Watch Trailer

Valentine (2017) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව නැගී සිටි ඉන්දුනීසියන් වීරවරිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් අරන් එන්නෙ කොමික් ෆිල්ම් එකක්. DC Comics , Marvel කිවුවහම ඕනෙ කෙනෙක් දන්නවනෙ. මොකද ලෝකෙ ප්‍රසිද්ධම කොමික් කම්පැණි දෙකක් තමයි මේ දෙක. ඔය අතරෙ කොමික් ගහන තවත් කම්පැණි තියෙනව. Dark Horse Comics, Image Comics, IDW Publishing, Valiant Comics කියන්නෙ අන්න ඒ වගේ කම්පැණි ටිකක්. Skylar Comics…

ඔන්න මේ පාරත් අරන් එන්නෙ කොමික් ෆිල්ම් එකක්. DC Comics , Marvel කිවුවහම ඕනෙ කෙනෙක් දන්නවනෙ. මොකද ලෝකෙ ප්‍රසිද්ධම කොමික් කම්පැණි දෙකක් තමයි මේ දෙක. ඔය අතරෙ කොමික් ගහන තවත් කම්පැණි තියෙනව. Dark Horse Comics, Image Comics, IDW Publishing, Valiant Comics කියන්නෙ අන්න ඒ වගේ කම්පැණි ටිකක්. Skylar Comics කියන්නෙත් ඉන්දුනීසියාවෙ තියෙන ඔය වගේම කොමික් කම්පැණියක්. ඉතින් මේ Skylar Comics එකෙන් හදුන්වල දුන් චරිතයක් පාදක කරගෙන හැදුව ෆිල්ම් එකකට තමයි අද මම සබ් එක අරගෙන ආවෙ.

කවුද මේ වැලන්ටයින් කියන්නෙ?

මෙයාගෙ ඇත්ත නම ස්‍රීමායා බූමන්තරා. හැමෝම ආදරේට කියන්නෙ ස්‍රී කියල. මෙයා මාර්ෂල් ආර්ට්ස් ගැන හොදට දන්නව. ඒවගේම කිසිම සුපර්පවර් එකක් නැහැ. තියෙන්නෙ බැට්මෑන්ට වගේ ගැජට් ටිකකුයි සටන්කිරීමේ හැකියාවයි විතරයි. හැබැයි බැට්මෑන්ට වගේ ගැජට් ගොඩක් නැහැ. මොකද මෙයාලට බෘස් වෙයින්ට වගේ සල්ලි නැහැනෙ 🙂 ස්‍රී වැඩකරන්නෙ කැෆේ එකක. එයාගෙ ආසාව තමයි නිළියක් වෙන එක. ඒවගේම තමයි මෙයාගෙ තාත්ත නැහැ. එයා මැරිල. එයාගෙම කියල ඉන්නෙ අම්මයි අයියයි විතරයි. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමු.

මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2017 නොවැම්බර් 23 වෙනිද ඉන්දුනීසියාවෙදි. ඒවගේම මේකෙ ඉන්ග්ලිශ් වර්ශන් එක USA වලදි රිලීස් වුනේ 2019 මැයි 14 වෙනිද. IMDB දර්ශකයෙ 4.9ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action ගණයට තමයි අයත්වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ubay Fox හා Agus Pestol කියන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසින්. ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ශැඩෝ නම් අපරාධකරුවෙක් ඔහුගේම අපරාධකණ්ඩායමක් හදාගෙන නගරයේ හොරකම් මිනීමැරුම් කරකර නගරයේ මිනිසුන්ගෙ සිතේ බියක් උපදවනව. ශැඩෝගේ අණට යටත් මිනිසුන්ට නිදහසේ සිටීමට ඉඩ දෙන බවත් අණට විරeුද්දවෙන මිනිස්සුන්ව සාහසික ලෙස මරා දමන බවත් ඔහු ප්‍රකාෂකරනව. ඔය අතරෙ බෝනෝ කියන අධ්‍යක්ෂකවරයා තමන්ගෙ සුපර්හීරෝ චිත්‍රපටයට රගපාන්න පුලුවන් ලස්සන වගේම මාර්ෂල් ආර්ට්ස් හොදට දන්න කෙල්ලෙක්ව හොයනව. එතකොට තමයි මෙයාට ස්‍රීව හම්බවෙන්නෙ. ස්‍රී කොහොමද වැලන්ටයින් වුනේ? ශැඩෝ කියන්නෙ කවුද? බෝනෝ සහ ස්‍රී දෙන්න හදන්න හිටපු චිත්‍රපටයට මොකද වෙන්නෙ? ඒ ටික ෆිල්ම් එක බාගෙනම බලන්න 😀

චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ මෙන්න මේ කට්ටිය

Estelle Linden – Srimaya
Arie Dagienkz – Wawan
Matthew Settle – Bono
Ahmad Affandy – Umbra
Fendy Pradana – Bumantara
Nabila Putri – Zola

ඒ වගේම මේ Skylar Comics ලත් ලෑස්ති වෙන්නෙ MCU එක DCEU එක වගේ කොමික් මූවී යුනිවර්ස් එකක් හදන්න. ඉතින් Skylar Comics ලගෙ ඊලග ෆිල්ම් එක Volt කියන කොමික් චරිතය පාදක කරගෙන තමයි හදන්න ඉන්නෙ. මේ ෆිල්ම් එකේ අන්තිමට පෙන්නනව වෝල්ට් ඉන්න පොඩි කෑල්ලක්.

එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

– FROM THE ASHES , A HERO RISES –

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

4,813 downloadsDownload Valentine.2017.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,813 downloadsDownload Subtitles30 KB

28 comments

  1. Rumesh dhanushka

    Thanks sachin

  2. Hashan M. Priyadarshana

    තෑන්ක් යූ බ්රෝ සබ් එකට

  3. namika

    gindara mchn!

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  5. indika75

    thanks..

  6. nihalpujitha

    THanks

  7. wajira

    Thanks for sub

  8. harshana piyumal

    Thnx bro sub ekata.

  9. samsungboy

    Sub eka genawata txn saho...

  10. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. samsungboy

    Natasaarvabhowma kannada film ekata sub eka gennako...

  12. Pradeep Pasqual

    Thanks for the sub & ..!!

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  16. Tharaka

    THANKS,,,,,,,,,,,,,,,

  17. Rukshan37

    Ela ela

  18. Sanjeewa2010

    Paatttttaaaaaaaaaaaaaa

  19. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි......

  20. Mahen Laknuka

    yo yo ft

  21. RuwanLakshan93

    ස්තූතියි සහෝ....

  22. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  23. D.Chamara

    bohoma sthuthi ...

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. nihalpujitha

    THANKS ♥️♥️♥️♥️

  26. Dewadithya

    Thanks for Sub!

  27. nimesh_herath

    Thanks theruwan saranai

  28. Kasunabayasekara

    Thanks bro...