ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම කලින් දුන්න The Crow චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපටයක්. ඒ නිසා මේක බලන්න කලින් The Crow (1994) ෆිලුමේ මම දීලා තියෙන ලිපිය කියවලා හිටියනම් ගොඩක් හොඳයි එතකොට ඔයාලට කවුද මේ ක්‍රෝ කියන්නේ, මොනවද එයාට තියෙන හැකි…

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම කලින් දුන්න The Crow චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපටයක්. ඒ නිසා මේක බලන්න කලින් The Crow (1994) ෆිලුමේ මම දීලා තියෙන ලිපිය කියවලා හිටියනම් ගොඩක් හොඳයි එතකොට ඔයාලට කවුද මේ ක්‍රෝ කියන්නේ, මොනවද එයාට තියෙන හැකියාවන් කියලා දැනගන්න පුලුවන්. මේ චිත්‍රපටය IMDb 4.9ක අගයක් ලබගන්න සමත් වෙලා තියෙනවා. Action/Crime/Fantacy යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Bharat Nalluri. ප්‍රධාන චරිතය වන ක්‍රෝ ලෙස රංගන දායකත්වය ලබ දෙන්නේ Eric Mabius නම් රංගන ශිල්පියායි, ප්‍රධාන කාන්තා චරිතය වන එරින් රැන්ඩල් ලෙස Spider-Man (2002), Spider-Man 2 (2004), Spider-Man 3 (2007) සිනමාපට ත්‍රිත්වයේ මේරී ජේන්ගේ චරිතය රඟපෑ සුරූපී නිළි Kirten Dunst නිරූපනය කරනවා. මීට අමතරව Tremors සිනමාපට පෙලින් හමුවු Fred Ward ප්‍රධාන දුෂ්ට චරිතය සඳහා රංගන දායකත්වය ලබාදෙනවා.
ඇලෙක්ස් කෝර්විස් තම පෙම්වතිය වන ලොරේන් රැන්ඩල්ගේ ඝාතනයට වරදකරු වෙලා මරණ දඬුවමට නියම වෙනවා. මේ චෝදනාව පිලිනොගන්න ඇලෙක්ස් කියන්නේ අතේ කැළලක් තියෙන මනුස්සයෙක් තමයි ලොරේන්ව මැරුවේ කියලා. ඒත් ඒක ඔප්පු කරන්න ඇලෙක්ස්ට සාක්ෂි නෑ වගේම ඇලෙක්ස් මේක කරා කියන්න කිහිප දෙනෙක්ම සාක්ෂි දෙනවා. අන්තිමට තමන් නිර්දෝශයි කියන ඇලෙක්ස්ට විදුලි පුටුවට යන්න වෙනවා. නමුත් ඇලෙක්ස්ගේ ආත්මය ජීවත් වෙලා ඉද්දි ඉටුකර ගන්න බැරි උන අරමුණ ක්‍රෝ බවට පත් වෙලා නැවත ඉටු කර ගන්න කපුටු ආත්මය තව අවස්ථාවක් ඇලෙක්ස්ට ලබාදෙනවා. ඇලෙක්ස්ගේ අරමුණ තමයි ලොරේන්ගේ මරණයට ඇත්තටම වගකියන්න ඕන කැළලක් තියෙන පුද්ගලයව හොයා ගන්න එක. ඇලෙක්ස් එහෙමත් නැත්තම් ක්‍රෝට සැබෑ ඝාතකයා හොයා ගන්න පුලුවන් වෙයිද ? කවුද ඇත්තටම මේ අතේ කැළලක් තියෙන මනුස්සයා ? ක්‍රෝට තමන්ගේ විමුක්තිය ලබා ගන්න පුලුවන් වෙයිද ? එහෙනම් ඔයාලා මේ ෆිලුම නරඹලා ඒවට උත්තර දැන ගන්නකෝ.
ඒ වගේම තව පොඩි දෙයක් කියන්න ඕන මේ දවස්වල සම හරක් අය මූණූපොතේ පේජ් වල පොරවල් වෙන්න උවමනාවට අපේ සයිට් එකෙන් දෙන උපසිරැසිවල සුළු අඩුපාඩු උලුප්පලා පෝස්ට් දානවා. ඒවා දැක්කම මේ වගේ අයටනේ අපි මේ කාලේ කාගෙන උපසිරැසි කරන්නේ කියලා හිතට පොඩි වේදනාවකුත් එනවා. සුළුතරයක් එහෙම උනාට බහුතරයක් අපිත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. හිතට කළකිරීමක් දැනුන නිසයි මේ ටික හරි කිව්වේ. එහෙනම් ඔයාලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. ඉක්මනටම මුළු ලෝකෙම නැවත සාමාන්‍ය තත්වයට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න හසන්ත අයියටත් අපේ බයිස්කෝප් රසික හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කම්මැලි නැතුව ලොග් වෙලා කොමෙන්ට් එකක් දාගෙන කියලත් මතක් කරන්න ඕන. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!!
#STAY SAFE #STAY HOME

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,944 downloadsDownload The.Crow_.Salvation.2000.Baiscopelk.com_.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
හසිත මධුෂාන්
indika75
thanks..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sachintha
සහෝ The Crow: city of angels 1996 උපසිරැසිය දුන්නද බන් මම බැලුවා හොයා ගන්න බෑනේ...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
* The Crow: City of Angels (1996)
* The Crow: Wicked Prayer (2005)
මේ දෙකටත් සබ් දෙන්න බ්‍රෝ එතකොට film series එකම බැලුව හැකි :)
ජය වේවා.!Ravishanka Edirisinghe
There are four films
The Crow
The Crow: City Of angels
The Crow: Salvation
The Crow: Wicked Prayer
geeganagamage
බොහොම ස්තුතියි ඉතිරි ෆිල්ම් වලටත් ඉක්මණින් සබ් දෙන්න.
Anonymous
thanks..
Ishan Madusha
ස්තූතියි සහෝ උපසිරැසියට
Bandara
Thanks lot Danuka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
Nishadha Anuradha
Great job man.. Keep it up, and do classic horror movies like this...
Suranjan
Thanks jayawewa....!
Shamal manojan
බොහොම ස්තූතියි සහො......
Crow 1996
Crow 2005 ෆිල්ම් දෙකටත් සබ් දෙන්න සහෝ. එතකොට ෆිල්ම් සෙට් එකම එකට බැලුව හැකි.
තෑන්ක්ස් සහෝ........රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan
meke 1/ 3 sup dila thiyenne
2 ekata dila nane ekath dennaYasasPerera
thanks bro
Dewadithya
Thanks for sub!
sethmal kaluarachchi
Thanks Bro
The Crow: Wicked Prayer (2005) ekatath sub eka denna.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!