ෆිල්ම් වලට sub දෙමු
ජය වේවා!!!oshanda
වෙලාව තියෙන විදියට ඒවටත් සබ් දෙන්නම්...ස්තූතියි
PahasaraDv
Thankz....
Udaya Fdo
Thank you
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
ස්ටෝරිය නම් මාර ඉන්ටරෙස්ටින්ග්...
තව තෙලුගු වලට සබ් දෙමු... :P
දිගටම සබ් දෙමු ආ... ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Valayam (2020) Sinhala Subtitles | අතුරුදන් බිරිඳ සොයා…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/VALAYAM-2020.jpg)
ඔයාගෙ එකක් නම් අනිවා බලනව තමා. ස්තුතියි ඔසධ සහෝ සබ් එකට