Watch Trailer

Valkyrie (2008) | ජර්මනිය දිගුකල් වැජඹේවා!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.1/10 ක තරම් ඉහළ ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටියක්. සම්මාන 9කට නාම යෝජනා ලබලා එයින් සම්මාන 2ක් ජයග්‍රහණය කරන්නත් මේ චිත්…

Valkyre 2008

ඔන්න යාළුවනේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.1/10 ක තරම් ඉහළ ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටියක්. සම්මාන 9කට නාම යෝජනා ලබලා එයින් සම්මාන 2ක් ජයග්‍රහණය කරන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා වගේම ඩොලර් මිලියන 83 ඉක්මවූ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් හැකියාවක් ලබලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන කර්නල් ස්ටෙෆන්බර්ග් ගෙ රඟ දක්වන්නේ සුපිරි නළු ටොම් කෲස් විසිනුයි.

කතාව ගැනත් ටිකක් කියන්නම්. දෙවන ලෝක යුද සමයේ අවසාන භාගයේ හිට්ලර්ගෙ අදූරදර්ශී භාවය සහ ඒකාධිපති පාලනය නිසා තමන්ගේම හමුදාවේ සහ තම රටවැසියන් ඉතා විශාල ප්‍රමාණයකගේ ජීවිත අහිමි වීම හේතුවෙන් බොහෝ නිලධාරීන් පිරිසක් සිටින්නේ වෙනසක් බලාපොරොත්තුවෙනුයි . එසේ හිට්ලර්ගේ පාලනය ගැන කලකිරීමෙන් සිටින පිරිසක් විසින් හිට්ලර්ව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් සිදු කරනවා. නමුත් මේ කුමන්ත්‍රණය අසාර්ථක වෙලා එක් සොල්දාදුවෙක්ට මිය යන්න සිදු වෙනවා. ඒ මිය ගිය සොල්දාදුවගෙ තැනට තමයි කර්නල් ස්ටෙෆන්බර්ග් පත් වෙන්නේ. කර්නල් ස්ටෙෆන්බර්ග් කියන්නේ යුද්ධයෙන් තුවාල ලබලා ඇසක් සහ අතක් අහිමි වෙලා ඉන්න දක්ෂ නිලධාරියෙක්. ඔහුත් හිට්ලර්ගෙ පාලනය ගැන කලකිරිලා ඉන්න නිසා මේ කුමන්ත්‍රණයට හවුල් වෙන්න එකෙන්ම කැමති වෙනවා.

හිට්ලර්ව මරණ එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම හිට්ලර්ව මැරුවත් ජර්මනියේ පාලනය අත් කර ගැනීම කොහෙත්ම කල නොහැකි ක්‍රියාවක්. යම් කිසි හේතුවකින් හිට්ලර් මියගියොත් හරි රට අභ්‍යන්තරේ බලාපොරොත්තු නොවූ විදිහට කැරැල්ලක් ඇති උණොත් ඒ අවස්ථාවට යොදවාගන්න සූදානම් කල විශේෂ අමතර හමුදාවක් හිට්ලර්ට ඉන්නවා. මේ හමුදාව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන සඳහන් කරපු අත්පොත හඳුන්වන්නේ “වැල්කරි” නමින්. ඉතින් මේ කර්නල් ස්ටෙෆන්බර්ග් සැලසුම් කරන්නේ මේ “වැල්කරි” අත්පොත සංශෝධනය කරලා එම අමතර හමුදාව තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවන්න බලය අත් කර ගන්නයි. ඒ මගින් ජර්මනියේ පාලනය ලබා ගන්න ඔහුට හැකියාවක් ලැබෙනවා. ඒ උණාට මේ “වැල්කරි” අත්පොත සංශෝධනය කල හැක්කේ හිට්ලර්ගේ අත්සන එම සංශෝධනයට ලැබෙනවානම් පමණයි…

ඉතිං යාළුවනේ.. කතාව ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. “වැල්කරි” අත්පොත සංශෝධනය කරගන්න කර්නල් ස්ටෙෆන්බර්ග් ට හැකි වේවිද? ඒ වගේම හිට්ලර් ඝාතනය කරන්න තියා හිට්ලර්ට ලං වෙන්නවත් මේ කුමන්ත්‍රණකාරයන්ට හැකි වේවිද? ඊට කලින් හිට්ලර් මොවුන් ගැන දැනගෙන ඒ හැමදෙනාටම වැඩේ දේවිද? මේ කිසිම දෙයක් සිදු නොවී වෙනස්ම විදිහේ දෙයක් සිදුවේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

2009 මාර්තු 28 දින පළවූ ලිපිය.

හ්ම්ම්ම්….විශිෂ්ට ෆිල්ම් එකක් බැලුවා කියන හැගීම හිතට දැනෙනවට ආස නම් බලන්න මේ ෆිල්ම් එක..ප්‍රධාන චරිතය රගපාන්නෙ ටොම් කෲස්,එතුමාගෙ රංගන හැකියාව හොදින් පෙනවන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..සරළවම කියනව නම් උපරිමෙන් රස විදින්න පුලුවන් චිත්‍රපටයක්..මම මේ කතාවෙ මුල ඉදල කියන්න යන්නෙ නෑ..කතාවෙ සාරාංශය කියන්නම්..දෙවන ලෝක යුද්දය සිද්ද වෙන්නෙ හිට්ලර්ගේ ඒකාධිපති වියරුව නිසා ඔහුව ඝාතනය කිරීමට හමුදාවෙ ඉහල පෙලේ නිලදාරීන් කිහිප දෙනෙක් සැලසුම් කරනව,ඉන් පසු හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැල්කරි නම් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමයි ඔවුන්ගෙ අරමුණ..මෙහි ප්‍රදානත්වය ගන්නෙ අබ්බගාත කැප්ටන් එකෙන්ක්..ඔහුගේ මෙම ක්‍රියාදාමය තමයි මෙ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්..මම නම් හරීම ආසවෙන් බැලුව..වෙනස්ම කාලෙකට අපිව ගෙන යන චිත්‍රපටයක්..

Valkyrie (2008) on IMDb

 

 

751 MB කොපිය මෙතනින් බාගන්න

8c676a0c0c358ed1ccd4b7937c3959664ed6c30d

1.7 GB කොපිය මෙතනින් බාගන්න

968a74e96752636ca336283ec9e42b8f5c26ea36 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,517 downloadsDownload Valkyrie.2008.baiscopelk.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,517 downloadsDownload Subtitles81 KB

76 comments

  1. C4

    අද දවසට මෙකෙන් බලලා දෙකක් බැවා එත් මට මෙක ටිකක් ඇලජික් වගේ මචන්

  2. පොතේ ගුරා

    @අමල් ඉෂාන්ත! මච්ං පොඩ්ඩක් බලපන්,මුල් විනාඩි 5ක් වගේ ගානක් විත‍රයි ජර්මන් භාෂාවෙන් කතා ක‍රන්නෙ..

    @asanka! තෑන්ක්ස් මචං!!

  3. අමල් ඉෂාන්ත

    මම අරන් තියෙන්නේ ජර්මන් ෆිල්ම් එක.

  4. asanka's new posts

    great blog

  5. Mash

    nice movie..maxxa

  6. පොතේ ගුරා

    @මලී & -බිன்ku- දෙන්නම බලන්න මෙක..වෙනස් කතාවක්..හැමෝගෙම තියෙන්නෙ දැඩි ගති පැවතුම්..ඒ උනාට ෆිල්ම් එකේ රසවත් බවට හානියක් වෙලා නෑ..

  7. -බිன்ku-

    ඔයා කියන හින්දාවත් බලන්න ඕනේ! එල මචෝ ස්තුතියි!

  8. malee_msg

    මම අද WallE බැළුවා.. ඒක ‍නියමයි.. මේකත් බලන්න ඕනි

  9. පොතේ ගුරා

    නෑ මචෝ..එහෙම නම් මුකුත් නෑ..කතාව තමයි ලස්සන..පොඩි වෙලාවකට යුද්දෙ පෙන්නනව පටන් ගන්නකොටම..ඒ ටික තමයි..මේකෙ හැමෝම හැසිරෙන්නෙ මහත්මා විදියට.. :D

    1. anuruddha

      sinhala sub denna barida mekata?

  10. දිසා

    හොදට ඇක්ෂන් තියනවාද මෙ මම කිවුවේ ගහමරා ගන්න සින්

  11. Janaka

    Mama download karaganna try kara vada karan na

    Torrent not found...

    The torrent you requested (id: 2308036) does not exist in our database.

    This could mean that:
    The torrent was old, and automatically removed by our system. This happens if no torrent activity is recorded for a while.
    The torrent was removed by one of our moderators, for example because we received complaints from users.
    We received a copyright takedown request, and removed the torrent in compliance with our copyright policy.
    XHT

    Please mata denna download link aka

    Thank you

    umma.....

  12. uda

    හනේ මන්ද මතක නෑනෙ බැලුවද කියලා. ඒ නැතත් එකතුවට ඕනිනේ.
    හොයාගන්න වෙනවා...

  13. charith vishwa

    elaaa

  14. charith vishwa

    ko meke sinhala

  15. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. තිසර නියෝ (Thisara Buddhika)

      ඉක්මනට මේකට සබ ඕනි

  16. Supun

    meke sinhaka sub eka ndda

  17. lakshan

    මේකට සබ් දුන්නඑක ලොකු දෙයක් දිනිදුවා........බොහොම තුති...ජය වේවා

  18. නලින්

    ස්තුතියි දිනිදු අයියා... මේක ආයේ බලන්න ඕනේ.. දැන් ඉතින් සබත් තියන එක.. එකෙන්ම..

    ජය වේවා!

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. thisal

    බුදු අම්මො ටොම් අයියගෙ එකක් කොමද අත අරින්නෙ ට්හැන්ක්ස් සබට

  21. Nirmal

    meka mama kalin balala thiyanawa. pattama kathawak. ayeth baagannawa onna. bohoma sthuthi labadunnata

  22. kushan charith

    thanks

  23. VIDEOS|9

    Thank you ..!!!

  24. කේ.යූ.ජී. උදාර

    ඔන්න මචෝ මාත් සබ ගන්නවා...............
    මේ වැඩේට බොහොම ස්තූතියි.

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. Dushantha

    Thankz.

  27. Jack

    නියමයි මචෝ.
    මේ වගේ කතා නම් පට්ට.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  28. ශාන් විමුක්ති [විමා]

    කලින් බලලා නැත
    මැක්සා භාණ්ඩයක් වගේ
    ඔන්න එහෙනම් බාන ලයිස්තුවේ :D

  29. Yasiru

    Thank u lokka Tom Aiyage nisa nobala bane

  30. danushka

    thanks machan...

  31. SaDuN dAnUsHkA

    එල කිරි
    නියමෙට කරලා තියෙනවා
    බොහොම ස්තුතියි...!

  32. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. anuska

    niyama bandayak wage.... thanks ...

  34. “චූටී මල්ලි”

    බලලා නෑ මචෝ
    ඉස්සර මට මතකයි මන් මේකෙ ට්‍රේලරෙ බැලුවා
    ටීවී එකෙ
    සබට තුති
    ඔබට ජය...........

  35. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. සුපිරි කතාවක් නේ තෝරගෙන තියෙන්නෙ. ජය෴෴ :P :P

  36. chinthaka

    කාලෙකින් බලපු ලස්සනම සිනමාවක් , වචන දෙකක් නැ සුපිරි....

    දිනිදු සහෝ තුති..

  37. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේක බලන්න හිතාගෙනම හිටපු එකක්. ;-)
    ස්තුතියි දිනිදු අයියා.
    ජය වේවා. !

  38. sajeevi

    thanks

  39. silent$

    thanx bro !!!!!!

  40. sanjeewa

    thanks

  41. chamara southern

    thanks dinidu malli

  42. kavi

    tnxxxxxx ..gb !!!!!!!!!!!!!

  43. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  44. Kasun

    නියමයි
    mekata mama sinhala sub ekek hoya hoya hitiye, thankzzzzzz

  45. ඉන්දික

    මම ආසාවෙන් බලපු පිල්ම් එකක්.මම ලග තිබිලා නැති වුනා. මම කිහිප වතාවක්ම ඉල්ලුවා. ඇත්තටම බොහොම ස්තූතියි. තව 90 දශකයේ මුල ජාතික රෑපවාහිනියේ විකාශනය වුන යුධ වන් ලොව (world at war) වාර්තාමය වැඩ සටහන ලබාදෙන ලෙස ඉල්ලනවා. ඉතිහාසය නිර්මානය වන වැඩ සටහන් සුරැකීම වැදගත් කියලා මම හිතන්නේ.....

    නැවතත් බොහොම ස්තූතියි

  46. ~!@#$%&*()_+|":>.

    මේකට වැල්කරි කියනවාට වඩා හොද නැද්ද වල්කැරියා කිව්වා නම්.

  47. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  48. charith

    මේක බලන්න හිතාගෙනම හිටපු එකක්...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..

  49. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  50. Dil

    thx bro ...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.