ඔබ දියණියක නම් ඔබට කුඩා කළ සිට ඔබගේ පියාගෙන් දුරස්ව දිවි ගෙවන්නට සිදුවුවහොත් ඔබට එය කෙසේ දැනෙනු ඇත්ද ? ඔබ පියෙකුනම් ඔබට ඔබේ දියණිය කුඩා කළ සිට ඇගෙන් දුරස්ව දිවි ගෙවන්නට සිදුවුවහොත් ඔබට එය කෙසේ දැනෙනු ඇත්ද ? එහෙත් ඊට අස්වැසිල්ලක් ගෙන දෙමින් තාවකාලිකව හෝ ඔබ දෙදෙනාටම එක්ව නිදහසේ කල් ගෙවන්නට ලැබේනම් එය…

ඔබ දියණියක නම් ඔබට කුඩා කළ සිට ඔබගේ පියාගෙන් දුරස්ව දිවි ගෙවන්නට සිදුවුවහොත් ඔබට එය කෙසේ දැනෙනු ඇත්ද ? ඔබ පියෙකුනම් ඔබට ඔබේ දියණිය කුඩා කළ සිට ඇගෙන් දුරස්ව දිවි ගෙවන්නට සිදුවුවහොත් ඔබට එය කෙසේ දැනෙනු ඇත්ද ? එහෙත් ඊට අස්වැසිල්ලක් ගෙන දෙමින් තාවකාලිකව හෝ ඔබ දෙදෙනාටම එක්ව නිදහසේ කල් ගෙවන්නට ලැබේනම් එය කෙතරම්නම් අපූර්ව වනු ඇත්ද ? 2022 වසරේ තිරගතවූ Charlotte Wells විසින් සිනමාවට නැගි “ Aftersun ” සිනමා සිත්තමේ කතාව කෙටියෙන්ම එයයි.
නිවාඩුවක් ගතකිරීමට තූර්කියේ දිවිගෙවන සිය පියා හමුවට එන සොෆීගේත් ඇගේ පියාගේත් අපූර්වතවූ සබැදිය විදහා පානා “ Aftersun ” සිනමා සිත්තම විටෙක දියණියකගේ කෝණයෙනුත්, තව විටෙකු පියෙකුගේ කෝණයෙනුත් සිනමා රසිකයින් වන අප හට රසවිදීමට ඉඩ හසර විවර කරදෙනා අපූර්ව සිනමා නිර්මානයක් වේ.සිනමා රසිකයින් ලෙස අප කව්රුත් දන්නා IMDB දර්ශකයේ ලකුණු 7.7/10 ක ඉහළ අගයක් ලබා ගන්නටත්, Rotten Tomatoes දර්ශකයේ 95% ක ඉහළ ප්රතිශතයක් ලබා ගන්නටත් සමත්ව ඇති මේ විශිෂ්ඨ සිනමා සිත්තම මෙවර ඔස්කාර් සම්මාන උළෙලද නියෝජනය කිරීම විශේෂත්වයක්.
ඒ හොදම නළුවා ලෙසින් නාම යෝජනා අතර එක්විමෙන්.මෙහි ප්රධාන චරිත රගපාන්නෙ අප කා අතරත් ප්රසිද්ධ “ Normal People ” මිනී සිරීස් එකේ ප්රධාන චරිත රගපෑ Paul Mescal.ඔහු මෙම සිනමාපටයේ දක්වන දක්ෂ රංගන කුසලතාවය නිසා තමයි මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය සදහා නිර්දේශව සිටින්නේ.ඔහුට අමතරව මෙහි රංගනයෙන් “ Frankie Corio, Celia Rowlson hal ඇතුළු තවත් රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු රංගනයෙන් එක්ව සිටිනවා.ඒ වගේම කියන්න ඕනා මේක අධ්‍යක්ෂකවරියගේ කුළුදුල් සිනමා නිර්මාණය.එහෙත් ඒ බවක්නම් සිනමාපටයේ කොතැනකවත් මටනම් දැක ගන්න ලැබුනේ නෑ.ඇය ඇගේ කාර්ය්‍යභාරය ඉතා විශිෂ්ට ලෙස සිදුකරලා තියෙනවා.ඒවගේම මේ සිනමාපටය International critics Week යටතේ French Touch Prize of the Jury දිනාගන්නත් සමත්වෙලා තියෙනවා.තවත් කියනවනම් මේ සිනමාපටයේ කතා තේමාව ගැන අපට කතා කරන්න බොහෝදේ තියෙනවා.ඒත් දැනට මම මෙතනින් නවතිනවා.
ඉතිං ඉතුරුටික භාරවෙන්නෙ ඔයාලට. මම ආරාධනා කරනවා හැම කෙනෙක්ටම වගේ මේ සිනමාපටය නරඹන්න කියලා.හැබැයි කියන්න ඕන මේක නාට්‍යම සිනමා නිර්මානයක්.ඒ නිසා මේක හැමකෙනෙක්ටම දිරවන එකක් නෑ.මොකද මේකෙ කතාව ගලාගෙන යන්නෙත් බොහොම හෙමිහිට නිසා.ඒත් ඔබ මේ වගේ නිර්මාණ මග නොහැර බලන කෙනෙක්නම් අනිවාර්ය්‍යයෙන්ම මේ අපූර්ව සිනමාසිත්තම නරඹන්නය කියලා මම ඔබට ආරාධනා කරනවා.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත
2,557 downloadsDownload Aftersun-2022.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
16 comments
Subhash
Anonymous
ස්තූතියි subhash
indika 75
thanks..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි කසුන් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Naveed
Thanx sub ekata. The whale ekatath puluwan nm sub dennako
NethPamo
Thanks .
පුලුවන්නන් The devil wears prada(2006), The holiday(2006)ෆිල්ම් දෙකටත් sub දෙන්නකෝ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥විමා
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
තවත් මේ වගේ වටිනා කතා වලට උපසිරසි අරගෙන එන්න.Indragee Kasun
ස්තූතියි විමා සහෝ ♥️
Stephen holmes
Carnival Row Season 2 ඉතිරි එපි ටිකට දෙන්නෙ නැද්ද මචන්ලා? දැන් සති 2, 3ක්
Manu
Godak sthuthi..Jaya wewa!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Advertisement
ලොකු පිරිසක් මේක නොරඹන්න පුළුවන් ඒත් මේ වගේ ගුණාත්මක චිත්‍රපට වලට sub කරන එක බොහොම වටිනවා