අද උපසිරසි අරගෙන ආවේ තවත් DC Animated චිත්‍රපටයකටයි. මේ තමයි මේ අවුරුද්දේ පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුණු Legion of Super-Heroes කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 5.7 ක අගයක් හිමි වෙලා තියෙනවා. Jeff Wamester විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයට Meg Donnelly, Yuri Lowenthal, Harry Shum Jr., D…

අද උපසිරසි අරගෙන ආවේ තවත් DC Animated චිත්‍රපටයකටයි. මේ තමයි මේ අවුරුද්දේ පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුණු Legion of Super-Heroes කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 5.7 ක අගයක් හිමි වෙලා තියෙනවා. Jeff Wamester විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයට Meg Donnelly, Yuri Lowenthal, Harry Shum Jr., Darin De Paul, Jensen Ackles වගේ අය හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා.
මේකත් Tomorrowverse කියන continuity එකට අයත් ෆිල්ම් එකක්. මේක පටන් ගත්තේ 2020 දී. ඒවගේම ඒක මේ අවුරුද්දේ (2023) නිමා වෙන්න නියමිතයි. ඒකට අදාළ ෆිල්ම් ටික කිව්වොත්,
1. Superman: Man of Tomorrow (2020)
2. Justice Society: World War II (2021)
3. Batman: The Long Halloween Part 1 (2021)
4. Batman: The Long Halloween Part 2 (2021)
5. Green Lantern: Beware My Power (2022)
6. Legion of Super-Heroes (2023)
7. Justice League: War World
ඉතින් මේ ලැයිස්තුවෙන් පේනවා ඇති මේකෙන් පස්සේ එන්න නියමිත Justice League: War World චිත්‍රපටයෙන් Tomorrowverse එකත් ඉවර වෙන බව. එතනින් පස්සේ මොනවා වෙයිද කියලා නම් DC ලා තාම හරියට කියලා නෑ. DC එකේ මේ දවස්වල වෙන පෙරළිය දිහා බැලුවාම ඒකෙ පුදුමෙකුත් නෑ. James Gunn ගේ අදහස තියෙන්නේ animated films ප්‍රධාන DCU එකේම කොටසක් කරන්නයි. බලමුකෝ ඉස්සරහට මොනවා වෙයිද කියල. දැන් කතාව පැත්තට හැරෙමු.
මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි කාරා හෙවත් සුපර්ගර්ල්. CW Flash හෝ Supergirl TV series බලපු අයට නම් මෙයාව අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෙ නෑ. ඒත් සරලවම කියනවා නම් මෙයා සුපර්මෑන්ගේ ඥාති සහෝදරියක්. මෙයා පෘථිවියට එනකොට මෙයාගේ පොඩ් එක නියමිත ගමන් මාර්ගයෙන් අයින් වෙලා මෙයා පෘථිවියට එන්නෙ එයා එන්න නියමිත වෙලා තිබුණු දිනයට දශක ගාණකට පස්සෙයි. ඉතින් ඔය ටික දැනගෙන හිටියාම ඇති. මොකද ෆිල්ම් එකෙත් ආයෙ අපට එයාව හඳුන්වලා දෙනවා. ඉතින් කොහොමහරි, කාරාට පෘථිවියට හැඩගැහෙන්න අමාරුයි, මොකද එයා ක්‍රිප්ටොන්වල දියුණු තාක්ෂණයට හුරු වෙලා තියෙන නිසා. ඉතින් සුපර්මෑන් එයාව ගෙනියනවා 31 වන සියවසේ පෘථිවියට. එතනදී මෙයා ලීජන් ඇකඩමියට බැඳෙනවා. මේ අතරේ එයා දැනගන්නවා ඩාක් සර්කල් එක කියලා අභිරහස් කණ්ඩායමක් ලීජන් එක ඇතුළේ තියෙන අධිබලැති ආයුධයක් හොරකම් කරන්න යනවා කියලා. ඒවගේම ලීජන් එකේම තවත් ශිෂ්‍යයෙක් වන බ්‍රේනියැක්ගේ මුණුබුරෙකු වන බ්‍රේනියැක් 5 ගේ හැසිරීමත් ටිකක් අමුතුයි… එහෙනම් ෆිල්ම් එක බලලාම ඉතුරු ටික හොයාගන්නකෝ.
එහෙම නම් සහෝදරවරුනි, මම සමුගන්නවා. ආයේ O/L අහවරක් වෙනකන් උපසිරසි නෑ. එහෙනම්, අපි ආපහු ජුනි මාසෙදී විතර හමුවෙමු. පීස් ✌️.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
2,584 downloadsDownload Legion.of_.Super_.Heroes.2023.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
11 comments
විමා
Ravindu_Heshan
උපසිරැසියට ගොඩාක් ස්තූති මල්ලි. ඒ වගේම විභාගෙ හොදින් කරගන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥එල්. සී. දමැල්
ස්තුතියි සබ් එකට :)
Good luck මල්ලි. Exam එක හොඳට කරගමු... ජය!Prasanga wanniarachchi
thanks
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!I wish you...definitely.... pass the exam ...!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ravidu ishan
සබ්එකට tnx mchn ✌️✌️ ජය!!
Thineth sulochana
Justice league : warworld එකේ සබ් එක ඕනෙ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට බොහොම ස්තුතියි මල්ලි.
විභාගය හොඳට කරගන්න.
ජයෙන් ජය!