මුලින්‍ම ලැබූවාවූ අලුත් අවුරුද්‍ද සාමය සතුට , සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! යැයි ඔයාලා සැමටම පතනවා. ඔන්‍න අවුරුදු තෑග්‍ගක් ලෙස ඔයාලට මම දෙමල චිත්‍රපටයක උපසිරැසි නිර්‍මාණයක් ගෙනාවා. මේක නිර්…

මුලින්‍ම ලැබූවාවූ අලුත් අවුරුද්‍ද සාමය සතුට , සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! යැයි ඔයාලා සැමටම පතනවා. ඔන්‍න අවුරුදු තෑග්‍ගක් ලෙස ඔයාලට මම දෙමල චිත්‍රපටයක උපසිරැසි නිර්‍මාණයක් ගෙනාවා. මේක නිර්‍මාණයක් ලෙස හැදින් වූයේ මා මීට කලින් ලබා දුන්‍නු Endrendrum Punnagai (2013) ෆිල්‍ම් එක වගේම මේක සදහත් අන්‍තර්‍ජාලයේ කිසිදු භාෂාවකින් උපසිරැසියක් නිකුත් වී නොමැති නිසාය. වෙනදා වගේම මේ චිත්‍රපටයට කාල රාමූ සකසා දෙමින් උදව් වූ වාසල සහෝට බෙහෙවින් ස්‍තූතිවන්‍ත වෙමි. ඒ වගේම මේ චිත්‍රපටය අද දවසේ ලබා දෙන ලෙස ඉල්‍ලමින් මාව ඉක්‍මන් කරවූ විකී අයියාටද ස්‍තූති වන්‍ත වෙමි.
දැන් චිත්‍රපටය දෙසට පොඩ්‍ඩක් නෙත් යොමුකර බලමූ. මේක 2013 වසරේ නිකුත් වූ කොමඩි , රොමෑන්‍ස් ඝනයට වැටෙන ලස්‍සන කතාවක් පාදක කරගත් සුපිරි චිත්‍රපටයකි. මේකේ නලුවා ෂිවා වන අතර නිලිය ප්‍රියා ආනද්‍ය. මේකේ කතාව මෙහෙමයි ගලාගෙන යන්‍නේ. අජේ කියන්‍නේ තේනී ගමේ සිට චෙන්‍නායි වලට ආයතනය රැකියාවක් කිරීමට පැමිනෙන කොල්‍ලෙක්. මෙයා චෙන්‍නායි වල නවතින්‍නට , ගෙවල් කුලියට ලබා දෙන නාරායනන් නැමැත්‍තෙකුගෙන් ගෙයක් කුලියට ගන්‍නවා. ඒ වගේම අංජලී කියන්‍නේ ජායාරූප ගැනීම තම ජීවිතය කරගත්‍ත තරුණියකි. ඇය ජායාරූප ගැනීමට තම පියා එක්‍ක රණ්‍ඩු කර ඉන්‍දියාවට පැමිනෙනවා. ඒ එක්‍කම ඇයත් චෙන්‍නායි වල නවතින්‍නට ගෙයක් කුලියට ගන්‍නවා අර නාරායනන් ගෙනි. ඒ නාරායනන් කුලියට දෙන්‍නේ අජේට දුන්‍නු නිවසම තමා. මේක මේ දෙන්‍නාම නොදනී. අජේ නිවසේ රැදී සිටිද්‍දි අංජලිත් ඒ ගෙටම තම බඩු බාහිරාදිය අරගෙන පැමිනෙනවා. පසුව දෙන්‍නාම දැන ගන්‍නවා අර නාරායනන් මේ දෙන්‍නාවම රවට්‍ටලා තියෙන වග. පස්‍සේ මේ දෙන්‍නා අතර රන්‍ඩුවක් ඇති වෙනවා මේ නිවස කාටද යන වග. පස්‍සේ මේ දෙන්‍නා එකග වී එකම ගෙදර නවාතැන් ගන්‍නවා. මේ අතර මොවුන් අර නාරායනන්‍වත් හොයමින් සිටිනවා. අවසානයේදී නාරායනන්‍ව හොයා ගත්‍තාද? මේ දෙන්‍නා එකම නිවසේ රැදී සිටිද්‍දි අසල් වාසින් ගෙන් , යාලුවන් ගෙන්, නෑ හිතවතුන් ගෙන් කොහොම කොහොම කරදර පැමිනෙයිද? ඒවාට මොවුන් මූන දෙන්‍නේ කොහොමද? මේ දෙන්‍නා අතර ප්‍රේමයක් ඇති වෙයිද? මේ සැමටම පිලිතුරු මේ චිත්‍රපටය තුල තියෙනවා. ඔයාලා අරගෙන නරභන්‍න කියලා ඉල්‍ලා සිටිනවා.
මෙච්‍චර මහන්‍සි වී අසා ලිවීමෙන් කල උපසිරැසියක් නිසා, ඔයාලගේ පුංචි හෝ අදහස් කොමන්‍ටුවක් මගින් දාලා යන ලෙස ඔයාලා හැමගෙන් ඉල්‍ලා සිටිනවා. තව ලස්‍සන දෙමල චිත්‍රපටයක් , හැකි උනොත් ඔයාලා ඉල්‍ලීම් කරන දෙමල චිත්‍රපටයක උපසිරැසි නිර්‍මාණයක් අරගෙන හමුවෙන්‍නට එන්‍නම්. හැමෝටම ජයෙන් ජයම වේවා!!!!!!!!!!
CCD68EF0B6BE775B9CBAE5146E17FBB6B183825E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,219 downloadsDownload Vanakkam.Chennai.2013.baiscopelk.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
51 comments
ගයාන් රූකාන්ත (ජෝනා)
Sisira Hegoda
Suba Aluth Awrudak Wewa. Thanks for Sub.
sandu
සුබ අළුත් අවුරුද්දක් වේවා….!!
thanks for the subTharindu Perera
Niyamai machannn....
godak mahansi vela thiyena pataii...
danma banava bnn mekaaa....
thanks machann sub ekatahhh....
puluvannam 13b tamil film ekata sub diyankoo...Kulanjana Maduranga
patta ahhh.super film ekak wage..aniwa balanna ona.subata thanks SIRAJ saho.Thanks again api wenuwen wena mahansiyata.me wage ewa thawa one. jaya wewa.....
Kulanjana Maduranga
Labuwa u Sinhala & Hindu aluth awrudda Oba athulu baiscope family 1ke siyaluma sahodara sahodariyanta samaya sathuta piri siyalu pathum itu wena suba nawa wasarak wewa……………..!!!!!!!
Chandana
උප සිරැසිය වෙනුවෙන් ස්තුතියි !
බයිස්කෝප් අඩවියේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ! :)
me
Thanks
dilshan
ස්තුතියි
Global
Thanks Bro. Happy New Year..!
widuranga
THANX BRO
“චූටී මල්ලි”
එල මචන්
මේ අවුරුදු දවසෙ දුන්නු
සබට තුති
ඔබට ජය........$uvin
ela wadak machan.. thanx..
Shan Vimukthi
සෙල්ලම් නෑ දැන් සිරා සිරා වැඩමයි කරන්නේ ආ
අසා ලිවීම්
නියමයි කොල්ලෝ නියමයිඋපසිරසට බොහෝ..ම ස්තුතියි
ලැබුවාවූ නව වසර මෙලෙසින් උපසිරසි ලැබෙන ජයග්‍රාහී වසරක්ම වේවාNelson Rodrigo
Good Post Friend Thanks
චතුර මදුසංක
thanks mcn....me wage dewal walata aniwa prathichara onama thamay...mama pratichara dakwanne nati ayawa taraye hela dakinawa
udayanga dinesha
බොහෝ.....ම ස්තුතියි....... තවත් මේ වගේ උප සිරැසි හදන්න වරම් ලැබේවා කියලා පතනවා.......
හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !chathu
thanx bro..........
නලින්
ස්තුතියි සිරාජ් සහෝ සැහෙන්න මහාන්සි වෙලා තියෙනවා මෙක අපිට ගෙන්න.
ජය වේවා!
SuPuN DilShAN
maru machan .. anirudh music karapau film ekak niyama sindu tikak thiyanawa.puluwannam ethir neechal kiyana film ekath dipan
Ayesh
thank you & subha aluth auruddak wewa!
Aviya
උප සිරැසිය වෙනුවෙන් ස්තුතියි !
buddhika chathuranga
මේක තමා මගේ හොඳම අවුරුදු තෑග්ග සහෝ
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො
චතුරංග උස්වත්ත
පට්ට වැඩක්. සුපිරි ෆිල්ම් එකක්.
මේකෙ තියන "Osaka Osaka" සිංදුවට මං මාර කැමතියි.
ජයවේවා..!!
tharinda
suba alluth awruddak wewa sahooo
e wagema me nodanna demala walatah amaruwen sub dena oyalata godak pinරොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ෆොටෝ එකක් එහෙම දාලා අවුරුදු කුමාරයා තෑගි අරන් ඇවිල්ලා වගේ. ජය෴෴ :P :P
ප්‍රදිප්
Thanks saho subata niyamai. Puluwannan Tamil Action Film akak denna.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Ranasinghe
Thanku,
amal
thanks
Virajith
Real work Bro....
Malinda
suba aluthnauruddak macho.....
thnxs sub ekata..
thawa tamil walta sub denna hode..
jaya wewa...THILINA MADUSHANKA VITHARANA
සුපර් සුපර්. දනුෂ්ගෙ නයියන්ඩි ෂිලිමි එකටත් සබ් එක දෙන්න සහෝ.අනේ කොහොම හරි දාන්ඩ.....
Ravindu
Sub ekata bohoma sthuthi yalu
දිමුතු තරංග ඉලුක්කුඹුර
මහන්සියට බොහොම ස්තුතියි ,ජයවේවා.
sudeera
මහන්සියට තුති සහො පට්ට බයිස්කොප් එකක් මම 5 6 පාරක්ම බැලුවා දිගටම අපිට හොද නිර්මාන දෙන්න
avenger
kaleka indan man illuwa. patta..........
chamarasp
thnks saho... ohoma mahansi wela apita movies denakota api nikamma down load kaloth apita saha gahanawa. meena comment 1 demma. ube wedee eththatama admirable bn.. keep it up macho.
Achila
Ela...Macho....
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
dinesh
බොහොම ස්තුති.....ගොඩක් මහන්සි වෙලා කරපු එක ගැන සතුටුයි.......
nelusha
TNX macho,,digatama tamil film tikak denna,,ethir neechal , goa ,Varuthapadatha Valibar Sangam,,Kedi Billa Killadi Ranga me films tika hodailu,,poddak balanna saho..
라가
teligu film tikak danna mahatturu.
janaka
Thanks macho ubalata waradin na
DSA
man meka baluwe na. gaththeth na. eth man me comment eka danne supiri waddek nisa. english sub ekama translate karanwa kiyana eka sahenna amaru wadak. ekath tamil ekakata thwath amarui. itath wada amarui tamil ekakta ahagena idala sub dana eka . supiri ah
shanaka
Excellent bro excellent..........thanks
shan
wow maru, tnx for the sub mcn. maruwata karala thiyenawa...
wajira
Thanks budyyy
nishshanka ruwan
ස්තුතියි :)
P.K
Thanx a lot saho..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....!!
ඔන්න ගත්තා මචෝ සබට තුති