Watch Trailer

Arachnophobia (1990) Sinhala Subtitles | මකුළුවෝ [සිංහල උපසිරසි සමඟ]

කොරෝනා නිසා ටිකක් නිදහසක් ලැබුන එකේ බාර අරන් තිබුන සබ් එකක් ඉවර කරලා ඔන්න අරන් ආවා. අපි හැමෝම වගේ මොකෙක්ම හරි සතෙක්ට බයයි ගොඩක් දුරටම. මකුළුවන්ට, කැරපොත්තන්ට, සර්පයන්ට. මොකෙක්ටම හරි බයයි. ඒ හැම එකක්ම මොකක්ම හරි භීතිකාවක්. එහෙම නැත්නම් ෆෝබියා ( Phobia) එකක්. ඉතින් මකුළුවන්ට තියෙන අසාමාන්‍ය බය තමයි A…

කොරෝනා නිසා ටිකක් නිදහසක් ලැබුන එකේ බාර අරන් තිබුන සබ් එකක් ඉවර කරලා ඔන්න අරන් ආවා. අපි හැමෝම වගේ මොකෙක්ම හරි සතෙක්ට බයයි ගොඩක් දුරටම. මකුළුවන්ට, කැරපොත්තන්ට, සර්පයන්ට. මොකෙක්ටම හරි බයයි. ඒ හැම එකක්ම මොකක්ම හරි භීතිකාවක්. එහෙම නැත්නම් ෆෝබියා ( Phobia) එකක්. ඉතින් මකුළුවන්ට තියෙන අසාමාන්‍ය බය තමයි Arachnophobia කියන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ ඩොක්ටර් රොස්ටත් ඒ ෆෝබියා එක තියෙනවා. ෆිල්ම් එක කොච්චර තාත්විකව හදලා තියෙනවද කිව්වොත් මේක බැලුවට පස්සෙ හෑන්ඩ්ෆ්‍රී එකේ වයර් එක ඇඟේ ගෑවෙද්දිත් දැනෙන්නෙ මකුළුවෙක් ඇඟේ යනවා වගේ. කොහොම වුනත් මේ ෆිල්ම් එක හදද්දි කිසිම මකුළුවෙක්ව ඇත්තටම මරා දැම්මෙ නැහැලු. ඒ වගේම චිත්‍රපටයේ අන්තිම මිනිත්තු කීපය රූගත කරන්න විතරක් සති දෙකක කාලයක් ගත කරලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් විද්‍යාත්මක ගවේෂණ කණ්ඩායමක් වෙනිසියුලාවේ ගවේෂණ චාරිකාවකදි අලුත්ම වගේම මාරාන්තික මකුළු විශේෂයක් හොයාගන්නවා. ඒ කණ්ඩායමේ කෙනෙක්වම සපා කාලා ඒ මළ සිරුර ඇමෙරිකාවට එවන පෙට්ටියට රිංගලා ඒ වර්ගයේ පිරිමි මකුළුවෙක් ඇමෙරිකාවට එනවා. ඌ ඇවිල්ලා නිකම් ඉන්නෑ ඇමෙරිකාවෙ සාමාන්‍ය ගෘහාශ්‍රිත මකුළුවෙක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා. ඒකෙන් වෙන්නෙ අර මකුළුවා වගේ සිය ගුණයක් විෂ මාරාන්තික මකුළු විශේෂයක් බෝ වෙන එක. ඉතිං ඔය මකුළුවො නිසා කැනයිමා කියන පුංචි ටවුමෙ ඇතිවන ජරමරේ ගැන තමා ෆිල්ම් එකේ තියෙන්නේ. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. හැමදාම වගේ ඉතිං වැරදි තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. මොකද මේකෙ ඉංග්‍රීසි සබ් එකත් 100 % ක් ගුණාත්මක එකක් නෙමෙයි. අනික මේකෙ තියෙන වෛද්‍ය විද්‍යාත්මක වචනත් මට වැඩිය පුරුදු ඒවා නෙමෙයි. උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. එහෙනම් ඉතිං මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත් සඳහා අදාළ වේ.

1,475 downloadsDownload Arachnophobia-1990.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,475 downloadsDownload Subtitles39 KB

13 comments

  1. Anonymous

    ado soha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  2. යුරාන් ධනුක (දනුවා)

    කාලෙකින් දැක්කේ මලේ...
    නියමයි දිගටම සබ් ඕනේ
    ජය වේවා !!!

  3. indika75

    thanks..

  4. bandara

    Thanks Bro

  5. thilina

    thq bn .menna mekatat th sub denna patta meka isara swrnavahini eke giya

    Galaxy Quest
    1999

  6. Pasindu Madumal

    ආයෙම වැඩ පටන් අරන් වගේ..!
    සබට තුති වේවා, සුපිරියක් තමා! ❤

  7. dileepasanjeewa119

    sub එකට tnx bro. Dead snow 2009 චිත්‍රපටය ට sub දෙන්න පුළුවන් ද..

  8. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි...

    Request...

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

    1. Sohan Jayasooriya

      ඔයා ඉල්ලපු Alligator ( 1980 ) එකට ළගඳිම සබ් දෙන්නම් සහෝ

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.