Watch Trailer

Vampires (1998) Sinhala Subtitle | පිසාච දඩයම (18+) [සිංහල උපසිරැසි]

ඔන්න යාලුවනේ 2013 දී බයිස්කෝප් එකට දාපු සබ් දෙකෙන් පස්සේ ඊට අවුරුදු 10කට පස්සේ මම තවත් ‍ෆිල්ම් එහෙකට සිංහල සබ් එකක් ගෙනාවා.මේ අවුරුදු 10 ඇතුලේ සිංහල දාන්න ඕනේ සිංහල දාන්න ඔනේ කියලා හිතට ආව හොඳ ‍ෆිල්ම් තිබ්බත් තියෙන වැඩ රාජකාරියි කම්මැලිකම නිසායි ඒ මුකුත් කලේ නෑ. මේ ‍ෆිල්ම් එක ඇත්තටම මම ‍ෆිල්ම් බානක…

ඔන්න යාලුවනේ 2013 දී බයිස්කෝප් එකට දාපු සබ් දෙකෙන් පස්සේ ඊට අවුරුදු 10කට පස්සේ මම තවත් ‍ෆිල්ම් එහෙකට සිංහල සබ් එකක් ගෙනාවා.මේ අවුරුදු 10 ඇතුලේ සිංහල දාන්න ඕනේ සිංහල දාන්න ඔනේ කියලා හිතට ආව හොඳ ‍ෆිල්ම් තිබ්බත් තියෙන වැඩ රාජකාරියි කම්මැලිකම නිසායි ඒ මුකුත් කලේ නෑ.

මේ ‍ෆිල්ම් එක ඇත්තටම මම ‍ෆිල්ම් බානකොට අහම්බෙන් මගේ හිතට ආව ‍ෆිල්ම් එකක්.ඒ කියන්නෙ මම පොඩි කාලේ CD ප්ලේයර් එකෙන් CD ගෙනල්ලා බලද්දී මට බලන්න නොවී මගෑරිලා ගිය ‍ෆිල්ම් එකක්.ඇත්තම කීවොත් මේක 18+ එකක්.චුටි කාලේ මේකක් ගෙදර බලනවා කියන්නේ දොට්ට බහින්න වෙන වැඩක්.ඒ කාලේ මට මෙකෙ බලන්න උනේ මුල් විනාඩි 5ක් වගෙ විතරයි.

සබ් එක දීලා තියෙන්නේ YTSගේ BRrip පිටපතට සහ අනෙකුත් x264 පිටපත් වලට.මම නම් කියන්නේ YTSගේම එකක් හොයං බාලා බලන්න කියලා.සීඩ්ස් හොඳයි ඉක්මනට බා ගන්නත් පුලුවන්. 18+ ‍ෆිල්ම් එකක් උනත් එහෙම කෑලි මේකෙ තියෙන්නෙ එක දිගට යන විනාඩි 2කක වගේ චූටි කෑල්ලක්ම විතරයි.

‍ෆිල්ම් එක ගැන කතා කරනවා නම මේක 1998 ආව ලේ උරා බොන පිසාචයෝ ප්‍රධාන කරන් නිෂ්පාදනය වෙලා IMDb රේටිං එක 6.1/10ක් ගත්තු ‍ෆිල්ම් එකක්.ඔව් ඒ කියන්නේ මේක ඇවරේජ් බලන්න පුලුවන් හොද කතාවක් එක්කලා ආව ‍ෆිල්ම් එකක්.ධාවන කාලය පැය 1යි විනාඩි 44යි. හොරර්, ඇක්ශන් වර්ගයට අයත් වෙන මේකේ තියෙන්නේ වතිකානුවේ පල්ලි මුල් කරගෙන පල්ලි විසින් මෙහෙයවන වෑම්පයර්ලා මරණ කණ්ඩායමක් ගැන. කණ්ඩායමේ ප්‍රදානම අරමුණ තමා මේ පිසාචයන්ගේ මහ එකාව හොයා ගන්න එක.හොයලා ඌව මරලා දාන එක.

ඉතින් ‍ෆිල්ම් එක බලන්න…. එහෙම පිසාච ලොක්කෙක්ව අල්ල ගන්න පුලුවන්ද සහ එහෙම එකෙක්ව මෙයාලට මරන්න ද පුලුවන්ද කියලා ! අහ් තව එකක් සමහරවිට අවසානයේ බලාගෙන යද්දි ඔයා කන්‍ෆියුස් උංගා-බුංගා වෙන්නත් බැරි නෑ හොදේ !!

විශේෂ ස්තුතිය ශාන් විමුක්ති (විමා) සහෝදරයාට ! මගේ කලින් ‍ෆිල්ම් දෙක මෙතනින්


 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දී ඇත

2,861 downloadsDownload Vampires.1998.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සඳුන් ප්‍රනාන්දු

Subtitles

2,861 downloadsDownload Subtitles34 KB

12 comments

  1. thilina

    adooo thx bn .apahu blnva

  2. indika 75

    thanks..

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සඳුන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. විමා

    නැවත සාදරෙන් පිළිගන්නව සහෝ.
    බොහොම ස්තුතියි උපසිරසියට.
    සබ ටිකක් කරමු නේද එහෙනම් ?

  6. Sohan Cena

    Oka Baluwe Man Podi kale.dan awurudu 15k witara kalin.eda meda kaledi ambaneka Vampire film Baluwa mekata gahanna film ekak tama awe na.

  7. Anonymous

    Thanks jayawewa....!

  8. S.H Tharaka Prabhath

    Thanks for the sinhala sub bro...

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P