Watch Trailer

Van Helsing (2004) with Sinhala Subtitles | “මම යක්ෂයන් නැසීමටම උපන්නෙක්මි” [සිංහල උපසිරසි සමඟ]

ප්‍රසාදිකා සම්මානි සොයුරිය විසින් ලියන ලද ලිපිය… හුඟ කාලයක් තිස්සෙ ෆිල්ම් බැලුවට සබ් එකක් කරන්න ඕනා කියලා හිතුනෙ නෑ. ඒ වුණාට බයිස්කෝප් එකේ මගේ යාළුවෙක්ගෙ කීමට(යාළුවා කවුද අහන්න එපා දැන් ඉතින් 😀 ) මාත් සබ් එකක් කරන්න ගත්තා. කරන්න ගත්තම තමා ටිකක් මහන්සි වෙන්න ඕනා වැඩක් කියලා තේරුණේ. කොහොමින් කොහොම හර…

Van Helsing (2004)

ප්‍රසාදිකා සම්මානි සොයුරිය විසින් ලියන ලද ලිපිය…

හුඟ කාලයක් තිස්සෙ ෆිල්ම් බැලුවට සබ් එකක් කරන්න ඕනා කියලා හිතුනෙ නෑ. ඒ වුණාට බයිස්කෝප් එකේ මගේ යාළුවෙක්ගෙ කීමට(යාළුවා කවුද අහන්න එපා දැන් ඉතින් 😀 ) මාත් සබ් එකක් කරන්න ගත්තා. කරන්න ගත්තම තමා ටිකක් මහන්සි වෙන්න ඕනා වැඩක් කියලා තේරුණේ. කොහොමින් කොහොම හරි දවස් තුනක් විතර යනකොට සබ් එක සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ විදිහට මං මගේ මුල්ම උපසිරැසිය බයිස්කෝප් එකට මේ විදිහට එවනවා. සිනමාපටයේ නම තමා Van Helsing.

සිනමාපටය නම් පරණයි කියලා ඔයාලා දන්නවා ඇතිනෙ. හැබැයි ඉතින් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් සිනමාපටයක්. වෑන් හෙල්සින් කියලා කියන්නෙ කවුද කියන එක ඔයාලා දන්නවා ඇතිනෙ. ඔව් ඩ්‍රැකියුලා නවකතාවේ හමුවන ඩ්‍රැකියුලාගෙ පරම හතුරා. ඉතින් මේ සිනමාපටයේ ගලාගෙන යන්නෙ වෑන් හෙල්සින් ඩ්‍රැකියුලාට එරෙහිව ගෙනිච්ච මෙහෙයුම ගැන. IMDb අගය 6ක් කියලා සටහන් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය Catch Me If You Can(1989), The Mummy(1999), The Mummy Returns(2001), G.I. Joe: The Rise of Cobra(2009) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Stephen Sommers විසිනි. සිනමාපටයේ වෑන් හෙල්සින්ගෙ චරිතය කරන්නෙ අපි හැමෝම වොල්වරීන් විදිහට අඳුනන Hugh Jackman. එයාගෙ උදව්වට ඉන්න කාල් විදිහට රඟපාන්නෙ David Wenham. ඇනා වැලේරියස් විදිහට Kate Beckinsale ද, ඩ්‍රැකියුලා සිටුතුමා විදිහට Richard Roxburgh ද, ඩොක්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින්ගෙ උදව්කාරයා වෙච්ච ඊගොර් විදිහට Kevin J. O’Connor ද,  වෙල්කන් වැලේරියස් විදිහට Will Kemp ද, ඩොක්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් විදිහට Samuel West ද මේ සිනමාපටයේ අපිට දැකගන්න පුළුවන්. කතාව මෙහෙමයි.

ඩ්‍රැකියුලා එයාගෙ ජාතියේ තවත් අයව හදන්න ඩොක්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින්ට කියලා ක්‍රමයක් හොයාගන්නවා. ඒ තමා ෆ්‍රෑන්කන්ස්ටයින්ගෙ යක්ෂයා. ඉතින් කොහොම හරි ඩොක්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් මේ මැරිච්ච සතුන්ගෙ මිනිසුන්ගේ කොටස් එකතු කරලා හදපු මනුස්සයට පනදුන්නට පස්සෙ එයා ඩ්‍රැකියුලාගෙ මේ වැඩේ අරමුණ දැනගන්නවා. ඊට පස්සෙ එයා ඒ අමනුස්සයවත් අරගෙන පැනලා යන්න හදද්දි ඩ්‍රැකියුලා අතින් මැරුම් කනවා. නමුත් පණ ආපු ෆ්‍රෑන්කන්ස්ටයින්ගෙ අමනුස්සයා ෆ්‍රෑන්කන්ස්ටයින්ගෙ මිනියත් අරගෙන එතනින් පැනගන්නවා. නමුත් මේ වෙනකොටත් ෆ්‍රෑන්කන්ස්ටයින්ගෙ වැඩේට කුපිත වෙච්ච මිනිස්සු අතින් මේ අමනුස්සයා මැරෙනවා(ද?). මේ සිදුවීමෙන් වසරකට පස්සෙ වෑන් හෙල්සින් ඉන්නෙ පැරීසියේ. ඩොක්ටර් ජෙකිල්ව අල්ලගන්න හොයනගමන්. කොහොම හරි ඒ වැඩෙත් ඉවරකලාට පස්සෙ මෙයාට දෙන්නෙ තරමක් ලොකු වැඩක්. ඒ තමා ට්‍රාන්සිල්වේනියාවෙ ඉන්න ඩ්‍රැකියුලාව මරණ එක. හැබැයි මේ වැඩෙන් වෑන් හෙල්සින් අවුරුදු ගානක් තිස්සෙ එයා හොයන උත්තර වගේකුත් හම්බවෙනවා. එහෙනම් කතාවෙ ඉතුරු ටික ඔයාලම බලන්න. වෙලාව තිබුණොත් තවත් සබ් එකකින් හම්බවෙන්න එන්නම්. ඔයාලගේ අදහසුත් කියාගෙන යන්න අමතක කරන්න එපා.

කණිෂ්ක (කණියා) සොයුරා විසින් කළින් ලිපිය ලියන ලද…

ඔන්න මමත් හිතුවා පලමු වතාවට ලිපියක් ලියන්න, මොකද හැමදාම පිනට ඩවුන්ලෝඩ් කරලා හරියන් නැති නිසා.. 🙂 මම ඔයාලට මුලින්ම දෙන මේ බයිස්කෝප් එක නම් ටිකක් පරණ එකක්, හරියටම කියනවානම් මේක ආවේ 2004 මැයි 7 වේනිදා. මේක IMDB වල 5.5/10 ඡන්ද ලබාගෙන තියනවා! ටිකක් ඡන්ද සංඛ්‍යව අඩු උනත් නියම ‍ෆිල්ම් එකක් කියන්න පුලුවන්. මොකද මේක ගොඩක් ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක්, සටන් කරන්නෙත් එසේ මෙසේ කෙනෙකුට විරුද්ධව නෙවේ. කවුනට් ඩ්‍රැකියුලා ට විරැද්ධව. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන්නේ කොහොමද කියලා.

චිත්‍රපටයේ “වෑන් හේල්සින්” ගේ චරිතයට පණ පොවන්නේ X-Men Origins: Wolverine, The Prestige වැනි සුපිරි ෆිල්ම්ස් වලට රංගන දායකත්වය ලබාදුන් සුප්‍රසිද්ද නළු Hugh Jackman. හැබැයි මේකේ කථාව කෙටියෙන් කියන්න නම් අමාරැයි! මොකද මේකේ කථාව ටිකක් විසිරිච්ච එකක්. ච්ත්‍රපටයේ ප්‍රධන චරිතය වන වෑන් හේල්සින් ගැන යමක් කීවොත්, වෑන් හේල්සින් කියන්නේ යක්ශයන් මර්දනය කිරීමට උපන් හපන් කම් ඇති පුද්ගලයෙක්. ඒ විතරක් නෙවේ මෙයා යක්කුත් විනාශ කරනවා. මෙයාටම ආවේනික ආයුධ වලින්. ඒවගේම වෑන් හේල්සින්, ෂර්ලේක් හෝම්ස් ගෙත් හොද යාළුවේක්!

ඔයාලා සමහර විට කියවලා ඇති “ඩ්‍රැකියුලාට එරහිව ෂර්ලේක් හෝම්ස්” කියලා පොතක්. ඒකේත් ඩ්‍රැකියුලා ව මරන්න ෂර්ලේක් හෝම්ස් ට උදවු කරන්නේ වෑන් හේල්සින් තමා. ( මම මේ හැම දේයක්ම දන්නේ වෑන් හේල්සින් මගෙත් හොද යාළුවේක් නිසා! 😀 ) කට්ටිය ඩවුන්ලෝඩ් කරලාම බලන්න. බය වෙන්න දෙයක් නෑ, ෆිල්ම් එක ආරමභයේ සිටම අවසානය දක්වා සටන් ඡවනිකා වලින් පිරිලා. එහේනම් ඉතින් අදට අවසරයි. ඉදිරියේදි තවත් ලිපි වලින් හමුවේමු, ජය ශ්‍රි !!!

 

Van Helsing (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Van.Helsing.2004.1080p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,300 downloadsDownload Van.Helsing.2004.Baiscopelk.com_.rar35 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/09/PrasadikaSammani1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාදිකා සම්මානි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.



Subtitles by

ප්‍රසාදිකා සම්මානි

Subtitles

3,300 downloadsDownload Subtitles35 KB

92 comments

  1. Sh

    I'm first...:)

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. chamila

    2004 :(

  3. dinu

    onna mamat bannna damma.
    ediriyatat mewage film wedi wediwediyen denna puluwan wewa.
    jayawewa kanishka saho.

  4. ashan kandy

    aluth unath parana unath patta macho.. ela..thanks.. :D

  5. GiHaN

    thanx machan

  6. Asantha C

    thx machan

  7. wappula

    niyamai ohoma yan.......

  8. කණියා

    tnx dinu!

  9. පිටස්තරයා

    නියම චිත්‍රපටියක්!!!

  10. chamath

    ELA ONNA MATH BANNA DAMMA.THAMA NA SALY.KAMAK NA.ELA MAN MEKA BAGANAMKO OK.THNKSSSSSSS SAHO.JAYA WEWA.

  11. h

    Meka me wenakal baiscope eke nodunna eka thamai hitha ganna bari. Ratings adu wunath Mamath danata 7-8 wathawak balala thiyenawa. Aththama kiwwoth meke VCD, DVD dekama mage gawa thiyenawa. hoda rip ekakuth awruddakata withara kalin bagaththa.

    Niyamai kaniyooo

  12. chamath

    me aiya matta film ekka danna one kohomada kiyanawada man ekata log wenna one plzzzzzzzzzzzz mata kiyanna kaniya aiyaaaaaaaaaaa.plzzzzzzzzzzzz man balagena innawa.mage fb ekata ewanako [email protected]

  13. කණියා

    HAMOGEMA COMMENTS WALATA BOHOMA ITHUTH!! MATA GODAK SATHUTUI...

  14. Matrix

    Good Movie, Tnx machang,

  15. Dinushka Udara | රොකියා

    එල එල ඔන්න එහෙනම් අපේ කණියත් බයිස්කෝප් එකට සෙට් වෙලා.

  16. udaya

    maxxa film ekk wage . aniwa bami... thanks saho......

  17. GiHaN

    subs tiyana url aka wada nane ban

  18. V

    බොහොම ස්තුතිය්

  19. Dhamith

    මම ඕක ආපු කලේම වගේ බැලුවා, එතකොට මම 6යේ... :D අයේ බාන් බලන්න ඕනේ.... Thanks ! :)

  20. Confiuzd ප්‍රෝග්‍රැමර්

    අම්මා කණියාත් බැස්සද සබ්ජෙක්ට් එකට ...එල එල බාලා බලන්න ඕනෙ :D

  21. කණියා

    @ Dhamith : Aiyo malli api Vanhelsing wa ganna 1 vasare idan!!! Mama th oka apidwas walama thawa baluwe!

  22. සයිලන්ට් හන්ට(ර්)

    bami :) :P :D ;)

  23. විකියා

    meyka patta baiscop akak...mama kalin balala thiye.....

  24. අකිල ප්‍රනාන්දු

    මතං කනිෂ්ක ඔයා හොද මරු ම්......... ම්..... ම්......... එළ කොපියක් දාලා තියෙන්නේ .......පළමු නිර්මාණයම මරේ මරු ..ඔන්න සහෝ මාත් බාන්න දැම්මා.... ජයවේවා :) දිගටම අපිත් ඉන්නවා ඔයාත් එක්ක ....අළුත් බයිස්කොප් එවන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !

  25. කණියා

    @ Akila : comMent 1th mara maru!!!

    Anith ayatath tnx! Mama thawa elakiri movies 2-3 katama lipi liyalai thiyanna... Lagadima dannam.!

  26. SAHAN

    A good film you must watch this film
    Awsome trailer !!!!!!!!

    GET IT ! WATCH IT!!!!

    $@ LABZ VIDEO PRODUCTIONS

  27. KOK

    Hugh Jackman ඉන්න හින්දා මරු ඕක මම ආපු කලෙම ඕක බැලුවා හොද වැම්පයර් චිත්‍රපටියක් හොදයි එහෙනම් ඔහොම යන් එහෙනම්

  28. Dhanuka Pathinayake

    thanks machan

  29. Shan

    ammeee...danui dekakma bawila iwara une...monawa karannada kaniyath daalane hoda film ekak..Router ekata aba saranai kiyala bamu bamu.Thnx macho

  30. Asitha

    වෙල් come කණියා.... ගොඩක් ස්තූතියි Maxxa ෆිල්ම් එකකින් පටන් ගත්තට..
    තව ඉස්සරහට යමු...
    All da vry Best !!!

  31. Derange Hermit

    Dude you are awesome !! :D
    සහො ඔයා නම් මාරයි !! :D

  32. Nadun

    Wow Ela Ela...

  33. Saman kalubovila

    එලද බරා.... මමත් බානවා...... පින් වේවා... thankxx...

  34. අනුරාධ

    අහ්හ්....පස්ට බයිස්කෝප් එකක් මේක......කණියා සහෝට තැන්කූ වේවා.....ඇහ්....උඹත් "හෙල්සි අයියගෙ" පිට් එකක්ද....එල එල....මට මෑන්ස් කිව්වා වගේ මතකයි තව මම වගේම සිරි ලංකන් ඩයල් එකක් ගැන....බලනකොට මේ ඔයානෙ අප්පා....ඔහොම යං.....කීප් ගොයින්...හික් !!!

  35. uda

    සොඳයි සොඳයි!!!!
    නිතරම යන්න එන්න විදියක් නැති වුනාට මාත් තාම කස්ටිය එක්ක ඉන්නවා.......
    එල ම එල ඉස්තූතියි හොඳේ!!!

  36. නලින්

    මම ඔක බලලා තියෙනව නියම කතව.

    එලකිරි ;-)

  37. සහන්

    හේහ්.... කණියා... කණිය ෆිල්ම් එකක් දාලා :ඪ්
    බලමුකො ඒකත්

  38. එල එල

    එලම කිරි

  39. sajith

    MEKAA ATTHATAMA ELAMA ELAKIRI MOVIE... EKAK... MOVIE EKA PATAN GATTHAA VELVE IDALA AVASANAYA DAKVAMM.... SHOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOKKKK....... GODAAAKKKK... THANKSSSSSSSSSSSSSSSSSSS

  40. nissan

    niyamaine......

  41. Namila

    එල maXXA ෆිල්ම් එකක්...thankZ

  42. Uraj Deemantha

    ගහ මරා ගන්න ඒවට අකමැති උනත් මේක බාලා බලන්න ඕනා... :D

  43. AL1717

    Ela Ela Onna Mamath Meka Banna Demma Henam...

    Thanks Machan

  44. Ravi

    movie akata thank .

  45. pasiya

    ela ela machan

  46. විකියා

    ආයෙත් අහලා 2004 දී කියලා හැදුවේ හිතා ගන්න බෑ..
    මම මේකත් ඉතිං කලින් බලාලා තිබුනේ....ඇක්සොන් නම්
    පට්ටෙට තියෙ.....මරේ මරු...(කණියා) සහෝට තැන්කූ... :)

  47. කණිෂ්ක (කණියා)

    Aaakane mama kiweee!!!!!

  48. BIGDizz

    මරු එල එල maxxa.

  49. rasika

    තැන්කූ මචන්

  50. rasika

    maxa machan

Load more comments