වර්ෂා යාළුවෙක්ගේ ගෙදර ගිහින් ආවෙ දවස් දෙකකට පස්සෙ. ඇවිත් බෙල් එක ගැහුවට දොර ඇරුණේ නෑ. ගෙදරට ආපු පාර්සලේකුත් දොර ගාව බිම. වර්ෂා තමන්ගේ ළඟ තිබුණු යතුර අරන් දොර ඇරගෙන ඇතුළට ගියා. ලයිට් දාල බැලුවම…….. හවුලේ කුලියට හිටපු යාළුවා, නීතා ගෙ මැද ලේ විලක මැරිලා වැටිලා. ගැටළුව විසඳන්න බාරවෙන්නේ හරීෂ් වේදාන්තිට…

වර්ෂා යාළුවෙක්ගේ ගෙදර ගිහින් ආවෙ දවස් දෙකකට පස්සෙ. ඇවිත් බෙල් එක ගැහුවට දොර ඇරුණේ නෑ. ගෙදරට ආපු පාර්සලේකුත් දොර ගාව බිම. වර්ෂා තමන්ගේ ළඟ තිබුණු යතුර අරන් දොර ඇරගෙන ඇතුළට ගියා. ලයිට් දාල බැලුවම…….. හවුලේ කුලියට හිටපු යාළුවා, නීතා ගෙ මැද ලේ විලක මැරිලා වැටිලා.
ගැටළුව විසඳන්න බාරවෙන්නේ හරීෂ් වේදාන්තිට. රහස් පරීක්ෂක වේදාන්ති කියන්නේ සමාජ ජාලා පරිහරණයක් නැති, නව තාක්ෂණය ගැන දැනුමක් නැති කෙනෙක්. හැබැයි එයාගෙ සහායකයා ගුරුප්‍රසාද් නම් ඒකෙ අනිත් පැත්ත. ඉතින් මේ දෙන්න මේක කොහොම විසඳයිද?
කන්නඩ ෆිල්ම් කිව්වම ඉතින් අපි දන්නෙ ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන වශයෙන් බැංගලූර් නගරය කේන්ද්‍ර කරගත්ත Sandalwood නමින් හඳුන්වන සිනමා කර්මාන්තය. හැබැයි අද මං අරගෙන එන Mystery, Thriller වර්ගයේ කන්නඩ ෆිල්ම් එක නම් එහෙම නෙවෙයි කියන්න පුළුවන්. මොකද මේක ඉන්දියාවේ තිරගත වෙලාවත් නෑ.
මේක සම්පූර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල. ඒ වගේම ප්‍රදර්ශනය කරලා තියෙන්නෙත් ඇමරිකාවේ විතරයි. මේක තමයි සම්පූර්ණයෙන් විදේශයක රූගත කල පළමු කන්නඩ සිනමාපටය. Rahul Ram විසින් ලියා අධ්‍යක්ෂණය කල මේකෙ ප්‍රධාන චරිතය හෙවත් වේදාන්ති විදියට රංගනයෙන් එක් වෙන්නේ Ganesh Sharma Tyagali. නම් හුරු නෑ නේද?
ඒක තමයි විශේෂත්වය. රාහුල් රාම් තමන්ට ආව අදහස අනුව කතාව ලියල, වැඩේ කරන්න එකතු කරගත්ත පිරිස රඟපෑම හෝ සිනමා කර්මාන්තය ගැන ලොකු අත්දැකීම් ඇති අය නෙවෙයි. අඩු ගානේ අධ්‍යක්ෂක රාහුල් රාම් වත්. එක්කෙනෙක් දෙන්නෙක් වගේ මියුසික් වීඩියෝ, වෙළඳ දැන්වීම් වලට වගේ සම්බන්ධ වුණාට සිනමාවට හැමෝම වගේ අලුත්. ඔක්කොම ඇමරිකාවේ ජීවත් වෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ඉන්දියානුවෝ. මේ ෆිල්ම් එක ඇත්තටම ආසාවට part-time කරපු වැඩක් විතරයි.
ඉතින් එහෙම පිරිසක් කරපු වැඩක් විදියට මේක සෑහෙන්න හොඳ තත්වයක තියනවා කියල කියන්න පුළුවන්. විශේෂයෙන් Srikant Krishna ගෙ සංගීතය එහෙම. අනිත් කාරණේ තමයි අඩු වියදමකින් වැඩේ කරන්න ඕන නිසා සම්පූර්ණ ෆිල්ම් එකම රූගත කරලා තියෙන්නේ Canon 5D Mark iii කැමරාවකින්. හැබැයි එහෙමයි කියල තත්වයේ අඩුවක් වෙලා නම් නෑ. තැනක දෙකක පොඩි එඩිටින් අවුලක් වගේ තිබුණට නවකයන් පිරිසකගේ වැඩක් විදියට ගොඩක් හොඳ මට්ටමක තියනවා කියන්න පුළුවන්.
මේක ගැන IMDB එකේ බොහොම කෙටි සටහනක් විතරයි තියෙන්නේ. ඒ වගේම ෆිල්ම් එකේ කොපියක් තියෙන්නෙත් youtube එකේ විතරයි. සබ් එකක් තිබුණෙත් නැති නිසා ටයිම්ලයිනුත් හදාගෙන තමයි වැඩේ කරන්න වුණේ. ඉතින් ෆිල්ම් එක පැයක් විතරක් වුණත්, අනිත් වැඩත් එක්ක දවස් 3ක් විතර ගියා වැඩේට. ඉතින් youtube පිටපතෙන් හොඳ තත්වයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 300MB වගේ තියේනම්. ඒ නිසා කැමති අය අරගෙන බලන්න.
(Vedanti | Kannada Full HD Movie | Ganesh Sharma Tyagali | Rahul Ram | Kannada New Movie 2018 නමැති යූටියුබ් පිටපත)
ආයෙත් ඉඩ තියන වෙලාවක සබ් එකක් අරගෙන එන්නම්. එතකන් ඇඩ්මින් මඩුල්ල ඇතුළු සහෝදර බයිස්කෝප් උපසිරැසි කරුවන්ටත්, ෆිල්ම් බලන ඔයාලටත් ජයෙන් ජයම වේවා. සබ් එක ගැන කියන්න තියන දේවල් කොටාගෙන ගියා කියල තරහ වෙන්නේ නෑ ඕං.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE පිටපත සඳහා අදාළ වේ.
4,802 downloadsDownload Vedanti-2018-youtube.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
10 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Ma (2019)
Parasite (2019)
-mkvcage-thara_sam
bohomathma sthuthi...
Hashan M. Priyadarshana
Godak sthuthi bro sub ekata... :)
Jaya wewa.!arawindasunimal
thanks jayawewa
Navanjanaishan
Sub akata thanks !!!!
X files eturu tika denavano godak hodaeLahiri
THANKZ SAHO
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravisara Dharmapala
Apo balana aytanm kine meka gandepa mha gonma gon part eke actressla ekkewt wadak ne un nkn selamata act krnwa wge mtanm apiriyama una..but sub ekta thñks mahnsiyata..
ශසිත් සඳරුවන්
සබට තුති වේවා සහෝ...
දිගටම සබ් දෙමු ආ... ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vedanti (2018) Sinhala Subtitle | රහස් පරීක්ෂක වේදාන්ති [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Vedanti-2018.jpg)
Godak sthuthi sahooo ...