Watch Trailer

Vykrutasy Aka Lucky Trouble (2011) Sinhala Subtitles | අරුම පුදුම පාපන්දු වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම අරගෙන ආවෙ අපි කවුරුත් දන්න Resident Evil චිත්‍රපට මාළාවේ වීරවරිය Milla Jovovich රංගනයෙන් දායකවන රුසියානු චිත්‍රපටියක්. Milla Jovovich උපතින්ම රුසියානු සම්බවයක් ඇති නිළියක් වුවත් ඇය රගපා ඇති රුසියානු චිත්‍රපටි ඇත්තේ ස්වල්පයක් පමනයි. Milla Jovovich මෙම චිත්‍රපටිය රගපෑමට මූලික හේ…

කොහොමද යාළුවනේ. අද මම අරගෙන ආවෙ අපි කවුරුත් දන්න Resident Evil චිත්‍රපට මාළාවේ වීරවරිය Milla Jovovich රංගනයෙන් දායකවන රුසියානු චිත්‍රපටියක්. Milla Jovovich උපතින්ම රුසියානු සම්බවයක් ඇති නිළියක් වුවත් ඇය රගපා ඇති රුසියානු චිත්‍රපටි ඇත්තේ ස්වල්පයක් පමනයි. Milla Jovovich මෙම චිත්‍රපටිය රගපෑමට මූලික හේතුව වී ඇත්තෙත් තමන්ගේ හොදම යාළුවාගෙන් ලද අහක නොදැමිය හැකි ආරාධනාවකුයි. ඒ මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන Konstantin Khabenskiy එහෙමත් නැත්නම් ක්ලොතිලෝව් ගේ ආරාධනයයි. ඒ වගේම තවත් පොඩි විශේෂත්වයක් මෙම චිත්‍රපටියේ ගැබ්වී තිබෙනවා. ඒ Milla Jovovich ගේ මව ලෙස මෙම චිත්‍රපටියේ රංගනයෙන් යෙදෙන්නේ ඇයගේ සැබෑ මව වීමයි. හරි, එහෙනම් වටේ ගියා ඇති. අපි බලමු මේ අපූරු චිත්‍රපටියේ වෙන්නෙ මොකක්ද කියල.

කවුද කියන්නෙ ඔයා වීරයෙක් වෙන්න නම් දිනන්නම ඕන කියල..? ක්ලොතිලෝව්, පාසල් ගුරුවරයෙක්, නවකතාකරුවෙක්. මොහු ජීවත් වුනේ පාල්චිකී නම් කුඩා නගරයේ පාසලක ගුරුවරයෙක් ලෙස රැකියාව කරමින්. මොහු විනෝදාංශයක් ලෙස රචනා කල නවකතාවක්ද රැගෙන මොස්කව් නගරයට පැමිනෙන්නේ එම කතාව පළකර ගැනීමට සුදුසු ප්‍රකාශකයෙක් සොයා ගෙනයි. ඔහුගේ එම අරමුණ අසාර්තක වන නමුත් එහිදී ඔහු මුහුන දෙන අනතුරක් නිසා ඔහුට තමන්ගේ ප්‍රේමවන්තිය නාඩිය (Milla Jovovich) මුන ගැසෙනවා. එතැන් පටන් හරි අපූරුවට ඇදී යන එම ආදර කතාව විවාහය දක්වා ගෙන යාමේ අරමුනෙන් නැවතත් තම නගරය වෙත ක්ලොතිලෝව් පැමිණෙන්නේ හැකි ඉක්මනින් තම සහකාරිය සොයා යෑමේ අපේක්ෂාවෙනුයි. නමුත් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ දෙයක්. ඔහු පාල්චිකී හී සිරවනවා. මෙහිදී ක්ලොතිලෝව්ට කුමක් සිදුවෙයිද? විවාහ වීමට මග බලා සිටින නාඩිය කුමක් කරයිද? කවුද මේ පාපන්දු වීරයො? ඉතින් මේ ඔක්කොටම උත්තර ඔයාට මේ හරි අපූරු චිත්‍රපටිය බලල දැනගන්න පුලුවන්.

තව කියන්න පොඩි දෙයක් තියෙනව. ඇත්තටම මේ චිත්‍රපටියට කිසිදු භාෂාවකින් සාර්තක උපසිරසියක් නැහැ. ඉතින් මට චිත්‍රපටියේ උපසිරසියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාවක් ලැබුනෙ නෑ.. ඒ වෙනුවට මා හට දෙබස් අසමින් උපසිරසිය හා කාල රේඛාව නිර්මාණය කිරීමට සිදුවුනා. මෙහිදී චිත්‍රපටයේ අන්තර්ගතයට කිසිදු හානියක් සිදු නොවී මෙය කිරීමට මා උපරිම උත්සාහයක් ගනු ලැබුවා. ඒවගේම රුසියානු භාෂාවේ කිසිදු දැනුමක් නොමැති මා සිදු කල මෙම දෙබස් නිර්මාණයේදී මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඔබගෙන් සමාව අයැද සිටිනවා. මෙවෙනි ආකාරයෙන් උපසිරසියක් මින් පෙර නිමවී ඇත්දැයි මා දන්නෙත් නෑ. මෙතරම් අපහසු වූ මෙම උපසිරසිය මා නිර්මාණය කිරීමට පෙළඹුනේ මෙම චිත්‍රපටියේ ඇති අපූර්වත්වය නිසාමය්. ඒ වාගේම ඉතා අපහසු කාර්‍ය්‍යක් මෙන්ම කාලයක් වැය වුන මෙම උපසිරසියට ඔබගෙන් ලැබෙන අදහස් ගරු කොට සලකමි. චිත්‍රපටය පිළිබද ඔබට යම් කුකුසක් ඇත්නම් Trailer එක නරඹන මෙන් ඉල්ලා සිටින අතර youtube හා ganool වෙබ් අඩවි ඔස්සේ ඔබට මෙම චිත්‍රපටය බාගත කල හැකියි. ඉතින් තවත් අපූරු චිත්‍රපටියක් රැගෙන ඔබ වෙත පැමිනෙන බවට පොරොන්දු වෙමින් මා සමුගන්නවා.

තෙරුවන් සරණයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,297 downloadsDownload Lucky.Trouble.2011.Baiscopelk.com_.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

3,297 downloadsDownload Subtitles32 KB

20 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. neelanethra

    ස්තූතියි

  4. gihan perera

    කමක් නෑ මචෝ මේ ඇති....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  5. sampath077

    thanx machan

  6. ranga11112

    thanks bro

  7. Dads

    එල එල

  8. arawindasunimal

    thanks jayawewa

  9. darshana100

    mahhara amaruwen sub aka dunnata obata tuti taruwan saranai

  10. දසිත චාමික

    සෑහෙන මහන්සියක් දරලා උපසිරැසිය කරලා තියෙන්නෙ. ‌බොහොම ස්තූතියි සහෝ! ජය!

  11. wasaba

    එල බන් Download කරන්න link එකක් දෙන්න

    1. baiscopelkishu

      youtube eken ganna puluwan saho film eka

  12. Udara Damith Dissanayaka

    niyamayi

  13. Sonal Imbulana

    thank you bro..

  14. jagath55

    Thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Lasantha

    Ela

  18. Anonymous

    Thank you

  19. Achi

    බොහොම ස්තුතියි සහෝ